( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජනාධිපතිවරණය කැඳවමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන සර්ටියෝරාරිටි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපතිවරයෙකු වන මෙත්සිරි ද සිල්වා මහතා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය.
ලබන 07 වැනිදා ජනාධිපතිවරණ නාමයෝජනා කැදවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් , අදාළ ගැසට් නිවේදනය අනුව මැතිවරණ කොමිසම , එහි සභාපති සහ සාමාජිකයන් කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමින් ඉල්ලා ඇත.
මෙහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සභාපති , එහි සාමාජිකයන් සහ නීතිපති නම් කර ඇත.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපතිවරණයේ ගැසට්ටුව අවලංගු කරන්නැයි රිට් පෙත්සමක්
සේන Thursday, 03 October 2019 11:21 AM
මේ අයත් සූත්තර පුංචගේ ගෝලයෙක්ද? මෙහෙම දේකට තියෙන නීතිමය අයිතිය මොකද්ද? මේ වගේ සත්තු සතර වාහල්කඩ එල්ලා තියන්න ඕනෑ.
NissankaThursday, 03 October 2019 12:27 PM
මෙයා සිරිසේනගේ ගෝලයෙක්...
SAMPATH Thursday, 03 October 2019 11:22 AM
"අනේ මෙත්සිරි නොදුටු මොක්පුර" කියල තමයි කියන්න තියන්නේ ඉතින්.
Perera Thursday, 03 October 2019 11:41 AM
මේක දැන් විහිළුවක් කරගෙන වගේ. හැමඑකාම හැම මගුලටම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගහනවා. මේ හැමකෙනාම හිරගෙදරට දාන්න ඕනෑ...
Hafeel Thursday, 03 October 2019 01:19 PM
එදා නං ඉතා අත්‍යවශ්‍ය කාරණාවලට පමණයි ශ්‍රේෂ්ඨාධිකරණයට මෙවැනි පෙත්සම් ඉදිරිපත් කරන්නේ. දැන් මේක විහිළුවක් වෙලා. මේකෙන් හම්බකරන්නේ නීතිඥයින්...
BandaThursday, 03 October 2019 03:16 PM
නීතීඥයන් රුපියල් වලින් හොයනකොට විනිසුරුවෝ හෙව්වේ ඩොලර් වලින්....
jagathThursday, 03 October 2019 04:25 PM
ප්රජාතන්ත්රවාදයට උනත් සීමා තියෙන්න ඕන. මෝඩ නිදහස රටක් අක්‍රිය කරන බවට මීට වඩා නිදසුන් මොකටද ?
චමින්දFriday, 04 October 2019 12:56 AM
අතිගරු ජනධිපතිතුමා කලකට පෙර එතුමාගේ නිල කාලය ගැන මතවිමසීමක් කලා ඒ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේ නිලකාලය අවුරුදු පහක් කියලයි. එසේ තිබියදී අධිකරණය අභිබවා ජනාධිපතිතුමාගේ නිල කාලය අවුරුදු හයක් යැයි මොහු කරන ප්‍රකාශය විහිළුවක් තමයි
max Thursday, 03 October 2019 11:52 AM
මෙයත් අර මැතිවරණ කොමිසමේ සාමාජිකයකු විදිහට ඉන්න ගමන් ඡන්දෙ එපා කියලා අධිකරණයට ගිය එක්කෙනා වගේ. දෙයියනේ මේ මිනිස්සුන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය. වර්තමාන පාලකයන් එලවලා රටට හිතැති ආණ්ඩුවක් ගේන්න මිනිස්සු බලා ඉන්නවා. කරුණාකර එ්කට ඉඩ දෙන්න...
ශ්‍රීThursday, 03 October 2019 02:10 PM
අපි හැමදාම දැක්ක හීනේ ඕක තමයි.එක එක ආණ්ඩු එලවලා ගෙනාව ආණ්ඩු තිබුණු ආණ්ඩුවලට වඩා අන්ත වුණා. හීන වහල් ලෝකයෙන් මිදෙන්න තවමත් උවමනාවක් නෑ.
Uditha - London Thursday, 03 October 2019 12:30 PM
මෙය ඉතාමත් පදනම් විරහිත ක්‍රියාවක්.. ජනපතිවරණයේ ගැසට්ටුව අවලංගු කර රිට් පෙත්සමක් ගොනු කරන්න නෛතික බලයක් නැහැ. මැතිවරණ කොමසාරිස් කාර්යාලයත් එම රාජකාරියත් සම්පූර්ණයෙන්ම අපක්ෂපාතීව කරන රාජකාරියක්.. අනික එය ප්රජාතන්ත්රවාදයට පටහැනි ක්‍රියාවක්...
අතුල Thursday, 03 October 2019 12:51 PM
අපිව ලෝක සිතියමෙනුත් අයින් කරයි ද..
රවින් Thursday, 03 October 2019 12:56 PM
කොහොම කොහොම හරි උත්සහ කරන්නේ මහජනයා ගොනාට අන්දවන්න. මහජනයාගේ ඔලුව උඩින් අං තට්ටුව තියන්න.
Jaya Thursday, 03 October 2019 01:00 PM
ඇත්තම කතන්දරේ දැන් මේ රටේ අධිකරණය විහිළුවකට අරන් තියෙන්නේ.
Matimola Thursday, 03 October 2019 01:00 PM
ඔවු ඔවු මහත්තුරුනේ, මොනව හරි කරලා ජනාධිපතිවරනෙත් කල් දාගන්න. ඊට පස්සේ පම්පෝරි ගහන්න පුළුවන් මේ වගේ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් ලංකා ඉතිහාසේම තිබුනේ නෑ කියල. මදිනම් තවත් පම්පෝරි ගහන්න පුළුවන් මේ වගේ ස්වාදීන අධිකරණ පද්ධතියක් තියන රටක් ලෝකේ කොහෙවත් නෑ කියල.
appuhami Thursday, 03 October 2019 01:13 PM
ගෝඨාව බේරගන්න දගලන දැගලිල්ලක්.එකී පුරවැසි සහතිකයට මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබන විට ජනාධිපතිවරයා ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් වී සිටි බව සැබෑ නමුත් ඔහු ජනාධිපති ධුරයේ දිවුරුම් ලබාදී නොතිබීම නිසා 2015.11.21 වැනිදා සිදුකළ එකී අත්සන් තැබීම නීත්‍යානුකූල නොවනා බව ද එහිදී නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කීවේය.
නොකවුට් Thursday, 03 October 2019 01:23 PM
රටට දැන් විහිළුවක් වෙලා. කොහොම තිබුණු රටක්ද මේ? ඒ අතින් මහින්ද රාජපක්ෂ වෙලාවටත් කලින් ඡන්දය තිබ්බා. පැරදුණු එක වෙනම කතාවක්...
Mahee Thursday, 03 October 2019 01:31 PM
මේ ගාල්ල මහා නගර බලප්‍රදේශයේ හිටපු ප්‍රධාන පුරවැසියා. මොකක්ද අපේ රටට වෙලා තියෙන්නේ? නිකම්ම හිටපු පුරවැසියන් ටිකක් 'ප්‍රධාන' වෙන්න හදන කොටම පිස්සු හැදෙනවනේ...
surath Thursday, 03 October 2019 02:58 PM
කොල්ල කාපු සල්ලි හැම අතටම විසිකරන කොට මෙහෙම දේවල් වෙනවා. ඇහිඳ ගත්ත කෙනා මොකක් හරි කරන්න ඕනෑනේ..
ananda Thursday, 03 October 2019 03:19 PM
අනේ රටට ගිය කළ, එතකොට 19වැනි ව්‍යවස්ථාවට මොකද වෙන්නේ? පාර්ලිමේන්තුව විසුරවපු එක වැරදියි කියපු එකට මොකද වෙන්නේ? මහින්ද අගමැති කරපු එක වැරදියි. කියපු එකට මොකද වෙන්නේ? අවුරුදු පහට අඩුකලේ කාගේ බලයද? අර්ජුන් මහේන්ද්‍රන් අත්සන් කරපු සල්ලි වලංගුද?
විජිත් Thursday, 03 October 2019 03:27 PM
අපි බලන් ඉමු. ඔය මහා උසාවියේ ඉන්නේ උගත් මහත්වරුද, එහෙම නැතිනම් තණකොළ කන ඔටුවන්ද කියලා...මේක මහා පුදුම රටක්. කෙනෙක් උසාවියට කියනවා.." අනේ මාව අල්ලන්න එපා කියලා පොලිසියට නියෝගයක් කරන්න.." කියලා. ඉතින් නඩුකාරයා පොලිසියට කියනවා " හා හා මෙයාව අත්අඩංගුවට ගන්න එපා " කියලා. ඉතින් පොලිසිය නැට්ට අස්සේ ගහගෙන බකන් නිලාගෙන ඉන්නවා. මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන්න බලය තියෙන්නේ මැතිවරණ කොමිසමටයි. ඉතින් ඒ අය නියම කාලයට එය ප්‍රකාශ කළාම "පරදින්න බය" දේශපාලුවෝ උන්ගේ කුස්සිවල දන්කුඩ කන වහල්ලුන්ට කියනවා..." දාන්න නඩුවක් එයාට විරුද්ධව" කියලා. එ්ක තමයි මේ වෙලා තියෙන්නේ. මොනවා වුණත්.. මේ පාර ඔය හොර නඩවලට දිනන්න බැහැ. මිනිස්සු දැන් හොඳටම දැනුවත්වෙලා ඉන්නේ. නාගානන්ද, මහේෂ්.. මේ ඉන්නේ රටට ආදරේ කරන මිනිස්සු. ඒ අය ඉන්නකම් නිල්, කොළ, පොහොට්ටු ආයේ කවමදාකවත් දිනන්නේ නැහැ...
උපාලි Thursday, 03 October 2019 04:20 PM
මට හිතෙන විදියට මේක හරි. පාර්ලිමේන්තුවේදී ජනාධිපති ධූරයේ කාලය අවුරුදු 5 කට අඩු කරත්, ජනාධිපතිවරනෙදි මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනතාව පත් කළේ වසර 6 කටයි. ධූර කාලය අඩු කරන්න නම්ජනතාව ලබා දුන් තීන්දුව වෙනස් කිරීමට ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි. ඔය වසර 5 බලපාන්නේ ඊලඟට පත් වන ජනාධිපතිවරයාට බව නීති විශාරදයින්ට නොපෙනීම අභාග්‍යයකි.
gunarathnaFriday, 04 October 2019 01:34 AM
එතකොට ජනාධිපතිගේ බලතල අඩු කෙරුවේ මහජනතාවගෙන් අහලද?ජනාධිපතිතුමා හැම වේදිකාවකවම කීවේ මම ඉන්නේ අවුරුදු පහක් විතරයි අනික් මිනිස්සු වගේ මගේ මට බලයේ ඉන්න ඕනේ නැහැ කියලා. එතුමා දෙවරක් උසාවියෙන් විමසල තියෙනවා එතුමාගේ ධූර කාලය පිළිබඳව.
YapaFriday, 04 October 2019 08:38 AM
මට හිතෙන විදියට ඔයත් තණකොළ වගේ කන්නේ.. නැත්නම් ඔයාගේ ඡන්දෙන් විතරක් මේ අය පත් කරන්න ඉන්නවද? දැන්වත් තේරුම් ගන්න මේ එන්නේ සිංහල මිනිස්සුන්ගේ ඡන්දය කෑලි කෑලිවලට කඩා සුළු ජාතීන්ගේ ඡන්දය එක් තැනකට නතු කරගෙන දිනන්න ඉන්න කණ්ඩායමෙන් දාපු සගයන් බව..
නොකවුට් Friday, 04 October 2019 03:59 AM
මුලින්ම දහනවවන සංශෝධනය ගෙනත් රාජපක්ෂ පවුල හිර කරන්න බැලුවා. දෙවනුව ඇමරිකාවේ නඩු දැම්ම. ලසන්ත ගැන. තුන්වෙනිව ඡන්දය ගැසට් කලාම ජනාධිපතිධූරය අහෝසි කරන්න හැදුවා. ඊට පස්සේ ගෝඨාභයගේ පුරවැසි භාවය නැත කියා නඩු දැම්මා. දැන් ඡන්දය අවලංගු කරන්න ලු. හෙන පව් යහපාලනේ...
Jana Friday, 04 October 2019 05:02 AM
ඡන්දයක් දාපු කාලයක් මතක නෑ.... ආසයි අප්පා.....
SUMITH Friday, 04 October 2019 05:56 AM
මේකෙන් හම්බකරන්නේ නීතිඥයින්... !!! මම දන්නා තරමින් මෙත්සිරිගේ නෝනත් ලොයෙර් කෙනෙක් , නෝනා වෙන්න ඇති කියන්න ඇත්තේ නඩු දාන්න කියලා