( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජනාධිපතිවරණය කැදවමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන සර්ටියෝරාරිටි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපතිවරයකු වන මෙත්සිරි ද සිල්වා මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 4) තීන්දු කළේය.
මෙම පෙත්සම අද (04) විජිත් මළල්ගොඩ ,ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම තීන්දුව ලබා දෙන ලදී.
එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම කරුණට අදාළව අලුතින් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය රඳවා ගනිමින් වර්තමානයේ ගොනුකර තිබෙන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා පෙත්සම්කරුගේ නීතිඥවරයාට තරයේ අවධාරණය කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විහිළුවට නොගන්නා ලෙසයි. අධිකරණය හමුවට පැමිණ වගකීමකින් තොරව සිදුකරන මෙවැනි විහිළු ක්‍රියා කිසිසේත්ම අනුමත කළ නොහැකි බව මළල්ගොඩ විනිසුරුවරයා අවධාරණය කර සිටියේය.
මෙම පෙත්සම ඊයේ (3) සවස ගොනුකර කරුණු තහවුරු කිරීම සඳහා අද දින අධිකරණය හමුවේ කැඳවා තිබියදී මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීම ගැටළු සහගත බව සඳහන් කළ විජිත් මළල්ගොඩ විනිසුරුවරයා මෙවැනි ක්‍රියාවන් අනුමත කළ නොහැකි බව කියා සිටියේය.
කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට තීන්දු කළේය.
මෙමපෙත්සමෙන් ලබන 7 වැනිදා ජනාධිපතිවරණ නාමයෝජනා කැදවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්, අදාළ ගැසට් නිවේදනය අනුව මැතිවරණ කොමිසම, එහි සභාපති සහ සාමාජිකයන් කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා තිබිණි.
මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සභාපති, එහි සාමාජිකයන් සහ නීතිපති නම් කර ඇත.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපතිවරණය වළක්වන්නැයි ගොනු කළ පෙත්සම ඉවතට
gobbaya Friday, 04 October 2019 06:26 AM
මේ පෙත්සම දාපු කෙනා මොන දේශපාලන පක්ෂයටද සම්බන්ධ කියලා ජනතාවට කරුණාකරලා කියන්න
saman Friday, 04 October 2019 06:28 AM
නිකන්ම නිෂ්ප්‍රභා කරන්න එපා. මේ වගේ මෝඩ නිෂ්පල දේවල් වලට අධිකරණයේ වටිනා කාලය නාස්තිකරන අයගෙන් අදාළ නඩු ගාස්තුවකුත් අයකරගන්න ඕනේ. ආයේ ඔයවගේ මෝඩ වැඩ නොකරන්න. දැන් මේ පෙත්සම් ගැහිල්ල සෙල්ලමක් වෙලා තියෙන්නේ
RaveendraFriday, 04 October 2019 07:04 AM
ඇත්තටම ඔබගේ අදහස් නිවැරදියි. මිනිසුන්ගේ වටිනා කාලය වැය කර මේ අයගේ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් කරන මෙවන් ජඩ වැඩ වෙනුවෙන් ගරු අධිකරණය දැඩිලෙස අවදානය යොමු කරන්නේනම් එය මහජනතාවට කරන මහත් සේවයකි.
MaheeFriday, 04 October 2019 07:04 AM
ඒක නම් ඇත්ත තමයි.ඒ වුනත් සමහර පෙත්සම් ඇත්තටම අධිකරණයේ කාලෙ කන ඒවාද නැද්ද කියල තීරණය කෙරෙන නිර්ණායක නැති නිසා පිස්සු පෙත්සම් කාරයෝ ගැලවිලා යනවා.
jayath Friday, 04 October 2019 08:42 AM
මේක දැන් සෙල්ලමක් වෙලා නොවැ... නන්නත්තාර වෙච්ච එන්.ජී.ඕ කාරයන්, මේ වගේ දේශපාලුවෝ අධිකරණයත්, ජනපති අපේක්ෂකයෙකුත් සෙල්ලමට අරගෙන... හැබැයි මහත්වරුනේ සමහරවිට හැංගෙන්න තැන් හොයාගන්න වෙන කාලයක් නුදුරේදීම එන්න පුළුවන්...
wimal Friday, 04 October 2019 08:45 AM
යූ.එන්.පී වැඩක්.වෙන කවුද?
චමින්දFriday, 04 October 2019 11:54 AM
ඔහේ තුංමුල්ලේ විමල් නෙවෙයි නේද? මෙත්සිරි සිල්වා හිටියේ මහින්ද ජනාධිපතිතුමාට හිතවත්ව කියලයි අපි නම් දන්නේ... මෙයා දැනටමත් සජිත් දිනාවි කියලා බයවෙලා...
සේන Friday, 04 October 2019 09:53 AM
මෙවැනි අමන වැඩ නොකරන්න ඔහුට දඬුවම් දිය යුතුයි. බඩේ අමාරුවටත් නඩුදානවා.
Appuhami Friday, 04 October 2019 09:58 AM
එන්.ජී.ඕ. සල්ලි විසිකරනවා, ලංකාව තවත් ලිබියාවක් කරන්න.
SLFriday, 04 October 2019 10:51 AM
"අමුතු පරපුරේ " උනුත් ඕකට අයිතියි.
DD Friday, 04 October 2019 10:06 PM
පෙත්සම් කාරයින්ට මොලේ හොඳ නෑ. අපරද සල්ලි ආණ්ඩු, රජයේ කාලය