ශ්රී ලංකාවේ 7 වැනි ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දය මධ්‍යස්ථාන 12,314 කදී අද පෙරවරු 7ට ආරම්භ විය.
උදෙන්ම ඡන්ද පොළට යන්නැයි ඡන්ද කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද දායකයනන්ගෙන් ඉල්ලීම් කරයි.
පස්වරු 4 දක්වා ඡන්දය පැවැත්වීමට නියමිතය. සාමකාමීව ඡන්දය පවත්වන්නැයි ත්‍රෛනිකායික මහ නායක හිමිවරුද සමාජ නායකයෝද ඉල්ලති.
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 15044490 කි. ප්‍රධාන අපේක්ෂකයෝ ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තෙවැනි වරටත් තරඟ කරයි.
ඔහුගේම ශ්‍රීලනිප මහ ලේකම් හා හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන එජාපය ඇතුළු විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්වී සිටී. තවත් අපේක්ෂකයෝ 17 දෙනෙක්ද වෙති.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපතිවරණ ඡන්දය ඇරඹෙයි
සුදෙල්මි Thursday, 08 January 2015 03:45 AM
මුස්ලිම් සිංහල මිනිස්සු එකා වගේ යුද්ධ කිරීමට, අපේ රට බේරාගැනීමට ඉදිරිපත් වුණ හැටි සිහිකරගන්න. අපි සියලු දෙනාටම ජීවත්විය හැකි රටක් ලැබේවා! (නි)
කරුණාජීව Thursday, 08 January 2015 04:15 AM
කටුගස්තොට, මගේ පැතුමත් එයමයි. (නි)
කස්තුරි Thursday, 08 January 2015 04:22 AM
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් අදින් පසුත් මගේ රටට තිබෙන සාමය සහ තිබෙන පාලනය රැකේවා! (නි)
කස්තුරි Thursday, 08 January 2015 04:23 AM
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් මිනිසුන් ඇස්බැන්ඳුම් සහ බොරුකාරයන්ට නොරැවටේවා! (නි)
ඒඩ්‍රියන් ද මෙල් Thursday, 08 January 2015 04:30 AM
මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ස්ථීරයි. (නි)
මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Thursday, 08 January 2015 04:32 AM
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් මෛත්‍රී පාලනයක් අප රටට ලැබේවා !!!! (නි)
කිංග්ස්ලි පෙරේරා Thursday, 08 January 2015 04:37 AM
දෙවි පිහිටෙන් දුෂණයෙන්,භීෂණයෙන් තොර පාලනයක් බිහිවේවා! (නි)
සමන්ත Thursday, 08 January 2015 04:45 AM
කොහෙද කස්තුරි සාමය තියෙන්නේ? ඔන්න දැනුත් පාර අවහිර කරලාලු. (නි)
කිංග්ස්ලී පෙරේරා Thursday, 08 January 2015 04:47 AM
ඒඩ්‍රීයන් ද මෙල් සිහින දකිනවා. (නි)
ෂ්‍යාම් Thursday, 08 January 2015 04:48 AM
හොර බොරු නැති රටක්, යහපාලනයක් ඇති රටක් ලැබේවා! (නි)
නිරාන් Thursday, 08 January 2015 04:50 AM
ඡන්දය පවත්වන දිනය තෙක් ඡන්ද අපේක්ෂකයින් යාචකයින් වැනිය. ඡන්ද ප්‍රතිඵල අවසන්වූ පසු නැවත මැතිවරණයක් පවත්වනතෙක් ඡන්දදායකයින් යාචකයින් බවට පත්වන්නෝය. (නි)
කිංග්ස්ලි පෙරේරා Thursday, 08 January 2015 04:53 AM
ඔන්න මගේ යුතුකම මම ඉටුකළා උදෙන්ම ගිහිල්ලා රට ජාතිය වෙනුවෙන්. මහින්ද රාජපක්ෂ මහත්තයාට ජය වේවා..!!! (නි)
සදුනි Thursday, 08 January 2015 05:07 AM
ආ! මම බැලුවා බන්දුල අයියා සභාවට එන්න පරක්කු මොකද කියලා. උදෙන්ම ගිහිල්ලා ඡන්දෙ දාපු එක හොදයි. හවස් වෙනකොට අයියගේ ඡන්දෙ අතුරුදහන් වෙන්නත් පුළුවන්. (නදී)
මංගල Thursday, 08 January 2015 05:19 AM
මහින්ද රාජපක්ෂ මහත්තයාට ජය වේවා..!!! (නදී)
ප්‍රණීත් Thursday, 08 January 2015 05:39 AM
රටේ කෙතරම් නුගත් ජාතිවාදීන්(වනචාරී ගෝත්‍රිකයන් ) සිටිනවද යන්න අද අපිට බලාගත හැකිය (බ)
ලංකා Thursday, 08 January 2015 02:04 AM
රණ්ඩු සරුවල් නොකර සාමය ආරක්ෂා කරන්න (නි)
කටුගස්තොට Thursday, 08 January 2015 02:19 AM
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් අදින් පසු මගේ රටට කිරි ඉතිරේවා! (නි)
සුජීව Thursday, 08 January 2015 03:19 AM
ප්‍රතිපත්තිමය වශයෙන් තීරණ ගන්න නායකයෙක් ජය ගනිත්වා! (නි)
ප්‍රශාන්ත Thursday, 08 January 2015 03:19 AM
බියෙන් හා සැකයකින් තොරව තම අභිමතය පරිදි ඡන්දය දැමීමට සියලුම දෙනාට හැකිවේවා! (නි)
අබේපාල Thursday, 08 January 2015 03:27 AM
මට නම් කවුරු දිනුවත් කහක් නැහැ රටට යහපතක් වෙනවා නම් (නි)