IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ජනපතිගේ ප්‍රකාශය අයුතු බලපෑමක්

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බව ෆැෆරල්  සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ  හෙට්ටිආරච්චි මහතා පැවසීය

ජනාධිපතිතුමා උතුරේ ජන හමු කීපයක් අමතමින් කරන ලද ප්‍රකාශයෙන් ජාතික ජන බලවේගයට බලය හිමි නොවන පළාත් පාලන ආයතන වලට මුදල් ලබා නොදෙන බව ඍජු ලෙස ප්‍රකාශ නොවූවද එමගින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ අසූ දෙක වගන්තිය ප්‍රකාරව අයුතු බලපෑමක් සිදුවන බව පෙනී යන්නේ යයිද ඔහු ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස දැඩි අවධානය යොමුවී ඇති බවද ඔහු කීවේය.

රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට සපථ කළ ඒ පිළිබඳව නායකත්වය ගත් හා මැතිවරණ සංස්කෘතිය යහපත් දිශානතියක් කරා යොමු කිරීමට ආදර්ශ සැපයූ දේශපාලන පක්ෂ නායකයෙකුගෙන් සමාජය මෙවැනි ප්‍රකාශ අපේක්ෂා නොකරන බවත්  ජනාධිපතිවරයා ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වන බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඔහු මෙසේ පවසන්නේ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයට බලය හිමිවන පළාත් පාලන ආයතන වලට අත දිගහැර මුදල් ලබා දෙන බවටත් අනෙක් පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීමේදී දස වරක් සිතන බවත්  කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.



අදහස් (3)

ජනපතිගේ ප්‍රකාශය අයුතු බලපෑමක්

ජයනාත් Friday, 18 April 2025 03:55 PM

පහුගිය ආණ්ඩු ඔය කතාව ක්‍රියාවෙන්ම කරලා පෙන්නුවා.

:       40       22

කපුරු හාමි Friday, 18 April 2025 04:22 PM

ආසියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා ජනතාව රවට්ටලා බලයට ඇවිත් කරපු හරිය ගැනත් අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .

:       27       26

අරවින්ද මොණරවිල Friday, 18 April 2025 04:26 PM

රාජපක්ෂලා වික්‍රමසිංහලා ඡන්ද කරන්න, බඩු බෙදන විට රාජ්‍ය දේපොල භාවිතා කරන විට රාජ්‍ය සේවකයින් යොදා ගන්නා විට හා ජනතාවට රැකියා හා සමෘද්ධි ඉල්ලුම් පත්‍ර බෙදමින් දූෂිත මෙන්ම විරුද්ධ පාක්ෂිකයින්ට පහර දෙමින් හා ඝාතනය කරමින්ද පක්ෂ කාර්යාලය ගිනි තබමින් හා නිවාස කඩා බිඳ දමමින් මර්ධනකාරී ලෙස මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන විට බියට පත්ව හීන් කෙඳිරියක් හෝ නොනැගූ මේ "මහත්වරුන්" දැන් ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන සංස්කෘතිය ගැන මරලතෝනි තියෙන තරමට නිර්භීත වෙලා...

:       33       16

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 47 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 333 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 184 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 453 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1185 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 1191 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 108 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 393 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site