(අංජුල මහික වීරරත්න)
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
ඉන්දියාව ,චීනය සහ එක්සත් අරාබියේ සංචාරය කොට තිබෙන අතර සැප්තැම්බරයේ දි ජපානයට එන්නැයි ආරාධනාවක් ලැබී තිබෙන බව ජනාධිපතිවරයා කීය.
"පළමු වතාවට රට ගොඩනඟන ආණ්ඩුවක් නිර්මාණය වී තිබෙනවා මීට පෙර හැදුනේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ගොඩනැගෙන ආණ්ඩු.
අප සැලකිය යුතු ප්‍රමාණයකින් මේ ආර්ථික අර්බුදය සමනය කරගෙන තිබෙනවා.ඩොලරය නිදියන විට තව අගයකුත් නැගිටින විට තව අගයකුත් ලෙස පැවතුණා.අද වන විට ඩොලරය රුපියල් 300 සීමාවේ ආරක්ෂා කරගන්නට හැකියාව ලැබී තිබෙනවා.
ඒ කියන්නේ ආර්ථිකය ස්ථාවරයි. පොලී අනුපාතය 30-35% අගයකට ගියා.එය අද වන විට සියයට දහයකට වඩා අඩු අගයක තබාගෙන සිටිනවා.එය ආර්ථික ස්ථාවර බව පිළිබඳ සාධකයක් .
මෙරට විදෙස් ආයෝජන දාලා ගියා. විදේශ ආයෝජන නතර වුණා.ඉන්දීය ,ජපන්, චීන රජයන් ඔවුන්ගේ නතර කෙරුණු සියලු ව්‍යාපෘති නැවත ඇරැඹීමට තීරණය කර තිබෙනවා.
පොලිස් දෙපාර්තමේන්තුවේ දෙමළ භාෂාවෙන් කතා කරන නිලධාරීන්ගේ හිඟයක් තිබෙනවා.වැටුප් වැඩි කරලා තියෙනවා. තවත් පහසුකම් දෙනවා.රාජ්‍ය සේවකයන්ට ඉතිහාසයේ වැඩිපුරම වැටුප් වැඩිවීම ලබාදී තිබෙනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෙම ජනරැළිය පැවැත්විණි.
රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ඩියේගෝ නුවර සෙලවිණි.
සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය
අවුරුදු සිරිත් විරිත් වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වලකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මහතා අවුරුද
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරඟ කිරීම සඳහා බාර දෙන ලද නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්නම් එම පෙත්සම් වල හා නඩු තීන
පුරාවිද්‍යාත්මක ස්ථානවල නඩත්තුව සඳහා 2023 වසරේදී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් වෙන්කරනු ලැබූ ලක්ෂ හැට දෙකකට අධික මුදලින් ලක්ෂ 39ක් වැය කර කාර්යාල උපකර
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බැඳුම්කර කඩ කරන ලද ආචාර්යවරයෙකුගෙන් රුපියල් කෝටියකට වැඩි මුදලක් අයකරගෙන නැතැයි ජාතික විගණන
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ජනපතිට ජපානයෙන් ආරාධනයක්