IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී

 (බී.ජි චතුරංග සහ අංජුල මහීක වීරරත්න)

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන්  වැඳපුදාගනිමින්  ආශිර්වාද ලබා ගත්තේය. 

ප්‍රථමයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,  මහා විහාරයට ගොස් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් ඇතුළු අටමස්ථානයේ නායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව හේවිසි  බෙර හඩ මධ්‍යයේ මහා සංඝරත්නය සමඟින් උඩ මළුවට ගොස් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගෙන  ජය ශ්‍රී මහා බෝධි බණ ශාලාවේදී  මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද පිරිත් නූල් බැඳ ආශිර්වාද ලබා ගත්හ.

එහිදී   අනුශාසනාවක් සිදු කළ අටමස්ථානාධිපති  පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පැවසුවේ, මේ දේශපාලන මඩ ගොහොරුව, නරාවල, සිහි බුද්ධිය ඇති ප්‍රඥා සම්පන්න කෙනෙකුට හැසිරෙන්න තරම් සුදුසු භූමියක් හැටියට මහා සංඝරත්නය  දකින්නේ නැති බවය.  මහා සංඝරත්නය විදියට  අපි මේක දකින්නේ ඈත සිට බවත්, ඒ මඩ වලේ දඟලන අය කොහොම එය දකිනවද දන්නේ නැතැයි ද කීහ. ඒ නිසා යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කරන්න අනුර කුමාර දිසානායක මහතාට  හැකි වේවායි ප්‍රාර්ථනා කරන බවත් උන්වහන්සේ පැවසූහ.



අදහස් (0)

ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


කෝටි දෙකක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 21 578 0

විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙ


ට්‍රම්ප්ගේ හාද්ද සමාජ මාධ්‍ය කළඹයි
2024 දෙසැම්බර් මස 21 3038 0

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර


කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 6ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 841 2

කොළඹ සිට තෙල්දෙනිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් කඩුගන්නාව ඩෝසන් කුළුන අසල ආසන්නයේ දී විශාල ගසක හැපිමෙන් තුවාල කරුවන් 6 දෙනකු මහනුවර රෝහලට ඇතුලත් කළ බව


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 534 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 929 3

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 29 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 27 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site