IMG-LOGO

2024 සැප්තැම්බර් මස 13 වන සිකුරාදා


ජනපති අපේක්ෂකයෝ 20ක් ආරක්ෂාව එපා කියති

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් විස්සකට ආසන්න පිරිසක් ආරක්ෂකයන් අවශ්‍ය නැතැයි  දැනුම්දී  ඇති බව පොලිස්   ආරංචි මාර්ගවලින් පැවසේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෝ  වැඩි පිරිසක් කුඩා පක්ෂවලට අයත් වූවෝ වෙති. 

ආරක්ෂාව ඉල්ලා ඇති සෙසු අපේක්ෂකයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරීයෙක් ලංකාදීපයට පැවසීය.

ජනාධිපති අපේක්ෂකයන් වෙනුවෙන් මෙවර ක්‍රියාත්මක කෙරෙන්නේ විශේෂම ආරක්ෂක වැඩපිළිවෙලක් බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති අපේක්ෂකයන්ට ඉල්ලවී ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පසුගියදා  කළේය.

එම විමර්ශනයේදී හෙළිදරව්වූ තොරතුරු පදනම් කරගෙන මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගේ උපදෙස් මත ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු කිරීමට විශේෂ කමිටුවක්ද පසුගියදා පත් කෙරිණ. එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි  ගුණතිලක මහතාය.

ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපති අපේක්ෂකයන් සහභාගිවන රැස්වීම්වල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.



අදහස් (6)

ජනපති අපේක්ෂකයෝ 20ක් ආරක්ෂාව එපා කියති

ගමේ එකාලා Saturday, 24 August 2024 12:46 AM

අනිවාර්යෙන්ම පැරදෙන බව දන්නවා... ඒ නිසා මොන ආරක්ෂකයෝද.?

:       0       2

Buddika Saturday, 24 August 2024 05:41 AM

මේක හරි හේතුව මේ කට්ටියගෙන් 35ක් හෝ 36 දෙනෙක්ගේම ඇප කැන්සල් වේවි. ඒත් ඉල්ලන්නේ පුද්ගලික ලාබ ප්‍රයෝජන සහ අනුන්ගේ කින්ත්‍රාත් වෙනුවෙන්. එයාලාට කොහේද තර්ජන?

:       0       1

sam Saturday, 24 August 2024 07:07 AM

නිකන් බොරුවට ඡන්දෙ ඉල්ලන අයට ආරක්ෂාවක් මොකටද? ඔවුන් වෙන වෙන පුද්ගලික වාසි තකානේ ඡන්දෙ ඉල්ලන්නේ. මින්පස්සේ ඇප මුදල් මිලියන 50ක් කළා නම් ඔය තමන්ගේ ගෑණිවත් ඡන්දෙ දෙන්නේ නැති අයට ඡන්දෙ ඉල්ලන්න බැරිවෙනවා. රටයි, ජනතාවගෙයි, ආරක්ෂක හමුදාවලයි... මුදල්, කාලය නාස්ති කරන නිකමුන්...

:       0       2

ගමේ එකාලා Saturday, 24 August 2024 12:08 PM

ආරක්ෂාවෙන් වැඩක් නැතුව ඇති කොහොමටත් පැරදෙන බව දන්නවා...

:       10       6

Nishan Saturday, 24 August 2024 02:33 PM

අනුරගේ ආරක්ෂාවට නම් සුදු ඇඳගත්තු 500ක් විතර ඉන්න බව පේනවා...!

:       2       3

Nilantha Saturday, 24 August 2024 02:48 PM

නායක හිමිනමක් දවසක් වදාලේ රටේ ජනතාව නොදන්නා මිනිස්සු පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා... ඉතින් එහෙම මිනිස්සුන්ට ආරක්ෂාව මොකටද?

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙ දාන්න දුරකථන තහනම්
2024 සැප්තැම්බර් මස 12 750 0

ජනාධිපතිවරණයේදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජනාධිපති ධූර අපේක්‍ෂකයන්ට සහ ඡන්දදායකයන්ට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර


වතුර නැති සරසවි සිසුන් මහ පාරේ
2024 සැප්තැම්බර් මස 12 616 0

බදුල්ල බණ්ඩාරපුර ජයගම කලුගල්පිටිය බදුලු සිරිගම රඹුක්පොත ප්‍රදේශයට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අද (12) ජලය ලබා නොදිම නිසාවෙන් ඌව වෙල්ලස්ස විශ්වවි


දේශප්‍රේමී සම්මත්‍රණයේ දී දෙපිිරිසක් ගැටිලා
2024 සැප්තැම්බර් මස 12 1050 0

දේශප්‍රේමී ජාතික පෙරමුණ සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොළඹ 7 පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙමින් තිබියදී එහි කඩා වැදුණු පොලු මුගු


කිලෝ 75ක බෝම්බයක් කොටහේනෙන් හමු වෙයි
2024 සැප්තැම්බර් මස 12 2825 0

ගුවන් යානා මගින් බිමට හෙළන කිලෝ 75 ක පමණ බරින් යුත් බෝම්බයක් කොළඹ 12 මෛත්‍රී බෝධිරාජ මාවත පුද්ගලික ආයතනයක ගබඩා සංකීර්ණයක් තුළ තිබී හමු වූ බව කොටහේන පොලිසි


’’ටයිම්ස් ස්කූල්‘‘ සුභ මොහොතින් විවෘත වේ
2024 සැප්තැම්බර් මස 12 1195 0

’’ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන්’’ ආයතනය තවත් එක සාම්ප්‍රදායික අධ්‍යාපනික ආයතනයක් නොවේ. වර්තමානයේ අප බලාපොරොත්තු වන නවීන අධ්‍යාපන ක්‍රමයට අයත්


මාධ්‍ය ආයතන නීති කැඩුවොත් ඡන්ද ප්‍රතිඵල නෑ
2024 සැප්තැම්බර් මස 12 1356 1

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන (නීති රීති) අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැද්ද පිළිබඳව තීරණය ගැනීමේ අවස්ථාව මැත


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 12 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2037 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 943 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site