IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ජනපති ලේකම් කාර්යාලට ආලෝකවත් කළ විරෝධය

(ශාන්ත රත්නායක)

ජනපතිට හා ආණ්ඩුවට එරෙහිව කොළඹ ගාලුමුවදොර විරෝධතාවේ නිරත පිරිස අද අලුත් ආකාරයේ විරෝධතාවක නරත වූහ.

කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධතා දි තරුණ තරුණියෝ ප්‍රොජෙක්ටර් භාවිතා කරමින් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට විවිධ අවස්ථා ගෙන හැර දක්වමින් ආලෝක කරමින් ඩිජිටල් විරෝධතා පළ කළහ.

 



අදහස් (20)

ජනපති ලේකම් කාර්යාලට ආලෝකවත් කළ විරෝධය

මැක්ස් Monday, 18 April 2022 06:31 AM

නිර්මාණශීලී වැඩක්. ඒත් කවුද දෙයියනේ මේවාට සල්ලි පොම්ප කරන්නේ..?

:       10       6

C.K.Lankaputhra. Monday, 18 April 2022 07:15 AM

අම්මපා, ඒක නං මරු වැඩක්...

:       2       15

Bunny Preena Monday, 18 April 2022 08:34 AM

අවුරුදු 74ක් දේශපාලුවෝ රට විනාශ කරලා සල්ලි හොරකම් කෙරුවා ඇති. 225ම ඉවත් වෙනකන් සටන අත නොහැරිය යුතුයි. දරු මල්ලොත් එක්ක අපි පවුල් පිටින් එනවා ගාලු මුවදොරට...

:       2       19

sharm warn Monday, 18 April 2022 08:59 AM

සුපිරි වැඩක් කොල්ලනේ... ජනතාවට ජය වේවා...!

:       7       54

සෙබ් Monday, 18 April 2022 09:23 AM

කොහොම සල්ලියක් ඇතිද කුමන්ත්‍රණකාරයින්ට ඔහොම වියදම් කරන්න? කවුද සල්ලි එවන්නේ? ඔය සල්ලි වලින් දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න වියදම් කරානම් රට විනාශ නොකර, මොන තරම් දෙයක්ද? දුප්පත් මිනිස්සු ඉන්නවා කන්න නැතිව... මේවා විකාර...

:       99       20

Charitha HettiarachchiMonday, 18 April 2022 10:57 AM

දුප්පත් ළමුන්ට ඉගෙනගන්න තිබුණු සල්ලි හොරාකාපු නිසා තමයි මේවා කරන්න වුනේ...

:       8       49

Pradeep KumaraMonday, 18 April 2022 11:13 AM

ගොඩක් අයට කූඹි යන පාරවල් පෙනුණට අලි ඇත්තු වැටවල් කඩාගෙන යනවා පේන්නේ නෑ. මොනවා කරන්නද වටහා ගැනීමට තරම් හැකියාවක් නැති එකට...!

:       3       17

සෙනෙවිරත්න Monday, 18 April 2022 11:38 AM

දන්න තරම්නේ.. මේවාට බල්බ් හයිකරලා නැහැ... ඒ තමුන්ගේ කාලෙ තොරන්වල, දැන් කොල්ලන්ට ඕක සුළු වැඩක්. දුප්පත් ළමුන් ගැන දුක නම් අභ්‍යාස පොත් ටිකක් ගන්න තැනක් කියන්න අරගෙන දෙන්න.. ඒවත් නැහැ ඩොලර් නැතුව, ඩොලර් ගිල්ලේ රටේ ජනතාව නොවෙයි.

:       6       36

sharm warnMonday, 18 April 2022 11:44 AM

අපෝ ඔයා මේකේ වියදමින් දුප්පත් ළමයින්ට උදව් කරන්න කියන්නේ. දුප්පත් ළමයි හැමදාම දුප්පත් වෙලා ඉන්නේ කොහොමද කියලා නිකන් හිතෙන්නේ නැද්ද? ඔයා පොහොසත්ද? ඔයාගේ ළමයි පොහොසත් ළමයිද?

:       6       27

Prabha Monday, 18 April 2022 12:59 PM

බමුණා නම වෙනස් කරන්නද?

:       2       16

ddd Monday, 18 April 2022 10:55 AM

රට වෙනස් කරන්න, ජනතාව හැටියට අපි වෙනස් වෙන්න ඕනේ. අපිට මෙහෙම වෙන්න හේතුව තමයි හරි අවබෝධයක්, දැක්මක් නැතිව තීන්දු, තීරණ ගත්තු එක. අපි වෙනස් වෙමු.. එතකොට සුදුසු තැන්වලට සුදුස්සන් පත්වේවි...

:       3       30

duplicate Ralahami Monday, 18 April 2022 10:57 AM

මේක වියදම් යන දෙයක් නෙවෙයි. ප්‍රොෙජක්ටර් එකකුයි, විවිධ පාටවලින් කොළයි අවශ්‍ය වෙන්නේ...

:       7       40

Cisco Monday, 18 April 2022 11:26 AM

මේකේ අර එක්සත් ශ්‍රී ලංකාවක් කියන පින්තූරෙ හැලිලා... ඔහොම යං.. ටික ටික බළලා මල්ලෙන් එළියට එනවා... හා හා!!!

:       4       9

chathu Monday, 18 April 2022 12:28 PM

උද්ඝෝෂණ කරන්න මාස ගාණක් වුණත් පුළුවන්... රටටත්, රටේ උපදින දරුවන්ටත්, සතා සිවුපාවාට හොඳදෙයක් වෙන කාබනික ගොවිතැන ඉගෙන ගන්න කම්මැලි මිනිස්සු...!

:       22       10

පෙරට යන්නා Monday, 18 April 2022 01:05 PM

මානව හිමිකම් සංවිධාන ඔබ වෙනුවෙන් පෙනී සිටින බවට ප්‍රතිෂ්ඨාවයි මේ. යුද අපරාධ කළා, ඒවා අපි පෙන්නලා දුන්නා. නමුත් ඒවා කිසිඳ වගකීමකින් තොරව ප්‍රතික්ෂේප කළා. දැන් මේ තරුණ පරපුර මර්දනය කරනවා. හෙළයින් පමණක් රකින ජාතිවාදී ආණ්ඩුවකට විරුද්ධව සමස්ථ කතෝලික දමිළ, මුස්ලිම් සියලු ජාතීන් රැක ගැනීමට කරන සටනක් මේක... අරගලයට ජය! අගරදගුරුතුමන්ට ජය. එතුමා තමයි ලංකාවේ සැබෑ නායකයා විය යුත්තේ. පන්සලේ පූජකතුමා කියන්නේ මිනිසුන් ඒ නිසාවෙන්මයි. ජාතිවාදී නොවී අපි හදමු සැමටම රටක්. සන්නස්ගල වැනි පඬිවරු එහි සිටිය යුත්තේ ඉදිරියෙන්ම. ජාතිවාදය පරයා, හමුදා බලය පරයා, පොලිස් බලය පරයා ඉදිරියට පැමිණිය යුත්තේ ජනතා බලයයි. එයට නායකත්වය දීමට ආගම් බේදයකින් තොරව කතෝලික පල්ලිය මුල්තැන ගත යුතුයි. තරුණ පරපුර දකින වටිනා අනාගතය සඳහා ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ස්විට්සර්ලන්තය වැනි හොඳ රටවල් අනිවාර්යයෙන්ම මූල්‍ය වශයෙන් පවා ආධාර කරනු ඇති. අරගලයට ජය!

:       15       5

චන්දිම ෆොන්සේකා Monday, 18 April 2022 01:44 PM

මේක නම් මහා භයානක කතන්දරයක්... මේ නොතිබිච්ච ජාති බෙදීමක් පෙන්නලා වෙනත් සෙල්ලමක් හෙමිහිට රිංගවන්න හදන්නේ. මේ හදන්නේ සිංහල ජාතිය අවමානයකට ලක් කොට වෙනත් විනාශයකට යන්න.

:       7       14

kavinda fernando Monday, 18 April 2022 01:28 PM

මේ සීයලා මට නම් පේන්න බෑ. වයසක මිනිස්සු දන්නේ අපේ අයව ඉදිරියට යන එක වළකන්න විතරයි. පේනවනේ කමෙන්ට්. අම්මලා, තාත්තිලා අපිට ආදරේ තමයි. නමුත් අපිට එයාලා කියන දේවල් අහලා ගෙදරට වෙලා හිටියොත් රටට මොකද වෙන්නේ? ඉන්ටර්නෙට් වගේ දියුණු තාක්ෂණ නැතිව මොනවද අපි කරන්නේ? අපේ රැකියා තියෙන්නේ ඉන්ටර්නෙට් එක්ක බව වයසක අය දන්නේ නෑ. ලෝකය එයාලගේ කාලෙට වඩා වෙනස් බව එයාලා තේරුම් ගන්න ඕනෑ. ගොඩයින් වගේ මඩේ බහින්නද අපිට කියන්නේ? මේවා අපේ වැඩිමල් පරපුරේ වැරදි. අපි තමයි අන්තිමට විඳවන්නේ. යුද්දෙ මං දැකලා නෑ. හැබැයි දැන් ඒක ඉවරයි.. හැමදාම යුද්දෙ ගැන කියව කියව ඉන්නේ, අපිට ඉදිරියක් නැතිද? වයසක මිනිස්සු අයින් වෙලා තරුණ අයට එන්න දෙන්න. මොන කරුමයක්ද මේ වගේ රටක ඉපදුනේ? ජාතික වීරයෝ බලන්න ගාලුමුවදොරට එන්න! ගෝ ගෝටා ගෝ හෝම්! ප්ලීස්! අපිට දැන් ඇතිවෙලා!

:       6       8

nuwanthika calderaMonday, 18 April 2022 02:01 PM

කාවින්ද, අද උදේ තේක හදලා දුන්නෙත් අම්මා වෙන්න ඇති නේද? ඔයාලා යුද්දෙ දැක්කේ නැත්නම්, රට ගැන කියන දේවල් ගැන හිතාගන්නට පුළුවන්. වයසක මිනිස්සු කියලා ඔයා වෛර කරන අය තමා ගරුකළ යුතු අය. ඔහොම අයනම් අරගලය කියන එකේ ඉන්නේ, හිතාගන්න පුළුවන් අනාගතය ගැන රටේ. කිසි වගකීමක් දරලා නැති ඕපපාතික පරම්පරාවක සරුංගල් ජීවිත ඔයාලා. පින් සිද්දවෙයි, ගෙදරට වෙලා ඉන්න බැරිනම් ඔයාලගේ ඉන්ටර්නෙට් එකේ ගේම් එකක් ගහගෙන ඉන්න. ඒත් බැරි නම් මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. මම ඡන්දෙ දුන්නේ ගෝඨාට. ඒ මිනිහාට සාධාරණ අවස්ථාවක් දෙන්න එයාව පත් කරපු වගකීම ඉටු කරන්න. ඔයාලට පිස්සු වුණාට බහුතරය දුක් විඳවිඳ හරි තවමත් ගෝඨා එක්ක ඉන්නවා. මහින්ද රටට කරපු සේවය කිසි කෙනෙක් රටට කරලා නෑ. ඔයාලා ඒ ලෝකේ ඉපදිලාවත් නෑ. තරුණ මදයෙන් මත්වෙලා ව්‍යාජ ජාතිකත්වයක් මවා පාන්නේ බුද්ධිය වැඩිවෙලා වගේ පේන්නේ. පොඩ්ඩක් ඉවසන්න. අපි පොඩි කාලෙත් ලයිට් තිබුනේ නෑ. රෑට අහස්යාත්‍රා එනවා කොටින්ගේ. ඔයාලා නොදන්නවා නම්, ඔයාලගේ වැඩිමල් අයගෙන් අහලා බලන්න.

:       4       9

gagana Monday, 18 April 2022 01:36 PM

දැන් ඡන්දයක් තිබ්බත් දිනන්නේ මහින්ද සහ ගෝඨා. බොරුද බලන්න...? ගම් වල මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. නූගත් මිනිසා බත් පැකට් එකට, පෝරටිකට රටේ අනාගතය වික්කා. ඒකේ ප්‍රතිඵල මේ. අපි සුළුතරයක් වෙන්න පුළුවන්.. නමුත් බලහත්කාරයෙන් හරි මෙ අයව පන්නන්න ඕන. ඡන්ද නෙමෙයි බලහත්කාරයෙන් හරි මේ අයව ගෙදර යවන්න ඕනෑ. ගඩොල් බැරි නම් වෙන දේවල් හරි අරන් වරෙව් ඉදිරියට. බැරි නම් කට පියාගෙන ඉන්න..

:       7       5

සමිත සේනක අලුත්ගමගේ. Monday, 18 April 2022 01:53 PM

බුද්ධිමත් අරගලකරුවන් අරගලයට නව ඩිජිටල් ජවයක් දී විරුද්ධවාදීන් ලැජ්ජාවට හා පරාජයට පත්කළා. හරිම කදිම වැඩක්. ඇත්තෙන්ම, මෙවැනි නිර්මාණශීලී ජවයක් ඇති ජන කොටසකට විදේශ සහය ලබාදීමට ලෝකය උනන්දු වීම පුදුමයක් නොවෙයි. රටේ පරමාධිපත්‍ය බලය තියෙන්නේ රටේ ජනතාව අතේ. ඒ වගේම, නීති අංශ, මානව හිමිකම් අංශ හා නීතීඥ සංගමයේ සහය, රටේ යහපත් අනාගතය ගැන බලාපොරොත්තු තබා ඇති කාරුණික ජනතාව හා නොයෙක් ආකාරයේ බුද්ධිමතුන් මේ සඳහා තම වටිනා සහයෝගය ලබා දුන්නා. වැටීඇති රට නැවත නගා සිටුවීමට ක්‍රමවේද අවශ්‍යයි. අපට දේශපාලනයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ අනාගත පරපුරට දායාද කළ හැකි හොඳ රටක්. ඒ සඳහා කැපවීම වරදක් නොවේ...

:       2       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 1248 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 354 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 646 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 874 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 220 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 713 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2132 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 986 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site