(අංජුල මහික වීරරත්න)
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වු අතර වියට්නාමයේ සහාය ඇතිව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්‍ර පිළිබඳව සහ ආයෝජන ප්‍රවර්ධනයට අදාළව වියට්නාමය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගැනීමට සූදානම් බවද මෙහිදී තානාපතිවරිය සඳහන් කළාය.
එසේම වියට්නාමය රටක් ලෙස ලබා ඇති ජයග්‍රහණ ශ්‍රී ලංකාව තුළ ඵලදායීව යොදා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.
වියට්නාම තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී ලී වෑන් හොංග් (Le Van Huong), තානාපතිවරියගේ ලේකම් රම්‍යා නිලංගනී යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලි
කැලණිවැලි මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද දින අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
බළන්ගොඩ ප්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ පැමිණි බස් රථයක් විශ්‍රාමශාලාවක් තුල නවතා තිබියදී අද (22දා) අළුයම හදිසියේ ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් එම බස්
කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ සේවකයන් වැඩ වර්ජනයක් අද (22) පෙරවරුවේ ආරම්භ කළ බව වරාය වෘත්තීය සමිති පවසයි.
විජය පුවත්පත් සමාගමේ දිනපතා ඉංග්‍රීසි පුවත්පත වන ඩේලි මිරර් සහ සිංහල පුවත්පත වන ලංකාදීප යන පුවත්පත් දෙකෙහි වෙබ් අඩවිවල ඇති නිල ලාංඡන ඇතැම් පාර්ශ්ව අව
පෙබරවාරි මස 24 වැන දින සිට ඉදිරි දින කීපයේදී උතුරු, උතුරු මැද,නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි තත්වය වැඩි වීමක් බලා පොරො
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
ජනපති ලේකම්- වියට්නාම තානාපතී හමුවක්