(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් අද (11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය.
අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ සමන්තා පවර් මහත්මිය අදහස් හුවමාරු කර ගත් අතර ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ අවස්ථා පිළිබඳවද සාකච්ඡා කළහ.
රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රතිපත්ති අතර පවතින සමානතාව ද මෙහිදී පෙන්වා දුන් සමන්තා පවර් මහත්මිය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කාර්යයන් සඳහා එක්සත් ජනපද නියෝජිතායතනයේ පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට මෙන්ම ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ඉහළ නැංවීමටත් එම කටයුතු ඉවහල් වනු ඇති බව ද සමන්තා පවර් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ජනපති- සමන්තා පවර් සාකච්ඡාවක්