(අංජුල මහික වීරරත්න)
2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතා අතර හමුවක් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ දේශපාලන හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වී තිබෙන අවස්ථාවේ ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සඳහා විභවයන් පුළුල් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කුවේට් අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.
දෙරට අතර වෙළඳාම ශක්තිමත් කිරිමට හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ අතර, ඒ සඳහා නව උපායමාර්ග සොයා ගැනීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමේදී කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතාට ස්තුතිය පළ කළේය.
කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 155,000ක් පමණ සිටින අතර එයින් ඇමරිකානු ඩොලර් මිලියන 700ක විදේශ ප්‍රේෂණයක් රටට ලැබෙන බවද එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් වන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටී.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 5 වැනි වරට සංවිධානය කළ ’’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’’ ‘ටවර් නාට
පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී සගවා තිබූ කීරි සම්බා කිලෝග්‍රෑම් 5 අසුරන 3,000 ක කිලෝග්‍රෑම් 15,000 ක් භාරයට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි
නීති විරෝධීව කන්ටේනර් රථයකින් මෙරටට රැගෙන ආ කෝටි 4ක් පමණ වටිනා මොන්ටීරෝ ජීප් රථයක් සමග හෝටල් සමූහයක කෝටිපති ව්‍යාපරිකයෙක් ඊයේ (11) පැලවත්ත, ජපන් මිත්‍රත
වාද්දුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව වා
ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති පළමු තරග
වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවෙසක කසිප්පු පෙරා ෂැෂේ පැකට්වල අසුරා කොළඹ අවට සහ වරාය වැඩබිමිවල සේවය කරනු ලබන චීන ජාතිකයන්ට කසිප්පු අලෙවි
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ජනපති - කුවේට් අගමැති හමු වෙයි
R. T. sarath Wednesday, 12 February 2025 01:50 PM
ජනාධිපතිතුමනි ඔබතුම විදේශ ගතවෙලා කෙටි කාලයක් තුල සමුළුවේදී රාජ්‍ය නායකයෝ විශාල සංඛ්‍යාවක් හමුවෙලා ලංකාවට ආයෝජන ගෙන එන්න දරන උත්සාහයට මම ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඉතා ස්තුති වන්ත වෙනවා , නමුත් ඔබගේ ආණ්ඩුවේ කර්මාන්ත නියෝජ්‍ය චතුරංග ඇමති මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනව ලබන අයවැයෙන් කර්මාන්ත කරුවන්ට බදු අඩු කරන්නේ නැතිලු , සහන දෙන්න බැරිලු , කරුණාකර මේ බුරුවාට කියන්න කට වහගෙන ඉන්න කියල , ප්‍රාදේශීය සභාවකවත් හිටියේ නැති මේ බුරුව දේශපාලනේ දන්නේ නැහැ ,
de silva berlin Wednesday, 12 February 2025 05:34 PM
ලංකාවේ ව්‍යාපාර ආරම්භ කරන්න විදේශ ආයෝජකයින් එන්නේ නැහැ. ඒකට හේතුව පහුගිය කාලේ දේශපාලන ඕනේ එපාකම් මත පැවැති රජයන් විසින් රජයට අවශ්‍ය ප්‍රමාණයට වැඩිය 3 ගුණයක් පමණ රජයේ සේවකයෝ බඳවා ගත්තා. ඔවුන්ට කරන්න වැඩක් නැති නිසා සහ පගාව ගන්න පහසුවෙන්න ඔවුන් විසින් අනවශ්‍ය පනත් විශාල සංඛ්‍යාවක් කෙටුම්පත් කරලා දුන්නා. 8 සමත් දේශපාලකයින් මේ වගේ කිසිම බරපතලකමක් නොදැන ගිරව් වගේ මේවා පාර්ලිමේන්තුවේ කියවලා සම්මත කළා. දැන් තිබෙන ප්‍රශ්නේ ආයෝජකයෙක් උදාහරණයක් වශයෙන් ගත්තොත් ගොඩනැගිල්ලක් හදන්න යනවා කියමු. එයා ආයතන 5 කින් පමණ අනුමැතිය ගන්න ඕනේ. මේවා කරන්න පගාව දෙන්න ඕනේ.. එහෙම නැත්නම් එක ආයතනයක මාස 3 පමණ රස්තියාදු වෙන්න ඕනේ... විදේශ ආයෝජකයෙකුට, විදේශගත ශ්‍රී ලාංකිකයෙකුට තබා ලංකාවේ සිටින කෙනෙකුටත් මේවා කරන්න වෙලාවක් නැහැ. මෙම විකාර බහුභූත නීති රීති නිසා මුළු රටේම ආර්ථිකේ හිරවෙලා තිබෙන්නේ... මුලින්ම ජනාධිපතිතුමනි, මේ නූල් බෝලේ ලිහලා සිටින්න ඕනේ... ඔබතුමා ඡන්දෙට කලින් යුරෝපෙට ආපු වෙලාවේ අපි මේ ප්‍රශ්නය ගැන ඔබතුමාව දැනුවත් කළා. ඔබතුමාත් මේක පිළිගත්තා, දැන් ක්‍රියාත්මක වෙන්න කාලේ ඇවිත්...