IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘ජනපති අගමැති අතර ගැටුමක් නෑ‘ - මංගල සමරවීර

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විවිධ ගැටුම් තිබෙන බවට සඳහන් කරමින් නැති දේවල් මවාපෑමට ඇතැම් මාධය මඟින් උත්සාහ ගත්තද ඔවුන් දෙදෙනා අතර එවැනි කිසිදු ගැටුමක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

රට හමුවේ පවතින අභියෝගයන්ට මුහුණ දෙන්නට එම නායකයින් දෙදෙනා ශක්තිමත් මිත්‍රත්වයකින් අත්වැල් බැඳගෙන කටයුතු කරන බවද, එනිසා අද පවතින තත්ත්වයෙන් ප්‍රයෝජන ලබා ගත යුතු බවද විදේශ අමාත්‍යවරයා කීවේය.

ඉතිහාසයේ දෙපැත්තක සිටි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අද වන විට එක්ව කටයුතු කරන බවත්, විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් හා එක්සත් ජාතික පක්ෂය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් කටයුතු කිරීම සුවිශේෂි වන බවත් හෙතෙම පැවසීය.

යළිත් වරක් රටේ  ඒකාධිපති පවුල්වාදයක් ඇති නොවන පරිදි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළයුතු අතරම අනෙක් පැත්තෙන් රටේ සංහිඳියාව ඇති කළ යුතු බව ද සමරවීර මහතා සඳහන් කළේය.



අදහස් (0)

‘ජනපති අගමැති අතර ගැටුමක් නෑ‘ - මංගල සමරවීර

සිසිල් Thursday, 07 July 2016 12:25 AM

ගැටුමක් තියෙන්න බැහැනේ ඉතින් (නි)

:       0       0

ආර්. වික්‍රම Thursday, 07 July 2016 01:37 AM

මොන ගැටුම්ද? අපි නොදන්නවයැ (නි)

:       0       0

පී. ඉලංගරත්න Thursday, 07 July 2016 02:02 AM

අවුලක් ඇතිවෙන්න විදිහකුත් නැහැනේ. (නි)

:       0       0

රනිල් Thursday, 07 July 2016 02:53 AM

පවුල්වාදය වෙනුවට රාජකීයවාදය ඇවිල්ලා. එ්ක ඇතුළේ තව තව වාදවල උපකුලක තියෙනවා. ප්‍රකාශ කරන්න හිරිකිතයි අස්වාභාවිකයි. අන්තිමට රට ඉවරයි. (නි)

:       0       0

ඇසළ Thursday, 07 July 2016 05:03 AM

මෙයා නැත්නම් එයාට තනතුර නැහැ. එයා නැත්නම් මෙයාට තනතුර නැහැ. ඕනේ කෙනෙකුට තේරෙනවනේ ඕක. පත් කරපු කට්ටියට වෙනස අගේට දැනෙනවා දැන්. බ)

:       0       0

දහම් Thursday, 07 July 2016 05:13 AM

එහෙනම් කොහොමද මහා බැංකු ලොක්ක පත් කරන එක ගැන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලොක්ක ජනාධිපති අමාරුවේ දාන නිවේදනයක් නිකුත් කළේ (බ)

:       0       0

අමර බන්දු Wednesday, 06 July 2016 12:32 PM

අනේ බඩු මිල අඩු කරන්න මහත්තයෝ, ජීවත් වෙන්න බොහොම අමාරුයි. (ර)

:       0       0

මදුරංග Wednesday, 06 July 2016 01:04 PM

අපිට හිතා ගන්න පුළුවන් (හේ)

:       0       0

ජයසේන Wednesday, 06 July 2016 01:02 PM

අපි කොහොමද ඇත්ත දන්නේ.(හේ)

:       0       0

සුපුන් Wednesday, 06 July 2016 01:02 PM

ජාඩියට මුඩිය වගේ ඉන්න දෙන්න කොහොමද තරහා වෙන්නේ??(හේ)

:       0       0

පාලිත Wednesday, 06 July 2016 01:12 PM

හැමදාම බොරුවට වචන ටිකක් විතරක් කියලා කෑගහනවා (හේ)

:       0       0

ධම්ම Wednesday, 06 July 2016 01:40 PM

බඩුමිල වැඩිබව රජයක් හැටියට ජනාධිපතිතුමා පිළිගන්නවා. ඒ සරල බව මදිද? (නි)

:       0       0

නයනක හරිශ්චන්ද්‍ර Wednesday, 06 July 2016 01:46 PM

ඒක හරි. බලය ගත්තා. ඔබ අතරේ ගැටුමක් නැහැ. ජීවත්වීමේ ගැටුම තියෙන්නේ අපිට. දුප්පත් මිනිසුන්ට. (නි)

:       0       0

නිම්මි Wednesday, 06 July 2016 02:08 PM

අපිට නම් තිබුනත් එකයි, නැතත් එකයි. මේ විකාර බලල අපිට එපාවෙලා. රටට ආදරේ රට ඉදිරියට ගෙනියන කෙනෙක් ලැබෙනතුරු තව කොච්චරකල් මේ රට බලාගෙන ඉන්නද? (නි)

:       0       0

කවිතා - මෙල්බර්න් Thursday, 07 July 2016 08:12 AM

ඔය වගේ දෙන්නෙක් ලංකාවේ ඉන්නවද (බ)

:       0       0

ලක්ෂි Wednesday, 06 July 2016 02:51 PM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

උපාලි Wednesday, 06 July 2016 03:27 PM

ඒ දෙන්න යාලු ඇති. හැබැයි, අපි නම් මහ බැංකු වැඩේ හින්දා තරහම තරහයි. (නි)

:       0       0

විපුල Wednesday, 06 July 2016 04:22 PM

පක්ෂ දෙකම එකම පැත්තේ නිසා අද ජනතාව පීඩනයට යටත්වෙලා. තව තවත් භාණ්ඩ හා සේවා වල මිල ඉහළට යන එක වළක්වාගන්න බැහැ. මේවට විරුද්ධව ජනතාව පෙළ ගැසෙනවා. (නි)

:       0       0

දුමින්ද Thursday, 07 July 2016 09:36 AM

කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ. තිත්ත වගේද ගුණ (බ)

:       0       0

සුනිල් Thursday, 07 July 2016 10:14 AM

අනේ දෙන්න කොහොම හරි රට මේ තිබෙන අගාදයෙන් ගොඩ ගන්න. එහෙම කළොත් කියන තැනකට වදින්නම්. ළගම ඉන්නම කට්ටියගෙන් බේරෙන්න දැනගන්නත් ඕනේ. (බ)

:       0       0

සේනක Wednesday, 06 July 2016 06:09 PM

2005 දී මෙතුමලා මහින්ද මහත්තයාටත් ඔහොම තමා කිව්වේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 718 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 540 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1624 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 501 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1374 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site