රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ තෝරාපත් කර ගැනීමේ ක්‍රමය වෙනස් කිරීමට රජය අදහස් කරයි. අද (22) අලුයම කතරගම ගිය මෛත්‍රිපාල සිරිසේන ජනපතිට, රනිල් වික්‍රමසිංහ අගමැතිට හා බුද්ධ ශාසන ඇමැති කරු ජයසූරියට රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස හිමියන් පැවසූවේ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කර දේශපාලනයෙන් තොර ස්වාධීන පුද්ගලයකු බස්නායක නිළමේ තනතුරට පත් කිරීමට ක්‍රියා කළ යුතු බවයි.
බස්නායක නිළමේ පත් කරගැනීම සඳහා දැනට ඡන්දය හිමි 17 දෙනා වෙනුවට ඌව පළාතේ සියලු විහාරස්ථාන වෙත ඡන්ද අයිතිය ලබා දුන්නොත් දැනට පවතින ප්‍රශ්න රැසකට විසඳුම් ලැබෙන බව සරණතිස්ස හිමියෝ කීහ.
කතරගම බස්නායක නිළමේ පත් කිරීම සඳහා දැනට ඡන්ද බලය හිමිවී ඇත්තේ ඌවේ ප්‍රාදේශිය ලේකම්වරු 11 දෙනාටත්, කතරගම පන්සල් 4කටත් (කිරිවෙහෙර, අභිනවාරාමය, වැඩිහිටිකන්ද හා මහසෙන්), වැඩබලන බස්නායක නිළමේටත් හා බිබිල කොටබෝව දේවාලයටත්ය.
බුද්ධ ශාසන ඇමැති කරු ජයසූරිය මහතා පැවසූයේ එම යෝජනාව ඉදිරි සංශෝධනයකදී සලකා බලන බවයි. කිරි වෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද, වැඩිහිටිකන්ද විහාරාධිපති කිරින්දේ ඥානානන්ද, වැඩබලන බස්නායක නිළමේ යසසිරි කස්තුරිආරච්චි හා පළාත් සභා මන්ත්‍රී දයා ගමගේ මහත්වරුද මේ සාකච්ඡාවට එක්වූහ.
ජනපති හා අගමැති අද අලුයම කතරගම කිරිවෙහෙර හා මහ දෙවොලේ ආගමික වැඩසටහන්වලට ගියේය.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති අගමැති කතරගම