IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ජනපති - අගමැති තීරණාත්මක සාකච්ඡාවක

මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු පාර්ශව සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු පාර්ශව සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මේ සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වෙමින් තිබෙන මෙම සාකච්ඡාව ආණ්ඩුවේ ඉදිරි ගමන තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි. 
055



අදහස් (58)

ජනපති - අගමැති තීරණාත්මක සාකච්ඡාවක

ජගත් ලියනගේ Monday, 12 February 2018 05:25 PM

ඔබ දෙදෙනාටම කීව යුතුම දෙයක් ඇත. අප 2015 දී යහපාලනය සඳහා අපේ ඡන්දය පාවිච්චි කළා. නමුත් ඉන්පසුව ඔබලාගේ ක්‍රියා කලාපය කුමක්ද යන්න ඔබලාම සිතා බලන්න. අප දැඩි ලෙස කළකිරීමෙන් සිටියෙමු. අප ඔබලාට විරුද්ධව මෙවර ඡන්දෙ පාවිච්චි කළා. තවම පරක්කු නැත. ඉදිරි වසර දෙකේදීවත් වැරදි කළ අයට නිසි දඬුවම් දී පොරොන්දු ඉටු කරන්න .

:       20287       28539

මහේලTuesday, 13 February 2018 02:50 AM

ඔය ජගත් වගෙ ඡන්දෙ දුන්න කියන එක්කෙනෙක් වත් ඇත්තටම ඡන්දෙ ජනවාරි 8 දීපු කට්ටිය නෙමෙයි. ලන්කාවෙ මිනිස්ස OPEN MINDED නැහැ ඒකයි මූලිකම ප්‍රශ්නය

:       0       0

GihanTuesday, 13 February 2018 02:58 AM

කියන කතාවෙන්ම කියන්න පුළුවන් පොහොට්‍ටුවටම දීපු බව. රනිල් ඉවත් කරන්න ඕනේ. ව්‍යවස්ථා, එක්ටා එපා. අපේ වරාය ආපහු අපිට ඕනේ.

:       0       0

RanbandaTuesday, 13 February 2018 03:04 AM

අම්මේ දෙන්නම ඇති මේන් කියලා. එහෙනම් ඔබතුමාලා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට මිසක් පොහොට්ටුවට නෙමෙයි. අපි ඡන්දෙ දුන්නේ කාටවත් අනතුරු අඟවන්න නෙමෙයි. මේ පාලනය එලවලම දාන්න

:       0       111

ජසිත් අඹන්පොලTuesday, 13 February 2018 03:06 AM

හොඳටම ශුවර්ද පොහොට්‍ටුවට දැම්මේ කියල?

:       0       66

SoliyasTuesday, 13 February 2018 03:21 AM

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේ වැඩ කරන ආණ්ඩුව මුලින්ම දැනේ. අවුරුදු 3කදි මුකුත්ම නොකර අවුරුදු 2න් මොනව කරන්නද. පිස්සු නොකර වහාම ආණ්ඩුව විසුරුවන්න.

:       442       840

කමල්Tuesday, 13 February 2018 09:17 AM

මම මේ පාරත් මහින්ද මහත්තයාට විරුද්ධව ඡන්දය දුන්නේ. හැබැයි මගේ මතය බහුතර මතය නෙමෙයි. ඔක්කොටම වඩා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම අංගය වන බහුතර මතයට ගරු කිරීම. ඒකෙන් කියන්නේ නෑ සුළුතර මතය පාගන්න ඕන කියන එක. මේ ආණ්ඩුව පරාද වුනේ ආණ්ඩුවෙම වැරදි හින්දා මිසක් වෙන මිනිස්සු වැරදි කරල නෙමෙයි නෙ. හොඳම උදාහරණ දෙක තමයි සති දෙකක් විතර තෙල් දෙන්න බැරිව දඟලපු දැඟලිල්ල (අඩුමගානේ තෙල් සංස්ථාවේ සභාපති වත් ඉල්ලා අස්වුනෙ නෑ) අනික ඡන්ද කටේ තියාගෙන පෝර ටිකවත් බෙදා ගන්න බැරි වුනා. යුද්දෙ කාලේ ඔය දෙක ඔය විදිහට වුනා නං කොටි කොළඹත් අල්ලල. ඔහොම දේවල් චන්ද්‍රිකා ජනාධිපතිතුමියගෙ කාලේවත් වුනෙ නෑ. අනික බහුතර මිනිස්සු හිතනව නං මේ රජයට ප්‍රාදේශිය සභාවක්වත් දෙන්න හොඳ නෑ ආයෙමත් පරණ අයටම දෙන්න ඕන කියල ඒකට ඉඩ තියන්න ඕන

:       0       0

Beruwala upadesakaTuesday, 13 February 2018 04:43 AM

අවුරුදු 3ක් ගියා ඉතුරු දෙකත් එළුවාගේ පස්සෙන් යන අය තවත් ඉන්නවා.

:       151       505

ගලබොඩ අත්තේ චමින්ද Tuesday, 13 February 2018 05:12 AM

ජගත් මහත්මයා ඔබ හරියටම හරි. එත් මට හිතෙන්නේ ප්‍රමාද වැඩයි කියලයි.

:       182       136

පිටිගල මිලානෝ Tuesday, 13 February 2018 06:43 AM

හොරු අල්ලා නීත්‍යානුකුලව කටයුතු කරන්න. එසේ කලහොත් 2020 උඩින්ම ජය ගත හැකියි.

:       201       748

aseTuesday, 13 February 2018 08:49 AM

හොරු අල්ලන්නේ නැහැ කියලා හොරුන්ට ඡන්දෙ දීලා, රටම නැවත විනාශයකට යොමු කරලා ලොකුවට උදම් අනනවා. මොලේ කොහෙද තියෙන්නේ? ඔබලාගේ දරුවන්ට දෙවි පිහිටයි... ඔබලා කොන්දක් නැති යටත් වැසියන් වුණාට දරුවන්ටවත් පුරවැසියන් විදියට අභිමානයෙන් ජීවත් වෙන්න අවස්ථාව උදාකරලා දෙන්න.

:       0       0

Chanak los angeles Monday, 12 February 2018 05:35 PM

ජනපතිතුමනි ඔබයි ශක්තියේ මිනිසා.

:       3245       2825

SajithTuesday, 13 February 2018 04:10 AM

මම නම් හරි අමාරුවෙන් හිනාව නවත්ත ගත්තෙ ලොස් ඇන්ජලීස්ගේ කතාවට. මෙයාගෙ ශක්තිය රටම දැක්ක මෙයාට ලැබිල තියෙන ඡන්ද ප්‍රමාණය දැක්කහම.

:       92       1440

Malli RajithaTuesday, 13 February 2018 04:40 AM

ඇත්ත ජනාධිපති තුමනි ඔබේ පක්ෂය ගත්ත ඡන්ද වලින් එය ඔප්පු වී හමාරයි.

:       127       423

Perera Monday, 12 February 2018 06:00 PM

අර 2015දි කරනවා කිව්ව දේවල් කරලා රටට පෙන්නන්න ගත්තොත් හොඳයි මොකද නැත්නම් තව අවුරුදු දෙකහාමාරකින් ඔබ දෙපලට අත්වෙන්නේ කලින් බලයේ හිටපු අයට අත් වුනු ඉරණමට වඩා දරුණු ඉරණමක්.

:       149       1444

තිරාන් මල්ලවාරච්චිTuesday, 13 February 2018 03:17 AM

ආපෝ කරපු හරිය හොඳටම ඇති. සහජීවනේ සහජීවනේ කිය කිය සිංහලයට කින්ඩිය දාල හැදීගෙන ආපු සහජීවනේ මරල දැම්මා. ඔය දුන්නේ රතු එළියක් නෙමේ රිදෙන්න කනේ පාරක්.

:       2       1040

emerson Monday, 12 February 2018 06:13 PM

මේ පින්තුර පරදින්න කලින් ගත්ත ඒවා වගේ

:       57       245

PJMonday, 12 February 2018 10:11 PM

ඒ දෙදෙනා පැරදී නැත. පැරදුනේ ලෝක හොරුන්ට පක්ෂව තම වටිනා චන්දය අපතේ යැවූ ඔබලා නේදැයි නුදුරු අනාගතයේදී ම වටහා ගැනීමට සිදුවනු ඇත. ඉදිරිය ගැන නොසිතන අප රටේ වැඩි දෙනෙකු බල්ලන් මරා හෝ තම ගොඩ ලොකු කර ගැනීමට කැමති අය බව චන්ද ප්‍රතිපලයෙන් පැහැදිලි වීම රටේ අභාග්‍යයකි. ඉදිරි අනාගතයේදී වැඩිදෙනා මිනීමැරීමට පක්ෂව චන්දය පාවිච්චි කළහොත් ඉන් බලයට පත්වන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීද? මේ දෙදෙනාගේ ම උත්සාහය එවැනි අවස්ථාවක් උදාවීමට ඇති අවස්ථාවට තිත තැබීමය. චන්ද බලය ලැබුනත් නැතත්, පක්ෂ බේදයකින් තොරව සියල්ලන්ම රවටා මහජන දේපල කොල්ල කෑ ලොකු පොඩි කාටත් හිමි දඬුවම උතුම් වූ අධිකරණය හරහා ලබා දීමට මේ දෙදෙනා දිවි හිමියෙන් කටයුතු කරනු ඇත. මෙම කුඩා චන්දයෙන් පසු සමහර අයගේ බලයට ඇති කෑදර කම පිළිබිඹුවන ප්‍රකාශ සහ මුහුණු පුවත් පත්වල එමටය. නුදුරු අනාගතයේදී ම අධිකරණය මගින් එළිදක්වන එම මුහුණුවල සැබෑ අරුත සියල්ලන්ටම දැක බලා ගැනීමට හැකි වනු ඇත.

:       0       0

SENAKA Monday, 12 February 2018 07:44 PM

තව මොනවද සාකච්ඡ කරන්න තියෙන්නේ.?

:       0       0

chamath Monday, 12 February 2018 09:56 PM

කලබල වෙන්න එපා. නිදහස් පක්ෂත එජාපයත් වෙනම යන්න. මේ වෙලාවේ හදිසි තීරණ ගන්න එපා. මහින්දට ලොකු දෙයක් කරන්න 45% කින් බැහැ. නිදහස් පක්ෂය විසුරුවන්න එපා.

:       0       0

chathuri Monday, 12 February 2018 10:09 PM

ඔය සාකච්චා නතර කරලා දැන්වත් හොරුන්ට දඩුවම් දෙන්න. බය වෙන්න එපා බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙන්නේ නැහැ.

:       0       0

chathuri Monday, 12 February 2018 10:09 PM

ඔය සාකච්චා නතර කරලා දැන්වත් හොරුන්ට දඩුවම්. දෙන්න. , බය වෙන්න එපා බල්ලෙක් බිරුවට. කන්දක් පහත් වෙන්නේ නැහැ ජනපති. මැතිවරණ. වල. කිව්වා. , දැන් සේරම නඩු අහන්න. වැඩ කරලා අාවේ කියල. මහින්ද ඇතුළු සැමට දඩුවම් දෙන්න. , මේ. මැතිවරණයට සටන් කෙරුවේ. පොඩිමිනිසුන් , ඒ. අය අත. වැරදි නැහැ මහින්ද උඩ පැන්න්නට. වැඩක් නැහැ. මහින්දගේ කට්ටිය. ඇපපිට. එළියේ සමහරු. හිර ගෙදර ඒ අය ඉල්ලුවානම් මහින්දට. හැංගෙන්න වෙන්නේ

:       0       0

LEEL GUNAWARDENA Monday, 12 February 2018 10:15 PM

මොකද ? ඔබ තුමන්ලාට වෙලා තිබෙන්නේ හොරා ,. හෝරාමයි කවදාවත් නිදහසේ ඉන්න හම්බවෙන්නේ නැහැ මේ කෙසේ වෙතත් රටේ ජනතාවගේ පීඩනය ගැන සොයා බලන්න එය තමා අනිවාර්ය වන්නේ ඔබ තුමා කරන්නේ අනික් යට බැණ, බැණ ඉන්න එක විතරයි . අපරාදේ කාලය මිය යනවා ඒ, නිසා දැන්වත් ජනතාවට සහනයක් ලබාදෙන්න මහින්ද තුමාට බැණ, බැණ හිටියට එයා කලබල වෙන්නේ නැහැ , උනෙත් නැහැ එනිසා ඉදිරි ගමන සාර්ථකව නිම කරන්න උපරිම සහ යෝගය ලබාදෙන්න ඔබට ජය . LEEL

:       0       0

Senarat Monday, 12 February 2018 10:24 PM

ඇත්ත වශයෙන්ම් ජනපතිගේ ශ්‍රි ල නි ප / පො එ පෙ චන්ද ඉතාම අගනේය​. අනික් චන්ද දී ඇත්තෙ පල් හොරුන්ට බැවිනි. 13% වන මේ අවංකකම​, සැබෑම යහපාලනය පතා ( ජන්පතිගේ වදන විස්වාස කොට - රැවටී හෝ නොරැවටී) දුන් මේ චන්ද රත්තරං චන්දයි. ජනපති මේ චන්ද දානපතියන්ට ගරුකල යුතුය​. දෙවියන් සේ සැලකිය යුතුය​. සියලුම හොරු අල්ලන බාධක ඉවත් කල යුතුය​. එවිට මේ 13% 2020 වෙන විට 55% දක්වා නැගීම සත්‍යයේ නාමයෙන් වැලැක්විය නොහැක​.

:       0       0

V.warnakulasuriya Monday, 12 February 2018 10:49 PM

ගොවි පුතෙකුට ජනතාව බලය නැමැති කඩුව ලබා දුන්නේ කොපුවේ දමා තබන්නට නොවේ. වැරදි මිතුරන්ට වගේම වැරදි සතුරන්ටත් එකවගේ කඩුව පාවිච්චි කළේ නම් අද ජනතාව ඔටුන්න ගලවන්නට සිතන්නේ නොමැත. බලය පාවිච්චි නොකරන ජනනායකයා ඉතිහාසයෙත් නිවටයෙක් වී ඇත. බලය යනු පක්ෂයවත්, මිතුරාවත් නොවේ. බලය ජනතාව බව ජනනායකයා තේරුම් ගන්නේ නම් සැමදා බලය සමඟ ඔටුන්න ජනතාව රැ⁣් ක දෙනු ඇත.

:       0       0

chandu Monday, 12 February 2018 11:07 PM

බැඳුම්කර සිද්ධියේ වරද කරුවන්ටත් නිසි දඬුවම් දීල ජනතාවගෙ ජීවන බර සැහැල්ලූ කරන වැඩ පිළිවෙලක් දියත් නොකලොත් ඔය ඡන්ද 61,27,465 ටත් වසර 2020 දි අබ සරණයි. වසර 2020 ජනාධිපතිවරනෙ දිනන්නනම් ශක්තිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ ගැන අගමැති ජනපති දැන්වත් ඇස් ඇරල කටයුතු කිරීම අවශ්‍යයි.

:       0       0

Thepanisa Monday, 12 February 2018 11:32 PM

කරන්න ආපු දේවල් අමතක කරලා වෙන වැඩ කලට ඔහොමවෙලා මදි.

:       0       0

bandula Monday, 12 February 2018 11:33 PM

දැන්වත් ඇස් අරුනොත් හොඳයි , දැන් වෙලා තියෙන්නේ හොරෙන් පොල් කඩපු මිනිස්සුන්ට කියලම සල්ලි දීල පොල් කඩවන්නයි. ඔබල බෙහෙත් මිල අඩු කලා, පිලිකා රෝගීන්ට නොමිලේ බෙහෙත් දෙන්න සැලසුවා , හදවත් රෝගීන්ට , ඇස් රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කලා ,රජ්‍යයේ සේවකයන්ගේ පඩි 10000 කින් වැඩි කළා ඒවා ඉතා වටින දේවල්, නමුත් මිනිසුන් ඇත්තටම මොනවද බලාපොරොතු උනේ කියල අවබෝධයක් තිබුනේ නැ. 2015 දී ඔබලාව පත්කළේ අර හොරාකාපු සල්ලි ටික පුළුවන්තරම් ඉක්මනට එගොල්ලොන්ගෙන් අරගෙන , ඒක රටේ සංවර්දනයට යොදන්න.

:       0       0

සුසිල් Monday, 12 February 2018 11:34 PM

දිනුවම හැමෝටම කාර් ගන්ඩ පුලුවන් කීවට "පුද්ගලික ප්‍රවාහනය ධෛර්යමත් කෙරේ" කියලා ප්‍රතිපත්ති ප්‍රකශනේ තිබුනා පොඩි මිනිහට බයිසිකලේවත් ගන්ඩ බෑ. ලොක්කන්ගෙ සැප අඩුවකුත් නෑ

:       0       0

ranjith Tuesday, 13 February 2018 12:27 AM

2015 බලය ගන්නකොට කිවුව මොකුත් දැන් නෑ ඉතිරි චන්ද ටිකත් ලගදීම නැතිවෙයි.

:       0       0

Sathyayaa Tuesday, 13 February 2018 01:10 AM

ජනාධිපති තුමනි! ඔබ තුමා මිනිස් ප්‍රශ්න පිලිබඳ අතිශයින් සංවේදී කෙනෙක්. ඔබගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ල නි පක්ෂයටත් රටටත් ජනතාවටත් ද්‍රෝහී වූ රනිල් නම් පුද්ගලයා වහාම ඔය තනතුරෙන් ඉවත් කර ඉදිරි වැඩ පිළිවෙල අරඹන්න. කඩුව වන වනා හිටියා ඇති. එ ජා පය සමග 2020 වනතුරු පාලනය ගෙනයන්න අවශ්‍යම නම් කරු ජයසුරිය මහතා හැකි ඉක්මනින් අගමැති තනතුර ට පත් කරන්න. බැඳුම් කර සිද්ධියට සම්බන්ධ අය පමණක් නොව මහින්ද රාජපක්ෂට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට විරුද්ධව ඇති චෝදනා අධිකරණය ඉදිරියේ විනිශ්චයට ලක් කර ජාතියේ නාමයෙන් ඔවුන්ට දඬුවම් ලබා දෙන්න. නැත්නම් ඔබටද දැන්ම දේශපාලනයෙන් සමුගන්න වෙනවා.

:       0       0

Sanjeewa Tuesday, 13 February 2018 01:37 AM

ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියල ප්‍රස්තා පිරුලකුත් තියෙනව නේද?

:       0       0

tikiri Tuesday, 13 February 2018 01:55 AM

ඉතිරි ටික දවසවත් මහජන මුදලින් සුරසැප විඳිමින් රටට කිසි වැඩක් නොකර බොරු සමාජ ගත කර කර , රටට සේවය කල අයට ගැරහීමට උත්සහ නොකර රටට ප්‍රයෝජනවත් වැඩක් කරන විදිය සාකච්චකලා නම් හොඳයි .

:       0       0

උදය කුමාරි Tuesday, 13 February 2018 02:00 AM

ඔබ දෙදෙනාටම කීව යුතුම දෙයක් ඇත. අප 2015 දී යහපාලනය සඳහා අපේ ඡන්දය පාවිච්චි කළා. නමුත් ඉන්පසුව ඔබලාගේ ක්‍රියා කලාපය කුමක්ද යන්න ඔබලාම සිතා බලන්න. අප දැඩි ලෙස කළකිරීමෙන් සිටියෙමු. අප ඔබලාට විරුද්ධව මෙවර ඡන්දෙ පාවිච්චි කළා. තවම පරක්කු නැත. ඉදිරි වසර දෙකේදීවත් වැරදි කළ අයට නිසි දඬුවම් දී පොරොන්දු ඉටු කරන්න. එසේ නොමැතිනම් මිලග මැතිවරණ ප්‍රථිපල මිට වඩා වෙනස් වනු ඇත.

:       0       0

Rohana Tuesday, 13 February 2018 02:13 AM

හොදම දේ මැතිවරණයකට යන්න. එජාප ආණ්ඩු පිහිටුවන්න ගිහිල්ල අනාගන්නයි හදන්නේ.

:       0       0

sachith Tuesday, 13 February 2018 02:26 AM

වෙන මොනවා වෙන්නද, ඉතුරු අවුරුදු 2 සාමයෙන් සමගියෙන් රට කරගෙන යමු කියයි.

:       0       0

saman Tuesday, 13 February 2018 02:41 AM

බහුතර මතය පිළිගෙන නැවත මැතිවරණයක් පවත්වන්න. මිනිස්සු අමාරුවෙන් ජීවත්වන්නේ.

:       0       0

sumu Tuesday, 13 February 2018 02:46 AM

කෝ අර ඡන්දෙට කලින් තිබ්බ කතා ...

:       0       0

Gihan Tuesday, 13 February 2018 03:00 AM

පොහොට්‍ටුවට දීපු කෙනෙක් කියන කතාවක් නෙමේ ඕක. ඕක අර එන්ජීඕ කාරයො කියන කථාවනේ.

:       1       44

Senarath Tuesday, 13 February 2018 03:25 AM

සාකච්චා නම් තියාවි කෙළවරක් නැතිව, ඒ උනාට රටට උණු යහපතක් නැත, අයහපත මිස.

:       1       249

Raveendra Tuesday, 13 February 2018 03:29 AM

මම කිවුවේ රට සුරපුරයක් කරමි කියාය .... අරයා කිවුවේ දෙනවා සැමට වයිෆයි කියාය... එබැවින් සැමට උසටම සිහිනය තිබුණාය..... එනමුත් අපි "බොරු " බව පෙනුනාය....

:       1       147

prasanna Tuesday, 13 February 2018 03:49 AM

රනිල් මහත්තයා නිසා තමයි මේ ඡන්දය පැරදුනේ. ඒ නිසා ඒක නිහතමානීව පිළිගෙන ඔබ තුමා අයින් වෙලා දිනන්න පුළුවන් සජිත් මහත්තයට පක්ෂය භාර දෙන්න. ඉදිරි අභියෝග ජයගත හැක්කේ ඔහුට පමනයි.

:       104       83

Chandra Tuesday, 13 February 2018 03:54 AM

කව්රු දින්නත් පරාද මහජනතාවයි, මොකද මේ රටේ ගොඩනැගුනු කොමිස් ණය කන්දරාව ගෙවන්නේ රටේ පුරවැසියන් , ඔවුන්ට මේ ණය බර උහුලන්න බැරි දෙයක් . ඒ නිසා හැමදෙනාම මුදලට යටවෙලා මුදල් පස්සේ හබා යනවා , අනාගතය බාර ගන්න ඉන්න පරපුරත් දුෂිතයන් වෙනවා මුදලට යටවෙලා , යහපත් පුරවැසියන් වෙන්නේ නැහැ. දැන් සමාජයේ ලැජ්ජා බය කියන එක පේන්නවත් නැහැ

:       65       13

indika Tuesday, 13 February 2018 04:38 AM

මේ ගොල්ලෝ කොන්ද පන තියෙන නායකයෝ බව රටට පෙන්නන්න ඕනේ. මහින්ද එම දෙය කරා. ඒක නිසා තමයි මහින්දට මේ පාර ඡන්දෙ දුන්නේ.

:       3       253

vipula Tuesday, 13 February 2018 04:42 AM

මේ අවුරුදු තුනට කරන්න බැරි වුන දේ ලබන දෙසැම්බරයට කලින් කරන්න පුලුවන්ද? කාලය ඉවරයි. ධුර කාලයත් අඩුකරගත්තනේ නැවත ඉල්ලා තේරුමක් නැහැ . අඩුමගානේ බදු බර ටිකක්වත් අඩුකරලා දෙන්න නැත්තනම් මිනිස්සු අපේ ජනපතිට සාප කරයි කාලයයි අතේ තිබුණු තුට්ටු දෙකයි නැති උනා කියල.

:       28       76

Upul Tuesday, 13 February 2018 05:00 AM

මේ දෙන්නා හිතන් හිටියේ මෙි දෙන්නගේ යම් දක්ෂකමකට 2015 ජය ලැබුනා කියලා. නැහැ ඇත්තටම මහින්දගේ පවුලේ අය හා වටෙි හිටිය හොරැ එලවන්න බලය දුන්නේ. නමුත් මෙදෙන්නා නොකලෙත් එකමයි. තවද ඔබ දෙදෙනාම දුර්වල නායකයන් දෙදෙනෙක් බවත් බලය තිබියදි වැඩ කොකරන අයයි. අපට වැඩකිරිමට බලය නොමැති අතර ඔබට බලය තිබියදි වැඩකිරිමට නොහැකිය. උද්දචිච කම පැත්තක දමා ජනතාව වෙනුවෙන් වැඩකරන්න. ලංකාවෙි ගැටලු ලැයිස්තුවක් හදා එකින් එක විසදන්න. ජනතාව උදවි කරනු ඇත. උත්තර දිම ව‍ෙනුවට විසදුමි දෙන්න.

:       1       463

lalitha Tuesday, 13 February 2018 05:08 AM

එජාපයට, ශ්‍රීලංකා නිදහස් පක්ෂයේත් නායකත්ව වෙනසක් අවශ්‍යයි

:       1       185

maaraya Tuesday, 13 February 2018 05:44 AM

ඡන්ද ප්‍රතිපලේ අනුව සහ යහපාලන ක්‍රියාදාමය අනුව, ආණ්ඩුව විසුරුවා හැරිය යුතුයි. නැත්නම් රටේ ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්නට පුළුවන. මහජනයව තලන පෙලන දේවලට ඉඩ නොතබා, හරි තීරණයක් ගන්න. හැමදාම තැලෙන්නේ මහජනයා.

:       182       333

sena Tuesday, 13 February 2018 05:56 AM

තව අවරුදු දෙකක් බලයේ ඉන්න පුළුවන් උනත් එජාපය දැනට තියෙන රැල්ලට ඉඩ දීලා බලයෙන් ඉවත් විය යුතුයි.

:       27       169

Chanak los angeles Tuesday, 13 February 2018 06:10 AM

අපිට දිගටම රනිල් මැතිතුමාගේ නායකත්වය අවශ්‍යයි.

:       1403       3418

lalithsjmTuesday, 13 February 2018 08:37 AM

ඔව් ඔව් ඔක්කොමටික විකුණලා දාන්න මේ අපිත් එක්ක.

:       0       0

Shamila De MelTuesday, 13 February 2018 08:40 AM

චානක අනේ මගේ කට !

:       0       0

KrishTuesday, 13 February 2018 09:03 AM

එහෙමද ආස..? දිගටම ඉන්න කියන්න.

:       0       0

dhamneth Tuesday, 13 February 2018 07:44 AM

ජනාධිපතිතුමාගේ පක්ෂ ලබාගෙන ඇති ප්‍රතිපල දැක්කහම මට මතක්වුනේ 60 දශකයේදී කොළඹදී දුටු පෝස්ටරයක් එහි සඳහන්ව තිබුනේ "අපි වැඩ ජේ ආර්ට චන්දය බර්නාඩ්ට " ඒවගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මෛත්‍රී මහතාට චන්දය මහින්ද මහතාට. පසුගිය වසර තුනම ජනාධිපතිතුමා පක්ෂය ගැන හිතුව මිසක් රට ගැන කල්පනාකර නැතිබවයි පෙනෙන්නේ.

:       0       0

banda Tuesday, 13 February 2018 08:51 AM

මෙහෙම වුණොත් රටත් ඉවරයි තමයි.

:       0       0

Liyanage Ramanayake Tuesday, 13 February 2018 09:36 AM

ප්‍රමාද නොවන්න. නායකත්වය සජිත්ට දෙන්න. තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න .හොරුන්ට ඉක්මනින් දඬුවම් දෙන්න. 2020 ජය ඔබ පක්ෂයට ලැබේ

:       44       15

Liyanage Ramanayake Tuesday, 13 February 2018 09:52 AM

හොරුන්ට දඬුවම් ලබාදීම ඉක්මන් කරන්න. ප්‍රශ්න ඉබේම නිරාකරණය වේවි

:       0       0

mf Tuesday, 13 February 2018 12:03 PM

දැන් රටට අවශ්‍ය පිල් මාරු හෝ ඡන්දයක් නෙවෙයි. අවංක දේශපාලනයක්. හොරකම් නොකර අද වේල හම්බකරගෙන කන පොඩි මිනිහ දිහා බලලා අවශ්‍ය බඩුවල මිල ගණන් අඩුකරලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 370 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1779 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4432 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1150 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1742 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1223 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site