IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජනපති අගමැති පෙම්දස් මැතිඳු ගුණ ගයති

තම පාර්ශවයට අවශ්‍ය වගකීම සහ ගෞරවය දුන්නා සේම ප‍්‍රතිවාදී අදහස් දැරූ දේශපාලනඥයින් සම`ගද ඉතා සුහදව කටයුතු කළ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා නිදහසින් පසු මෙරට බිහිවූ ජනාධිපතිවරුන් අතුරින් පොඩි මිනිසාට වඩාත් සමීප වූ නායකයෙක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද(1) පැවසීය.

පේ‍්‍රමදාස මහතාගේ 23 වැනි ගුණ සැමරුමට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් එසේ කීවේය.

දේශපාලනඥයින් තමන් කරන දේ ගැන ජනතාව දැනුවත් නොකිරීම විශාල අඩුපාඩුවක් බව ප්‍රේමදාස මහතාගේ අදහසක් වූ බවත්, වත්මන් ආණ්ඩුවේද තිබෙන ලොකුම අඩුපාඩුව වන්නේ කරන වැඩ කටයුතු ගැන ජනතාව දැනුවත් නොකිරීම බවත් ජනාධිපති  ස`දහන් කළේය.

රජය තමන් කරන දේ ගැන කතා නොකරද්දී ප‍්‍රතිවාදීන් රජයෙන් නොකෙරෙන දේ ගැන කතා කරමින් සිටින බව ද ජනාධිපතිවරයා ස`දහන් කළේය.

කොළඹ අලුත්කඬේ පිහිටි රණසිංහ පේ‍්‍රමදාස පිළිරුව අසලදී අද පෙරවරුවේ මෙම උත්සවය පැවැත්විණි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ දිවංගත ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා සැම විටම ජාතික සම`ගිය හා ජනසම්මතවාදය පදනම් කරගෙන කටයුතු කළ බවයි.

‘මේ ආත්මේ මම සිංහල බෞද්ධයෙක් ලෙස ඉපදුණත් ලබන ආත්මේ දෙමළ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ජාතිවාදය අත්හරිමු කියන තැන සිට එතුමා කටයුතු කළා‘ යැයිද අගමැතිවරයා කීවේය.

ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක හිමි ප‍්‍රමුඛ මහා සංඝරත්නය හා සර්වාගමික නායකයෝ ද මැති ඇමතිවරුන් ද රණසිංහ ප්‍රේමදාස මහතාගේ පවුලේ ඥාතීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

rprema_201651 rprema_2016512 rprema_2016513 rprema_2016514 rprema_2016515 rprema_2016516 rprema_2016517



අදහස් (0)

ජනපති අගමැති පෙම්දස් මැතිඳු ගුණ ගයති

රවින්ද්‍ර Sunday, 01 May 2016 10:59 AM

පීඩිත ජනතාවට මහඟු සේවයක් කළ උදාර නායකයෙක්. මැයි පළමු දින යෙදෙන ගුණසමරුව එතුමාට පිදියහැකි ඉහළම උපහාරයයි. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 01 May 2016 09:13 AM

එතුමා දුප්පත් ජනතාව නඟාසිටුවන්න ගොඩක් කැපවීමෙන් ක්‍රියාකළ සැබෑ නායකයෙක්. උදාගම් සංකල්පය සහ ගම්බද තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකරදුන් ගාමන්ට් සංකල්පය සදාකාලිකයි. බීමට ජලය හිඟ උතුරුමැද පළාතේ සැම ගමකට වගේම නළළිං ලබාදුන්නා. අදටත් එම නළ ළිං ක්‍රියාත්මක වෙනවා. අවාසනාවට අද වගේ දවසක කොළඹ ආමර්විදියේදී රුදුරු ත්‍රස්තයන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජාතියෙන් සමුගත්තද එතුමාගේ නාමය අප අතර සදාකාලිකව පවතිනු ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 67 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 121 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 138 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 142 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 62 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1881 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 864 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site