බි‍්‍රතාන්‍යයේ පැවැත්වෙන දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුවට සහභාගී වීමට බදාදා (11) දිවයිනෙන් පිටත්ව ගිය මෛත‍්‍රීපාල සිරිසේන ජනපති ඇතුළු දූත පිරිස බි‍්‍රතාන්‍යයේ හීත්රෝ ගුවන්තොටුපළේදී බි‍්‍රතාන්‍ය මහ රැජිනගේ විශේෂ නියෝජිතවරයෙක් වන නියෝජ්‍ය ලූතිනන් බෲස් හෝල්ඩර් සහ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ විශේෂ නියෝජිත කැත්රින් කොල්වින් ඇතුළු පිරිසක් විසින් මහත් හරසරින් පිළිගනු ලැබූහ.
ශ‍්‍රී ලංකාවේ වැඩබලන බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් සුගීෂ්වර ගුණරත්න මහතා ඇතුළු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් ද ජනාධිපතිතුමා පිළිගැනීමට එක්ව සිටියහ.
අද (12) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 02.30 ට පමණ ලන්ඩන් නුවර ලැන්කාටර් හවුස් හි දී බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුව ආරම්භ කෙරෙන අතර ජනපති එහිදී සමුළුව ඇමතීමට ද නියමිතය.
මෙම සමුළුවේදී අල්ලස, දූෂණය සහ අක‍්‍රමිකතා වැළැක්වීමට නව රජය ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලෝක නායකයින් දැනුවත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති අද දූෂණ විරෝධී සමුළුව අමතයි
සෑම් Thursday, 12 May 2016 07:43 AM
ඩේවිඩ් කැමරන් ට ඊයේ කට වැරදිලා ප්‍රසිද්ධියේ රැජිනට කිව්වා මේ රැස්වීමට සහභාගී වෙන ඇෆ්ගනිස්තානයයි නයිජීරියාවයි ෂෝක් එකට දුෂිතයි (ෆැන්ටාස්ටිකලි කරප්ට් ) කියලා. (බ)
ලසිත් Thursday, 12 May 2016 07:55 AM
අද ආණ්ඩුවේත් විපක්ෂයේත් දෙකේම දූෂිතයන් නිදැල්ලේ ඉන්න එක ගැන කනගාටුයි. අද යන්තම් බැසිල්ව අරගෙන . නමුත් කවදා දඩුවම් ලැබෙයිද කියන එක ගැටළුවක් (බ)
සුනිල් Friday, 13 May 2016 06:39 AM
ලෝක දුෂන සොයන්න කලින් අපේ රටේ දුෂන ටික සොයන්න.(හේ)
සුදත් Thursday, 12 May 2016 03:41 PM
ලෝකේ දුෂණය අවුස්සයි අපේ රටේ දුෂණ පල් වෙවී ගඳ ගහයි .ලෝකෙට පරගාතේ ගෙදරට මරගාතේ (බ)
ලාල් Thursday, 12 May 2016 08:32 AM
මුන්නැහේ මේ සමුළුවට ගිහින් මොනවා කියන්නද ? (හේ)
ඉසුරු Thursday, 12 May 2016 09:03 AM
අපේ ගරු ජනාධිපතිතුමාට ජය වේවා! (නි)
විජේතිලක Thursday, 12 May 2016 09:04 AM
ඔබතුමාට අපේ සුබ පැතුම්! (නි)
නලින් යහම්පත් Thursday, 12 May 2016 09:11 AM
බි‍්‍රතාන්‍යයේ සහ වෙනත් රටවල දූෂණවිරෝධී රැස්වීම් වල කතාකළාට, අපේ නව යහපාලන රජයේ ඉන්නේත් බහුතරයක් දූෂණ කළ සහ තවමත් කරනා අයමනේ. පැරදුන දුෂිතයන්ද නැවත ඇමතිකම් ලබා තනතුරු දරනවා. අපි කැමති කතාවට වඩා ක්‍රියාවෙන් එය කර පෙන්වනවාට (නි)
නන්දන Thursday, 12 May 2016 09:49 AM
අපගේ සුබ පැතුම් ඔබ තුමාට.(හේ)
රොහාන් දයාදර පැරිස් Thursday, 12 May 2016 10:58 AM
දුසන විරෝදී සමුළුව අවසන්කර ආ විගස අපේ රටේ සිදුවී ඇතයි කියන දුසන සියල්ල ට විරුද්දව කටයුතු කරාවි කියා අපි සිතමු .. (ර)
පිටබැද්දර ජයා Thursday, 12 May 2016 05:09 AM
ලෝකයම පිළිගත් අපේ සරල ජනපති, ජයවේවා ඔබට! (නි)
තිලක්-ඩුබායි Thursday, 12 May 2016 11:31 AM
"නයෙක්" වුනහම අවශ්‍ය වෙලාවේදී පෙනේ පුප්පල පෙන්වන්න ඕනේ මම නයෙක් කියලා. (ර)
ටී. සිල්වා Thursday, 12 May 2016 05:14 AM
අද කතාවෙන් පසු අපි බලපොරොත්තු වෙනවා මන්දගාමීව දුෂකයන්ට එරෙහිව ගෙනයන නඩු හැකි ඉක්මනින් ඉවරකර, මහජන මුදල් කාබාසිනියා කළ උදවියට විරුද්ධව තීරණ ගෙන, යහපාලනය කෙරෙහි කළකිරීමෙන් සිටින හැට දෙලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කර, කටවචනයට යහපාලනයක් නොවී සැබෑම සැබෑ යහපාලනයක් ලැබෙයි කියලා (නි)
සාලිය Thursday, 12 May 2016 11:50 AM
අති ගරු ජනාධිපතිතුමාට අපේ උණුසුම් සුබ පැතුම්.! (ර)
ශෙහාන් Thursday, 12 May 2016 05:53 AM
අපි මේ සැදී පැහැදී බලා ඉන්නේ එහිදී කළ කතා ටික අහන්නයි (නි)
ආර්.එම්.එන්.බණ්ඩාර Thursday, 12 May 2016 05:56 AM
ලෝකයේ ප්‍රභල නායකයින් පවා මෛත්‍රී මහතාට අද සළකන හැටි දැක්කහම සතුටුයි (නි)
ප්‍රසන්න Thursday, 12 May 2016 05:56 AM
අද ලංකාවේ හොරු නිදැල්ලේ. ඉතින් තවත් මොන දුෂණ විරෝධයක්ද? (නි)
රොහාන් දයාදර පැරිස් Thursday, 12 May 2016 12:29 PM
සමුළුව අමතා දිවයිනට සැපත්වූ විගස පොලිස් පතිතුමා අමතා ලක් දෙරණේ දුසන මැඩලනු ඇතයි රට වැසියේ ඇගිලි ගනිති. (ර)
ඉසුරු Thursday, 12 May 2016 12:33 PM
අනුන්ගේ දුෂණ වලට කලින් අපේ දුෂණ ගැන සමුළුවක් කැදවන්න. (ර)
සේන Thursday, 12 May 2016 06:08 AM
පරීක්ෂණ කිය කියා කට්ටිය බොරුවට කල්මරනවා. ඉතින් මොන දුෂණ විරෝධයක්ද සර්? (නි)
දිමුතු Thursday, 12 May 2016 12:40 PM
අපේ ජනාධිපති තුමාට අපේ සුබ පැතුම්.! (ර)
අරුණ Thursday, 12 May 2016 06:35 AM
ටෙලිකොම් සිරිසේනගෙන්ම පටන් ගමුද අපි? (බ)
අමල් Thursday, 12 May 2016 07:07 AM
ලංකාවට මෙවැනි සමුළුවකට අරාධනා ලැබීම සතුටට කරුණක්. (ර)
බණ්ඩාර Thursday, 12 May 2016 07:32 AM
මෙතුමා මොකටද ලන්ඩන් යන්නේ උගන්ඩාවට යන්ද එපායි (ම)
බන්දුල Thursday, 12 May 2016 07:33 AM
ජනපතිතුමනි ඔබේ උත්සාහය සාර්ථක වේවා. දැනට පාලනයට සම්බන්ධ හා නැති සියලුම මුදල් වංචා කළ හැමෝටම දඩුවම් දෙන්න එක අපේ රට වෙනුවෙන් කරන යුතුකමක්. ඔබතුමාට පින්. (බ)
බණ්ඩාර Friday, 13 May 2016 01:55 PM
අනුන්ගේ දුෂණ කුණු සොයන්න කලින් අපේ රටේ ජනතාව බෙරිහන්දෙන දුෂණ කුණු සොයන්න ..(බ)
ජගත් Friday, 13 May 2016 01:59 PM
අපේ දුෂණ එක තැන පල්වේ අනුන්ගේ දුෂණ සොයන්නේ ඇයි (බ)