(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ධූර අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සිය නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත.
දූෂණ විරෝධී පනත අනුව හෙළි නොකළ යුතු තොරතුරු හැර අපේක්ෂකයන්ගේ අනෙකුත් වත්කම් බැරකම් තොරතුරු වෙබ් අඩවියෙන් මෙසේ ප්‍රසිද්ධ කරන බව කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.
ජනාධිපති අපේක්ෂකයන් 39 දෙනා සිය නාම යෝජනා පත්‍ර සමඟ ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාවට දැනටමත් භාරදී ඇත.
එම කොමිසමෙන් ඒ ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට භාරදිය යුතුවේ.
මේ අනුව ඒවා බාර දෙන ලෙස අල්ලස් කොමිසම මැතිවරණ කොමිසමට දැනටමත් දැනුම් දී ඇත.
2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ
රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්
ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න
මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති අපේක්ෂකයන්ගේ වත්කම් රටටම පෙන්නයි
සමන් Thursday, 22 August 2024 11:45 AM
අද රනිල් පළාත් සභා ඡන්දය කල් දාපු එකට විරුද්ධව දාපු නඩුවේ තීන්දුව එන දවස රනිල්ලාට තරු පෙනෙයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එනකොට
සෞදි-සිංහ Thursday, 22 August 2024 11:45 AM
නිවැරදි තොරතුරු නොදුන්නොත් ලැබෙන දඬුවම් ගැනත් සඳහන් කරොත් නරකද?