IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ජනපති අපේක්ෂක රාත්‍රී භෝජන සංග්‍රහයට මැකො හරස් වේ

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර ප්‍රධාන පෙළේ හෝටලයක අද පැවති ජනපති අපේක්ෂකයකුගේ විද්වත් හමුවට සහභාගිවු ආරාධිතයන් සදහා සුදානම් කොට තිබු රාත්‍රි භෝජන සංග්‍රහය මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා තහනම් කිරිමට පියවර ගත්තේය.

අනුරාධපුර හෝටලයක රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන බවට අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලද පැමිණිලක් අනුව එම කාර්යාලයේ නිලධාරින් පිරිසක් පොලිස් නිලධාරින් සමග පැමිණ ආරාධිතයන් සදහා ලබාදිමට තිබු පිසු ආහාර සදහා මුද්‍රා තබන ලද අතර ආරාධිතයන් සදහා ලබාදිමට තිබු මත්පැන් බෝතල්ද පොලිසිය බාරයට ගන්නා ලදි.

මෙම විද්වත් හමුවට ආරාධිතයෝ 150 ක් පමණ පැමිණ සිටියහ.

මෙම ආහාර පාන වෙනත් ස්ථානයකට හෝ රැගෙන යාමට අවසර දෙන ලෙස සංවිධායකයන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ගෙන් හා පොලිස් නිලධාරින් ගෙන් ඉල්ලා සිටියද එම ඉල්ලිමද ප්‍රතික්ෂේප විය.

හෝටලය සදහා පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණි.

 



අදහස් (19)

ජනපති අපේක්ෂක රාත්‍රී භෝජන සංග්‍රහයට මැකො හරස් වේ

ආරාධිතයෙක් Sunday, 25 August 2024 11:12 PM

බෙදාගත්තු බත් ටික කටට දාගන්න දුන්නේ නැති මැකෝ භංග වේවා..! අපි දෙන්නේ එයාට නෙවෙයි අපේ මිනිහාට. නිකං දෙන කෑම ටික කාලා බීලා පොඩි ආතල් එකක් අරන් එන්නයි අපි ගියේ...

:       9       31

AthulaMonday, 26 August 2024 02:24 PM

හෝ... හෝ... නියමයි.

:       1       8

CHANDIMA Monday, 26 August 2024 02:55 AM

ඒ මොකඩ මැකෝ ?රාහු කාලේද ?නැතිනම් නොනගතය වෙලාවද ?

:       5       22

දුප්පත් රටවැසියා Monday, 26 August 2024 05:32 AM

අද පොලිසියට මගුල් ගෙදරක් වගේලු.

:       4       20

saman Monday, 26 August 2024 07:32 AM

මේ ඇත්තටම මැතිවරන කොමිසමට අයිති දෙයක්ද​? මෙය නවත්වන්න හේතුව මොකක්ද​. මේ අවස්තාව රජයේ මුදලින් කරපු දෙයක්ද​? පුද්ගලික මුදල් යොදා කරපු දෙයක් නම් ඒ අයට රනිල්, සජිත්, නාමල්, අනුර, දිලිත් හෝ වෙන ඕනෑම අපේක්‍ෂකයකු වෙනුවෙන් මේ වගේ දේවල් කරන්න බැරිද​? මේ ඡන්ද දායකයන් වෙනුවෙන් කරන දෙයක් නෙමෙයිනේ (රුපියල් 20 සීමාව ඉක්මවන නිසා). මේ කවුරුන් හරි අපේක්‍ෂකයෙක්ගේ විද්වත් සමුලුවක් කියලනේ කියන්නේ. එතකොට මේ අවස්ථාවේ ඒ අය චන්ද දායකයන්ද? හේතු කියන්නේ නැතුව සහ දෙකේ කොලේ වැඩ වෙනකොට මැතිවරන කොමිසමේ ගෞරවාන්විත බව පහල බහිනවා. නිකම් රට්ටු හිනස්සනවා වෙනවා. මීට කලින් කිව්වා සමීක්‍ෂන ප්‍රතිපලවලට රැවටෙන්න එපා කියලා. ඒකත් මේ අයගේ රාජකාරියේ කොටසක්ද කියලා තාම කිව්වේ නෑ. මම බෝතල් පාටි අනුමත කරන්නේ නෑ නමුත් විකාර වැඩත් විකාරයි කියලා තමයි කියන්න තියෙන්නේ.

:       32       16

සෙනෙවිරත්න Monday, 26 August 2024 08:35 AM

ඊයෙ අනුරාධපුරය පැත්තෙ හිටියෙ කවුද කියල හිතුවොත් මේ කවුද කියල හිතාගන්න පුලුවන් , එන් පී පිය විද්වත් හමු තිබුනත් අරක්කු සමග විද්වත් වැඩ නොකරන බව සහතිකයි.

:       34       58

ජගත් ලියනගේ Monday, 26 August 2024 09:24 AM

රනිල් හොඳටම සවුත්තු වෙලා ඉවරයි . ඒ වගේම මැතිවරණ නීති කඩන එකේ කෙළවරක් නැහැ . එන 22 වැනිදා බඩු මුට්ටු එකතු කරගෙන ගෙදර යන්න ලෑස්ති වෙන්න .

:       46       92

කසුන් Monday, 26 August 2024 10:02 AM

ජගත්, මේ වැඩේ කලේ දිලිත් ජයවීර මිසක් රනිල් වික්‍රමසිංහ නෙවෙයි. තොරතුරු දැන ගෙන කතා කළොත් හොඳයි.

:       14       36

Prabha Monday, 26 August 2024 04:44 PM

කැළණි නයා...

:       1       11

Priyantha Dissanayake Monday, 26 August 2024 11:35 AM

තම රාජකාරිය දේවකාරියක්සේ සලකා නිරෝගිමත් කශේරුකාවක් සහිත නිලධාරීන් බවට පරමාදර්ශී වන මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් ප්‍රධාන කොමිෂන් සභාවටම මෙවන් අවස්ථාවක ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. මෙවර පැවැත්වෙන්නේ ඉතාමත් තීරණාත්මක ඡන්දයක්. කවුරු කොහොම කීවත් දැනට වසර දෙකකට වඩා වැඩිකාලයක් රට පාලනය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් නොව..., ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් මිනිසුන් රවටා ලබාගත් පරමාධිපත්‍ය බලය අවභාවිත වීමක් තිබෙන්නේ... කවුරු කොහොම, මොනවා කීවත්, වර්ථමානයේ ජනතා මතය කොතැනකදැයි ඉතාමත් අවිනිශ්චිතයි සහ ඒ අවිනිශ්චිතතාවය මෙවන් අශිෂ්ඨ ක්‍රියාතුළින් දූෂණයවීම වැළැක්විය යුතුමයි. මෙවන් එඩිතර තීන්දු ගනු ලබන ඉතිහාසයේ ප්‍රථම වතාවට... කෙසේවුවත් එවන් වූ බලාත්මක කොමිෂන් සභා පිහිටුවීමට යෝජනා ගෙනැවිත් සම්මත කරදුන් සැමටත් ප්‍රසංශාව හිමිවිය යුතුයි...

:       9       43

ලලිත් පුෂ්පකුමාර Monday, 26 August 2024 11:43 AM

දවල්ට මිනිස්සුන්ට සරල බව පෙන්නන්නන කැමරා අටෝගෙන පෙට්ටි කඩ වලින් රොටි කනවා... රෑට දුෂිත වලල්ල එක්ක විස්කි පාර්ටි දානවා... අපිට ආදරේටනේ මේ සේරම...

:       6       43

සුරෛන් Monday, 26 August 2024 01:15 PM

අයියෝ සෙනවිරත්න ඔයා ඇයි බාගේ කොම්මෙන්ට් දාන්නේ...! අනුරපුරේ හිටියේ කෙනා නෙමෙයි අරක්කු සංග්‍රහ කරන්න ගිය කෙනාගේ නම දාන්න...! ඒ තමයි දිලිත් ජයවීර...

:       4       23

ජනරළ Monday, 26 August 2024 01:25 PM

ඔය ලොකු හෝටල්වල විද්වත් සමුළු කියලා ගෙට්ටු දාලා කන්න බොන්න විස්කි පාටි දාන මිනිස්සු කවදාවත් රටක් හදන්නේ නම් නැහැ. ඔය ගොල්ලෝ ඔය ඡන්දේ ඉල්ලන්නේ නිකම් ජොලියට සහ ප්‍රසිද්ධියට විතරයි. මෝඩ මිනිස්සු ඉන්නවා නම් තමන්ගේ වටිනා ඡන්දේ මේ වගේ නිෂ්ලඵ අයට දාවි...!

:       4       21

Thoththababa Monday, 26 August 2024 01:31 PM

ඇත්තටම මෙහෙම නිලධාරින් ගැන හරිම කණගාටුයි... දුකයි. එහෙම නම් පක්ෂ රැස්වීම් තියන්නත් බැහැ...

:       16       13

අරවින්ද මොනරවිල Monday, 26 August 2024 01:40 PM

අනීතික වැඩ කරන්න දීලා බකං නිලාගෙන හිටියොත් ඊළග ආණ්ඩුවෙන් තමන්ටත් වැඩ වරදියි කියලා මැකෝ නියම ට්‍රැක් එකට ඇවිල්ලා වගෙයි. රටට යහපාලන උදාවේවා...! මැකෝට ජයවේවා...!

:       8       25

Swarna Monday, 26 August 2024 02:30 PM

මැතිවරණ කොමිසමෙන් නීති දාන එක හොඳයි. නමුත් ඒවාට ජනාධිපතිවරණ අපේක්ෂකයෝ පිළිපදින බවක් නම් පේන්නේ නැහැ. හැම කෙනාම නොවේ. මැතිවරණ කොමිසමෙන් නීතියක් දැම්මා ජාතික කොඩිය හා බෞද්ධ කොඩිය මැතිවරණ කටයුතු වලට පාවිච්චි නොකරන ලෙසට. නමුත් අපි ඊයේ දැක්කා ජනාධිපතිගේ මැතිවරණ රැස්වීමකදී ජාතික කොඩි ජනතාව අතේ ඉහළට ඔසවාගෙන සිටින අයුරු... මේ ගැන වගකිව යුත්තන්ගේ ඇස යොමු වේවා..!

:       1       12

සෞදි-සිංහ Monday, 26 August 2024 03:41 PM

රැස්වීම් වලට එන අයට කන්න බොන්න දෙන එක අල්ලස් දීමක්.

:       3       9

Wikrema Kavithilaka Monday, 26 August 2024 03:49 PM

අවුරුදු පහකට සැරයිනේ මොවුන්ගෙන් අපිට කන්න ලැබෙන්නේ... ඊට පස්සේ අවුරුදු පහම ඔවුන් කනවා අපෙන්...!

:       1       3

ලුම්බිණි Monday, 26 August 2024 04:25 PM

මේ වැඩේ වැරැදියි. මීට වඩා මැතිවරණ නීති කඩපු තැන් නැද්ද?

:       7       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රටවිරු වාහන පර්මිට් 1000ක් පිල්ලි ගිහින්
2024 නොවැම්බර් මස 22 352 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් විමතිය පළ කරයි
2024 නොවැම්බර් මස 22 473 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ


චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක්
2024 නොවැම්බර් මස 22 1496 0

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍


ලොව උසම කත සහ මිටිම කත හමු වී
2024 නොවැම්බර් මස 22 1139 0

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.


ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ UN කොමිසමේ අසුනක් ලංකාවටත්
2024 නොවැම්බර් මස 22 251 0

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්


තායිලන්තයට රැගෙන ගිය මුතූගේ දළ කපන්න යයි
2024 නොවැම්බර් මස 22 2058 0

ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 481 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1980 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site