IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ජනපති අමාත්‍යංශ වැඩ සෙවීම අරඹයි

ජාත්‍යන්තර පාසල්වල මවු භාෂාව, ආගම හා ඉතිහාසය උගන්වන්නේ නැති නිසා ඒම පාසල්වල ඒවා ඉගැන්වීම සඳහා නීති සම්පාදනය කරන ලෙසත්, රටට ගැළපෙන සහ අනාගත රැකියාවනට ගැලපෙන නව අධ්‍යාපන ක්‍රමයක් සකස් කරන ලෙසත් අධ්‍යාපන ඇමැතිවරයාටත් නිලධාරීන්ටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (18) උපදෙස් දුන්නේය. අමාත්‍ය කටයුතු නිරීක්ෂණයට අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අරඹමින් ජනපති එසේ කීවේය. දරුවන් සිටින්නේ ගුරුවරුන් වෙනුවෙන් බව පෙන්වා දුන්  ජනාධිපති ගුණාත්මක අධ්‍යාපනයක් මෙරට දරුවන්ට ලබාදීම රජයේ අරමුණ බවත්, එම ක්‍රියාවලිය සඳහා විදුහල්පතිවරුන් මෙන්ම  ගුරුවරුන් ද කැපවී කටයුතු කළ යුතු බව ද පැවැසීය.



අදහස් (0)

ජනපති අමාත්‍යංශ වැඩ සෙවීම අරඹයි

රවිනාත් Monday, 18 February 2013 10:42 PM

ජනාධිපතිතුමනි, සෑම අමාත්‍යාංශයක්ම අධීක්ෂණය කරන මෙන් ඉල්ලා සිටිමු. අදාල ඇමතිවරයා ඇතුලු සියළුම නිළධාරින්ගේ අකාර්යක්ෂමතාවයට පිළියම් යෙදීමෙන් පමණක් රට ඉදිරියට ගෙන යා හැකියි. ඔබතුමාගේ උත්සාහය ජයගත හැක්කේ ඔවුන් තම වගකීම් නිසි අයුරෙන් ඉටුකරන්නේ ද යන්න නැවත නැවතත් අධීක්ෂණයෙන්ම පමණි. ජයවේවා! (නි)

:       0       0

ඉරෝෂ් Tuesday, 19 February 2013 12:29 AM

සම්පූර්ණ මිනිසෙකු තැනීමට මෙවන් කාර්යයන් ඉතාම අවශ්‍යයි. (නි)

:       0       0

දිවිතු Tuesday, 19 February 2013 03:11 AM

පාසැල් වල ඇතැම් ගුරුවරුන් දරුවන්ට ඉගැන්වීම කරන්නේ තම තමන්ගේ පුද්ගලික පන්ති වලට ගෙන්වා ගනිමින්.මෙය දැන් ඇතැම් පාසැල් වල මාෆියාවක් වෙලා. මේ ටියුෂන් මාස්ටර්ලා ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම අපේ රටේ ටියුෂන් කඩකාරයින් අතරින් කී දෙනෙකුට අධ්‍යාපන වෘත්තියේ යෙදීමට අවශ්‍ය මූලික සුදුසුකම් වත් තිබේද කියලා සොයා බැලීමට විශේෂ කමිටුවක් ඇති කළ යුතුයි. ඒ වගේම රට පුරා තියෙන ජාත්‍යන්තර පාසැල් වල ස්වයං රැකියා කරන නාමික ගුරුවරුන්ගේ ප්‍රමිතියත් සොයා බැලිය යුතුයි. (නි)

:       0       0

සෙනරත් Tuesday, 19 February 2013 03:18 AM

ඇමති ඇත්තන්ගේ හොද හොද වැඩ එළිවෙයි දැන් ඉතින්. (නි)

:       0       0

රොෂාන් Tuesday, 19 February 2013 04:24 AM

ගුරුවරු සිටින්නේද ළමයින් සඳහාය. (නි)

:       0       0

නන්දලාල් Tuesday, 19 February 2013 05:06 AM

ගොඩක් පින් ජනාධිපතිතුමනි. මේ තීරණය ගන්නකම් අපි බලාගෙන හිටියේ.(නදී)

:       0       0

මයික් Tuesday, 19 February 2013 05:34 AM

රටේම හොඳ නීති සහ හොඳ වැඩ කෙරෙනවා නම් ලෝකේ වටේම ඉන්න ලංකාවේ අය ආයෙත් ලංකාවට එන්න පැකිලෙන්නේ නැහැ. (නි)

:       0       0

පෙරේරා Tuesday, 19 February 2013 06:33 AM

කියන එකයි කියන ඒවා ක්‍රියාවට නැන්වීමයි සමිපූර්ණයෙන් වෙනස්.(නදී)

:       0       0

සේනක Tuesday, 19 February 2013 01:41 PM

ඇත්තටම සන්තෝසයි.මොකද ආයතන කාර්යක්ෂම වෙනවා (දී)

:       0       0

සුදේශ් Tuesday, 19 February 2013 01:43 PM

ඔබතුමාට පින් (දී)

:       0       0

සේන Tuesday, 19 February 2013 01:44 PM

අන්න හරි සාම දෙයක් ගැනනම සොයා බලන්න ඕනේ (දී)

:       0       0

සමන් Tuesday, 19 February 2013 07:30 AM

දෙමවුපියන්ට පාසැල් වලට සල්ලි නොගෙවන්න කියලා නීතියක් ගෙනෙන්නේ කවදාද? (නි)

:       0       0

අංජන Tuesday, 19 February 2013 08:14 AM

ඔබ තුමා ඇමති මන්ඩලේ වියදම අඩුකරලා පාසැල් වල ගුණාත්මක බව රැකලා දෙන්න. නැත්නම් ජාත්‍යන්තර පාසැල්වලට යන අපේ දරුවෝ ඔක්කොම දේවල් කරලා ඉවරයි. (නදී)

:       0       0

සදුනි Tuesday, 19 February 2013 02:16 PM

අමාත්‍යංශ වල සැබෑ තත්ත්වය දැන ගැනීමට නම් අප්‍රසිද්ධව ඉන්න ඕනෑ. (නි)

:       0       0

නවින් Tuesday, 19 February 2013 08:46 AM

අන්න එහෙමනේ ඉන්න ඕනේ (දී)

:       0       0

සරත් Tuesday, 19 February 2013 08:52 AM

පමා වැඩියි ජනාධිපතිතුමනි. අපේ රටට ප්‍රායෝගික කාර්මික අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි. (නදී)

:       0       0

සේනක Tuesday, 19 February 2013 09:04 AM

ජාත්‍යන්තර පාසැල්වල ආගම භාෂා උගන්වනවද කියලා බලන එන හොදයි. නමුත් ඊට කලින් රජයේ පාසැල්වලත් මේවා හරියට උගන්වනවාද කියලා බලන්න. ඕස්ට්‍රේලියාවට එන ලංකාවේ ළමයි කරන කියන දේවල් දැක්කාම ඔය මොනවාවත් උගන්නලා නැහැ වගේ. (නදී)

:       0       0

සමිපත් Tuesday, 19 February 2013 09:20 AM

මේකටත් අමාත්‍යංශයක් දාන්න වෙයි.(නදී)

:       0       0

කිරා Tuesday, 19 February 2013 09:51 AM

අධ්‍යාපනයට මුල් තැනක් දෙන්න (දී)

:       0       0

ලලිත්-කටාර් Monday, 18 February 2013 07:38 PM

ඉතාම කාලෝචිත ක්‍රියාවක්. දොස්තර, ඉංජිනේරුවන්ට වඩා ගුන ගරුක පුද්ගලයන් නිර්මානය කරන්න වගකීම ගුරුවරුන්ට මෙන්ම දෙමවිපියන්ටත් තියෙනවා. ජනාධිපතිතුමනි, ඔබට බොහොම පින්.(නදී)

:       0       0

අසිරු Monday, 18 February 2013 08:05 PM

හොද වැඩක්. ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නෙත් ලංකාවෙ ලමයිම නේ.(නදී)

:       0       0

සදරුවන් Monday, 18 February 2013 08:09 PM

නැතිනම් වේනනේ සිත්පිත් නැති රොබෝලා බිහිවෙලා රටත් ජාතියක් විකුනන් කාලා විනාශ කරන එක.(නදී)

:       0       0

නිලන්ත Tuesday, 19 February 2013 10:30 AM

කාටවත්ම නොකියා ඔය අමාත්‍යංශ වලට ගියා නම් ඕක්කොම හොරු අල්ලගන්න තිබුනා.(නදී)

:       0       0

අමිල Monday, 18 February 2013 08:15 PM

ඔව් මේ කපේනම් නෙවෙයි.අමාත්‍යාංශ කීයක් තියෙනවද!(නදී)

:       0       0

සේන Tuesday, 19 February 2013 10:45 AM

දන්න කෙනෙක් ඉන්නවා නම් මාව දැනුම්වත් කරන්න. යුරෝපා පාසැල් වල කිසිම ආගමක් උගන්වන්නේ නැත්තේ ඇයි? එය එහි නීතියක්ද? මගේ දරුවා ආගම ඉගෙනගැනීමට පල්ලියට යනවා.(නදී)

:       0       0

මුතුකුඩ Monday, 18 February 2013 08:20 PM

ඇත්තටම හොද තීරණයක්.(නදී)

:       0       0

සෑම් Monday, 18 February 2013 08:57 PM

මේක නම් ඇත්තෙන්ම හොද දෙයක්. (නි)

:       0       0

තිසේරා Monday, 18 February 2013 09:12 PM

කොහොම නමුත් ජාත්‍යන්තර පාසැල් ගැන නම් බලන්නම ඕනෑ. (නි)

:       0       0

ගාමිණී Monday, 18 February 2013 09:18 PM

එක වසරට ළමයෙක් ඇතුළත් කිරීමේදී ජාත්‍යන්තර පාසල් වලට ගෙවිය යුත්තේ රජයේ පාසල් වලට වඩා අඩු මුදලකි. (නි)

:       0       0

රාජු Monday, 18 February 2013 09:27 PM

තානාපති සේවය ගැනත් සොයා බැලිය යුතුයි. (නි)

:       0       0

ශාමා Monday, 18 February 2013 09:34 PM

ඒ වගේ වැඩ තමයි කලයුතු (දී)

:       0       0

විරාජ් Tuesday, 19 February 2013 11:18 AM

සොයා බලන්න කවුරුවත් නැති උනාම ජනතාවඅසරණ වෙනවා (දී)

:       0       0

කිරා Tuesday, 19 February 2013 11:18 AM

ඒක තමයි කරන්න ඕනේ, නියමයි, දැන් වැඩ කරයි කට්ටිය අකුරට (දී)

:       0       0

කපිල Monday, 18 February 2013 09:43 PM

වෙනත් රට වල නම් ඒ රටවල ඉතිහාසය ඉගැන්වීම අනිවාර්යයි. කටාර් වල ලංකා පාසලෙත් මේ රටේ ඉතිහාසය භාෂාව වගේ දේවල් උගන්වනවාද බලන්න වෙනම ඒකකයකුත් තියෙනවා. (නි)

:       0       0

ශානිකා Monday, 18 February 2013 09:58 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මෙච්චර කාලයක් මේ වැඩේ ප්‍රමාද වුණේ ඇයි? (නි)

:       0       0

ෂෙහාර් Monday, 18 February 2013 10:01 PM

අනේ! ගම්පහ පැත්තෙත් හොයලා බලන්න. (නි)

:       0       0

කරුණා Tuesday, 19 February 2013 11:42 AM

අන්න සුබ වැඩක් (දී)

:       0       0

ජෝයි Monday, 18 February 2013 10:27 PM

ඈත්තෙන්ම ලංකාවෙ මෙතෙක් අතපසුවූ දෙයක්. දරුවන්ට කුඩා කල සිටම සිටම රටේ ඉතිහාසය, ආගම ගැන ,තමන්ගේ ශ්‍රී ලංකා ජාතිය ගැනත් , රටේ ජාතික කොඩිය ගැනත් හැගීමක් දිය යුත්තේ පාසැල තුලින් හා නිවසිනි. අනාගතයේ ඒ දරුවන් රටට ආදරය කරාවි. මගේ රට කියන හැගීම ඒ දරුවන්ගේ හදවතේ තැන්පත්වී තිබේවි. ජනාධිපතිතුමනි, ඔබ පටන්ගත් තැන හොදයි. ඔබට ඉදිරියටම යාමට ශක්තිය ලැබේවා!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 212 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 336 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 159 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 422 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1074 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 1401 1

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site