IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජනපති අය වැය මැති සබේට

මුදල් ඇමැතිවරයා ද වන මහින්ද රාජපක්ෂ ජනපති අද(24)පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවේදී සිය දස වැනි අය වැය ඉදිරිපත් කිරීම ඇරැඹිය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී රිය අනතුරකින් පාදයක කොටසක් ඉවත් කැරුණු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ද අය වැයට පැමිණ සිටියේය.

නගරයට පමණක් සීමා වී තිබූ යටිතල පහසුකම් ගමට ද ව්‍යාප්ත කළ බවත්, පසුගිය දස වසරේ දී අර්ථවත් සංවර්ධනයක් ඇති කළ බවත් අය වැය පූර්විකාවේ දී මහින්ද රාජපක්ෂ ජනපති ප්‍රකාශ කළේය.

  • ‘යථාර්ථවාදී දේශපාලන යෝජනා මගින් අර්ථවයක් දෙයක් රටටය හා ජාතීන්ට කිරීමට රජය හා එක් වන ලෙස දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලනවා.‘
  • ‘විශ්ව විද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාර ගැටළුවට පිළියම් ලෙස සිසුන් 25000කට නේවාසිකාගාර ඉදිවෙමින් පවතිනවා.‘
  • ‘පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි, විද්‍යාව හා තොරතුරු තාක්ෂණ දැනුම වැඩි කිරීමට දිවයින පුරා පාසල්වල පහසුකම් වැඩි කරනවා.‘
  • ‘ගම්මානවල පාසල් සිසුන්ගේ සාමාන්‍යපෙළ ප්‍රතිඵල මට්ටම සියයට 62.4 දක්වා වැඩි වී ඇත. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ලංකාවෙන් හොඳම 10 දෙනාගෙන් නව දෙනකු ගම්වල දරුවන්.‘
  • ‘අපේ බලාපොරොත්තුව 2020 වන විට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව සියයට 90 දක්වා වැඩි කිරීමයි.‘
  • ‘අපි රාජ්‍ය සේවය 1400000  දක්වා වැඩි කළා.‘
  • ‘කැසිනෝ සඳහා ඇතුළුවේමේදී ඩොලර් 100ක් අය කිරීමට යෝජනා කරනවා.‘
  • ‘මුල්  ඒකක 25 වෙනුවෙන්  ජල බිල සියයට 10කින් අඩු කිරීමට යෝජනා කරනවා.‘
  • ‘අලුතින් සීනි කම්හල් හා යටිතල පහසුකම් ඇති කිරීමට අරමුදලක්‘

  • ‘රාජ්‍ය වැවිලි සමාගමක් පිහිටැවේ‘

  • ‘නව ජල යෝජනා ක්‍රම තැනීමට රුපියල් කෝටි 75ක්‘

  • ‘වකුගඩු හා වතුර ආශ්‍රිත ලෙඩ රෝග අවම කිරීමට පියවර‘

  • ‘මාතර- කතරගම දුම්රිය මාර්ගය ඉදිකරමින් පවතිනවා.‘

  • ‘ලියුම් බෙදාහරින්නන් සඳහා සහන මිලට යතුරු පැදි.‘

  • ‘සුළු ගොවීන්ට බිත්තර වී නොමිලේ.‘

  • ‘පොහොර සහනාධාරය දිගටම.‘

  • ‘වී කිලෝවක අවම මිල රුපියල් 40ක්‘

  • ‘රබර් නිශ්පාදන සෙස් බද්ද රුපියල් 10කින් වැඩි කෙරේ.‘

  • ‘පොල්වතු සඳහා දෙන ආධාරය රුපියල් 20000 දක්වා වැඩි කෙරේ.‘

  • ‘ඇඟළුම් සේවකයනට විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කෙරේ.‘

  • ‘දියර කිරි ලීටරයකට රුපියල් 60ක සහතික මිලක්.‘

  • ‘දේශීය කිරිපිටි කිලෝවක් රුපියල් 100කින් හා යෝගට් මිල රුපියල් 03කින් අඩු කෙරේ.‘

  • ‘වකුගඩු රෝගයට දරුණු ලෙස ගොදුරු වූවන් සිටින පවුලකට රුපියල් 3000ක ජීවන වියදමක්.‘

  • ‘රජයේ ආයුර්වේද රෝහල් වෛද්‍යවරුන්ට රුපියල් 5000ක  දීමනාවක්.‘

  • ‘පෙරපාසල් ගුරුවරුන්ට රුපියල් 2500ක දීමනාවක්.‘

  • ‘පහ ශ්‍රේණිය ශිෂ්‍යාධාරය 500 සිට 1500 දක්වා වැඩි කෙරේ.‘

  • ‘ගුරු සහායකයන්ට රුපියල් 9500ක දීමනාවක්.‘

  • ‘මහපොළ ශිෂ්‍යාධාරය ලබන ජනවාරියේ සිට මසකට රුපියල් 4000 දක්වා වැඩි කෙරේ.‘

  • ‘දිවි නැගුම සමෘද්ධි මාසික දීමාව වැඩි කෙරේ.‘

  • ‘ළදරු කිරිපිට සහන මිලට ලංකා සතොසින්.‘

  • ‘විදේශ රැකියා වල යෙදෙන්නන්ට ගොවි විශ්‍රාම වැටුප මෙන් විශ්‍රාම වැටුපක් හඳුන්වාදේ.‘

  • ‘වැඩිහිටියන් සඳහා දෙන රුපියල් 1000 මාසික දීමනාව 2015 සිට රුපියල් 2000 දක්වා වැඩි කෙරේ.‘

  • ‘පොලිස් කොස්තාපල්වරුන්ට හා පොලිස් සැරයන්වරුන්ට රුපියල් 50000ක  සහන මිලට යතුරුපැදි.‘

  • ‘පොලිසියට වෙනම සේවා ව්‍යවස්ථාවක් හා නව වැටුප් ක්‍රමයක්.‘

  • ‘ජූලි වර්ජක වැන්දඹුවනට විශේෂ දීමනාවක්.‘

  • ‘රජයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 15000 දක්වා වැඩි කෙරේ.‘

  • ‘රජයේ සේවක දීමනාව රුපියල් 10,000ක උපරිමය දක්වා 2200කින් වැඩි කෙරේ.

  • ‘මහපොල හා පහේ ශිෂ්‍යත්වය රජයේ සේවකයන්ගේ දරුවන්ට ද ලබා දෙයි.‘

  • සේවක අර්ථසාදක අරමුදලේ හාම්පුතාගේ දායකත්වය 14% දක්වා වැඩි කෙරේ.

අය වැය කියවීම පස්වරු 4.30ට පමණ අවසන් විය. ජනපතිට අය වැය ඉදිරිපත් කිරීම සඳහා පැය තුනකට ආසන්න කාලයක් ගත විය.

පාර්ලිමේන්තු ඔක්තෝබර 25 වැනි දා තෙක් කල් තැබිණි.

 

Untitled-1

Untitled-11

Untitled-12

Untitled-2

 

_DSC0019DSC_6114 _DSC0043 _DSC0046 _DSC0058  _DSC0088 _DSC0104 _DSC0150 _DSC0156

_DSC0056 _DSC0075

_DSC0012  _DSC0023 _DSC0096 _DSC0105 _DSC0112 _DSC0123 _DSC0141

 



අදහස් (0)

ජනපති අය වැය මැති සබේට

ලලිත් ගුනදාස Friday, 24 October 2014 10:32 AM

කොහොමද වාහන බද්ද අඩුකරමුද ? මටත් වාහනයක් ගන්න ඉඩ දෙන්න (නදී)

:       0       0

පියුමාලි Friday, 24 October 2014 10:32 AM

අපේ ජනාධිපතිතුමාට තව බොහෝ කාලයක් මේ රට පාලනය කරන්න ලැබේවා. (නදී)

:       0       0

අනුරංග Friday, 24 October 2014 10:35 AM

පුද්ගලික අංශයට මොකුත් නැහැ (නදී)

:       0       0

ජි නන්දන Friday, 24 October 2014 10:39 AM

දීමනාවක්. ‘වියදමක්.‘ කියන්නේ මාස් පතාද? අවුරුද්දකට සැරයක්ද? පැහැදිලි මදි. විදේශ රැකියා වල යෙදෙන්නන්ට විශ්‍රාම වැටුපක් හඳුන්වාදේ.‘ කවදා ඉදන්ද? (නදී)

:       0       0

ඩිලාන් Friday, 24 October 2014 10:43 AM

ඕවා එක රැයෙන් අායෙත් වැඩි කරනවා ආයෙත් ආවොත් (නදී)

:       0       0

දයා අලහාකෝන් Friday, 24 October 2014 10:44 AM

ඔබ කළ මෙහෙය අති විශිෂ්ඨයි ජනාධිපතිතුමනි (නදී)

:       0       0

උපුල් Friday, 24 October 2014 10:48 AM

ජයවේවා ! (නදී)

:       0       0

සාගර Friday, 24 October 2014 10:49 AM

යෝගට් එකක මිල රුපියල් 3 කින් අඩු කරලා. මොන යෝගට් බ්‍රෑන්ඩි එකෙන්ද ? (නදී)

:       0       0

ජීවන්ත Friday, 24 October 2014 10:50 AM

විමල්, කොයි පැත්තෙන්ද දන්නෙ නෑ. (නදී)

:       0       0

බිම්සර සඳගලතැන්න Friday, 24 October 2014 10:55 AM

මම ඔබ සමග එකගයි විමල් (නදී)

:       0       0

මංගල Friday, 24 October 2014 10:55 AM

ගොවි විශ්‍රාම වැටුපට කරලා තියන හරිය බැලුවාම, විදෙස් ශ්‍රමිකයන්ටත් කරන්න යන හරිය හිතාගන්න ඇහැකි. (නදී)

:       0       0

උපාලි Friday, 24 October 2014 10:58 AM

කොච්චර දුන්නත් විපක්ෂ නායක ට නම් සතුටක් නැති හැඩයි (නදී)

:       0       0

විජයභාහු Friday, 24 October 2014 10:58 AM

විපක්ෂ නායක තුමාගේ මුණ බැලුවහම පේනවා මන් දෙනවයි කියන්න හිතන් හිටි ඔක්කොම දේවල් මෙයා දෙනවනේ කියල හිතන් ඉන්න බව (නදී)

:       0       0

නුවන් Friday, 24 October 2014 11:03 AM

ජය වේවා.... අපි සැමදා ඔබ සමගයි....(නදී)

:       0       0

රාමා Friday, 24 October 2014 11:03 AM

විදේශ රැකියා වල යෙදෙන්නන්ට ගොවි විශ්‍රාම වැටුප මෙන් විශ්‍රාම වැටුපක් හඳුන්වා දේ. බොහොම හොඳ යෝජනාවක් (නදී)

:       0       0

ජුඩ් Friday, 24 October 2014 11:03 AM

මම ඔබ සමග එකගයි (නදී)

:       0       0

චන්දන Friday, 24 October 2014 11:03 AM

මේ ජනාධිපති අපි රැක ගන්න ඕනේ. කවදාවත් රට විනාශ කරන්න හදන්නේ නැහැ. එතුමා දන්නවා තමන් රටට හොද සේවයක් කලොත් තමන්ගේ දරුවන්ටත් හොද දේශපාලන අනාගතයක් ඇති වෙන බව. එ්ක නිසා දරුවෝ ඉන්න තාත්ත කෙනෙක් විදිහට කවදාවත් රටට හානියක් වෙන දෙයක් කරන්නේ නැහැ. (නදී)

:       0       0

ප්‍රියදර්ශනී Saturday, 25 October 2014 09:55 AM

යෝජනා විතරක් මදි. අනිවාර්යයෙන්ම විදේශගත සේවකයින්ට පෞද්ගලික අංශ සේවකයින්ට විශ්‍රාම වැටුපක් ලැබිය යුතුයි. එතකොට හැමෝම රජයේ සේවකයෙක් වෙන්න දගලන්නේ නැහැ. (නදී)

:       0       0

ගයාන් Friday, 24 October 2014 11:11 AM

ප්‍රසංසනීය අය වැයක්. (නදී)

:       0       0

උඩුගම්පොළ Friday, 24 October 2014 11:12 AM

ඔබතුමාට පින්සිදු වෙන්න අද අපි නිදහසේ ජීවත් වෙනවා බයක් නැතිව. ඒ නිසා මෙවරත් ජනපති ඔබමයි සුභ පැතුම් (නදී)

:       0       0

සමන්ත Friday, 24 October 2014 05:13 PM

අය වැය කියන එක අද වචනයකට පමණක් සීමා වෙලා . මුදල් ඇමති ඔය මොනවා හරි දෙයක්‌ ලියා ගෙන ඇවිත් පැය ගානක් කෙකර ගාල කෙකර ගාල පුංචිම පුංචි බිත්තරයක් දානවා බලපුවාම එකේ ඇති දෙයක්‌ නැහැ. ඒ වගේම ඒ දවස්වල මට මතකයි අය වැයකින් මිල වැඩි කල හෝ අඩු කල දෙයක් නැවත මිලෙහි වෙනසක් කරන්නේ අනිත් අවුරුද්දේ අය වැයේ විතරයි. එ්කටත් එක්ක දැන් අද අය වැයෙන් අඩු කල බඩුවක මිල හෙට ආයෙත් වැඩි කරනවා. ඕන් අද අපේ අය වැය ට ගිය කල (නදී)

:       0       0

සුදම් Friday, 24 October 2014 11:17 AM

අදහස් ලියල තියන අය මොලය උඩද ඉඳගෙන ඉන්නේ (නදී)

:       0       0

මිනිපේ Friday, 24 October 2014 11:18 AM

අහුවෙන්න නම් එපා මේ ගුණ්ඩු වලට (නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 24 October 2014 11:19 AM

ඒක නම් ඇත්තටම හරි (නදී)

:       0       0

නයන Friday, 24 October 2014 11:20 AM

හරිම සතුටුයි උඩ තියෙන ප්‍රතිචාර දැක්කහම (නදී)

:       0       0

රොෂාන් Friday, 24 October 2014 11:22 AM

මේවා හරි ලස්සනට හදල දෙන්න පුලුවන්. කරන්න ගියාම තමයි ප්‍රශ්නේ. කොහොමත් ආපහු ඔය සල්ලි යන්නෙ අපේ බදු මුදල් වලින් නේ. අනික ඉතින් යෝජනා විතරයි. මගදි වැඩි වෙච්චි ඒවා 1/2ක් අඩුකලා. අනික යෝජනා ක්‍රියාත්මක වන කිසිම දිනයක් සඳහන් කලේ නෑනේ. (නදී)

:       0       0

සම්පත් Friday, 24 October 2014 11:25 AM

මෙම යෝජනා ක්‍රියාත්මක වීම 2015 ජනවාරි 08 ට පසු. (නදී)

:       0       0

සාරා Friday, 24 October 2014 11:31 AM

සුදම්, ඔයාගේ මොළේ කොහෙද තියෙන්නේ ? (නදී)

:       0       0

සමීර Friday, 24 October 2014 06:01 PM

මේ සහන මාස කීයක් දෙන්න පුලුවන්ද ? (නදී)

:       0       0

චින්තක Friday, 24 October 2014 11:31 AM

අපේ මිනිස්සු නම් මේවත් මදියි කියයි. කිකම්ම ඉදන් කන්න තමයි ආසාව. අපේ ජනාධිපතිතුමාට පින්සිදුවෙනවා මෙවැනි සහනදායී අය වැයක් ගෙන ඒම ගැන. (නදී)

:       0       0

සමීර Friday, 24 October 2014 06:01 PM

ඇත්තටම මේ කියන දේවල් වලින් කීයක් කරන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ නේද ? (නදී)

:       0       0

බණ්ඩාර Friday, 24 October 2014 11:46 AM

බඩු මිල වැඩි වෙනකොට තමයි ඉතින් අමාරුවෙන්නේ.... (නි)

:       0       0

කොඩිතුවක්කු Friday, 24 October 2014 11:47 AM

ඇයි මීටපෙර ඕවා නොදුන්නේ? මොනවා වුණත් අපි සැමදා විපක්ෂය සමඟයි (නි)

:       0       0

අමරතුංග Friday, 24 October 2014 11:47 AM

මට බය ඡන්දෙන් පසුව මේවා ගැන බලාපොරොත්තු තියන්න අමාරුවෙයිද කියලයි (නි)

:       0       0

රහුමාන් Friday, 24 October 2014 11:51 AM

පෞද්ගලික අංශයට යෝඋජනා කරන 500 නොදී හිටියත් කමක් නෑ. ප්‍රෝඩාව හැමතැනම, විශ්‍රාමිකයින්ට මොනවද දුන්නේ.?

:       0       0

දිමුත් Friday, 24 October 2014 11:56 AM

මේදා පාර අය වැයෙනුත් හෝටල් සේවකයන්ට කිසිම සහනයක් දීලා නැහැ (නදී)

:       0       0

මොහාන් Friday, 24 October 2014 12:05 PM

ආණ්ඩුවේ රැකියා කරන අය විතරද? පුද්ගලික අංශයේ වැඩ කරන අයට සහන කෝ? (නි)

:       0       0

උපුල් Saturday, 25 October 2014 12:10 PM

ජයවේවා ජනපතිතුමනි (නදී)

:       0       0

මහේෂ්‍ Friday, 24 October 2014 12:06 PM

සතුටුදායකයි! (නි)

:       0       0

උදිත Friday, 24 October 2014 12:14 PM

සාගර, සමහරු වගේ ඍණ පැත්තම බලන්න එපා. ධනාත්මකව හිතන්න. (නි)

:       0       0

දර්ශන - වැලිගම Friday, 24 October 2014 12:15 PM

හොඳයි කියා ප්‍රතිචාර දැමූ අපේ මිනිසුනේ, "බලන් කඩතුරා හැර දෑසේ" (නි)

:       0       0

සමන් පැරිස් Friday, 24 October 2014 12:21 PM

විමල්, කොයිපැත්තේ වුණත් මධ්‍යස්ථව සිට සාපේක්‍ෂව බලනවා නම් ඔබ හරි. ඇමෙරිකාවේ යුරෝපයේ කෝණ වලින් නොබලා අපි ලංකාවේ කෝණයෙන් බලමු. (නි)

:       0       0

ගුණරත්න Friday, 24 October 2014 12:21 PM

අධ්‍යාපනයට මොකද වෙන්නේ එතකොට? (නි)

:       0       0

රත්නවීර Friday, 24 October 2014 12:24 PM

සහන දෙන හැටිනේ මේ කියලා තියෙන්නේ. ස්වයං රැකියාවක් කරන මට නම් බදු බර විතරක් ලැබෙන පාටයි (නි)

:       0       0

පැතුම් Saturday, 25 October 2014 01:44 PM

ඉතිහාසයේ ඉදිරිපත් වුණ අය වැය දිහා බැලුවහම මේක ජනතාවට හොද අය වැයක්. ගොඩක් අය කියනවා මෙයා දිනුවහම මේ සහන ඉවත් කරයි කියලා. එතකොට මෙයා පැරදුනොත් අලුතින් පත්වෙන කෙනා මීට වඩා සහන දෙයිද? ඉතිහාසෙ දිහා බැලුවම උත්තර හම්බවෙයි. ලිහල බලපු මළු වල ඔබල බලන්න දෙයක් නැහැ. මේ රටට කිසිම පාලකයෙක් නොකරපු තරම් යහපත් දේවල් කරේ මේ ජනාධිපති, ඉදිරියට කරොත් කරන්න පුළුවන් කම තියෙන්නෙත් මෙයාටම විතරයි. පාට කන්නාඩි ගලවල, කුහක කම පැත්තකින් තියල බලන්න. එතකොට සත්‍ය දර්ශනය වෙයි.(අ)

:       0       0

චන්ද්‍රා Friday, 24 October 2014 12:32 PM

අයවැය කෙසේවෙතත්, බහුතරයකගේ මුහුණු හිනාවෙන් පිරිලා, මල් හැලෙනවා. ඡායාරූප පළකළාට ලංකාදීපයට තුති! (නි)

:       0       0

සරත් Friday, 24 October 2014 12:43 PM

නියම ප්‍රතිචාරය කල් ඉකුත් වන දිනය 2015 ජනවාරි (නදී)

:       0       0

ප්‍රදීප් Friday, 24 October 2014 12:45 PM

ඇයි දන්නෙ නැහැ යෝගට් වලට විතරක් මේ සහනය ලබාදුන්නේ? (නි)

:       0       0

රාමන් Friday, 24 October 2014 12:46 PM

බඩු මිල අඩුකරන්න කියන අයට පෙනෙන්නේ නැද්ද පඩි වැඩිකළ ඒවා? (නි)

:       0       0

සමන්ජය Friday, 24 October 2014 12:47 PM

මොනවා වුණත් ලංකාවට ගැළපෙන අයවැයක්. බොරුවට ලොකු පොරොන්දු දීලා නැහැ. ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් තිබෙන සාධාරණ අයවැයක්. (නි)

:       0       0

දිනුෂ් Friday, 24 October 2014 12:59 PM

නියම අයවැයක් ආඩම්බරයි. පවුලේ වියදමත් ඔතනටම දැම්මනම් නේද හොඳ? (නදී)

:       0       0

සමන් Friday, 24 October 2014 01:42 PM

දැන්වත් හෝරා කන එක නවත්තන්න කටයුතු කරමු (අ)

:       0       0

දිලාන් Saturday, 25 October 2014 03:41 AM

එතකොට පහු ගිය අවුරුද්දෙ බදු මිල වැඩි වුන විදිය ඒ ගිය අවුරුද්දෙ අය වැයේ තිබුනේ නෑනේ. ඒ වගේ ලබන අවුරුද්දෙ බදු මිලත් මේ අවුරුද්දේ වුනා වගේ හැටට හැටේ වැඩි වේවි .බොරු අහල රැවටෙන අහිංසක ජනතාව නේ..... (අ)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 25 October 2014 04:09 AM

"ශිෂ්‍යත්ව විභාගයේ ලංකාවෙන් හොඳම 10 දෙනාගෙන් නව දෙනකු ගම්වල දරුවන්. දැන් ඉතින් දෙවියනේ කියල අපේ දරුවන් ගුරුවරු නැති , පහසුකම් නැති ගම්බද පාසල් වලටම යවන්න පුළුවන්. කොලඹ පාසැල් වල පුටු ටික දෙවියනේ කියලා ලක්ෂ 5-10දක්වා විකුණා ගන්න පුළුවන් (නදී)

:       0       0

දමින්ද Saturday, 25 October 2014 04:12 AM

අදහස් වලින් පේනවා රටේ මිනිස්සු මොන තරම් මෝඩද කියලා. දැන්වත් තේරුම් ගන්න මේ මොනවද වෙන්නේ කියා (නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 25 October 2014 04:28 AM

මම ඉගෙන ගත්තු ගම්පහ දිස්ත්‍රික්කයට අයිති පාසලට ,අවුරුදු 8 ක ආදීශිෂ්‍ය පදනමක් තිබිලත්,අවුරුදු 5 ක රට විරුවෙක් වෙලත් ,මගේ පළමු දරුවා ඉගෙන ගන්න ,සහෝදර පදනම තිබිලත්,එම පාසලට මගේ දෙවැනි දරුවාව දා ගන්න මුදලින් ලක්ෂයක් පරිත්‍යාග කරන්න අරගෙන ගිහිනුත් බැරි වුනා.ඉතිරි ටික හිතා ගන්න පුළුවන්නේ.(අ)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 25 October 2014 04:29 AM

දමින්ද.රටේ බත් කන හරක්ට ලේ දෙන්න පුළුවන්.එත් මොලේ දෙන්න බැහැනේ අපිට.(අ)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Friday, 24 October 2014 08:16 AM

ජයවේවා! මොනතරම් හෑල්ලු කරලා, මෙතුමාගේ ප්‍රයත්නයන් බාල්දු කරලා පරදවන්න උත්සාහ කළත් කළගුණ දන්නා අතීතය මතක ජනතාව අති බහුතරය මෙතුමා සමඟ ඉන්නවා. (නි)

:       0       0

ප්‍රියා Friday, 24 October 2014 02:28 PM

හොඳයි තව ටිකක් බඩු මිළ අඩු කළා නම් නේද ? (නදී)

:       0       0

සබ්රීන් Friday, 24 October 2014 02:29 PM

ජයවේවා ජනපතිතුමනි (නදී)

:       0       0

සබ්රි Friday, 24 October 2014 02:33 PM

රටට ඕන වැඩේ නිසි වෙලාවට කරන ජනාධිපති (අ)

:       0       0

දිනේෂ් කමල්ප්‍රිය Friday, 24 October 2014 02:35 PM

මහින්ද මහත්තය ලංකාව ගැනමද විස්තර කළේ එක කරුණක් පමණක් මම ඉදිරිපත් කරන්නම් අලි මිනිස් ගැටුම් ගැන ඔහු කසිම දෙයක් නැත.

:       0       0

නිශාන්ත Saturday, 25 October 2014 04:54 AM

යුද්දෙදි කකුලෙන් ඇදපු තුන්ඩු දීලා මිනී මරපු උදවිය අද මහා බුද්ධිමතුන් වෙලා. මෝඩයෝ ගත්ත නිවරුදි තීරණ නිසා තමයි අද මේ ර‍ටේ ත්‍රස්තවාදීන් නැතුව ගියේත්. ඒ වගේම බුද්ධිමතුන්ට මේ ජන්දයෙන් පස්සෙත් අපහාස කර කර උඩ බලාගෙන ඉන්න පුළුවන්. (නදී)

:       0       0

ධර්මසේන නවරත්න Friday, 24 October 2014 09:03 AM

ජනාධිපතිතුමාගේ අය වැය කතාව සජීව ලෙස අන්තර්ජාලයෙන් එංගලන්තයේ සිට ඇසීමට ලබා දීම ගැන ලංකාදීපයට ස්තූතිවන්ත වෙමි.(දිල්)

:       0       0

විමල් Friday, 24 October 2014 09:23 AM

කවුරු මොනවා කිව්වත් 1970 න් පසු හිටපු රටේ නායකයින් අතරින් ඔබ අංක එක බව වැඩි දෙනෙක් පිළිගන්නවා. චිරන්ජයතු!!!!!! (දිල්)

:       0       0

හේරත් Sunday, 26 October 2014 06:49 AM

මේ පාරත් ජනතාව කැරට් අලෙ කයි ද? යන යකා කොරහත් බිඳ ගෙනම යනවා කියනවනේ නේද? මෙහෙම අය වැයක් දුන්නොත් රට මාස 6 ක් කරයි. අනිවාර්යෙන් ආණ්ඩුව බංකොලොත් වෙනවාමයි. ඊට පස්සේ එන ආණ්ඩුවටත් රට කරගෙන යන්න බැරි තැනට දලා තමයි ගෙදර යන්නේ. (නදී)

:       0       0

දීපාල් Friday, 24 October 2014 09:35 AM

ජයවේවා ජනපතිතුමනි (නදී)

:       0       0

රූපාවතී Friday, 24 October 2014 09:37 AM

කොහොම හරි කමක් නැහැ අපේ අසරණ මහා ජනතාවට සෙතක්ම වෙවා...! දෙවියනේ ..!!! (ර)

:       0       0

ලසන්ත කැලුම් Friday, 24 October 2014 03:13 PM

මේ සේරම කොහොමත් කරන්න මේ අයට ඕන විදියට තමා .එක අපට වෙනස් කරන්න බෑ, (අ)

:       0       0

තිළිණ Friday, 24 October 2014 03:13 PM

ඉස්සර පිං පඩි කියල යම් දීමනාවක් රජයෙන් දුන්නේ නැති බැරි සීමිත කොටසකට විතරයි. මේ අයවැයෙන් සමාජයේ හැම ස්ථරයකටම වාගේ මොනවා හරි සුභ සාධන දීමනාවක් යෝජනා කරලා තියෙනවා. මේ සියලු දෙනාම එතකොට යාචකයෝ, හිගන්නෝ, පුලන්නෝ ද? ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 යි කියල අජිත් නිවාඩ් උන්නැහේ කියනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් ( 4000 x 132) පන් ලක්ෂ විසි අට දහසක්.( 528,000/=) එතකොට මේ තරම් ආධාර යෝජනා කරන්නේ කාටද? මගේ පුංචි මොළයට තේරෙන්නේ නැති නිසයි අහන්නේ. දන්නා කෙනෙක් සිටීනම් කරුණාකරලා කියල දෙනවද? (අ)

:       0       0

කිර්ති Friday, 24 October 2014 09:52 AM

වී කිලෝ 1 කට අවම මිල කීයද කියන එක ගොවියට වැදගත්. එත් සහල් කිලෝවක සහතික මිල කීයද කියන එකී පරිබෝගිකයට වැදගත් වෙන්නේ... වාහන වලට මොකක්ද විශේෂ බද්දක් හදුන්ව දෙනවලු.. ඇයි කියන්න බැරි ඒ විශේෂ බද්ද මොකක්ද කියල... (ර)

:       0       0

බුද්ධි Friday, 24 October 2014 10:03 AM

මමත් වරක් ඡන්දය දුන්නා නම් තමයි. නමුත් මෙවර නම් දෙන්නෙ නැහැ (නි)

:       0       0

රසිකා Friday, 24 October 2014 10:05 AM

උපාධිධාරින් තව ටිකක් සේවයට බඳවාගන්න. (නි)

:       0       0

සුබානි Friday, 24 October 2014 10:14 AM

දේශීය කිරි 100 කින් අඩු කළා. එතකොට අපි බොන පිට රට කිරි අඩු කරන්නේ රනිල් ආවහමද? පිස්සු තමා. (නදී)

:       0       0

දිලා Saturday, 25 October 2014 06:19 AM

මොන අය වැය ආවත් රටේ ජනතාව තමයි ලොක්කන්ව ජීවත් කරවන්නේ. (නදී)

:       0       0

රත්න Friday, 24 October 2014 10:21 AM

තවම කැරට්, පතෝල එහෙම වීසිකලේ නැතිය? බලාගෙන ඕවා මාස තුනෙන් "කල් ඉකුත් වෙනවා". (නදී)

:       0       0

සෑම් Friday, 24 October 2014 10:23 AM

මම මේ ගැන විවේචනය කරනවා කියලා චෝදනා කරන්න එපා. මම දැනට ගතකරන ජීවන තත්වය මගේ ජීවිත කාලයේදී ලංකාවේදී කව්රු ආණ්ඩු කලත් ලබාගන්න බැහැ. නමුත් තාමත් මම උපන් බිමේ වෙන දේවල් ගැන සොයා බලනවා. මේ යෝජනා සබුද්ධිකව කියවලා බලන්න. ලංකාවේ ඒක පුද්ගල වාර්ෂික ආදායම ඩොලර් 4000 කියනවා. මේක අවම වශයෙන් රුපියල් හාරලක්ෂ අසුදහසක් හෝ මාසිකව රුපියල් 40,000 නේද? මම ලංකාවේ ජීවත් නොවුනත් මේ කියන ආදායම ලබන පුද්ගලයින් ලංකාවේ ඉන්නේ සීයකට එක්කෙනෙකුටත් අඩුවෙන් නේද? රටේ දළ වාර්ෂික ආදායම නය සහ පොලිය ගෙවීමටත් මදි වී, ඒ සඳහාත් පොලියට මුදල් ගන්නා තත්වයක නේද ලංකාව ඉන්නේ ? මේ දෙන සහනාධාර, මිල අඩු කිරීම් සියල්ලම කවදා හෝ පොලියත් සමග මහජනතාවගෙන් අය කර ගත යුතුයි නේද ? (නදී)

:       0       0

සාම Friday, 24 October 2014 03:56 PM

ආර්ථික විද්‍යාව නොදන්න පී. බි. මහත්තය නේද මේ අයවැය පිටුපස ඉන්නේ.ජනදිපතිතුමාව හොදට අන්දලා වගෙයි .ජනතාවට දෙවි පිහිටයි. (අ)

:       0       0

සේකර Friday, 24 October 2014 10:26 AM

පහුගිය කාලේනේ ඕවා දෙන්න ඕනේ. (නදී)

:       0       0

ජගත් Friday, 24 October 2014 10:29 AM

"කල් ඉකුත් වීම - 2015 ජනවාරි" යන ලේබලය යටතේ නිකුත් කරන ලදී. (නදී)

:       0       0

පියල් පද්මසිරි Friday, 24 October 2014 04:07 PM

බොහොම හොදයි.(අ)

:       0       0

බුද්ධික Friday, 24 October 2014 10:31 AM

මොනවද මේ කරන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩුකරලා නැහැනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 606 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1002 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 836 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1607 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 468 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 239 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site