IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ජනපති අලුත් පරපුර අමතයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්ව ඇත්තේ එදා තමන් ගත් පියවර නිසා බව තවත් වසර 25කින් රටේ තරුණ තරුණියන්ට ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකි වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (13) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි පැවති පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනට උපරිමයෙන් දායක වීමට තරුණ තරුණියන්ට අවස්ථාව සලසා දී ඇති බවත් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගීවීමට තරුණ නියෝජිතයන්ට අවස්ථාව සලසා දීම එහි සුවිශේෂී පියවරක් බවත් සඳහන් කළ ජනාධිපතිවරයා එය මෙතෙක් ලොව කිසිඳු රටක සිදු නොවුවක් බව ද අවධාරණය කළේය.

තරුණ පරපුර ඉල්ලා සිටි ක්‍රම වෙනස මෙය වන අතර එම අවස්ථාවෙන් ඔවුන් උපරිම ප්‍රයෝජන ලබාගනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහාය ඇතිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා යන මහත්ම මහත්මීහු සහ ආංශික අධීක්ෂණ කාරක සභාවලට තේරි පත් වූ තරුණ නියෝජිතයන් දෙදෙනෙකු ද මෙහිදී දහස් දැක්වූහ.

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද විෂය ක්ෂේත්‍රයන් 17 කට අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සදහා මෙම තරුණ නියෝජිතයන් පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව තෝරා ගැනීම සිදුවිය. මේ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලැබුණු අයදුම්පත් අතුරෙන් තෝරාගත් සුදුසුකම් සහිත අවු. 18 – 35 අතර වයසේ තරුණ නියෝජිතයක් 550 කට ආසන්න පිරිසකට මෙම වැඩමුළුව සදහා ආරාධනා කරනු ලැබීය.

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රියාත්මක වේ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද සංශෝධිත ස්ථාවර නියෝගවල විධිවිධාන පරිදි මෙම කාරක සභා විසින් මෙහෙයවනු ලබන විමසීම් සම්බන්ධයෙන් කාරක සභාවලට සහාය වීම සඳහා කාරක සභාවක සභාපතිවරයාට තරුණ නියෝජිතයන් පස් දෙනෙකු බැගින් කැඳවිය හැකි බැවින් එක් එක් කාරක සභාවට අදාළව තරුණ නියෝජිතයන් තෝරාගැනීමට අපේක්ෂා කරේ.



අදහස් (23)

ජනපති අලුත් පරපුර අමතයි

තරුණයා Saturday, 13 May 2023 07:53 PM

අවුරුදු 75ක් තිස්සේ ඔබලා කරපු දියුණුව දරාගන්න බැරුවයි අපි මේ ඉන්නේ. දැන් දියුණු කළා ඇති. දැන්වත් යන්න..

:       18       170

වැඩිහිටියාSunday, 14 May 2023 05:25 AM

තරුණයෙක් නිසා තේරුම් ගන්න බැහැ කියලා හිතෙනවා. මෙතුමාගේ පාලනය අවුරුදු 75ක් නැහැ.. 1956 සිට 1965 දක්වාත් නැවත 1970 සිට 1977 දක්වාත්, ඉන්පසුව 1994 සිට වසර තුනක් හැර 2015 දක්වාත්, ඊළඟට 2019 -2022 දක්වාම රටේ පාලනය කළේ අන්සතු සැපතට ඊර්ෂ්‍යා කළ ඒවා ඔවුන්ට නොවී මට වේවායි පතා ඒවා අත්පත් කිරීමට කටයුතු කළ එයින් රටේ ඉදිරි ගමනට බලවත් තර්ජනයක් වූ පිරිස් තමයි.. එනිසා රටේ පුද්ගලික අංශය කඩාකප්පල් වුණා... හැකියාව ඇති අය ව්‍යාපාර නොකර සංවර්ධනය අඩාල වුණා.. රජයට ගත් ව්‍යාපාර විනාශ වුණා.. රට අගාධයකට වැටුණා.. එහෙම තියෙද්දී තමන්ට කියලා 2022 දක්වා හරියට බලයක් හා තමන්ගේ කියලා මන්ත්‍රී පිරිසක් නැති කෙනෙකුට නිකරුණේ දොස් කියනවා. කොල්ලෝ ඔබත් පාලකයෙක් කන්නද අහපු සාහිත්‍යය ඉගෙනුම ලබා විචාරාත්මකව සිතන්න ඉගෙනුම ලැබුවා නම් ඔහොම මෝඩයෙක් වෙන්නේ නැහැ..

:       3       1

තරුණයාMonday, 15 May 2023 09:52 AM

වයසට ගියාට හැම මනුස්සයෙක්ම වැඩිහිටියෙක් වෙන්නේ නෑ කියලා ඔබේ කතාවෙන් පේනවා. 48 ඉඳන් මේ වෙනකල් ආණ්ඩු කලේ පක්ෂ දෙකක් නෙවෙයි දෙකට බෙදුණයි කියලා උඩින් පෙන්නපු නයි, මුගටි වගේ වෛරයි කියලා උඩින් පෙන්නපු ඒත් යටින් බොහොම හිතවත් ඥාති සබඳතා තියෙන එකම කල්ලියක්... ඒක තමයි අදටත් මෙච්චර අපරාධ කරපු අයට දඬුවම් නැත්තේ... කොටින්ම කියනවා නම් උසාවියෙන් වැරැදිකරුවෙලා මන්ත්‍රී ධුරය අහිමිවෙච්චි අයත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙනාපු එකෙක් රට හදයි කියලා හිතෙනවා නම් ඔබතුමා ඊළඟ ආත්මේ වෙන රටක ඉපදෙන්න.

:       1       3

BamunuarachchiSunday, 14 May 2023 10:27 AM

හලෝ ඔහෙලාට රට බාර දුන්නොත් කරන්න පුළුවන්ද? රට කරන එක හොහොම වෙතත් හොඳ පැපොල් ගෙඩියක්, දොඩම් ගෙඩියක් තෝරන්න පුළුවන්ද? මම මෙහෙම කියන්නේ දොඩම් කියා තරුණයා ගෙනාවේ සිදරන් ගෙඩියක්. ඔහෙලාව ප්‍රභාකරන්, ජේවීපී එක තේරුවේ ලේ සැලෙන විප්ලව කරන්න මිසක්... වැදගත් වැඩකට නොවෙයි. ඒ නිසා තරුණයින් ගැන තමන් ඉහළින් හිතාගෙන හිටියාට ඔවුන්ට කරන්න පුළුවන් මගුලක් නැහැ...

:       1       3

aseSunday, 14 May 2023 10:41 AM

එදා වගේම හිරිකිතයක් වගකීමක් නැතිව ඔහේ දොඩවනවා, ඔබේ අදහසට මල්මිටක්...

:       1       0

Bamunuarachchi Monday, 15 May 2023 03:19 PM

මොකක්ද හලෝ තම අදහස කියන්න ඕන වගකීම? තරුණයින්ට ගිනිතියන්න, මිනී මරන්න, මංකොල්ල කනවාට වඩා දෙයක් කරන්න පුළුවන්ද? 1989 65000 මරාගෙන මැරුනේ නාකිද? නැහැ තරුණයින්. කියන්නකෝ තරුණයෙකුට පැපොල් ගෙඩියක්‌ තෝරාගෙන එන්න කියලා. තෝරයිද බලන්න. ගොන් පාට් එපා හලෝ...

:       0       1

පින් පති Saturday, 13 May 2023 08:05 PM

පින්පති තරුණයින්ට අවස්ථාව දෙනහැටි අපි දැක්කා, පහුගිය මැතිවරණයෙන් පරාද වුණාට පස්සේ පක්ෂය දෙදරලා ගියත් බලෙන්ම නායකකම බදාගෙන හිටපු විදිහෙන්, රට බංකොළොත් වුනේ කොහොමද කියලා බොරුවට හිතහිත‍ා ඉන්න ඕනේ නැහැ.. ඒකේ සුලමුල හොයන්න පාර්ලිමේන්තු විවාදයක් තිබ්බා නම් හරි...

:       20       113

සරුවජන Saturday, 13 May 2023 08:30 PM

අපේ සීයලාටත් මෙයා මේකමයි කිව්වේ... අපේ තාත්තලටත් මෙයා මේකමයි කිව්වේ... අපිටත් මෙයා මේකමයි කිව්වේ... දැන් අපේ දරුවන්ටත් මෙයා එකම බොරුව කියනවා... දැන්වත් මෙයාලා කියන එකම බොරුව තේරුම් ගනිල්ලා.

:       2       2

Sunil Saturday, 13 May 2023 08:36 PM

තවත් ගොන් කතාවක්... අද අපි දියුණු රටක් නෙවෙයි. අන්ත දුගී රටක්. නියත වශයෙන්ම 2048දීත් එසේමයි.

:       2       2

පුරවැසියා Saturday, 13 May 2023 09:54 PM

අද රට මේ තත්වෙට වැටිලා තියෙන්නෙ මුන්ගෙ පන්තියේ පවුල් කීපයක් අතර බලය තම පවුලට බලය ලබා ගැනීමට සිදුවූ බල අරගලය නිසා. කොච්චර මරා ගත්තත් මුන් එකෙක්වත් තමුන්ගෙ පන්තියෙන් පිට බලය යන්න දෙන්නෙ නෑ. සල්ලි නෑ කියලා ජන්දෙ කල් දාන්නෙ ඒකයි. 48 සුද්දා රට භාරදීලා ගියෙ D S කියලා කලු සුද්දෙක්ට. D S. පස්සේ එතන්ට එන්න පවුල් තුනක් පොර කෑවා. ඩඩ්ලි, ජෝන්, බණ්ඩා. ඉතින් මුන් තමුන්ගෙ අධාරකාරයෝ වැඩිකර ගන්න නොයෙක් බොරු පොරොන්දු දුන්නා. ජාතිවාදය ආගම් වාදය ඇවිලුවා. පාතාලය ගෙනාවා. එදා ඉදන් අද වෙනකල් රටේ ජනතාව මුන්ගෙ පවුල් වල පශු සම්පත් ගානට දාලා තියෙන්නෙ. ජන්දේ කාලෙට පුන්නක්කු ටිකක් දීලා වැඩ ගන්නවා. ඊට පස්සෙ තණ කොළ වත් නෑ. රට වට්ටපු උන්ම රට හද්න්නෙ නෑ ලොවෙත්. උඹලට නකුට වනලා ජනතාවට විරිත්තන නිල සහ නිල නොවන සුනඛයන්ටයි ඊලග ජන්දෙදි ජනතාව පාඩමක් උගන්වයි

:       1       2

නිහාල් Saturday, 13 May 2023 11:34 PM

මේ වගේ පරණ හුචක්කුවල උපදෙස් ගන්න තරුණ පරපුර මෝඩ නෑ

:       1       1

චතුරි Sunday, 14 May 2023 01:05 AM

තරුන පරපුර. ගැන කතා කරන්නෙ දැන්ද. බාගයක් කුඩු ගහනවා. තව භාගයක් රාගයෙන් පෙලෙනවා. ඉතුරු භාගෙට කන්න නැතිව මග යන්න පන නැහැ. මොන දේ කරන්නත් රටේ නීතිය සැමටම පොදු වෙන්න ඕන. නායකයින්ට එකක්. සල්ලි තියෙන කෙනාටතව නිතියක් නැතිබැරි මිනිහට විතරයි නිතිය අකුරටම ක්‍රියාත්මක වෙන්නෙ. ඔය නඩේ කොහොමද තරුන පර පුර රකින්නෙ. ඔය නඩේ කී දෙනෙක් හොරුද මිනී මරුවෝද. පගාකාරයෝ. මොවුන්ගෙ. පවුල් සමග. ඉතින් ඔය වැඩේ නතර කරලා මේටික ඇතුලට යවන්න ඔබත් සමග. එහෙම වුනාම. තරුන ප්‍රපුර ඉබේම. ලස්සනට හැදෙනවා ඔය ගොබ්බරැල වගෙ නෙමේ. දැන් ඉන්නතරුනයින් උගත් බුද්දිමත් දරුවෝ. ඒ දරුවන්ට මුදල් නැහැ. තමන්ගෙ අරමුනට යන්න. රටේ නායකයට කොනදක්නැහැ. රටේ සේරම සම්පත් හොරා කාලා බාගයක් විකුනම්කාලා. තවත් විකුනන් කනවා. මේ ගොබ්බරැල කරන දෙවල් වලින්. තරුන පරපුරට වෙන්නෙ. චීනාගෙ නුඩ්ල්ස් ෆැක්ටරියේ වැඩ කරන්න.

:       0       3

දාස Sunday, 14 May 2023 04:56 AM

මේක අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ. අගමැති 3 සැරයක්, මේ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩකරන අයගෙන් මොන උපදෙස්ද? කිසිම ජනමතයක් නැති කෙනෙක්...

:       1       1

Perera Sunday, 14 May 2023 05:26 AM

පිනාධිපතිගේ ගොන් කතා අහන්න යන අය කවුද?

:       1       1

ලුම්බිණි Sunday, 14 May 2023 06:43 AM

පිනට ජනාධිපති වුණු කෙනෙක් කොහොමද අලුත් පරපුරක් අමතන්නේ..?

:       0       1

OXFORD BULSHIT Sunday, 14 May 2023 09:12 AM

මෙයා මරු කයිකාරයෙක්. අවුරුදු කීයක් දේශපාලනයේ හිටියාද? මහබැංකු හොරු ටික - බේරිලා ඉන්නවා (එතකොට මෙයා අගමැති) මේ දිනවල රාජ්‍ය ත්‍රස්තවාදය කරන ටික බේරිලා ඉන්නවා (ගම්පහ ඕමාන ගාමන්ට් එකට ගහපු කල්ලියේ ලොකු මදාවියා රාජ්‍ය ඇමැති කෙනෙක්) මොවුන් රට හදයි කියලා හිතන්නවත් පුළුවන්ද?

:       1       1

Bamunuarachchi Sunday, 14 May 2023 10:30 AM

රනිල් තරුණයින්ට රට බාර දෙන්න තරම් මෝඩයෙක් නොවෙයි හලෝ. ජෙප්පෝ දන්නවා ඔහෙලාව ගොනාට අන්දන්න පුළුවන් කියලා. 1971, 1989, 2022ත් ඔහෙලාව ගොනාට ඇන්දුවා. ඔහෙලා ලස්සනට ඇඳගන්නවා...

:       0       2

Bamunuarachchi Sunday, 14 May 2023 10:37 AM

ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්ව ඇත්තේ එදා තමන් ගත් පියවර නිසා බව තවත් වසර 25කින් රටේ තරුණ තරුණියන්ට ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකි වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රනිල් මහතෝ ඔය කියන්නේ 2005න් පස්සේ ඉපදිච්ච කොල්ලෝ කෙල්ලන්ට නේද? කොහෙද හලෝ රට දියුණු වුනේ? උන් දන්නේ නැහැ ඔහේ යුද්ධය දිනන්න බැහැ කියා ප්‍රභාකරන්ට උතුරු, නැගෙනහිර බාර දෙන්න ගිය බව... මහින්ද නොසිටින්න අද මුළුරටම ප්‍රභාකරන්ගේ. රනිල් උතුරේ දෙමල්ලුන් සමග කරපු කතා සරුයි කියලා අද පත්තරයක තිබෙනවා. කාටද සරු රටින් කෑල්ලක් ඉල්ලන, උතුරට පන්සල් එපා කියන දෙමළුන්ටද රට අයිති සිංහලයින්ටද...?

:       0       2

යෝගා Sunday, 14 May 2023 11:11 AM

අමතන්න ඕනේ අලුත් පරපුරේ දෙමාපියන්ටයි, ගුරුවරුන්ටයි.

:       2       1

චන්දිම ෆොන්සේකා Sunday, 14 May 2023 11:28 AM

අනේ මේ හැමදාම දාන පොත අපි නොදන්නවාද? 1977 අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන් මෙයා මේ වගේ පරම්පරාවෙන් පරම්පරාවට ඔය වගේ පම්පෝරි දුන්නා තමයි. මගේ වයස දැන් හැටකට කිට්ටුයි. දැන් අපේ මුනුබුරු පරම්පරාවත් රවටන්න හදනවා. ලෝකේ වටේට තියෙන අනිත් රටවල් දියුණු වෙද්දී අපි තාම මඩ ගොහොරුවේ ඉන්නේ. ඒ මේ ගොල්ලන් කරපු හරිය තමයි. මගේ අත්දැකීම අනුව නම් මේ බොරු පම්පෝරි කතාව ඒකහෙලා ප්‍රතික්ෂේප කරලා කුණු කුඩේකටම දාලා තොලොන්ගි කරලා දාන්න ඕනෑ.

:       2       1

Kumara Sunday, 14 May 2023 12:43 PM

අපිව මිනීමරුවන් නොකර ඉක්මණින් මකබෑවිලා යන්න.

:       2       1

Bamunuarachchi Monday, 15 May 2023 04:29 AM

මේ ගොල්ලෝ මිනී මරුවන් වුණාම රනිල් බය වෙයි... මිනීමරුවන් වෙන්නේ කාව මරන්නද? බහුබූත දොඩවන්න එපා හලෝ. 1989 මිනීමරුවන් වෙච්චි අයට සලකපු විදිහ අහලා දැකලා නැතුව ඇති...

:       0       1

අමෝ Sunday, 14 May 2023 05:42 PM

ඔබේ පන්තියේ අයට වැඩ බෑ මහත්තයා. ඒක හැමෝම දන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 407 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 213 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 297 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 902 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 493 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 3500 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 594 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 306 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site