IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ජනපති ඉහළ කොත්මලේ විවෘත කරයි

මහවැලියේ අවසන් විදුලි බලාගාරය වන ඉහළ කොත්මලේ විදුලි බලාගාරය මහින්ද රාජපක්ෂ ජනපති අද විවෘත කෙළේය. මෙගාවෝට් 150ක විදුලි  ධාරිතාවක් ඒ සමග ජාතික විදුලි බල පද්ධතියට එක්වෙයි. සාන්ත ක්ලෙයාර් දිය ඇල්ල ආශ්‍රයෙන් ඉදි කළ මේ  බාලාගාරයට රුපියල් කෝටි 4500ක් වැය විය. ජපාන සහයෝගීතා බැංකාව සහ ශ්‍රී ලංකා බැංකුව ඒ මුදල් යෙදවීය. විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක ද රජයේ මැති ඇමැතිවරු ද මෙම අවස්ථාවට එක් වූහ.



අදහස් (0)

ජනපති ඉහළ කොත්මලේ විවෘත කරයි

ගාමිනී ලේකම්ගේ Saturday, 14 July 2012 02:56 PM

මෙන්න මේ වගේ වැඩ තමයි තීන්දු තීරන අරගෙන රටක් වෙනුවෙන් කල යුතු වන්නෙ.ඒවාට ජනතාවගේ ප්‍රසාදය නිතැතින්ම හිමිවනු නොඅනුමානය............

:       0       0

සනත් හේරත් Saturday, 14 July 2012 02:21 PM

අන්න දැක්කනේ අපේ රජතුමාගේ වැඩ ටිකක් ඉවසන් ඉන්න එතුමා බඩු මිලත් අඩු කරල පෙන්නයි.

:       0       0

සුරාජ් Saturday, 14 July 2012 02:21 PM

එක දෙයක් ඉදිරියට යද්දි අනික් දේ විනාශ වෙනවා.සාන්ත ක්ලෙයාර් දිය ඇල්ල වගේ.

:       0       0

සුරාජ් Saturday, 14 July 2012 02:59 PM

හොද දෙයට හොදයි කිවයුතුයි තමයි. නමුත් සාන්ත ක්ලෙයාර් දිය ඇල්ල විනාශ නොකර කළානම් තමයි වැඩේ නියම වටිනාකම ලැබෙන්නේ.

:       0       0

සමන් Sunday, 15 July 2012 01:57 AM

ඇයි මදූට ඉරිසියාද?????.....

:       0       0

මෝහමෙඩ් රිස්වී කටාර් Saturday, 14 July 2012 03:02 PM

ආයේ කොහේ හදයිද දන්නේ ????????????

:       0       0

ලංකා Sunday, 15 July 2012 02:07 AM

මේවා ඉදිකලාට වැඩක් නැ බිල අඩු වෙන්නේ නැ

:       0       0

ලංකා Sunday, 15 July 2012 01:30 AM

බොරු වැඩ

:       0       0

අමිල Saturday, 14 July 2012 03:05 PM

ඔබතුමාට ඇති ඊළග අභියෝගය නම් මිනිසුන්ගේ චර්යාවන් සංවර්ධනය කිරීමය

:       0       0

ආනන්ද Saturday, 14 July 2012 03:11 PM

විදුලි බිල අඩුවෙයිද ,

:       0       0

ලක්මාල් Sunday, 15 July 2012 04:22 AM

මධු වගේ අය නිසා තමයි අද රටම කලකිරිලා ඉන්නේ ..

:       0       0

ගීත් Saturday, 14 July 2012 03:30 PM

අධුරෙන් එලියට ...

:       0       0

දිනුෂි Sunday, 15 July 2012 06:42 AM

රට සංවර්ධනය කරන ඒක නායකයකුගගේ වගකීම. ඒ හරහා කොටි ප්‍රකෝටි ගණන් ගසා කන ඒකයි වරද

:       0       0

එරන්ද . කෑගල්ලේ Sunday, 15 July 2012 08:13 AM

කොහොමද ආශ්චර්ය නියමයි නේද ?

:       0       0

එරන්ද Sunday, 15 July 2012 07:35 AM

කෙහොමද ආශචර්‍ය...................

:       0       0

ලලිත් Saturday, 14 July 2012 03:03 PM

මේ ව්‍යාපෘතියට කොච්චර ගස් කපන්න ඇද්ද? දැන් කරන්න තියෙන්නේ පුලුවන් තරම් ගස් හිටවන එකයි. නැත්නම් ඉදිරියට ප්‍රශ්න ඇතිවෙයි

:       0       0

ආශා -මේල්බන් Sunday, 15 July 2012 08:23 AM

සුබ පැතුම් ...හරි වැරැද්ද තේරුම් ගන්න බැරි අයට මොනවා කරත් වරදියටමයි පෙනෙන්නේ .පක්ෂ බේදයකින් තොරව හරි දේ අගයන්න .

:       0       0

දයා Saturday, 14 July 2012 03:12 PM

කෝටි 3200 ඉ වැඩේට ගියේ....

:       0       0

කෙනී Saturday, 14 July 2012 03:51 PM

මිනිසුන්ගෙ මෝඩකම තමයි. ජලය ඉක්මනට හිංග වෙන මේවගෙ යුගයක ජල විදුලි බලාගාර හදන එක තරම් වෙන මොන මෝඩ කමක් තියෙනවද? ඒකෙන් පෙන්නෙ අපේ නායකයන්ගෙ දුර සිතීමේ හැකියාව තමයි.

:       0       0

තත්සර Sunday, 15 July 2012 08:43 AM

වැඩේනම් හොදයි . එත් මගදී කොටි 4500 න් කියක් සක්කුවේද දන්නැ නේද ?

:       0       0

මදුසංක Saturday, 14 July 2012 03:23 PM

කව්රු මොනවා කිවත් අන්තිමට එන්නේ මෙතෙන්ටම තමයි

:       0       0

ජීවක Saturday, 14 July 2012 04:06 PM

අනේද කියන්නේ , සුමානයක් පව්වොත් ජලාශ හිඳෙන රටේ මොන ජල -විදුලියද . ජලාශ වැටීම හෝටල් ගොඩාක් හදල කොල්ලන්ට රස්සාවල් දීල විදුලිය "import" කොරානම් තමයි නියම !

:       0       0

නිරන්ජන් .පැරිස් Saturday, 14 July 2012 04:08 PM

කෙනි ඔයා වැස්සකටවත් පාසැලකට ගියෙ නැද්ද . ඹයාලගෙ නායකයා වගෙ ඔචිචර කුහක වෙන්න ළුපා.

:       0       0

මාමා Saturday, 14 July 2012 03:40 PM

අයියෝ කෙනී තාමත් ඔයා කොළ ද ?

:       0       0

කමල් -අබුඩාබි Saturday, 14 July 2012 04:26 PM

තාමත් කෙනී වගේ මෝඩ විදියට හිතන මිනිස්සු ලංකාවේ ඉන්නවා ,අනී අපොයි ...

:       0       0

ලාල් ගලබඩ,ඉතාලියේ සිට. Saturday, 14 July 2012 03:59 PM

ඉතා හොද දෙයක්,වියදම ටිකක් වැඩි උනත් අගය කරමු. තව හොද විදුලි බලාගාර දෙකක් කළුතර දිස්ත්‍රික්කයේ හැදිය හැකිය.ඇමති තුමනි හදන්නේ නම් අගනේය. 1.අගලවත්ත ආසනයේ හැඩිගල්ලෙන් ඇතුළු වී,මගුරු ගගේ ඉහල කොටසේ "හෙන්ච වල ආශ්‍රිතව "එකක්ද, 2.එම ආසනයේම අත්වැල්තොට ලගින් ගග හරස් කොට තව බලාගාරයක් හැදිය හැක, බලවත්තුන්ට පෙනේවා.දැනේවා.

:       0       0

harsha Saturday, 14 July 2012 05:00 PM

මෙහෙම තමයි රට ගොඩනගන්නේ ඒ ගැන මට හරි සතුටුයි. ආඩම්බරයි. හැබැයි කලට වැසි වසින්න මිනිස්සු දැහැමි වෙන්න ඕනේ. රටපුරා පස් පව් වැහැල. ඒක ජනපතිතුමාගේ වැරැද්දක් නෙමේ. දැන් අපට රජෙක් ඇති.

:       0       0

fm Saturday, 14 July 2012 05:00 PM

ණය ගන්නැතුව කරනව නම් වැඩත් හොඳයි

:       0       0

නිෂාන් Sunday, 15 July 2012 10:21 AM

ජනපතිතුමනි,කොතරම් හොඳ කළත් දුදනෝ නොවෙති යහපත්.

:       0       0

රොෂාන් Saturday, 14 July 2012 05:09 PM

ඇයි එක පාරකුත් මේක විවෘත කළේ?

:       0       0

පනාමුරේ Sunday, 15 July 2012 10:30 AM

පනාමුරේ විදුලි උපකරණ පිළිස්සේ

:       0       0

රොෂාන් Saturday, 14 July 2012 04:32 PM

මේකේ නම මොකක්ද?

:       0       0

රට වැසියෙක් Sunday, 15 July 2012 09:54 AM

මේක ඉතාමත් හොඳ වැඩක් අගය කරන්න ඕනි මොකද මේක අනාගතයට හොඳ ආයෝජනයක්.හැබැයි අද රටේ වියදම හැටියට නම් සංවර්දනය මදි.ගොඩක් තියෙන්නේ බොරු වියදම් ආණ්ඩුවේ.

:       0       0

උරෙක් Sunday, 15 July 2012 10:33 AM

කොටි 4500 ක් වියදම් කරලා හැදුව වගේ විදුලියත් දෙන්න

:       0       0

රංග කොත්මලේ Saturday, 14 July 2012 04:44 PM

හොද වැඩක්.හැබැයි ඉතින් මේක හදපු දවසේ ඉදන් අපේ පැත්තෙ ළිං හිදිල.අපි පොඩි කාලේ ඉදන් තිබුන ජල උල්පත් හිදිල.බලාගාරය වගේම අපේ ජල ප්‍රශ්නය විසදන්න.

:       0       0

රොෂාන් සෞදි Sunday, 15 July 2012 10:25 AM

එරන්ද , මේක අස්චර්යක් නෙවෙයි හොද වැඩක් සතුටුයි , මධු පාට කන්නාඩිය ගලවල මේක දිහා බලන්න .

:       0       0

සමන් Saturday, 14 July 2012 04:48 PM

ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලට දවල්ට වතුර ටිකක් දුන්නා නම් නේද හොද?

:       0       0

පුංචා Saturday, 14 July 2012 05:31 PM

කොච්චර ලස්සනද බලන්නකෝ හසන්ත

:       0       0

කසුන් Sunday, 15 July 2012 11:12 AM

"රොෂාන් සෞදි 2012-07-15 10:25:22 එරන්ද , මේක අස්චර්යක් නෙවෙයි හොද වැඩක් සතුටුයි , මධු පාට කන්නාඩිය ගලවල මේක දිහා බලන්න" රොෂාන් සෞදි මෝඩ කතා කියන්න එපා. මොකද කොටි ගණන් වියදම් කරලා ඕව හැදුවට ලංකාවේ ජෙවත් වෙන්න පුලුවන්ද. කොටින්ම කියුවොත් ලයිට් බිල අඩුවෙනවද. සෞදි ඉගෙන ලංකාවේ වෙන වැඩ ගැන දන්නේ කොහොමද

:       0       0

සංජය Sunday, 15 July 2012 10:34 AM

වැඩේ නම් හොඳයි ,,එත් පුදුම මාධ්‍ය නිදහසක් නේ ලංකාවේ තියෙන්නේ ,,?විෂයට අදාල ඇමතිගේ ෆොටෝ එකක්වත් නැහැ .කොහෙවත් ඉන්න කට්ටියගේ නම යනවා ,,

:       0       0

පිලිපිනෝ Sunday, 15 July 2012 11:17 AM

@ කසුන් . ඔයා එන්න පිලිපිනෙට ..ඔයා වගේ මෝඩ විදිහට හිතන අය ඉන්න කම් ලංකාවට ගොඩ යාමක් නැ ..

:       0       0

මධු Saturday, 14 July 2012 05:53 PM

තුන්වෙනි ඡායාරූපය අයින් කරන්න බැරිද? මට ඇති වෙන්නේ ලොකු කළකිරීමක්

:       0       0

ලොකු බොස් Saturday, 14 July 2012 07:13 PM

පාන් මිල අඩුවෙයිද? ගෑස්වගේ......

:       0       0

රස්තියාදුකාරයා Saturday, 14 July 2012 07:21 PM

මෙවැනි විශාල ජලාශ හැදෙන කොට, යම් යම් ප්‍රදේශ වල පොළොව වියැළීම, ළිං හිඳෙන එක ඇත්ත. අනිත් මහවැලි ජලාශ හින්දාත් මේ දේම සිද්ධ වෙලා තියෙනවා. ඒත් ලක්ෂ ගාණකට සෙතක් වෙනකොට, දහ දොළොස් දාහකට අමාරු කම් විඳින්ඩ වෙනවා කියන එකට කරන්ඩ දෙයක් නෑ. තව තව අඩුපාඩුත් එමට ඇති. අනික, ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලට ලොකු බලපෑමක් නොවන විදිහට තමා මේ ජලාශයේ ඉඳිකිරීම් සැලසුම් කළේ. තවත් එකක්, මේ ජාලාශයට යට වන බිම් වල ලයින් කාමර වල පදිංචි වෙලා හිටපු පවුල් දහස් ගණනකට ඉතාම හොඳ තත්ත්වයේ නිවාස දහස් ගාණක් හදල දීලත් තියෙනවා. අන්ධයින් කෙළෙස අරුත් ගැන්වුවත්, පියවි ඇසින් මේ සියල්ල නිරීක්ෂණය කළ අයෙකු ලෙස මට නම් මෙය අදහා ගත නොහැකි වික්‍රමයක්, මෙය ආරම්භයෙදී පටන් ඇති වූ බාධක සළකා බලන කොට.

:       0       0

හිරාන් - යු.එස්.ඒ Saturday, 14 July 2012 08:10 PM

සුභ පතනවා නියම මහින්ද රජ තුමනි, ශ්‍රී ලංකික අපි ඔබ සමගයි

:       0       0

අසින්ත Saturday, 14 July 2012 08:21 PM

ජනපති තුමාට ජයවේව .... 120 ට 1020 ක් ආයු බොහෝ වේවා අපේ කලේ දුටුගැමුණු රජතුමා .. ඔබතුමාට තෙරුවන් සරණයි ..

:       0       0

බහිරවය Saturday, 14 July 2012 08:00 PM

ඔය වේල්ලෙන් මැති ඇමතිවරු නිලධාරී කීදෙනෙක් එගොඩ යන්ද ඇද්ද සුදු ඇදගෙන

:       0       0

සිල්වා ඕමාන් Saturday, 14 July 2012 08:39 PM

සුබ පැතුම්

:       0       0

අන්කල් Saturday, 14 July 2012 08:54 PM

මොන විදුලි බලාගාර හැදුවත් වැස්ස නැත්නම් අපි කළුවරේ ? යන්නකෝ සුලන් බලාගාරවලට

:       0       0

මේනක නිරෝශිනේ Saturday, 14 July 2012 09:35 PM

අපේ රට දවසෙන් දවස දියුණු වෙනකොට එක අපට ආඩම්බයක් .ජනපති තුමනි ඔබට සුබ පැතුම්

:       0       0

මොහොමඩ් රමීස් Saturday, 14 July 2012 09:35 PM

බණ්ඩාරනායක තුමියට පින්සිද්ද වෙන්න රටේ මිසුන්ට අමතක වෙලා මේවා කව්ද පටන් ගත්තේ කියල

:       0       0

රොෂාන් කොඩිකාර Saturday, 14 July 2012 09:54 PM

හරි හරි ප්‍රශ්නයක් නැ ... මම ඔයා "සෙන් ක්ලෙයා" දිය අල්ලේ ෆොටෝ ටිකක් කෝකටත් කියල ගත්ත . පස්සේ කලක මෙතැන එහෙම එකක් තිබුන කියල අපේ පොඩි උන්ට පින්තුරේ හරි පෙනන්න පුළුවන්නේ ...

:       0       0

තරුෂ Saturday, 14 July 2012 09:55 PM

අනේ මන්ද ලංකාවෙ අගේ තේරෙන්න මැද පෙරදිග එන්න ඕන. ඔය වනන්තර තියෙන ටික පරිස්සම් කර ගන්නත් තව ගස් වවල වැඩි කර ගන්නත් වැඩ පිලිවෙලක් හදනව නම් අපේ ජනපතිතුමා අම්මප බුදුවෙනව වෙන කියන්න විදියක් ඔලුවට එන්නෙ නෑ හොදද මංද

:       0       0

නලින් Saturday, 14 July 2012 10:32 PM

ඉතාමත් හොද දෙයක් ඔබ තුමාට ස්තුති වන්තවෙව !!!

:       0       0

මෙල්බන් වැසියා Saturday, 14 July 2012 02:08 PM

නියමයි

:       0       0

ජයරත්න Saturday, 14 July 2012 10:19 PM

හොද දෙයක අගය දන්නේ නැති මිනිස්සු ඉන්න රටක මොනවා කලත් වැඩක් නැහැ

:       0       0

ආනන්ද Saturday, 14 July 2012 11:02 PM

තුන්වෙනි ෆොටෝ අකට මධුගේ ෆොටෝ එකක් දාන්න බැරිද කලකිරීම නැති වෙයිද බලන්න

:       0       0

විජිත ඕස්ට්රේලියාව Saturday, 14 July 2012 01:52 PM

අප සැමගේ සුභපැතුම්..

:       0       0

සේනානායක Saturday, 14 July 2012 11:29 PM

සන්තෝසයි සන්තෝසයි .අප්‍රමාණ සන්තෝසයි .අපේ සුබපැතුම් .

:       0       0

අනුර එස් ලියනගේ ~ මුල්ලෙරියාව Saturday, 14 July 2012 01:56 PM

**** පිරිසකට රැකියාවක් රටට යහපතක් ****

:       0       0

ජයසිංහ Saturday, 14 July 2012 02:01 PM

අතිගරු ජනාධිපතිතුමා රට වෙනුවෙන් කරන උදාර මෙහෙවරට පූර්ණ ආශිර්වාදය පතමු!

:       0       0

රුවන් ගමරාලගේ Saturday, 14 July 2012 02:40 PM

වඩා හොදයි ....මේවා මීට කලින් කරන්න තිබුන ඒවා ...එත් ඉතින් ..බොරු වියදම් තමයි වැඩි

:       0       0

අනුර Saturday, 14 July 2012 02:02 PM

සුබ පැතුම් රජ තුමනි .

:       0       0

ප්‍රසාද් Sunday, 15 July 2012 08:28 PM

ජපන්නු මොකද පේන්න නැත්තේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 458 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 1004 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 307 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 195 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4748 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 979 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26047 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 295 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site