IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ජනපති එක්සත් ජාතින්ගේ මහලේකම් හමුවෙයි

ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස්  මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ පැවැසීය.

නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති විශේෂ හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණි ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් ගුටරේස් මහතා, 1978 වසරේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි තමන් මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල කළ සංචාරයන් හා ශ්‍රී ලංකාව පිළිබඳව සුන්දර මතකය අවධි කළේය.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩ කිරීම හා 2006 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාව පිළිබඳවත් ගුටරේස් මහතා විසින් මෙහිදී සිහිපත් කරනු ලැබිණ. වසර 30කට ආසන්න කාලයක් පැවති ගැටුම්කාරී බව නිසා ඉතා සංකීර්ණ තත්ත්වයකට වැටීමට සිදුවුවත් ඉන්දියන් සාගර කලාපයේ විශාල සමාජ හා ආර්ථික කර්තව්‍යයක් ඉටුකරන ශ්‍රී ලංකාව තුළින් ඉදිරියටත් එය අපේක්ෂා කරන බව මහලේකම්වරයා සඳහන් කරනු ලැබිණ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බව පැවසූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ලෝකය මුහුණ දී සිටින ඉතා අසීරු කාල පරිච්ඡේදයක එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීම පිළිබඳව සහ දෙවන වරටත් මහලේකම් ධූරයට පත්වීම පිළිබඳව සිය සුභාශීංසන ඔහු වෙත පිරිනැමීය.

කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳව රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වූ ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයට සාර්ථකව මුහුණදීමට දෙන සහාය ඇගැයීමට ලක් කළේය.

මේ වන විට සමස්ත ජනගහණයෙන් අඩකට වැඩි පිරිස පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නොවැම්බර් මස අවසන්වීමට පෙර වයස අවුරුදු 15ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට භාජනය කිරිමට සියලු කටයුතු සැලසුම් කර ඇතැයි සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය.

එන්නත්කරණයේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය මෙහිදී මහලේකම්වරයාගේ ප්‍රශංසාවට ලක් විය.

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව රජය විසින් ගතයුතු පියවරයන් හැකි ඉක්මණින් ගන්නා බව හා මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බව ජනාධිපතිතුමා මහලේකම්වරයා සමග පැවසීය.

ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි බොහෝ තරුණයින් තමා බලයට පැමිණි පසු නිදහස් කළ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන බවත් දිගුකලක් අත්අඩංගුවේ පසුවන ද්‍රවිඩ තරුණයන් පිළිබඳව නීති කෘත්‍ය අවසන් වූ පසු දීර්ඝ කාලයක් ඔවුන් අත්අඩංගුවේ සිටීම පිළිබඳ සැලකිල්ලට ගෙන එම පිරිසට ජනාධිපති සමාව ලබාදීමට තමා නොපැකිළෙන බවත් මහලේකම්වරයා සමග පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කළ මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිතුමා පැවසීය. රටේ දියුණුව හා සංහිඳියාව ඇති කිරීමට සිවිල් සංවිධාන සමග එක්ව කටයුතු කරන ආකාරය ද රාජපක්ෂ මහතා විසින් පැහැදිළි කරනු ලැබීය.

 



අදහස් (18)

ජනපති එක්සත් ජාතින්ගේ මහලේකම් හමුවෙයි

maduta jayasingha Monday, 20 September 2021 11:35 AM

මහ ලේකම් තුමාගේ මුහුණේ කිසිම ප්‍රියමනාප බවක් නොපෙනේ .ඒ ඇයි ?අපේ එක්කෙනා හැම විටම පිළිගන්නේ අපේම අය නේද ?මට විතරද ටිකක් හිතට ඒ ගැන කුතුහලයක් දැනෙන්නේ

:       162       38

samanMonday, 20 September 2021 12:20 PM

මාස්ක් දාගෙන ඉන්න කොටත් මුහුණේ ප්‍රියමනාප බව හරියටම පේන ඔබතුමා නම් මනුෂ්‍යයෙක් වෙන්න බෑ ...

:       22       121

KumaMonday, 20 September 2021 01:06 PM

සමන් ඔබ 69 ලක්ෂයේ වහල් සේවයේ සේවකයෙකි...

:       92       37

gunarathnaMonday, 20 September 2021 04:42 PM

යහපත් දෙයක් වෙනවනම් කමක් නෑ

:       2       7

fairoos Monday, 20 September 2021 12:51 PM

මීට වඩා සිරිසේනට පිළිගැනීමක් තිබ්බා.. මෙයා එහෙ පෙට්‍රල් ශෙඩ් එකේ වැඩකරපු එක හැමෝම දන්නවනේ...

:       132       44

gunarathnaMonday, 20 September 2021 04:29 PM

අනාගතයට සුබ දෙයක් වේවා

:       8       42

Amaraweera Monday, 20 September 2021 01:55 PM

මොනවා කියාවිදැයි සැකයි...

:       30       19

ජගත් Monday, 20 September 2021 02:09 PM

ලංකාවට ගිය කලක්... කිසිම කෙනෙක් ගණන් ගන්නේ නැහැ. මොනවා වුණත් ගමරාළට හොඳ පිළිගැනීමක් තිබ්බානේ...

:       185       34

chandanaMonday, 20 September 2021 03:29 PM

ජාත්‍යන්තර වසංගතයක් වූ කොවිඩ් හේතුවෙන් සියල්ල පැවැත්වෙන්නේ පැවැත්විය යුතු නිසාය. අතින් අත දීම් වලින්, වැළඳගැනීම් වලින් ළඟින් සිටීමෙන් පවා වැළකී සිටීමට සියල්ලෝම උනන්දු වෙති. එය ඔබ රාජපක්ෂවරුන්ට පිළිගැනීමක් නොමැති සේ දැකීමෙන් සතුටු වන්නේ නම් එය කුහකකම මිස වෙනකක් නොවේ. සම්පූර්ණ බටහිර ගැති ප්‍රතිපත්තියත් අනුගමනය කළ පුදුමාකාර ජාත්‍යන්තර පිළිගැනීමක් තිබුණා යැයි පැවසෙන යහපාලන රජය සමයේ කොවිඩ් උවදුරක් නොතිබියදී වුවද අප රටට ලැබුණු විශේෂ ආධාරයක් හෝ විශේෂ ආයෝජනයත් හෝ අප රටේ විශේෂ සංවර්ධනයක් පිළිබඳ ඔබ අසා තිබේද? එසේ විශේෂ කිසිවක් ලැබී නැත්තේ බටහිරයන්ගේ අවස්ථාවාදිකම හේතුවෙන් බැවින් එවක රජයට පිළිගැනීමක් නොතිබුණේ යැයි කීමට තරම් කුහක නොවෙමි...

:       12       94

සෙනෙවිරත්න Monday, 20 September 2021 08:12 PM

ඔච්චරම බටහිර හොඳ නැත්නම් රාජපක්ෂවරු පවුල් පිටින් ඇමරිකාවට රිංගගෙන මොකද කරන්නේ? රට නාහෙ ලඟට ගිලුණේ කොවිඩ් නිසාද? ඒක පිට දාලා තමයි රාජපක්ෂවරු ගැලවෙන්නේ... තව ටික දවසක් යනකොට බලතැහැකි පවුලේ පාලනය. ඒකට කඩේ යන අය සිටීම පුදුමයි...

:       46       8

Buddika Monday, 20 September 2021 02:26 PM

අනේ මටනම් එයාගේ කිසිම ප්‍රියමනාප පෙනුමක් නෑ. එතුමා ඔය ගියේ එතුමගේ ගමනේ... ගෙදරත් එහෙමයි. මේ රට වෙනුවෙන් එතුමාට කළ හැකි ලොකුම සේවය ගමට වෙලාම ඉන්න එක. මොකද ගතවූ කාලෙදී කරපු සේවය හොඳටම ඇති. අපිට දරාගන්න බැ ඒ සේවය...

:       111       27

සේකර Monday, 20 September 2021 03:45 PM

ලොක්කා ගියා ගම රටට​ තරකර... වියදම් මලු තදට දාලා .. හොඳ පදමට තද කරගන්නම් අපි පටි තදට...​

:       71       16

de silva Monday, 20 September 2021 06:11 PM

එතුමා එතුමගේ මව්රටට ගිහිල්ලා ආවාම කාටවත් ඇති රුදාව කුමක්ද?

:       55       12

සෙනෙවිරත්න Monday, 20 September 2021 08:14 PM

ඇමරිකන් විරොධය. හැබැයි පවුල්පිටින් එහේ ඉන්නේ. මෙහෙ හරක් රැවටෙනවා...

:       27       9

බද්රානි Monday, 20 September 2021 07:48 PM

මේ වෙද්දී ලංකාවට අත්වෙලා තියන ඉරණම ගැන මහලේකම් තුමා දන්නවද දන්නේ නැහැ? අපි නම් කියන්නේ මේ රට මාෆියා මංකොල්ලකාරයින් රැලක් අතට පත්වී හමාරයි. පාලකයින්ට උදව් කිරීමෙන් රටේ ජනතාවට කිසිම ඵලක් නැහැ. හැකිනම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධිත රටවලට පැමිණීමට ජනතාවට වීසා පහසුකම් ලබා දෙන්න. එතකොට මේ හොර නඩය හා ඔවුන්ට ගැතිකම් කරන අම්බරුවන් පමණක් රටේ ඉතුරු වී අනෙක් සියලු දෙනාම පිටරටවල පදිංචියට යනවා සිකුරුයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය තොරතුරු එතුමාට ආරංචි වෙලා නැහැ වගේ තවම..?

:       44       12

ආනන්ද Monday, 20 September 2021 10:34 PM

ගුටරෙස් මහලේකම් තුමාට නම් අනුරාධපුර ආදී අපේ ජාතික මුදුන්මල් කඩවල් හරහා සංචාරය තාමත් මතක ඇති. ඒත් අපේ ජනාධිපතිතුමාට නම් රුවන්වැලි සෑ රජුන් අභියස කළ දිවුරුම් දීම පවා මතකත් නැති බව දැන් මුළු රටම දන්නා කාරණයක්. රටේ නීතිය හා යුක්ති ධර්මය පමණක් නොව, පරිසරයට පවා ලැබෙන කණකොක් හඬ - වත්මන් විනාශය නොදන්නෙක් අද රටේ නැත. එතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" කාටත් පැහැදිලියි. මෙදා UNHRC පොහොට්ටු රජයට එරෙහි නවතම චෝදනා ගොනුකළ විට, සමස්ථ ජනතාවම එකහඬට පිළිගන්නවා නියතයි.. හොඳයි බලමු...!

:       27       1

Shantha Samarasinghe Tuesday, 21 September 2021 12:45 AM

කියන්නට දේ බොහෝය .නොලියමි .නොරටුන් ඉදිරියේ ගාගෙන ඇති මඩ හොඳටම ඇති .පිළිකුලකි ඇත්තේ

:       16       2

විපරමා Friday, 24 September 2021 07:08 PM

ඇමරිකාවේ අපේ අය කරපු උද්ගෝෂණය ගැන හරියට දැනගත්තම මහලේකම් තුමාට තරු පෙනෙයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුවේ ඝාතනයක වෙඩික්කරු කොටුවෙයි
2024 නොවැම්බර් මස 26 6 0

පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.


අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 108 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 547 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 626 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 395 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 340 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site