IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ජනපති එයි

ඉන්දියාවේ ගෝවේ බ්‍රික්ස් හා බිම්ස්ටෙක් රටවල රාජ්‍ය නායක සමුළුවකට  සහභාගී වු මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉන්දියාවේ තිරුචි නුවර සිට අද (17) පස්වරු 4.25 ට ශ්‍රී ලංකාවට  පැමිණියේය.

ශ්‍රි ලංකාවට පෙර ශ්‍රී  ලංකා ජනපති දෙපැයක් පමණ තිරුචි  අන්තර්ජාතික ගුවන් තොටේ ප්‍රභූවරුන්ගේ කුටියේ ගත කළේය.

ඔහු ගෝවේ සිට කුලියට  ගත් එයාර් ඉන්දියා යානයකින්  පස්වරු 1.45 ට පමණ තිරුචි ගුවන් තොටුපළට ළඟාවිය. ඔහු සමඟ ගෝවේ ගිය 25 දෙනා ද විශේෂ ගුවන් යානයෙන් පැමිණියහ.

තිරුචි  ගුවන් තොටුපළේ දී  රතු පලස එළා ඔහු පිළිගැණිනි. ඒ වන විට  ගුවන් තොටුපළ අවට  ද ආරක්ෂාව තරකර තිබිණි.

ගුවන් තොටුපළ පර්යන්තයේ පිහිටි විශේෂ අමුත්තන්ගේ කුටියට  වෙඩි නොවදින රියකින් රැගෙන ගිය බව හින්දු පුවත්පත කියයි.

අද (17) පස්වරු 3.30 ට කටුනායක බලා පිටත්වන එයාර් ලංකා යානයට  නගින තුරු විශේෂ පොලිස් කණ්ඩායම් , සන්නද්ධ විශේෂ පොලිස් කණ්ඩායම් ආරක්ෂාව සඳහා කැඳවා තිබිණි. 

පෙරදින 24 පැය පුරාම මධ්‍යයම කර්මාන්ත ආරක්ෂක බළකාය ද යොදවා තිබිණි. ඊට අමතරව ගුවන් තොටුපළට ඇතුළු වන වාහන සෝදිසියට ලක්විය.  

කඩාකප්පල්කාරින් මර්දනය කිරිමේ නිලධාරින් ද යොදවා තිබිණි.

ගුවන් තොටුපළ කේ.එස් පලනිසාමි , පොලිසිය, බුද්ධි අංශ, ආරක්ෂක බලඇණි හා වෙනත් ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම කැඳවා ඇත.



අදහස් (0)

ජනපති එයි

යොහාන් Monday, 17 October 2016 08:30 PM

තව ටික දවසකින් ආයෙත් යයි (නි)

:       0       0

සත්‍යයා Wednesday, 19 October 2016 02:02 AM

අමිත් සහ රමණී, එදා හිටපු එක්කෙනා මහා පොළව ඉඹගත් හින්දා අද මිනිසුන්ට නිදහසේ එහෙ මෙහෙ යන්න පුළුවන් වුණා කියන එකනේ ඕගොල්ලන්ගේ තර්කය. ත්‍රස්තයෝ එක්ක මුහුණට මුහුණලා කළ සටන් වලදී අපේ වීර සෙබළු දස දහස් ගණනින් පසට ලේ මුසු කරමින් මහා පොළව සිපගත් හින්දා හිටපු ලොක්කටත් පුතුන්ටත්, සහෝදරයින්ටත්, මස්සිනාටත් දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් ලෝකය වටේම යන්න නිදහසක් ලැබුනා කියා මා කිවුවොත්? ඔය කියන ලොක්කන් පොළව ඉම්ඹේ අපේ වීර සෙබළු යුද්ධය දිනුවට පස්සේ. අපේ සෙබළු පොළව ඉම්ඹේ වසර 30 ක ඉඳන්. දැන් වෙනස තේරෙනවා නේද? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 18 October 2016 12:42 AM

2002 සිදුවුණ දේම සිද්ධවෙන්නද යන්නේ? දැන් බලනකොට හවුල් ආණ්ඩුත් පාණ්ඩු හාල් වගේ. තරාතිරම කුමක් වුණත් වැරදි කරපු අයට සමාව දෙන්න අපි ඡන්දෙ දුන්නේ නැහැ. ඔබතුමන්ලා අපිට යහපාලනය ඉගැන්නුවා. දැන් අපි යහපාලනය අත අරින්න ලෑස්ති නැහැ. සිදුවිය යුත්තේ පුද්ගලයන්ගේ වෙනසක් නම් ලබන ඡන්දෙදි අපේ නියෝගය ඔබතුමන්ලට දෙනවා. එතෙක් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. සියලු දේ අපිට මතක තියෙන බව ඔබතුමන්ලා හොඳින් මතක තියාගත යුතුයි. (නි)

:       0       0

අබය Tuesday, 18 October 2016 12:46 AM

මේ රටේ දේශපාලකයෝ ගතකරන්නේ පුදුමාකාර බියගුළු ජීවිත. එ්කට හේතුව තමයි ජනතාවට හරියාකාර සේවයක් නොකිරීම. (නි)

:       0       0

ටෙෂාන් Tuesday, 18 October 2016 01:05 AM

දැන් බලමු ගිය ගමනෙන් ගෙනා ප්‍රතිලාභ! (නි)

:       0       0

එච්.පෙරේරා Wednesday, 19 October 2016 03:54 AM

සත්‍යා. ඔයා මාරයිනේ. (අ)

:       0       0

සත්‍යයා Tuesday, 18 October 2016 02:01 AM

අර කලින් හිටපු කෙනත් කෙනා වගේ කටුනායකදී බැහැපු ගමන් පොළව ඉඹින්න තිබුනනේ. අපේ මිනිස්සු ප්‍රශ්න විසඳන්නේ ඔන්න ඔයවගේ උපක්‍රම වලින් තමයි. (නි)

:       0       0

අමිත් Tuesday, 18 October 2016 02:13 AM

සත්‍යා, කලින් කෙනා එහෙම කළ නිසා තමයි පස්සෙ එන අය අද බයනැතුව යන්නේ (නි)

:       0       0

සජී Tuesday, 18 October 2016 02:39 AM

ඊළඟට කොහෙද යන්නේ? (නි)

:       0       0

ප්‍රියා Tuesday, 18 October 2016 02:58 AM

ඊළඟට කොහෙටද? (නි)

:       0       0

ජනහිත Tuesday, 18 October 2016 03:12 AM

කොහෙවත් යන එක නොවෙයි ප්‍රශ්නය. ඊළඟ පියවර කුමක්ද කියන එකයි. ආයේ කොහෙවත් යන්න ඉස්සරවෙලා හොදට හිතලා බලන්න. (නි)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 18 October 2016 03:38 AM

සත්‍යයා, කලින් කෙනා එහෙම කරපු නිසා කට්ටිය දැන් කොන්ද කෙළින් තියාගෙන ඉන්නවා (නි)

:       0       0

ජයතු Monday, 17 October 2016 11:18 AM

ඊළඟ ප්‍රවෘත්තිය, අගමැති යයි .... (නි)

:       0       0

සජී Tuesday, 18 October 2016 04:00 AM

සත්‍යා, ඔයාට සතුටු නැතිවුණාට ඒ වෙලාවේ මුළු රටක්ම සතුටුවුණා (නි)

:       0       0

පද්මිණි Tuesday, 18 October 2016 04:22 AM

25දෙනෙක් ? නැටුම් කණ්ඩායමක් අරන් ගියාද? දැන් බලන් ගියාම නැට්ටුවෝ වගේ තමයි ජනතාවට පෙනෙන්නේ.

:       0       0

ජගත් ලියනගේ Monday, 17 October 2016 01:10 PM

කවදාද ආපහු යන්නේ පිටරට? (නි)

:       0       0

මාල් Monday, 17 October 2016 02:20 PM

දැන්නම් ඔබතුමාත් පිටරට යන ගමන් හොන්දටම වැඩියි වගේ. 25ක් මොකට ගියාද ?කරණමක් ගහල මරාත් එක්ක එකතුවෙන්න වගේ ?මොකද පුතා හදාගන්න බැරි එකට ලංකාවම පලිද ? (අ)

:       0       0

රමණි Tuesday, 18 October 2016 08:21 AM

සත්‍යා, කලින් එක්කෙනා ශ්‍රී ලංකා පොලොව ඉම්බේ හේතුවක් ඇතුව. එයා බටහිරට සහ ඉන්දියාවට බය වුනානම් අදත් අපි බෝම්බවලට බයේ හැංගිලා. පුලුවන්නම් ඒක එහෙම නෙවෙයි කියන්න. ඒ වගේම මේ අයට ශ්‍රී ලංකා පොලොව ඉඹින්න හේතුවකුත් කියන්න. (ර)

:       0       0

ජනහිත Monday, 17 October 2016 04:31 PM

සාදරයෙන් පිළිගනිමු. ඉස්සරහට කාර්ය බහුල වේවි. ඉවසිල්ලෙන් කටයුතු කිරීම සුබ දායකයි. (අ)

:       0       0

වික්ටර් Monday, 17 October 2016 06:04 PM

රුසියාව යුරෝපිය රටවල් අතරින් කිසිම දවසක ලංකාවට කෙනෙහිලිකම් නොකළ යුරෝපිය රටක්. අපේ රටේ 30 අවුරුදු යුද්ධය දිනවන්න නැත්නම් අවංකව උදව් කළ රටක්. අපි බටහිරට ගැතිකම් කළත් ඔවුන්ගෙන් අපට ලැබෙන්නේ නියෝග පමණයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 43 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 236 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1147 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 168 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2906 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 352 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39677 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site