IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ජනපති කොඩිය සරමට ගත්ත හොරා ආරක්ෂක කැමරාවේ

කොටුව ජනාධිපති මන්දිරයට ඉකුත් නව වැනි දා ඇතුළුූ පිරිස අතර සිටි පුදගලයකු එම මන්දිරයේ සවිකර තිබූ ජනාපති නිල කොඩිය සොරගෙන යන අයුරු එහි ආරක්ෂක කැමරාවක සටහන් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

කිසියම් පුද්ගලයකු මෙම කොඩිය සරමක් ලෙස හැඳගෙන යන අයුරු  එහි සී.සී.ටී.වී කැමරාවල පටිගත වී ඇතැයි ද එම දර්ශන අනුව විමර්ශන සිදු කරන බව ද පොලිසිය සඳහන් කරයි.

මෙම කොඩිය අමුත්තන් මුණගැසෙන ප්‍රධාන ශාලාවේ ජාතික කොඩිය සමග සවිකර තිබූ බව ද වාර්තා වෙයි. 

ඊට අමතරව ඇතැමි පිරිස් එහි තිබූ පෞරාණික භාණ්ඩ විශාල ප්‍රමාණයක් සොරගෙන ගොස් ඇති අතර ඒ අතර කොඩි ඡායාරූප, සමරු තිළිණ, විසිතුරු භාණ්ඩ, කොඩි කණු, ඓතිහාසික ඡායාරූප, ඇතුළු භාණ්ඩ රැසක් මේ අතර වන බව ද පොලිසිය පවසයි.



අදහස් (17)

ජනපති කොඩිය සරමට ගත්ත හොරා ආරක්ෂක කැමරාවේ

Santhu Tuesday, 26 July 2022 08:14 AM

රට බේර ගන්න කියල රටේ දේපල විනාස කිරීම්, මංකොල්ල කෑම, ගිනි තැබීම්, කරන්නෙම ඒ ගැන හොඳ අත්දැකීම් පුරුදු එවුන් තමයි. මුන්ට ගහල මදි. තුප්පහි. එකි නෙකාට හොඳට සලකාවි එක්කන් ඇවිත්.

:       5       28

යෝගා Tuesday, 26 July 2022 08:14 AM

මංකොල්ලකාරයො ටික අල්ල ගත්තට පස්සේ අරගලයෙ බෝඩ් එකක් අල්ලගන්නවත් කෙනෙක් නැති වෙයි වගේ

:       7       27

sharm warn Tuesday, 26 July 2022 09:43 AM

අ් මෙ පුවත් පත් මහ දුකෙන් පුවත් මවනව සිහිවටන වලට . .එව පෞානික බඩු නම් තියෙන්න ඔන කෞතුකාගරෙ නෙමෙයි ද? අනිත් එක මෙච්චරකල් එව තිබුන කියල හරි ගෝඨ පැනල යනකොට ‌ මොකුත් ඉස්සුවෙ නැහැ කියල හරි කියන්න තියෙන සාක්කි මොනවද? ඔය දුක වැදෙනව මෙ රටෙ මහජන මුදල් මන්කොල්ල කාපු ව්වුන්ට විරුද්ධව නැගෙන්නෙ ැත්තෙ අයි?

:       19       7

Rasika Tuesday, 26 July 2022 12:03 PM

මෝඩකම තිබුණාට පෙන්නන්න එපා. ඔයත් අරගලේ ඉන්න බබෙක්ද? ජනාධිපතිට වෙනත් රටවලින් ලැබෙන සිහිවටන තියන්නේ ජනාධිපති මන්දිරයේ...

:       0       0

jayasekaraTuesday, 26 July 2022 12:30 PM

ඔයාගෙ අම්මලගෙ තාතලගෙ මහගෙවල් වල තියෙන ආදි කලෙ පුටු මෙස... පිත්තල පහන් වගෙ පෞානික දේවල් ඔයගොල්ලොත් කෞතුකාගාරයට බාර දෙනවද?.... පුලුවන්නම් වැඩි ගානකට ඇනටික් බඩු කඩෙකට විකුනයි.... ලොකෙට පරාසෙ.. ගෙදරට මරගාතෙ.....

:       0       7

BTTuesday, 26 July 2022 04:47 PM

ප්‍රංශ ජනාධිපතිගේ නිලනිවස ලෙස භාවිතා කෙරෙන එළිසේ මාලිගාව මීට වසර 300ට පෙර තනා නිම කරන ලද ගොඩනැගිල්ලකි. එහි තිබෙන විවිධ මේස, පුටු සහ වෙනත් ගෘහභාණ්ඩ මෙන්ම බිත්තිවල එල්ලා තිබෙන චිත්‍ර ආදියද ශත වර්ෂ කිහිපයක් පැරණි ඒවායි. නමුත්, එම ඓතිහාසික ස්ථානයේ තිබෙන එම පෞරාණික වස්තූන් එම ස්ථානයේම පවත්වාගෙන යනු ලැබේ. ඇමරිකාවේ ධවල මන්දිරයේද එසේමයි.. ඉන්දියාවේ රාෂ්ට්‍රපති භවන්හිද එසේමයි. මෙරට ජනාධිපති මන්දිරයේද අනුගමනය කෙරෙන්නේ එම ක්‍රමයයි....! 

:       0       1

BTTuesday, 26 July 2022 07:37 PM

ප්‍රංශ ජනාධිපතිගේ නිල නිවස ලෙස භාවිතා කෙරෙන එළිසේ මාලිගාව මීට වසර 300ට පෙර තනා නිමකරන ලද ගොඩනැගිල්ලකි. එහි තිබෙන විවිධ මේස, පුටු සහ වෙනත් ගෘහභාණ්ඩ මෙන්ම බිත්තිවල එල්ලා තිබෙන චිත්‍ර ආදියද ශතවර්ෂ කිහිපයක් පැරණි ඒවායි... නමුත්, එම ඓතිහාසික ස්ථානයේ තිබෙන එම පෞරාණික වස්තූන් එම ස්ථානයේම පවත්වාගෙන යනු ලැබේ. ඇමරිකාවේ ධවල මන්දිරයේද එසේමයි. ඉන්දියාවේ රාෂ්ට්‍රපති භවන්හිද එසේමයි. මෙරට ජනාධිපති මන්දිරයේද අනුගමනය කෙරෙන්නේ එම ක්‍රමයයි...

:       0       0

Preethi Kasturiarachchi Tuesday, 26 July 2022 10:05 AM

නීතිය ක්‍රියාත්මක කරන්න

:       4       28

කිරි පුතා Tuesday, 26 July 2022 10:21 AM

ගාල කඩාගත්ත ගව රැළක් හේනකට වැදුනා වගේ

:       5       27

BT Tuesday, 26 July 2022 10:22 AM

එම වැරදිකරුවන්ට නිසි දඬුවම් දිය යුතුමය. එමෙන්ම විශ්වවිද්‍යාලවල තාප්ප, ගොඩනැගිලි සහ අනෙකුත් පොදු දේපළ විනාශ කරන සංස්කෘතියත් නැති කළ යුතුය. ඊට සුදුසුම ක්‍රමය වන්නේ විශ්වවිද්‍යාල පරිශ්‍රවල නඩත්තුව සඳහා සෑම ශිෂ්‍යයෙක්ගෙන්ම වසරක් පාසා යම්කිසි ගාස්තුවක් අය කිරීමයි. නොමිලේ ලැබෙන දේ වරප්‍රසාදයක් බවත්, අයිතිවාසිකම් සහ යුතුකම් යනු එකම කාසියේ දෙපැත්තක් බවත් තේරුම් ගත් ශිෂ්‍ය පරපුරක් බිහි කිරීමට දැන් කාලය එළඹ තිබේ.

:       6       32

lankaputha Tuesday, 26 July 2022 10:51 AM

ඇපරාදෙදෙ17,500,000 සල්ලි අරන් ඔය ටික තියල යන්න තිබ්බෙ... සල්ලි හොරකන් කරාම ප්‍ශ්න නෑ... ඇදල දාපු අම්බුඩයක් හොරකන් කරන්න තම ඉන්වෙස්ටිගේශන් ඔක්කොම

:       19       12

sharm warnTuesday, 26 July 2022 12:03 PM

ඔයාට තේරෙන දේ නොතේරෙන හරක් ගොඩක් ඉන්නවා මේකෙ අදහස් ලියන්න. ඉතින් කොහේද මේ රට දියුණු කරන්නේ? ඔක්කොම ලොකු අය හොරකම් කරලා, මිනී මරලා රටටම ආදර්ශයක් දුන්නාම ඔවුන්ට බලේ දීලා, කිරිබත් කාලා පාරේ හිඟාකන හරක් ඉන්න රටක් මේක...!

:       0       0

fairoosTuesday, 26 July 2022 01:10 PM

හරියට හරි... අරගලයට බයේ පැනලා දුවන්න රාජ්‍ය දේපළ යොදාගත් නන්දසේනව cctv එකේ දැක්කේ නැද්ද?

:       0       0

Ruhunu Tuesday, 26 July 2022 11:15 AM

අන්තරේ ඇවිල්ලා ‘පාලු ගෙයි වළං බින්දා වගේ වැඩක් කළේ...‘

:       0       0

Rata Perata Tuesday, 26 July 2022 11:50 AM

ගොඩක් බයියන්ට තවම රිදිලා තියෙන්නේ අරගලයේදී කොඩිය උස්සපු එකට. අපිම කතිරෙ ගහලා යවපු අය කෝටි ගණන් හොරකම් කරනවා. ඒවා ගාණක්වත් නෑ. ඒවා අපේ දේපළ නෙවෙයිද? අනිත් එක අර හොරාගත්තු සල්ලි මිටි ටික ගැන විමර්ශණයක් නැද්ද? ඒවාගැන කවුරුවත් කතා කරන්නේ නැහැ... ඉන්ධන, බෙහෙත් නෙමෙයි.., කන්නත් නැතිව මැරෙන්න අරින්න ඕනෑ මේ වගේ අයට මොලේ පෑදෙන්න.

:       0       0

Prasheen Tuesday, 26 July 2022 11:59 AM

මහබැංකුව වගේ ලොකුලොකු හොරකම් කරා නම් මේ ප්‍රශ්න මුකුත් නෑ.

:       0       0

Nihal Tuesday, 26 July 2022 02:40 PM

රට කොමියුනිස්ට් වුණොත් කියුබාව, උතුරු කොරියාව වගේ හැමදාම හාමතේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1499 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 273 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 528 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3643 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 539 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2767 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 292 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1718 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site