IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ජනපති කථාවට පොලිස්පති කථා නෑ

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සම්බන්ධයෙන් හා හිටපු ආරක්ෂක ලේකම්, නාවික හමුදාපතිවරුන් අධිකරණයට රැගෙන යාම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති කළ ප්‍රකාශය ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සියදිවි හානි කරගත් යුද හමුදා නිලධාරියාගේ මරණය ගැන සීඅයිඩිය විසින් පරික්ෂණ ආරම්භ කොට ඇති බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර පැවසුවේය.

පොලිස්පති එසේ පැවසුවේ  වවුනියාවේ ඊච්චන්කුලම හා බෝගස්වැව නව පොලිසි දෙකක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගිවීමෙන් පසුව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදීයි.

ප්‍රශ්නය - ජනපති කළ ප්‍රකාශය සමග දේශපාලනික මැදිහත් වීමක් තිබේද ?

උත්තරය - මට ඒ ගැන කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකියි

ප්‍රශ්නය - ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් බවට ලිපියක් ලියා තබා සියදිවි හානිකරගත් කෑගල්ලේ හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය කුමක් ද ?

උත්තරය - ඒ ගැන පරීක්ෂණයක් සිදු කෙරෙනවා ඒ වගේම සියදිවි හානි කරගෙන මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙනුත් වෙනම පරීක්ෂණයක් කෙරෙනවා. තාම අපිට මේ පුද්ගලයාගේ ප්‍රකාශය ගැන පරික්ෂණයක් කෙරෙනවා.  තාම අපිට මේ පුද්ගලයගේ ප්‍රකාශය ගැන නිශ්චිතවම දෙයක් කියන්න බැහැ. ඒ ගැන විශේෂ කරුණු කාරණා කිහිපයක් බලන්න තියනවා එයා එහෙම දෙයක් කිව්වේ ඇයි බොහෝ දේ හොයන්න තියනවා. ඒ ප්‍රදේශයේ වගේම ඔහුට පෞද්ගලික හේතූ තියෙන්වද රාජකාරී හේතූ තියනවද නැත්තම් මානසික පීඩනයක්ද නැත්තම් තර්ජනයක්ද කියල බලන්න වෙනවා. මේ හැම දෙයක්ම බලන්න වෙනවා. එයා කිව්ව පමණින්ම අපිට තීරණයකට එන්න බැහැ. ඒ නිසා ඒ පිළිබඳව කෑගල්ලෙන් කෙරෙන පරික්ෂණ වලට අමතරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙනම පරික්ෂණයක් ආරම්භ කර  තිබෙනවා.

යාපනයේ කොඩිකාමම් පොලිසියේ දී මීට වසර කීපයකට ඉහතදී දෙමළ සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළුව 11 දෙනකුව  අත් අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් පොලිස්පති කියා සිටියේ වැරැද්දක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයාට වඩා වැදගත් වන්නේ වරදේ ස්වභාවය බවයි.

ඕනෑම අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙකු පිළිබදව ඔහුට එරෙහිව සාක්කි ඇත්නම් ඔහු අත් අඩංගුවට ගැනීම පොලීසියේ වගකීම බවද පොලිස්පති කියා සිටියේය.

01 03 05 07 09



අදහස් (0)

ජනපති කථාවට පොලිස්පති කථා නෑ

බමුණුආරච්චි Sunday, 16 October 2016 02:15 PM

ඔස්මන් ඔය වගේ තීරණයකට එන්න ඉක්මන් වන්න එපා. තව බොහොම කල් තිබෙනවා හොඳයිද නැද්ද කියන්න (අ)

:       0       0

බමුණුආරච්චි Sunday, 16 October 2016 02:17 PM

සෝබන වැඩත් කරන බව පෙනෙනවා නේද ඕව එක්තරා පන්තියක් සතුටු කිරීමට (අ)

:       0       0

ලලිත් Sunday, 16 October 2016 02:20 PM

ජනාධිපති තුමාගේ කතාව ගැන ප්‍රකාශ කරන්න පොලිස්පති කවුද? කට්ටිය වැඳගෙන වුණ්නාට ඇමති කෙනෙක්වත් අමාත්‍යංශ ලේකම් වරයක්වත් නොවෙයි. නිකන්ම නිකන් දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් විතරයි. කොටින්ම කියනවා නම් ජනාධිපති තුමත් පාර්ලිමේන්තුවත් අමත්‍යවල නිලධාරිනුත් යටතේ සේවය කරන තවත් රජයේ සේවකයකු විතරයි. (අ)

:       0       0

රුවන් Sunday, 16 October 2016 03:28 PM

අපේ රණවිරුවෝ තමන්ගේ ජීවිතේ ගැන නොහිතා රට බේරා ගත්තේ නැත්නම් මේගොල්ලෝ මේ විදියට මානව හිතවාදියෝ වෙයිද? ලක්ෂ ගණන් අපේ සිංහල කොල්ලෝ මරපු එවුන්ට කඩේ ගියාට කමක් නැ. හමුදාවට බුද්ධි අංශවලට පහර ගහන්න එපා (බ)

:       0       0

අතුල Sunday, 16 October 2016 06:00 PM

එතුමාව අපහසුතාවයට පත්කරන්න එපා. මේ ක්‍රමය තුළ එතුමන්ලාට තියෙන බලයත් පාවිච්චි කරන්න බැහැ. එතුමා කරන්න පුළුවන් උපරිමය කරාවි (නි)

:       0       0

අතුල Sunday, 16 October 2016 06:02 PM

ඔය දෙගොල්ලොම අපිට නම් එකයි. එක මොහොතින් වචනය වෙනස් කරන්න පුළුවන්. අද දෙගොල්ලන්ටම ඕනෑ හොරකම් වහගන්න. මහජන දේපොළ කාපු හැටි මල්වානේ මන්දිර වලින් පේනවනේ. තව මොන කතාද? (නි)

:       0       0

ඔස්මන් Sunday, 16 October 2016 07:24 PM

හොඳ දේ, හොඳ මිනිස්සු, හොඳ ක්‍රියා අගයකරන්න බැරි අයගේ කතා ජනතාව පිළිගනීවිද? (නි)

:       0       0

අල්විස් Sunday, 16 October 2016 07:40 PM

බමුණු ආරච්චිගේ බමුණු කතා... හරහට බලන්නන්ට හැමදේම පෙනෙන්නේ ඇදේටයි. (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 16 October 2016 05:22 AM

පක්ෂ පාට නොබලා, රට ගැන හිතලා, පුද්ගලික වාසි නොබලා දැන්වත් නිර්භීතව යහපත් පුරවැසියන් බිහිකරන්න නොබියව රාජිකාරි කරන්න. (නි)

:       0       0

නුවන්ත Sunday, 16 October 2016 05:42 AM

කාගෙ පැත්තට කතාකරන්නද කියලා අපිට තේරෙන්නෙත් නැහැ (නි)

:       0       0

සහන් Monday, 17 October 2016 02:31 AM

සමරතුංග ඔයට අමු කැවිලද? නැත්නම් කෝමා වෙලා හිටියද? යුද්දේ ඉවර කරලා යුදු ගිනි නිවපු අයට ගරහනවාද?(රේ)

:       0       0

බමුණුආරච්චි Sunday, 16 October 2016 06:34 AM

කතාව ඇත්තනේ නිහඬ වෙනවා හැරෙන්න වෙන මොනවා කොරන්නද (අ)

:       0       0

ජනිත් Sunday, 16 October 2016 06:42 AM

දේශපාලනය හා රාජකාරිය එකට ගාව නොගැනීම හොද දෙයක්. අගය කලයුතුයි. (හේ)

:       0       0

ජනහිත Sunday, 16 October 2016 06:42 AM

ඒ නිහඩ තාවය කුමක් නිසාද?(හේ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Sunday, 16 October 2016 07:21 AM

ජනාධිපති කතාවට පොලිස්පති නිහඩවිම තුල එතුමාගේ පරිනත බව නිතිගරුකබව හා දේශපාලනය සමග රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ නොවියයුතුයි යනවග රටට ආදර්ශමත් පණිවිඩයක් මුදා හැරියා ...(බ)

:       0       0

දිනේෂා Sunday, 16 October 2016 07:26 AM

මේ පොලිස්පතිතුමාගේ ක්‍රියා වලින් දිගින් දිගටම පෙනීයන්න සියල්ල පසෙකලා සාමය හා නිතිය ක්‍රියා වේ යෙදිය යුතු බවයි ..(බ)

:       0       0

ඔස්මන් Sunday, 16 October 2016 07:30 AM

බුද්ධිමත් නීතිගරුක රජයේ නිලධාරියෙක් බව රටට කියාපෑමයි...(බ)

:       0       0

ඉසුරු Sunday, 16 October 2016 07:34 AM

අර්බුදයක දී පොලිස්පති වරයා හැසිරෙන ආකාරය රටේ ආයතන ප්‍රධානීන්ට ආදර්ශයක් ..(බ)

:       0       0

රජිත් Sunday, 16 October 2016 08:35 AM

අපි මේ වෙන දේවල් දිහා බලාගෙන පාඩුවේ සිටින්නෙමු (නි)

:       0       0

සුමල් Sunday, 16 October 2016 08:38 AM

මෙන්න රටට ආදරය කරන රජයේ නිලධාරියෙක් (නි)

:       0       0

රොහාන් Sunday, 16 October 2016 08:43 AM

ජනතාව සීරුවෙන් ... (නි)

:       0       0

ඩයස් Sunday, 16 October 2016 08:48 AM

1948 සිට මේ දක්වා පත්වූ පොලිස්පතිතුමන්ලා අතරින් මේ සිද්ධියට මුහුණදුන් මෙතුමාගේ දර්ශනය ඉතා පැහැදිලියි (නි)

:       0       0

සිල්වා බර්ලින් Sunday, 16 October 2016 09:52 AM

අර්බුදයක දී පොලිස්පතිවරයා හැසිරුණු ආකාරය රටේ ලොකු කුඩා දේශපාලකයන් හැමට ආදර්ශයක් (බ)

:       0       0

විජේසුන්දර Sunday, 16 October 2016 10:56 AM

ස්වාධීන රජයේ නිලධාරියෙකු හට අත්වූ ඉරණම ගැන අපිට කණගාටුයි. (නි)

:       0       0

සරත් Sunday, 16 October 2016 11:32 AM

සමහර පොලිස් නිලධාරීන් හරි දක්ෂයි හොඳට ඉන්න මිනිසුන්ගේ අඩු කඩලා උසාවි ගෙනියන්න. නමුත් උසාවියක් මගින් වරදකරු වුවත්, පොලිසයට එසේ අයිතියක් නැත. (නි)

:       0       0

අරුන් Sunday, 16 October 2016 12:27 PM

ඔහොම ගියෝතින් පොලිස්පතිට ළඟදීම බඩු හම්බවේවි .(අ)

:       0       0

රන්ජිත් Sunday, 16 October 2016 01:07 PM

පොලිස්පති තුමාට අපගේ උත්තමාචාරය (අ)

:       0       0

අල්විස් Sunday, 16 October 2016 01:10 PM

කඩේගිය නිලධාරින්ට මෙතුමා ආදර්ශයක්.(අ)

:       0       0

සමරතුංග Sunday, 16 October 2016 01:17 PM

රටක් ගිනිගන්න ගිය මෙහොතක එය සිසිල් කල රටේ සාමය ආරක්ෂා කල. පොලිස් පතිතුමා. පුජිත් ජයසුන්දර. මහතා ගේ නම සිංහල ඉතිහාස පොතේ රණ්රෙ අකුරෙන ලියාතබනු මැනවි .(අ)

:       0       0

සුධීපා Sunday, 16 October 2016 01:46 PM

මෙය මොනවා කියන්නද, රෙද්ද ගලවල ගෙදර යන්න පුළුවන් ඊළඟ දවසේ නෙමේ එදාම. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1577 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2529 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2851 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 646 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2234 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 693 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39664 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25794 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1213 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site