IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජනපති කොමිෂන් දොළහක ලොක්කන්ට වැඩ වරදී

(සුජිත් හේවාජුලිගේ)

පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට  රජය තීරණය කර ඇත.

එලෙස විමර්ශන පවත්වා එම කොමිෂන් සභා සාමාජිකයන්ගෙන් හෝ එවකට රජයන්හි ප්‍රධානීන්ගෙන් එම මුදල් අය කර ගැනීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.

පසුගිය කාලයේදී විවිධ කරුණු සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභා 14ක් පත්කර ඇති බවත්  නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ  ඉන්  කොමිෂන් සභා දෙකක පමණක් බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර උපාලි  අබේරත්න  මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පිහිටවනු ලැබූ ජනාධිපති  කොමිෂන් සභාව  මේ රටේ ජනතාවගේ මුදල් රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයකට වැඩි මුදලක් කාබාසිනියා කළ  බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා  පැවසීය.

මේ මුදල් එම කොමිෂන් සභාව පිහිටවනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හෝ උපාලි අබේරත්න ඇතුළු කොමිෂන් සභා සාමාජිකයන් තිදෙනාගෙන් අයකර ගත යුතු බවද  ඔහු සඳහන් කළේය.

උපාලි අබේරත්න කොමිෂන් සභාවේ නිර්දේශ සියල්ල නීති විරෝධී බව  පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ නිර්දේශ සියල්ල  පසුව  අහෝසි කළ බව    විජේපාල මහතා වැඩිදුරටත්  සඳහන් කළේය.



අදහස් (6)

ජනපති කොමිෂන් දොළහක ලොක්කන්ට වැඩ වරදී

Asela Saturday, 01 March 2025 05:08 PM

වැඩකට නැති දේශපාලනඥයෙක් වැරදි කෙළවරකින් හැම දෙයක්ම ගන්න පටන් ගන්නවා. ඔවුන් මුලින්ම ව්‍යවස්ථාව කියවන්නේ නැහැ, නැත්නම් ඔවුන් ව්‍යවස්ථාවට ඉහළින් කියලා හිතනවා. මැතිවරණයට පෙර පවා ඔවුන් බොහෝ දේ කිව්වා, නමුත් පසුව ව්‍යවස්ථාව කියවන විට, උදාහරණයක් ලෙස, හිටපු ජනාධිපතිවරයාගේ වියදම් කපා හැරීමට ප්‍රතිපාදන නොමැති බව ඔවුන් පවසනවා

:       10       56

යෝගා Saturday, 01 March 2025 05:35 PM

ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි තවත් ප්‍රකාශයක්. මේවා කියන්න ඉස්සර නීති අංශ වලින් අහලා හිටියොත් හරි..

:       12       51

pj Sunday, 02 March 2025 04:02 AM

ඔය කියන මුදල් අය කරගෙන පෙන්වන්න.. ඒ වගේ ම මෑත අතිතයේ දී තමනට විරුද්ධ පාක්ෂිකයින්ගේ දේපළ ගිණි තබා කළ විනාශයේ වගකීම බාරගෙන අලාභය රජයට ගෙවන්න. වින්දිතයින් දැනටමත් තමන්ට වූ විනාශයේ වන්දි මහජන බදු මුදල් තුළින් රජයෙන් අයකර ගෙන ඇත. 88 89 සමයේ රටට කළ විනාශය ගණනය කර ජවිපෙ මාලිමා අරමුදලින් රජයට අයකර ගැනිමට සලසන්න..

:       3       3

geethsSunday, 02 March 2025 06:34 PM

රටේ සියලු සම්පත් හොරාකාලා, රජයේ අරමුදල් අවභාවිතා කරලා දුප්පතුන් අන්ත දුප්පතුන් බවට පත් කරා. එහෙම වෙලා තියෙද්දිත් බඩේ බත් නැතුව අස්වැසුමින් යැපෙන මෙවැනි නිවටයින් තව තවත් මස් කටු කෑමේ අරමුණින් දූෂිත දේශපාලුවන්ටම ආවඩන්න බලාගෙන ඉන්නවා. දඬුුුකදේ ගහලා පාරේ අරන් යන්න ඕනෑ.

:       0       3

සෙනෙවිරත්න Sunday, 02 March 2025 06:49 AM

යෝගා, අසේල, පරණ ක්‍රමය හොඳයි නේද? කරන්න බැරි වුනත් තමුන්නැහැලාගේ ලොක්කන්ගේ හෙලුව රටට පෙන්වන එකම මදිද?

:       4       2

pjMonday, 03 March 2025 08:18 AM

අනුන්ගේ හෙළුවට පෙර තමන් වසාගෙන සිටින බේසමේ අඩිය නොමැති බව තේරැම් ගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site