IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘ජනපති ක්‍රමය එපා‘ - ජනපති කියයි

මැතිවරණ ක‍්‍රමයට සංශෝධන සිදුකිරීම සහ නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීම යන කරුණු ද්විත්වය අරබයා රටේ ප‍්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර බෙදීමක් ඇතිව තිබෙන අයුරු දැකගත හැකිය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයකින් මැතිවරණ ක‍්‍රමයට සිදුවන වෙනස්කම් දැනට තිබෙන ව්‍යවස්ථාවටම ඇතුළත් කිරීම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අවශ්‍යතාවයි.කෙසේවුවත් මේ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යනය කිරීම අවශ්‍යය. අනෙක් අතට එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය වන්නේ මෙම වෙනස්කම් නව ව්‍යවස්ථාවක් යටතේ හඳුන්වාදීමය. නව ව්‍යවස්ථාව සකස් කිරීමේ අරමුණින් පිහිටැවුණු ව්‍යවස්ථා කවුන්සිලය දැනටමත් මේ සම්බන්ධයෙන් සොයාබලමින් සිටී.පසුගියදා පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා හමුවේදී, මැතිවරණ ක‍්‍රමයට සිදුකෙරන වෙනස්කම් පිළිබද එම පක්ෂයේ ස්ථාවරය වැඩිදුරටත් පැහැදිලි වූ අතර එහිදී ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු භාර මෙහෙයුම් කමිටුවක සාමාජිකයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම කටයුතු වල ප‍්‍රගතිය ගැන පැහැදිලි කිරීමක්ද සිදුකළේය.

විධායක ජනපතිධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුව ඇතැයි ජනපති මෛතී‍්‍රපාල සිරිසේන දැඩි ස්ථාවරයක සිටි අතර මෙය සියළුම දෙනාගේ අවධානය දිනාගත්තේය.ඩිලාන් පෙරේරා මහතා මෙයට එරෙහිව අදහස් දැක්වූ අතර ඔහුගේ පෙන්වා දුන්නේ විධායක ජනපතිධූරය පැවතිය යුතු බවත්, විශේෂයෙන් මැතිවරණ සමයක පාර්ලිමෙන්තුව අකී‍්‍රයව පවතින අවස්ථාවකදී රට පාලන කටයුතු බාධාවක් නොමැතිව සිදුකිරීමට එය වැදගත් වන බවත්ය.වෙස්මිනිස්ටර් පන්නයේ ආණ්ඩුක‍්‍රමයක් ශී‍්‍ර ලංකාව අනුගමනය කරන හෙයින් විධායක ජනපතිධූරය පැවතීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.තම මතය තවදුරටත් සනාථ කිරීමට කොළඹට පැමිණ දේශපාලන පක්ෂ නායකයින් හමුවූ ගරු කටයුතු නෝර්වේ ජාතික දේශපාලන විශේෂඥයකුගේ අදහස්ද ඔහු වැඩිදුරටත් ගෙනහැර දැක්වූයේය.

19 ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් පසුගිය වසරේදී ජනපති සිරිසේන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායමට පොරොන්දුවූයේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයකින් යෝජිත මැතිවරණ සංශෝධන ව්‍යවස්ථාවට ඇතුළත් කරන බවටය.එයට හේතුව වූයේ 19 ඒ ව්‍යවස්ථා සංශෝධනයත් සමගම නව මැතිවරණ ක‍්‍රමයද ව්‍යවස්ථාවට එක්විය යුතුයැයි මතයක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජික පිරිස සිටිමය.20 වැනි ව්‍යවස්ථා සංශෝධනයකට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකසභාවේ අනුමැතිය හිමිවුවත් ඔවුන්ගේම සාමාජිකයකුවූ ඩිලාන් පෙරේරා යෝජනා කළ විධායක ජනපතිධූරය එළෙසම පවත්වාගැනීමට වැඩි පිරිසකගේ අනුමැතිය හිමිවූයේ නැත.මෙය සැළකිල්ලට ගතයුතු කරුණකි.එනම් පක්ෂ මධ්‍යම කාරකසභාවේ වැඩි කැමැත්ත හිමිවූයේ ජනපති සිරිසේනටය.අනාගත මැතිවරණයකදී පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස තරග බිමට පිවිසීමට මේ නිසා ජනපති සිරිසේනට අවස්ථාව ලැබේද? ඒ පිළිබද වැඩි සැකයක් ඇතිකරගැනීමටද ඉඩක් නොමැත්තේ අගමැති අපේක්ෂකත්වය අරබයා මෛතී‍්‍රපාල සිරිසේන සමග තරග කරන්නට සුදුසුකම් ඇති පුද්ගලයෝ පක්ෂයේ නොමැති නිසාය.

නිදහස් පක්ෂය මෙවැනි තීරණයකට එළැඹියහොත් එයින් පහර වැදෙන්නේ සිරිසේනගේ ප‍්‍රතිවාදියා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.නව පක්ෂයක් තැනීමට රාජපක්ෂ දියත් කර ඇති වැඩකටයුතු එවැන්නක් හමුවේ තවත් ඉක්මන් වනු ඇතැයි සිතිය හැකිය.කෙසේවුවත් ඉහළ ගොස් ඇති ජීවන වියදම හමුවේ, රාජපක්ෂ ඇතුලූ කණ්ඩායම ජනතාව වෙනුවෙන් දෙයක් කළා හෝ නොකළා හෝ ඔවුන් වෙත දැන් ජනතාවගේ වැඩි අවධානයක් යොමුවෙමින් තිබෙන බව පැහැදිලිව දැකගත හැකිය.වැට් බද්ද ඉහළ යාම මුල් කරගෙන දිවයින පුරා වෙළදසැල් වසා දැමිීම මෙයට එක් උදාහරණයකි.මේ පසුපස සිටින්නේ විපක්ෂයයි.පසුගියදා ගම්පහ නගරයේ වෙළදුන්ද ඔවුන්ගේ කඩසාප්පු වසා දමා වැට් බද්ද ඉහළ යාමට විරෝධය දැක්වූයේය.මෙසේ වසා දැමෙන කඩසාප්පු බොහෝමයක් කුඩා පරිමානයේ වෙළදසැල් වන අතර ඒවා වඩාත්ම වැදගත් වන්නේ අඩු ආදායම්ලාභී ජනතාවටය.සුපිරි වෙළදසැල් වලින් ලබාගත නොහැකි පහසුකම් ඔවුන්ට මෙම වෙළදසැල් වලින් ලබාගත හැකිය.පිටි පැකට්ටුවක් මිලදී ගැනීමට නොහැකි පුද්ගලයකුට ඒ වෙනුවට තේ හැදි ගණනට කිරි පිටි ලබාගැනීමට තිබෙන හැකියාව එවැන්නකි.රජයේ කටයුතු නිසා දිගින් දිගටම පීඩාවට පත්වෙමින් සිටින්නේ සමාජයේ පහත මට්ටම්හි සිටින ජනතාව වන අතර සහන සැළසීමට විධිමත් ක‍්‍රමවේදයක්ද නොමැතිවීම හමුවේ ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ගේ සහය එක්සත් ජාතික පක්ෂයට හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට හෝ හිමිවේයැයි සිතීම උගහටය.

මැතිවරණ ක‍්‍රමයට සංශෝධන සිදුකිරීමට ප‍්‍රථමයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අවධානය යොමුකළ යුතුව තිබෙන කරුණු කිහිපයකි.පළමුවෙන්ම මැතිවරණ ක‍්‍රමය වෙනස්කිරීම සම්බන්ධ සංකල්පයක් පක්ෂයට තිබිය යුතුය.එයින් කේවල ක‍්‍රමය යටතේ කොපමණ පිරිසක් පාර්ලිමෙන්තුවට තෝරා ගැනෙනවාද, සමානුපාතික ක‍්‍රමය යටතේ කොපමණ පිරිසක් තෝරා ගැනෙනවාද, පාර්ලිමෙන්තුවේ කොපමණ සාමාජික පිරිසක් සිටිය යුතුද, යන කරුණු මනාව පැහැදිලි විය යුතුය.ඊළග පියවර වන්නේ මෙම කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡුා කිරීමය.සාකච්ඡුා වල අවසන් ප‍්‍රතිඵලය විය යුත්තේ දෙපාර්ශවය අතර ඇතිවන අවබෝධතාවකි.මෙවන් අවබෝධතාවක් නව ව්‍යවස්ථාව හදුන්වාදීමට පෙර මැතිවණ සංශෝධන ව්‍යවස්ථාවට ඇතුළත් කරනු වස් එක්සත් ජාතික පක්ෂයේ සහය ලබාගැනීමට ඉතාම වැදගත්ය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කළේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාය.විවිධ මත තිබෙන බව තමා දන්නේ යැයි ඔහු කීවේය.ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වල නිරතව සිටින මෙහෙයුම් කමිටුව දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති අදහස් එක් එක් වශයෙන් අධ්‍යනය කරමින් සිටින බව පැවසුවේය.

‘කොටස් තුනම - ඒ කියන්නේ මැතිවරණ සංශෝධන, සීමා නීර්ණක යෝජනා, සහ විධායක ජනපති ක‍්‍රමයට සිදුවන වෙනස්කම්, එකටම ගන්න තිබුණොත් ඉතාම හොඳයි.’ ඔහු සන්ඬේ ටයිම්ස් හා කීවේය.

යෝජිත මැතිවරණ සංශෝධනයන් අරබයා කුඩා පක්ෂ අතර ඇත්තේ විවිධ අදහස්ය.ඒ හමුවේ රජය හා බැදී සිටින එවන් කුඩා දේශපාලන පක්ෂ වල සහය දිගටම රදවා තබාගැනීම රජය ඉදිරියේ ඇති අභියෝගයකි.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයටද මෙය අදාළය.ඇතැම් සංශෝධන කි‍්‍රයාත්මක කළහොත් තම පක්ෂ වල විනාශය සනිටුහන් වනු ඇතැයි ඇතැම් කුඩා පක්ෂ නායකයෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ජේ්‍යෂ්ඨයින්ට එරෙහිව දැඩිව දොස් නගමින් සිටින්නෝය.මැතිවරණ සංශෝධන කි‍්‍රයාත්මක වීම ආන්දෝලනාත්මක ස්වරූපයක් ගන්නේ මේ නිසාය.

යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍යය ඉවත්වීම - ශී‍්‍ර ලංකාවට බලපෑම

පසුගිය සතියේ පැනනැගුණු ආර්ථික ගැටලූ හමුවේ මෙම කරුණු වලට හිමිව තිබූ අවධානය සම්පූර්ණයෙන්ම පාහේ නැතිව ගියේය.ඉන් ප‍්‍රධානම වූයේ බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමය.මේ සම්බන්ධයෙන් පැවැති ජනමත විචාරණයේදී සියයට 51.9 ක ප‍්‍රතිශතයක බි‍්‍රතාන්‍යය ජනතාව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කළෝය.විපක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කළේ ජනතාවගෙන් සියයට 48.1 කි.බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට විපක්ෂව ඡුන්දය භාවිතා කරන්නැයි එරට බි‍්‍රතාන්‍යය ජනතාවගෙන්, විශේෂයෙන්ම එරට සිටින ශී‍්‍ර ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටීමට රජයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායමක්ද එරට බලා ගොස් සිටියේය.වැඩිම වුවහොත් ඔවුනට සිය දෙනෙකුගේ පමණ සහය දිනාගැනීමට හැකිවන්නට ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකිය.බි‍්‍රතාන්‍යය සහ ශී‍්‍ර ලංකාව සංසන්දනය කිරීමේදී එය පරම සත්‍යයකි.නමුත් මෙම ගමනේ අරමුණ වූයේ එය නොවේ.මෙයින් රජය සංකේතවත් කළේ බි‍්‍රතාන්‍යයේ වෙසෙන කවරකුට හෝ, කණ්ඩායමකට හෝ, ශී‍්‍ර ලංකාවටද පැමිණ තමන් කැමති පුද්ගලයකු, කණ්ඩායමක්, සංවිධානයක්, වෙනුවෙන් පෙනී සිටීමේ නිදහස ඇති බවය.යුරෝපා සංගමයෙන් වෙන්වීම අරබයා බි‍්‍රතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු වලට ශී‍්‍ර ලංකාව හවුල්වූවාක් මෙන්, ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලටද හවුල්වීමට හැකියාව ඇති බවය.ගමන් බලපත් අහෝසි කිරීමක හෝ අසාදු ලේඛණයට ඇතුළත් වනු ඇතැයි කිසිවෙකුත් බියක් ඇතිකර නොගත යුතු බවය.නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා, හරීන් ප‍්‍රනාන්දු, සුසිල් පේ‍්‍රමජයන්ත, දයාසිරි ජයසේකර යන මහත්වරුද, හිටපු එක්සත් ජාතික පාර්ලිමෙන්තු මන්තී‍්‍රනී රෝසි සේනානායක මහත්මියද බි‍්‍රතාන්‍යය ගමනට එක්ව සිටියහ.සේනානායක මහත්මියගේ සියලූ වියදම් දැරූයේ අගමැති කාර්යාලයයි.විදේශ කටයුතු අමාත්‍යංශයේ ගිණුමට අනෙක් සියලූමදෙනාගේ වියදම් බැරවිය.

යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍යය වුවහොත් පොලී අනුපාතියකන් සීඝ‍්‍රයෙන් ඉහළ යනු ඇතැයි මත පළවීම නිසා රජය ඒ පිළිබද අවධානයෙන් සිටියේය.සඳුදා (27) දින ඩොලර් බිලියන 2.5 ක වටිනාකමින් යුත් බැදුම්කර නිකුතුවක් නිදහස් කිරීමට සැළසුම් කර තිබීම මෙයට හේතුව විය.රජයේ ආරංචි මාර්ග වලට අනුව මෙයින් ලැබෙන මුදල් යොදාගැනීමට නියමිතව ඇත්තේ රට ලබාගෙන සිටින ණය සහ ඒවාට සිදුකළ යුතුවන ගෙවීම් අතර පරතරය අවම කරගැනීම සදහාය.යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍යය ඉවත්වන බව නිවේදනය කර පැය කිහිපයක් යාමට මත්තෙන් අගමැති වික‍්‍රමසිංහ වහාම කි‍්‍රයාත්මක විය.

මහා භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්.සමරතුංග, සරත් රාජකරුණා, ආර්.පස්කෙරාලිංගම්, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, අර්ජුන් මහේන්ද්‍රන්, සමන් කැලෑගම, ගිෂාන් දිසානායක, ශී‍්‍රමාල් අබේරත්න, මුර්ටාසා ජෆාර්ජි, නිශාන්ත ද මෙල්, අනුෂ්ක විජේසිංහ ආදීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කළ අගමැතිවරයා බි‍්‍රතාන්‍යයේ නික්ම යෑමෙන් ශී‍්‍ර ලංකාවට එල්ලවිය හැකි බලපෑම සහ ඒ සම්බන්ධයෙන් ගතයුතු කි‍්‍රයාමාර්ග ගැන සොයාබලන ලෙසට ඔවුන්ට උපදෙස් දුන්නේය.කමිටුවේ නිර්දේශ පසු අවස්ථාවක කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කමිටුවේ වැඩි අවධානයක් යොමුවනු ඇති කරුණක් ලෙස සැළකිය හැක්කේ යුරෝපා සංගමයෙන් ශී‍්‍ර ලංකාවට ලබාදී තිබූ ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලබාගැනීමය.අද (27) බ‍්‍රසල්ස් නුවරදී මේ සම්බන්ධයෙන් නිල ඉල්ලීමක් සිදුකිරීමට නියමිතය.යුරෝපා සංගමයට ශී‍්‍ර ලංකාවෙන් සිදුකරන අපනයන්හි වටිනාකම ඩොලර් ටි‍්‍රලියන තුන ඉක්මවන අතර ඉන් සියයට 34 ක ප‍්‍රතිශතයක් එනම් ඩොලර් ටි‍්‍රලියනයකට ආසන්න වටිනාකමකින් යුත් අපනයනයන් සිදුවන්නේ බි‍්‍රතාන්‍යයටය.දැන් උද්ගතව ඇති තත්ත්වයට අනුව එම අපනයනයන් එළෙසම පවත්වාගැනීමට බි‍්‍රතාන්‍යයෙන් වෙනම ඉල්ලා සිටීමට සිදුවනු ඇත.ඇගලූම් වලට සහ මසුන් සදහා බි‍්‍රතාන්‍යය වෙළදපල දොර ශී‍්‍ර ලංකාවට විවෘතය.නමුත් ඇගලූම් ආශි‍්‍රත අපනයන වර්ග කර ඇත්තේ අඩු ලාභයක් උපයන නිශ්පාදනයන් ලෙස වීමත්, එයද, යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍යය වෙන්වීමද එක්ව සැළකූ විට, අපනයන වටිනාකම පෙර අගයේම පවත්වාගැනීමට මසුන් අපනයනය ඉහළ දැමිීමට සිදුවන බවත්, නමුත් එසේ කළහොත් දේශීය වෙළදපලේ මසුන් මිල සම්බන්ධයෙන් උග‍්‍ර ගැටලූ ඇතිවනු ඇති බවත් රජයේ නිලධරයෝම අනතුරු අගවන්නෝය.හදිසි අවස්ථාවක් ලෙස සළකා සැළසුම් සකස් කරන ලෙස අගමැතිවරයා කමිටුවට උපදෙස් දී තිබේ.රට මුහුණදී සිටින ආර්ථික ගැටලූ හමුවේ සංවර්ධන මූලෝපාය සහ අන්තර්ජාතික වෙළදාම පිළිබද අමාත්‍යවරයා වන මලික් සමරවික‍්‍රම මහතාද ලබන සිකුරාදා චීනය බලා යෑමට සූදානමින් සිටින අතර රජයේ ආරංචි මාර්ගයක් පවසා සිටියේ එම සංචාරයේදී ව්‍යාපෘති සම්බන්ධයෙන්ද, ණය ලබාගැනීම් සම්බන්ධයෙන්ද සාකච්ඡුා කෙරෙනු ඇති බවය.

රජය හමුවේ ඇති ආර්ථික ගැටලූ තවත් වැඩිවනු මිසක අඩුවන සේයාවක්වත් පෙනෙන්නට නොමැත.ලබාගෙන ඇති ණය ගෙවන්නට, තවත් ණය ලබාගන්නට සිදුව ඇති වාතාවරණයක් උද්ගතව තිබෙන බවත්, පවත්නා තත්ත්වය ඇත්තෙන්ම බරපතල බවත් රජයේ ආරංචි මාර්ගයක් සඳහන් කළේය.මෙම ණය වලින් බහුතරය පසුගිය රජය සමයේ ලබාගත් ඒවාය.බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හා එහි බලපෑම ශී‍්‍ර ලංකාවට කෙසේ දැනෙනු ඇතිදැයි යන්න පිලිබදව තවමත් නිසි අධ්‍යනයක් සිදුව නොමැත.රට මුදවා ගැනීම සදහා ගන්නා නව කි‍්‍රයාමාර්ගයන් සම්බන්ධයෙන් ජනපති සිරිසේනව නිතිපතා දැනුම්වත් කෙරෙමින්ද පවතී.සිවිල් සංවිධාන ලබාදුන් තොරතුරු අනුව රටේ ඇතිව තිබෙන තවත් ගැටලූ නිරාකරණය කිරීමේ කටයුතු වලද ඔහු නිරතව සිටී.

සජින් වාස් ගේ ආරක්ෂාව සහ ජනපති සිරිසේන

ජූනි මස 17 වැනිදා ජනපතිවරයා, ජාතික වෘත්තිය සමිත් ෆෙඩරේෂනය, පුරවැසි බලය, සහ සමාජ සාධාරණත්වය සදහා වන ජාතික ව්‍යාපාරයේ නියෝජිතයන් හමුවිය.ඔහු සමග අගමැති වික‍්‍රමසිංහද සිටියේය.පෙර සඳහන් කළ සිවිල් සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයින් හත් දෙනෙකු පැමිණ සිටි අතර, වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය දීර්ඝ නොකරන්නැයි ඔවුහු ඉල්ලා සිටියෝය.තමන් මේ සම්බන්ධයෙන් ජනපතිවරයා හා සාකච්ඡුා කරන බව පවසා සිටි අගමැතිවරයා අවසර ගෙන එම ස්ථානයෙන් නික්ම ගියේය.ඔහුට පුවත්පත් සාකච්ඡුාවකට සහභාගීවීමට නියමිතව තිබිණ.එදින සැන්දැෑවේ නැවත වරක් අගමැති වික‍්‍රමසිංහ හා ජනපති සිරිසේන හමුවූ අතර කෙටි සාකච්ඡුාවකින් පසු මහබැංකු අධිපති මහේන්ද්‍රන් සේවයෙන් ඉවත්විය යුතුව ඇතැයි දෙදෙනම එකගවිය.ඔහු නැවත පත්කරනවාද නැතිද යන්න මහේන්ද්‍රන්ගේ කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන කෝප් කමිටු විමර්ෂණයෙන් පසුව තීරණය වනු ඇත.සිකුරාදා තම සේවා කාලයේ අවසන් වතාවට මහ බැංකු ආණ්ඩුකාර මණ්ඩලය හමුවූ අර්ජුන් මහේන්ද්‍රන් විමර්ෂණ කටයුතු අවසන් වන තෙක් තමන් සේවයෙන් ඉවත්වන බව ප‍්‍රකාශයට පත් කළේය.

ජනපති සමග පැවති හමුවේදී එක් සිවිල් සංවිධාන නියෝජිතයකු සජින් වාස් ගුණවර්ධන සම්බන්ධයෙන් දැඩි අදහස් දැක්වීමක නිරත විය.වංචා හා දුූෂණ චෝදනා රැුසක් එල්ලවී තිබෙන ගුණවර්ධන වත්මන් රජය යටතේ ආරක්ෂිතව සිටින බවත්, ඔහුට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව පවා ලබාදී තිබෙන බවත්, එම සිවිල් සංවිධාන නියෝජිතයා කීවේය.වහාම දුරකතනය අතට ගත් ජනපතිවරයා තමන්ව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සම්බන්ධ කරන ලෙසට නියෝග කළේය.ජයසුන්දර හා සම්බන්ධවූ පසු මේ පිළිබදව ඔහුගෙන් විමසා සිටි ජනපති සිරිසේන ගුණවර්ධනයට විශේෂ කාර්යබලකා ආරක්ෂාව සපයා ඇත්තේ කාගේ නියමයෙන්දැයි ඇසුවේය.එවිට පිළිතුරු දුන් ජයසුන්දර කියා සිටියේ එසේ ආරක්ෂාව සැපයීමක් සිදුව ඇත්තේ තම ධූර කාලයේදී නොව හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාගේ සමයේ බවය.මේ සමස්ත සංවාදය සියලූම දෙනාට ඇසෙන පරිදි දුරකතනයේ ස්පීකර උපාංගය කි‍්‍රයාත්මක කිරීමටද ජනපති සිරිසේන කටයුතු කළේය.

අනතුරුව ජනපතිවරයා හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සමග සම්බන්ධ විය.ගුණවර්ධනට විශේෂ කාර්යබලකා ආරක්ෂාව සපයා ඇත්තේ කාගේ නියමයෙන්දැයි ඇසුවේය.පිළිතුරු දුන් ඉලංගකෝන් නියෝගය ලැබුණේ අරලියහග මන්දිරයෙන් යැයි පැවසුවේය.එම නියෝගය ලබාදුන්නේ කවුරුන්දැයි ජනපතිවරයා විමසුවේය.ඊට ඉලංගකෝන් ලබාදුන් පිළිතුර ඇසූ ජනපතිවරයා අතිශයින් කෝපයට පත්විය.දුරකතනය විසන්ධි කර පැමිණ සිටි සිවිල් සංවිධාන නියෝජිතයින් ඇමතූ ඔහු

‘‘ දැන් ඇහෙන්න ඇතිනේ මොනවද වෙලා තියෙන්නේ කියලා.ඇයි ඔයාලා මටම බණින්නේ.මම එයාට එස්.ටී.එෆ්. ආරක්ෂාව ලබාදුන්නා කියලා‘‘ යැයි දැඩිව කියා සිටියේය.

ගුණවර්ධනට විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබාදෙන ලෙස නිර්දේශ කර තිබෙන්නේ ජනපතිවරයා, අගමැතිවරයා හෝ නීතිය හා සාමය පිළිබද ඇමැති සාගල රත්නායක මහතා හෝ නොව කැබිනට් මණ්ඩලයේ එක්තරා ඇමැතිවරයෙකි.ගුණවර්ධනට සපයා ඇති විශේෂ කාර්ය බලකා ආරක්ෂාව වහාම ඉවත් කරන ලෙස හමුව අවසානයේදී ජනපතිවරයා අදාළ බලධරයින්ට නියෝග කළ අතර බ‍්‍රහස්පතින්දා එම නියෝගය කි‍්‍රයාත්මක කැරිණ.ඔහුට නැගී තිබෙන චෝදනා සම්බන්ධයෙන් පොලිසිය දිගටම පරීක්ෂණ පවත්වන බවද සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවිය.

සිවිල් සංවිධාන ති‍්‍රත්වය හා හමුවට මෙන්ම වරක් ඔහුම ඉදිරිපත් කළ ජේ්‍යෂ්ඨ රාජ්‍ය නිලධරයින් අත්අඩංගුවට ගැනීම තාවකාලිකව අත්හිටුවීමේ නිර්දේශය සම්බන්ධයෙන්ද අවධානය යොමුකිරීමට පසුගිය සතියේ ජනපති සිරිසේනට සිදුවිය.මේ පිළිබද සම්පූර්ණ අනාවරණයක් ජූනි මස 5 වැනිදා දේශපාලන තීරුවෙන් සිදුවූ අතර දැන් අනාවරණය කළ හැකි පරිදි ජනපතිවරයා මෙවන් නිර්දේශයක් කිරීමට හේතුව වී ඇත්තේ ජේ්‍යෂ්ඨ රාජ්‍ය නිලධරයින් 135 දෙනෙකුගේ අත්සනින් යුතුව ලැබී ඇති පෙත්සමකි.සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවූ ආකාරය අත්අඩංගුවට ගැනීම තාවකාලිකව අත්හිටුවීමේ නිර්දේශය වංචා, දුූෂණ, ආදී චෝදනා එල්ලවී තිබෙන පූජ්‍ය පක්ෂය, ආරක්ෂක අංශ සහ ව්‍යාපාරිකයන් මතද බලාත්මකය.නමුත් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට හැකිය.

මේ හමුවේ විමර්ෂණ කටයුතු පවත්වමින් සිටින සියලූම ආයතන තම කටයුතු වඩාත් සැළකිල්ලෙන් සිදුකරන ආකාරයක් දැකගත හැකිය.මෙම ආයතන ලබාදෙන වාර්තා අධ්‍යනය කිරීමෙන් පසු අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමෙන්තුව අවස්ථා කිහිපකදීම නිර්දේශ කර ඇති මුත් එම අත්අඩංගුවට ගැනීම් දැන් සිදුවන්නේ ඉතාම සැළකිලිමත්ව හා වැඩි අවධානයක් යටතේය.එක් අවස්ථාවක පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය ලබාදුන් වාර්තාවක කරුණු අධ්‍යනය කළ නීතිපති දෙපාර්තමෙන්තුව අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම නිර්දේශ කළද, එය ඉතාම සැළකිල්ලෙන් සිදුකරන ලෙසටද උපදෙස් දුන්නේය.විමර්ෂණ පැවැත්වුණද ඒවායේ ප‍්‍රතිඵලයක් නොමැති බව මින් කිසි ලෙසකින්වත් අදහස් නොවේ.නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ රජයේ ප‍්‍රබල ආරංචි මාර්ගයක් සදහන් කළේ වැරදිකරුවන්ට එරෙහිව නීතිය අකුරටම කි‍්‍රයාත්මක කරන බවය.

මොන පීඩනයක්, බලපෑමක්, එල්ල වුනත් වැරදිකරුවන්ව නීතිය ඉදිරියට ගෙන එනවා එම ආරංචි මාර්ගය පැවසුවේය.

පැනමා වාර්තා - තවත් අනාවරණ

වංචා හා දුූෂණ වලට සම්බන්ධ පුද්ගලයින් හදුනා ගැනීම සහ ඔවුන්ව නීතිය හමුවට පැමිණවීම අරබයා කටයුතු කරමින් සිටින රජයට එම කටයුතු සම්බන්ධයෙන් ගැටලූකාරී තත්ත්වයක් නිර්මානය කරදී ඇත්තේ මෑතකදී එළි දැක්වුනු පැනමා වාර්තා වලින් විදෙස් බැංකු ගිණුම් පවත්වාගෙන යන්නේ යැයි අනාවරණයවූ ශී‍්‍ර ලංකා ජාතිකයින් 18 දෙනා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවරයන්ය.සන්ඬේ ටයිම්ස් ද මේ සම්බන්ධ ලිපිගොනු ලක්ෂ 110 කට ආසන්න ප‍්‍රමාණයකින් අදාළ තොරතුරු උකහාගැනීමේ කි‍්‍රයාවලියක නිතරව සිටී.

මෙවන් ලිපිගොනු සමූහයක් අධ්‍යනය කිරීම ඉතාම අධික කාලයක් ගතවන්නක් බව නොකිවමනාය.මෙම ලිපිවල සදහන් ඇතැම් තොරතුරු බැංකු, වෙළද, කර්මාන්ත, දේශපාලන සහ මාධ්‍ය ආදී ක්ෂේත‍්‍ර වල මහත් ආන්දෝලනයක් ඇතිකිරීමට සමත් වනු ඇත.තේරුම්ගත නොහැකි සිද්ධීන් ගැන පවා තොරතුරු මෙම ලිපිගොනු වල අන්තර්ගතය.අප හොදින් දන්නා හදුනන, ගෞරවාන්විත වෙළද ආයතන, බැංකු, ආදිය ගැනද තොරතුරු එමටය.

නම නොදන්නා මූලාශ‍්‍රයක් ඔස්සේ ජර්මනියේ සුඩොයිෂ් සෙයිටුන්ග් පුවත්පත වෙත ලැබුණු මෙම තොරතුරු සමූහය පසුව එම පුවත්පත ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය වෙත යොමුකළේය.වඩා පුළුල් විමර්ෂණයක් සිදුකිරීම එහි අරමුණ විය.අනාවරණය වෙමින් පවතින කරුණු වලින් චෝදනාවට ලක්වෙමින් සිටින මොසෑක්් ෆොන්සේකා සමාගම පැනමාවේ පිහිටුවා ඇති නීති උපදේශක සමාගමක් වන අතර රටවල් 40 කට ආසන්න ශාඛා ජාලයක්ද ඔවුනට හිමිය.බදු ගෙවීම් වලින් නිදහස් විය හැකි ක‍්‍රමවේදයන් තම සේවාදායකයින්ට හදුන්වාදීම සම්බන්ධයෙන් මෙම සමාගම විශේෂඥයකු බව අනාවරණයව තිබෙන අතර එහි සේවය ලබාගෙන තිබෙන්නවුන් අතර ලෝක ප‍්‍රකට පුද්ගලයින් මෙන්ම ශී‍්‍ර ලංකා ජාතිකයින්ද සිටී.මූල්‍ය නීති, ආයෝජන මගපෙන්වීම, ව්‍යාපාර පවත්වාගැනීම ආදිය සම්බන්ධයෙන්ද මොසෑක් ෆොන්සේකා සමාගම උපදේශන ලබාදේ.

දැනට අනාවරණයව ඇති තොරතුරු අතර 2010 වසරේදී ශී‍්‍ර ලංකා රජයේ ඉල්ලීමක් මත පැමිණි බව පවසා ඇති ‘‘උපදේශක සමාගමක්‘‘ ගැන සඳහනක් ඇත.ශී‍්‍ර ලංකා රජය තමන් හරහා භාණ්ඩ මිලදී ගැනීමේ සූදානමකින් පසුවන බවත්, නිශ්පාදකයින් සමග සාකච්ඡුා කර අදාළ භාණ්ඩ ශී‍්‍ර ලංකා රජය වෙත යොමුකරන්නේ තමන් බවත් එම සමාගම කියා තිබේ.සියලූ ගනුදෙනු ඉතාම විනිවිදභාවයකින් සිදුවන බව පවසා තිබෙන එම සමාගම, එසේ වුවද මොසෑක් ෆොන්සේකා සමාගමෙන් ඉල්ලා ඇත්තේ මෙම ගනුදෙනු සදහා බි‍්‍රතාන්‍යය වර්ජින් දුපත් වල විදෙස් බැංකු ගිණුමක් විවෘත කිරීමට අවැසි උපදෙස් ලබාදෙන ලෙසය.මෙම සමාගම නිතරව ඇත්තේ පොහොර හා යූරියා ආදිය සැපයීමේ කටයුතු වලය.මෙම ගනුදෙනුව කෙසේ සිදුව ඇත්දැයි යන්න පැහැදිලි නැතත්, මේ ඔස්සේ කවරකු හෝ විශාල මුදලක් උපයා ගන්නට ඇතැයි නැගෙන සැකය බැහැර කළ නොහැකිය.

විදෙස් රටවල ශී‍්‍ර ලංකා රාජ්‍යතාන්ති‍්‍රකයින් කිහිපදෙනෙක්ම තම බලතල භාවිතා කරමින් වෙළදවාසි ලබාගැනීමට උත්සාහ දරා ඇති අවස්ථා කිහිපයක් සම්බන්ධ තොරතුරුද පැනමා වාර්තා වල සදහන්ය.ශී‍්‍ර ලංකාවේ හිටපු පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සිව්දෙනකුගේ සහ හිටපු කීර්තිමත් රාජ්‍ය නිලධරයින් කිහිපදෙනකුගේද තොරතුරුද මෙම වාර්තා වල අන්තර්ගතය.සෙවීම දිගටම කි‍්‍රයාත්මකය.

ජගත් මානව හිමිකම් සැසි

මානව හිමිකම් කවුන්සිලයේ ශී‍්‍ර ලංකාව පිළිබද අදහස් දැක්වීම් සිදුකිරීමට නියමිතව ඇත්තේ මෙම මස 28 වැනිදාය.මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන් , කවුන්සිලයේදී සම්මතවූ යෝජනාවලිය අරබයා ශී‍්‍ර ලංකා රජය කුමන ප‍්‍රගයතියක් ලබා ඇතිද යන්න පැහැදිලි කිරීමට නියමිත අතර ඔහුගේ දේශනය සඳුදා (27) ජගත් මානව හිමිකම් කවුන්සිලයේ නිල වෙබ් අඩවියට එක් කිරීමට සැළසුම් කර ඇති බවද දැනගන්නට ඇත.එය පරිශීලනය කිරීමෙන් අනෙක් සාමාජික රටවලට තම තමන්ගේ අදහස් වඩා පුලූල්ව දැක්වීමට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම තොරතුරු සන්ඬේ ටයිම්ස් වෙත ලබාදුන් ආරංචි මාර්ග සදහන් කළ ආකාරයට ජගත් මහලේකම්වරයා තම දේශනය අතරතුරදී ශී‍්‍ර ලංකා රජයේ සාධනීය පියවර ගැනද, තවත් අවධානය යොමුකළ යුතුව තිබෙන කරුණු ගැනද අදහස් දැක්වීමක නිරත වනු ඇත.එක්සත් ජාතීන්ගේ නියෝජිතයින්ට රටට ඇතුල්වීමට අවස්ථාව ලබාදීම, අතුරුදන්වූවන් වෙනුවෙන් වෙනම කාර්යාලයක් පිහිටුවීම, ශී‍්‍ර ලංකා රජයේ සාර්ථකත්වය ගෙන හැර දැක්වීමට උදාහරණ ලෙස ජගත් මහලේකම්වරයා යොදාගනු ඇතැයිද, මහජනතාවට වඩාත් සමිීපවීමට තවමත් නොහැකිව තිබීම රජය අසාර්ථකව ඇති ක්ෂේත‍්‍රයක් ලෙස ඔහු පෙන්වාදෙනු ඇතැයිද එම ආරංචි මාර්ගය කීවේය.

ජගත් මානව හිමිකම් කවුන්සිල නිලධරයින් හා දෙමළ කණ්ඩායම් අතර සාකච්ඡා පැවැත්වෙතත් කවුන්සිලයේ ඇමරිකා නිත්‍ය නියෝජති කීත් හාපර් ඔවුන් වෙත දැනුම්දී ඇත්තේ දැන් යෝජනාවලියට කිසිදු සංශෝධනයක් සිදුනොවන බවය.නමුත් ශී‍්‍ර ලංකා රජය, නැගී තිබෙන යුද අපරාධ චෝදනා විමර්ෂණය කිරීමට යෝජනාවලියෙන් නිර්දේශ කර ඇති පරිදි විදෙස් විනිසුරුවරුන්ගේ සහය ලබානොගන්නා බව අවධාරණය කර ඇත.පුදුමයකට මෙන් මේ අරබයා සැළකිය යුතු ආන්දෝලනයක් ඇති නොවූ අතර දෙමළ ජාතික සන්ධානයද අනුගමනය කළේ නිහඩ ප‍්‍රතිපත්තියකි.එහි නායක ආර්.සම්බන්ධන් පමණක් යෝජනාවලියේ අන්තර්ගත කරුණු ඒ අයුරින්ම කි‍්‍රයාත්මක විය යුතුයැයි සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.

ලන්ඩනය පදනම්ව කි‍්‍රයාත්මක වන ගෝලීය දෙමළ සංසදයද මේ හා සමානවම අදහස් දක්වා ඇති අතර ජගත් මහලේකම්වරයා තම දේශනය අතරතුරදී ශී‍්‍ර ලංකා රජයේ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද අදහස් දක්වනු ඇතිවාට දැක නැත.නමුත් ජගත් මානව හිමිකම් කවුන්සිල සාමාජිකයින් දැන් ශී‍්‍ර ලංකාවේ තත්ත්වය මනාව අවබෝධ කරගෙන සිටී.ඔවුන්ට අවශ්‍ය ඉතිරියත් සාර්ථකව අවසන් කිරීම සදහා ශී‍්‍ර ලංකාවට තවත් කාලය ලබාදීමටය.

රජය ඉදිරියේ තව තවත් බාධක නැගෙමින් ඇත.ආර්ථික ගැටලූ දැන් දේශපාලන ගැටලූ බවට පරිවර්තනය වෙමින් ඇත.මෙය තත්ත්වය තවත් බරපතල කරන බව කිවයුතු නැත.



අදහස් (0)

‘ජනපති ක්‍රමය එපා‘ - ජනපති කියයි

විජේ Monday, 27 June 2016 05:23 AM

ලංකාවේ හැටියට නායකයෝ දෙන්නෙක් ඕනෑ නැහැ. දෙන්නෙක් රකින්න නොවේ, විශ්‍රාම ගිය කට්ටියත් ආරක්ෂා කරන්න යන වියදම දිහා බැලුවහම මේ රටේ දුප්පත් මිනිසුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා, ජනපති කියනදේට අපි එකඟ වියයුතුයි (නි)

:       0       0

සංජීව Monday, 27 June 2016 06:02 AM

අනේ මන්ද මෙය දේශක වගේ කියෝ කියෝ යනවා. කරන දෙයක් පේන්නේ නෑ, කොහොමත් අායෙ එන්න හම්බුවෙන්නේ නෑ (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Monday, 27 June 2016 06:18 AM

දැනට රටේ පවතින වාතාවරණයට අනුව විධායක ජනාධිපති ක්‍රමය පිලිබඳ ගැටලුව මේ අවස්ථාවේ සාකච්චාවට ගතයුතු මාතෘකාවක් නොවෙයි., අනික ජාතික ගැටලුව සමතයකට පත්වෙන තුරු විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගැනීම අප වැනි කුඩා රටකට හිතුවක්කාරයි.(හේ)

:       0       0

දීපාල් Monday, 27 June 2016 06:21 AM

අපිත් ඒ දේට කැමැතියි.(හේ්)

:       0       0

සේන Sunday, 26 June 2016 09:21 AM

අපේ රටේ තියෙන ප්‍රශ්නය දේශපාලන අවස්ථාවාදිත්වය, වංචාව සහ දුෂණය ඉතින් ඕවා වෙනස් කරනකම් අපේ රට හදන්න මොන ක්‍රමේ ගෙනාවත් වැඩක් නැහැ. (බ)

:       0       0

තිලක් - නුවර Monday, 27 June 2016 08:36 AM

අනාගතය ගැන හිතුවොත්, මෙය පෙඩරල් ක්‍රමයකට පාර කපාගනීමයි. හේතුව, සෑම පළාත් ආණ්ඩුවක්ම දැන් පාලනය වෙන්නේ ජනාධිපති යටතේ ඉන්න ආණ්ඩුකාරවරයායි. ඒක නැති වුනාම මොකද වෙන්නේ? උතුරේ මහ ඇමති කියයි එංගලන්තයටයි අමෙරිකාවටයි ඇවිල්ලා ඒගොල්ලන් ආරක්ෂා කරන්න කියලා. එවිට, යූඑන්ඒ ඒක තීරනය කරයි උතුර වෙනම රටක් කියලා.....ඔන්න පුලුවන්නම් කරන්න වැඩේ. නොබෙල් එකත් ගන්න පුළුවන්. (බ)

:       0       0

වීරසේන Sunday, 26 June 2016 10:24 PM

හොරකම් දූෂණ කරන, තම යහපත ගැන විතරක් හිතන දේශපාලකයින් සිටිනතුරු මොන ව්‍යවස්ථාව ගෙනාවත් වැඩක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 111 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 519 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1104 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 982 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 157 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 969 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site