IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ජනපති කාර්යාලයෙන් කුසගින්නට වැටක්

(අංජුල මහික වීරරත්න)

කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” සහ “කිසිදු දරුවෙක් මන්ද පෝෂණ තත්ත්වයට ගොදුරු නොවිය යුතුය” යන මූලික දැක්ම පදනම් කර ගනිමින් ආහාර  සුරක්ෂිතතා වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13)ආරම්භ කෙරිණි.

මතුවිය හැකි ඕනෑම අර්බුදකාරී අවස්ථාවක වුවද ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමට හැකි සමාජ ආර්ථික පරිසරයක් තහවුරු කිරීම මෙමගින් අපේක්ෂා කරන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

අදාළ යාන්ත්‍රණය කමිටු හතක් හරහා ක්‍රියාවට නංවා තිබෙන අතර ජනාධිපතිවරයාගේ සභාපතිත්වය යටතේ  ජාතික ආහාර සුරක්ෂිත හා පෝෂණ සභාව ක්‍රියාත්මක වේ.  

ආහාර සුරක්ෂිතාව හා  පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණය ජනාධිපති ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක අතර ආහාර සුරක්ෂිතතාව හා තාක්ෂණික උපදේශක කමිටුව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මකය.

ආහාර සුරක්ෂිතතාව හා පළාත් ඒකාබද්ධ යාන්ත්‍රණය පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන අතර දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ. 

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ප්‍රාදේශිය ඒකාබද්ධ යාන්ත්‍රණය ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. 

ග්‍රාම නිලධාරි වසම් 14,022 හි  ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පරීක්ෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී, සමෘද්ධි  නියාමක, පවුල් සෞඛ්‍ය සේවිකා, ළඟම පාසලේ විදුහල්පති සහ පළාත් පාලන ආයතනයේ නියෝජිතයින් දෙදෙනෙකුගෙන් සමන්විත ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා එමගින් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ආර්ථික පුනර්ජීවයක් ඇති කොට  දරිද්‍රතාව පිටුදැකීම, මන්දපෝෂණයෙන් දරුවන් මුදා ගැනීම, ප්‍රදේශයේ ආහාර සුරක්ෂිතතාව මෙන්ම ජීවන තත්ත්වය  ඉහළ නංවා ගැනීමට මෙම යාන්ත්‍රණයෙන් කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනට අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ලේකම්වරයාගේ සිට ග්‍රාම නිලධාරී මට්ටම දක්වා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයත්, පෞද්ගලික අංශය,  රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තිකයන්, ආගමික නායකයන් සම්බන්ධ කර ගෙන තිබේ.

රටට අවශ්‍ය සමස්ත සහල් අවශතාවය වන මෙට්‍රික් ටොන් දසලක්ෂ 3.6ක්  නිෂ්පාදනය කිරීම, වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාවයෙන් 50%ක් රට තුළම නිපදවීමටත්, අර්තාපල් අවශ්‍යතාවයෙන්  35% ක් දේශීයව නිෂ්පාදනය කිරීමටත් මෙමගින් සැලසුම් කර ඇත.

වාර්ෂික සෝයා අවශ්‍යතාව වන  මෙට්‍රික් ටොන් 250,000න් 20%ක් 2025 වසර වන විට මෙරටදී නිෂ්පාදනය කිරීමට සැලසුම් කිරීම,  වියලි මිරිස් අවශ්‍යතාවයෙන් 20%ක් 2025 වන විට දේශීයව නිෂ්පාදනය කිරීම, 2025 වන විට කුරක්කන්, මුං ඇට, කව්පි, තල හා රටකජු සම්පූර් ණ අවශ්‍යතාවය දේශීයව නිෂ්පාදනය කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.

බිත්තර හා කුකුළු මස් වැනි පශු සම්පත් සංවර්ධනයට වාර්ෂික අවශ්‍ය වන  බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 650,000න් 80%ක් මේ වසර තුළ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. 2025 වන විට  ශ්‍රී ලංකාවට අවශ්‍ය වන සමස්ත බඩ ඉරිඟු ප්‍රමාණය දේශීයව වගා කිරීමට බලාපොරොත්තු වේ.

මහ කන්නයේ වී සහ බඩ ඉරිඟු නිෂ්පාදනය කිරිම සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 230,000ක්, TSP මෙට්‍රික් ටොන් ලක්ෂයක් සහ  MOP මෙට්‍රික් ටොන් 182,000ක් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ඉන්දියානු ණය ක්‍රමය යටතේ ආනයනය කිරීමටත් අනෙකුත් ආහාර භෝග නිෂ්පාදනයට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ආනයනය කිරීමටත්  මේ වන විට කඩිනම් පියවර ගෙන තිබේ.

කෘෂි රසායනික හා කාබනික පොහොර හිඟයකින් තොරව වෙළඳපොළෙන් මිලදී ගැනීමට පහසුකම් සපයා දීමට නියමිතය අතර යූරියා කිලෝ ග්‍රෑම් 50ක මිටියක් දැනට පවතින වෙළඳපොළ මිලට වඩා අඩු සාධාරණ මිලකට  ලබාදීමට  සැලසුම් කර ඇත.

2022 මහ කන්නය සාර්ථක කර ගැනිමට අවශ්‍ය රසායනික පොහොර, කාබනික පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය හා බීජ නිසි කලට වෙළඳපොළ හරහා ගොවීන්ට සැපයීමේ යාන්ත්‍රණය මේ වන විටත් රජය ආරම්භ කර තිබෙන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

කෘෂිකාර්මික හා පශු සම්පත් අංශයේ නිෂ්පාදන 2018 වර්ෂයේ නිෂ්පාදන මට්ටමට ගෙන ඒමට සැලසුම් කර ඇති අතර ඊට අවශ්‍ය බීජ, රසායනික ද්‍රව්‍ය, රසායනික පොහොර සත්ව ආහාර හා ඉන්ධන ඇතුළු කෘෂිකාර්මික යෙදවුම් ප්‍රමාණවත් පරිදි ලබාදීම සිදු කරන බවද ජනාධිපති කාර්යාලය කියයි.

මෙම නිෂ්පාදන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා නූතන දියුණු වාරි ක්‍රම හා තාක්ෂණය භාවිත කිරීමට සැලසුම් කර ඇත.

පොහොර යෙදීම සඳහා රජයේ සංකල්පය ප්‍රචලිත කිරීමට  සැලසුම් කර ඇති අතර එමගින් නිෂ්පාදන ඵලදායිතාව වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වේ.

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කෘෂිකර්ම හා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ යන මහත්වරු සහ ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, බැංකු හා සංස්ථා සභාපතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (10)

ජනපති කාර්යාලයෙන් කුසගින්නට වැටක්

Kumara Tuesday, 13 September 2022 09:07 PM

යට කලිසම් වෙන්දේසි කරනු ලැබේ.!

:       0       2

!" ලුණු-ඇඹුල " Tuesday, 13 September 2022 10:00 PM

පාර්ලිමේන්තු වාරයකදි මන්ත්‍රීවරයකුගේ එක් ආහාර වේලක් සඳහා දිනකට රුපියල් 3,000 කට වඩා වැයවෙන බව රටවැසියෝ නොදනී..! ඉතින් පාර්ලිමේන්තුවේ 225 ටම කන්න දෙන කෑමට දිනකට යන වියදම මහජන බදු මුදලින් රුපියල් ලක්‍ෂ 7 කි..! පලමුව ඔය 225 ම රටට 'ආදර්ශවත්ව' ක්‍රියාවෙන්ම පෙන්නලා ගෙදරින් නෝනලා උයන කෑම එක රස කරකර ගෙනල්ලා කන්න කියන්නකෝ..

:       0       3

vinivida Tuesday, 13 September 2022 10:11 PM

මේ වනවිට ආර්ථික අර්බුදයකට සහ ආහාර අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහ වෙනත් මහළු නිවාස, ළමා නිවාස, ආබාධිත නිවාස සඳහා රජයෙන් විදුලිය නොමිලයේ සැපයීමක් වෙනුවට එම ආයතන සඳහා විදුලිය, ගෑස්, ජල බිල්පත් ගෙවීමට නොහැකිනම් QR කේත ක්‍රමය යොදාගනිමින් අවශ්‍ය දත්ත ඇතුළත් කර ලෝකයේ වෙනත් රටවල සිටින්නා වූ ශ්‍රී ලාංකිකයින් හට බිල්පත් ගෙවීමට අවස්ථාවක් සලසා ඇමෙරිකානු ඩොලර්, කැනඩා ඩොලර්, ඕස්ට්‍රේලියානු ඩොලර් සහ වෙනත් මුදල් වෙතින් අවස්ථාවක් සලසාදීම කළයුතු වේ. එසේ ඩොලර් වලින් ගෙවන්නේ නම් වැට් නොමැතිව ලබාදීමටද අවස්ථාවක් ලබාදෙන්න. වර්තමාන රජය යටතේ ආරම්බ කරන්නේද එසේ නැතහොත් නව රජයක් යටතේ පටන් ගතහොත් විදේශ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඵලදායි ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.

:       0       2

Perera Wednesday, 14 September 2022 12:34 AM

මෙයා අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ ඉඳලත් හැමදාම කළේ කටින් බතල හිටවීමක්.. නැතිනම් කතාව දෝලාවෙන්, ගමන පයින්...

:       0       4

chandima Wednesday, 14 September 2022 12:53 AM

ගුලි අබරලා බරලා, ඒ පාර කිරිමැටි ගිල්ලවන්නද යන්නෙ?.

:       0       3

chandima Wednesday, 14 September 2022 12:54 AM

ඔය වැඩෙට ගෝටාභයවත් හවුල් කරගත්තනම් මරුවට කරන්න තිබුන නේද?

:       0       2

චතුරි Wednesday, 14 September 2022 02:35 AM

දැන්නම් ගොඩක් පරක්කු වැඩියි. මේ ක්‍රියාව නන්වන්න ඒත් කමක් නැහැ. මේවාට ආධාර ගලාගෙන එනකොට... සුනාමි ආධාර වලට වුණු දේ වෙනවාමයි. කපුටා, මයිනා මොන ලෝකයේ හිටියත්. හොරා කනවාමයි. මේ වැඩ සටහනේදී. කම්පියුටර් පාවිචිචි නොකරන්න. අතින් ලියාගන්න පිටපත් පමණක්. පාවිච්චි කරන්න... ලැබෙන සහනාධාර මකා හරින්න බැරි නිසා... ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ කීප දෙනයි අනිත් සේරම තමන්ගේ බොක්කට පමණයි...!

:       1       3

C.K.Lankaputhra. Wednesday, 14 September 2022 05:44 AM

මේ වගේ කතා අහලා අපිට දැන් ඇතිවෙලා තියෙන්නේ... කඩේ විකුණන, කන දේවල මිල අඩු කරන්නේ නැතුව මොන දේ කරත් හරි යයිද? මේවා අපිව ගොනා කරන්න හදන කතා... එක පැත්තකින් රජයේ වියදම් අහස උසට නංවන ගමන් බයිලා කතාකරනවා...

:       1       4

sharm warn Wednesday, 14 September 2022 01:14 PM

ලොකු කතා නම් එමටයි ආපු දවසේ පටන්. හැබැයි අර ඇමෙරිකන් නිලධාරින් ඇවිත් කට ඇරිය ගමන් මහලොකු ප්‍රජාතන්ත්‍රවාදයේ රෙදි ගැලවෙනවා. ඊට පස්සේ සීතාම්බර සළුවෙන් තමයි වසාගෙන ඉන්න වෙන්නේ. තවත් මේවට රැවටෙන අය ඉන්නවනේ මේ රටේ..! 

:       0       1

fairoos Wednesday, 14 September 2022 02:01 PM

ඡන්යදක් තියල මෙ ඉන්න සෙට් එකම එලෙව්වොත් තමයි රටට සෙත..කාලකන්නින් රටට සාපයක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 585 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 607 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 575 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 428 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 418 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 3834 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25133 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18850 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site