(සුජිත් හේවාජුලිගේ)
වර්තමාන ජනාධිපතිවරයා යටතේ මින් ඉදිරියට ඇමතිධූර බාර ගැනීමට කිසිදු සූදානමක් නැතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද උදේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
තම දෙදෙනා තනතුරුවලින් ඉවත් කිරීම ගැටලුවක් නොවන බවත් තනතුරු තිබුණත් නැතත් තම කණ්ඩායමේ සටන දිගටම කරගෙන යන බවත් ඔහු පැවසුවේය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති ගෝඨාභය යටතේ මින් ඉදිරියට ඇමැති ධූර බාර ගන්නේ නෑ
Mahesh Friday, 04 March 2022 01:12 PM
හිතං ඇති අනුරට හේත්තු වෙන්න... එව්වා හඳේ...
hesaFriday, 04 March 2022 06:37 PM
අපොයි, අකුදිට හේත්තු වෙනවා කියන්නේ සදා පාරේ තමයි..
namal Friday, 04 March 2022 01:24 PM
වෙන කතා මොකටද? අඩුම ගානේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක්වත් හදන්න බැරි ආණ්ඩුවක්... ඕන ආණ්ඩුවක් වැරද්දක් වුණා නම් ඒක නිවැරැදි කරන්න උත්සාහ කරනවා. මේ අය ඒකවත් කරන්නේ නැහැ.
චන්දන Friday, 04 March 2022 02:20 PM
ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය ගැන ආණ්ඩුවට දොස් නගන්න බැහැ. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය ගැනනම් කතා කරන්න දෙයක් නැහැ. මේ අවුරුද්දෙ වාර සටහන් තවමත් නැහැ.
wishwaFriday, 04 March 2022 03:20 PM
කවුරු වැරැද්දුවත් ආණ්ඩුව මැදිහත් වෙලා නිවැරැදි කරන ලෙස උපදෙස් නිකුත්කළ යුතුයි.. මොනදේ කතා කරන්නත් ඇමති, ලේකම්, මහජන දිනේටවත් අමාත්‍යාංශයට එන්නේ නැහැ.
kamalFriday, 04 March 2022 08:10 PM
ජනපති ගෝඨාභයට රට කරගෙන යාම අහුරා සිටියේ මොවුන් වේ...
DM Friday, 04 March 2022 01:40 PM
මේ තත්වයට රට ගෙනාවාට ඔබතුමාලාත් වගකිව යුතුයි. බැසිල් කියන ඇමෙරිකානුවාව පාර්ලිමේන්තුවට ගේන්න පනත් සම්මත කරන කොට ඔබතුමාලා සංවේදී වෙලා අත ඉස්සුවානේ? එතකොට ඒ ගැන දුරදිග හිතුවේ නැද්ද? දැන් ඒ වරද, නිවැරැදි කරන්න බැහැ නේද? දැන් එළියට බැහැල කෑ ගහලා මොනවා කරන්නද? ඔබතුමාලාගේ ඒ තීරණයෙන් සමස්ථ ජනතාවම පාවාදුන්නා නේද?
චන්දදාසFriday, 04 March 2022 04:26 PM
බත් පැකට් එකට, කසිප්පු කාලට ඡන්දය දෙන අය සිටියොත් මිස අබමල් රේණුවක මොළයක් ඇති කෙනෙකු කිසිදාක නුඹලාට ඡන්දය දේවියැයි නොසිතෙන නිසා නුඹලාට නම් නැවතත් කිසිම දවසක දියවන්නාවේ යන්න තියා හිතන්නවත් බැහැ.. නුඹලා තිදෙනාම සිටින පක්ෂය වුණත් සදා අනාථයි..!
Soma dubayi Friday, 04 March 2022 01:48 PM
ඔබලා නැති වුණත් රටේ සියලු දෙනාම එකාවන්ව ගරු ගෝඨාභය ජනපතිතුමා සමග සිටිනවා... එතුමාගේ අභීත නායකත්වයෙන් අපි සියලු දෙනාම ඉදිරියටම යනවා..
AkilaFriday, 04 March 2022 02:55 PM
අභීත නායකත්වය? විහිලු සපයන්න එපා සෝමා...!
Don perea Friday, 04 March 2022 03:20 PM
මම දැනන් හිටියේ නැහැ ලංකාවේ මෙච්චර බත්කන හරක් ඉන්නවා කියලා...
JayaFriday, 04 March 2022 03:50 PM
නැහැ, නැහැ.., එයා ඉන්නේ ඩුබායි...!
DewaFriday, 04 March 2022 03:21 PM
දවල් හීන...!
ගමේ එකාලාFriday, 04 March 2022 03:38 PM
ඩුබායි සෝමාගේ උඩයට මාරුවෙලා. මොකද දන්නේ නැහැ මෙයා ගැන ඔයතරම් කරුණාවක් පහළවෙලා තියෙන්නේ...?
ravin Friday, 04 March 2022 01:48 PM
හිටන් ආපහු එයි කියලද හිතාගෙන ඉන්නේ..? මෙරට ඉන්න මෝඩ මිනිසුන් ඒකත් කරන්න බැරිකමක් නැහැ..
වර්ණකුලසූරියSaturday, 05 March 2022 03:00 PM
අපේ රට රකින විරුවාට වඩා නම් හිටං ගොඩක් ඉදිරියෙන් ඉන්නේ... අසාර්ථක පාලකයෙක් වුවත් ඔහු දක්ෂයෙක්. පත්තරෙන් දැක්කේ කීවත් කවදාවත් බ්ලා..බ්ලා..බ්ලා.. උච්චාරණය කර නැත. මෑත යුගයේ දොන් ජූවන් ධර්මපාල අද අපි දකිමු.
ranjith Friday, 04 March 2022 02:11 PM
මේ රටේ වර්තමානයේ සිදුවී ඇති විනාශයට වගකිව යුතු අය තමයි. දැන් සුදනො වෙන්න හදනවා.
jayath Friday, 04 March 2022 02:18 PM
අර එක්කෙනෙක් කියනවා ඇමතිකමින් අයින් වෙන්නේ නැතිලු... ඒත් ඇමැතිකමේ වැඩකරන්නේ නැතිලු...! මාර වාමාංශිකයින්, අනේ ජනපතිතුමනි, ඇයි මේ අය දොට්ට නොදැම්මේ...?
Prabha Friday, 04 March 2022 02:24 PM
එහෙනම් ඉතින් පාස්පෝර්ට් නඩුව එන්න කාලෙ හරි වගේ...!
Chandima Friday, 04 March 2022 02:31 PM
මීළඟට ඡන්දෙට අපට ඔලුබක්කෝ නැටුමක් පටන් ගන්න වගේ යන්නේ...!
Malaka Friday, 04 March 2022 02:57 PM
අලුත්ම නාටකය මේ රටට වෙලා තියෙන දේවල් වලට මෙයාලත් වගකියන්න ඕනෑ..
nalin Friday, 04 March 2022 03:00 PM
මේ අය දන්නවා ඊළඟ ඡන්දෙදී රාජපක්ෂලාට ඡන්ද අඩුවෙන බව, ඒ අඩුවෙන ඡන්ද ටික මේ අය වෙනම පක්ෂයකින් ඉල්ලලා ඔවුන් ඒ ඡන්ද ටික ගන්න තමයි ප්ලෑන් එක. මේ අය දැන් මෙච්චර කාලයක් පොහොට්ටු ආණ්ඩුවේ හිටියනේ.. ඉතින් මොකක් හරි සෙතක් වුණාද නෑනේ...? මේ අය රටට කිසිම සෙතක් කරන අය නෙමෙයි. මේ අය කොහොමත් ඡන්ද පදනමක් තියෙන අය නෙමෙයිනේ. කිසිම ප්‍රතිපත්තියක් නැති පිරිසක්... මේ ගොල්ලන්ට කතාව පුළුවන් වුණාට වැඩ බෑ... කටින් කියන්න පුළුවන් අරවා කරන්න පුළුවන්, මෙව්වා කරන්න පුළුවන් කියලා, හැබැයි ඇත්තට වැඩක් කරන්න ගියාම වැඩ බෑ...
Jagath Friday, 04 March 2022 03:09 PM
ඩබල් ගේම් සෙට් එක. නාට්‍යයක් කරන්න වගේ යන්නේ. ඊළඟ ඡන්දෙදි සෙට් එකම ගෙදර යන්න ලෑස්ති වෙයල්ලා...
සනත් Friday, 04 March 2022 03:13 PM
මේ අයගේ ඉවත්වීම තුළ කවර හෝ දේශපාලන කුමන්ත්‍රණයක් තියනවා වගේ පේනවා. ගරු අගමැතිතුමා මේ හැම ප්‍රශ්නයකදීම නිහඬව සිටීම මහත් ගැටළුවක්... ඇමැතිකම් මාරුකිරීම සෙල්ලම් ගෙවල් හදන පොඩි ළමයින්ගේ වැඩවගේ හරියට දේශපාලනයේ පරිණත නායකයෙක් වන අගමැතිතුමනි, ඔබතුමා තවමත් මේ රටේ අගමැතිතුමා ඇයි නිහඬව බලා සිටින්නේ...? දැනුම, බුද්ධිය, ඥානය යොදාගෙන විසිවෙන කෙනෙක් විසිවෙන්න ඇරලා ගේම ගහන්න බැරි ඇයි? මීඩියා වලට බොරු කියන එක ලොකු අයියාගේ ළඟ සිට නතර කරන්න...
ShanSaturday, 05 March 2022 02:36 PM
දැනුම, බුද්ධිය? රාජපක්ෂලා ඔක්කොම එකයි. ඔක්කොම මැට්ටෝ..
Vasudewa Friday, 04 March 2022 03:15 PM
මේ වෙලාවේ රට පාලනය කරන්න ඩුබායි සෝමා හිටියොත් අපි සේරම ගොඩ...
මහජනතාව Friday, 04 March 2022 03:39 PM
විමල් මහත්තයෝ රතු එළියත් එක්ක ඔය ගමන යන්න හැදුවොත් නම් සොරිම තමයි...
Niroshan de Silva Friday, 04 March 2022 03:42 PM
මේ අය නම් පුදුම සෙට් එකක් අප්පා... දැන් ආයේ දඟලනවා බොරුවට...!
විපරමා Friday, 04 March 2022 03:50 PM
නරිවාදම නම් තියෙනවා. කරපු දේවල් ගැන දන්නෝ හොඳාකාරවම දනිති. ජනතාව ගොනාට අන්දවන්ට වගේ හදන්නේ... ලැජ්ජයි ...!
Rohana Friday, 04 March 2022 04:26 PM
කොහොමත් මේ ආණ්ඩුව ජනතාවට වැඩක් කරලා නෑ. උද්දච්චකම තිබුණාට ගන්නේ මොට්ට මෝඩ තීන්දු... මොවුන් ආණ්ඩුවෙන් ඉවත්වුණා කියලා මොවුන්ට කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ. ජනතා අප්‍රසාදය මධ්‍යයේ බොරු ප්රගතිශීලි බවක් පෙන්නලා බලය ගන්න මාන බැලුවාට ඒවා හරියන්නේ නෑ. කරපුවා අපට මතකයි...
Asanka Friday, 04 March 2022 05:14 PM
අනේ..., එළියේ හිටියත් එකයි, ඇතුලේ හිටියත් එකයි...!
ඉන්දික Friday, 04 March 2022 05:51 PM
ටික දවසකට හරි ප්‍රශ්න ටික අමතක වෙන්න පොඩි විනෝදයක් දුන්නු ඔබ දෙපලට පිං... අවුරුදු 2ක් තිස්සේ රිංගන් ඉඳලා 20ටත් අත උස්සලා මොල හතා ගෙනැල්ලා.. දැන් එළියට ආවාම සේරම හරි...
hesa Friday, 04 March 2022 06:47 PM
අකුදි එයි කියලා හිතන් ඉන්න සුළුතරයක් වුණත් පව්.... වසර 60 ක් ඉන්නේ බලන්..
de silva Friday, 04 March 2022 07:32 PM
බොරු නාටක, විරුවා අවංක කෙළින් වැඩකරන, වැඩකාරයකු බව ජනතාවට වේදිකාවල 2019දී බෙරිහන් දුන්නේ ඔබලා නේද? දැන් වැරැද්ද බාරඅරන් දෝෂාභියෝගයක් ගෙනත් සර් ගෙදර යවන්න. එහෙම නැතිනම්, සෙට් එකම ලබන ඡන්දේදී ගෙදර යන්න බලාපොරොත්තු වෙන්න. අපිව හැමදාම අන්දවන්න බෑ...
අනුර Friday, 04 March 2022 07:43 PM
දැන් ඔයගොල්ලන්ට කාලේ ඇවිත් තියෙනවා... ගෙදර ගිහින් ඔය ලැබෙන විශ්‍රාම වැටුප් හා අනෙකුත් වරප්‍රසාද සමග පිනක් දහමක් කරගෙන හෝ ඉතිරි කාලය වෙන දිවියකට යොමු කිරීමට... අවුරුදු 74 තිස්සේම කරපු කියපු දේ මිනිසුන් හොඳින්ම දනී. රටේ සුදුසුකම් ඇති බුද්ධියෙන් ඉහළ තරුණ පරපුරටත් අවස්ථාවක් දිය යුතුයි. වයෝවෘද්ධ හණමිටි අදහස් දරණ මෙවැනි දේශපාලකයින්ගෙන් අදට ගැලපෙන රටට හා ඡනතා සුබසිද්ධිය සඳහා සැලැස්මක් කිසිදිනක බලාපොරොත්තු විය නොහැක. අද ලෝකය ඉතාමත්ම දියුණුයි. ඔවුන්ට ඒ බව පවා තේරුම් ගත නොහැකිය. මෙවැනි ආත්මාර්ථකාමීන්ගෙන් රටට බලාපොරොත්තු විය හැක්කේ තමන් සරණං ගච්ඡාමි! පමණයිි.
Nuwan Friday, 04 March 2022 08:27 PM
මේවා රංගන විජ්ජා... කවුරුවත් රැවටෙන්න එපා...!
pakeer Friday, 04 March 2022 09:06 PM
මේවා කාලා දැම්මේ ඔබලාම තමයි...
samath Shantha Friday, 04 March 2022 09:19 PM
නාට්‍ය සම්මාන දෙන එක මීට පස්සේ සලකා බලන්න ඕනෑ. මේ වගේ දක්ෂයින් දැක්කාම... මොනවා කළත් අපිට ඇත්ත තේරෙනවා.
Rohana Friday, 04 March 2022 10:23 PM
මෙයාලා කතාවට රංගනයට දක්ෂ වුණාට මෙලෝ වැඩක් බෑ. දැන් අවස්ථාව බලලා බොරු ප්රගතිශීලි බවක් පෙන්නලා මීළඟ බල ව්‍යාපෘතියටයි මේ කුරුමානම අල්ලන්නේ...!
chandima Saturday, 05 March 2022 12:17 AM
ඒ කියන්නේ පොල් කඩන්නවත් යන්න හිතාගෙන ඉන්නවද? නැතිනම් විජේවීරගේ පුතාටවත් හේත්තුවෙන්න යනවද?
Silva Saturday, 05 March 2022 01:21 AM
නාමල් යටතේ නම් හා අම්මේ...
Prabha Saturday, 05 March 2022 02:26 AM
මෙයාගේ අවසානය සමගි පෙරමුණෙන් ඉවර වෙයි කියලා හිතෙන්නේ මට විතරද?
Demuni Uduwara Saturday, 05 March 2022 04:48 AM
මේක නාට්‍යයක්...!
nihal Saturday, 05 March 2022 06:52 AM
ඉදිරියට කෙසේ වෙතත් ඇතුළට නම් යාවි...!
චමින්ද Saturday, 05 March 2022 10:28 AM
අබමල් රේණුවක මොළයක් තියෙන ඡන්ද දායකයින් ලංකාවේ සිටියොත් අඩුම තරමින් පළාත්පාලන ආයතනයක සභික ධුරයක්වත් ගන්න නම් බැරිවේවි.. එහෙම වුණාම ඇමති තනතුරු කොයින්ද?
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 05 March 2022 11:04 AM
මේවා ඔක්කොම නාටක වගෙයි පෙනීයන්නේ. ආණ්ඩුවෙන් ඇයි නොයන්නේ? ආණ්ඩුවෙන් නොගිහින් ඒ තුළම රැඳී සිටිමින් කරනා මේ රඟපෑම් උප්පරවැට්ටි නොවේද?
fairoos Sunday, 06 March 2022 12:47 PM
දැන්වත් මොලේ පෑදුණු එක හොඳයි. වහල්ලුන්ට නම් මෙච්චර වෙලා මදි තවත් ඕනැලු...