IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ජනපති ගැන සුජීව සේනසිංහ දැඩි කළකිරීමෙන්

(නිමල කොඩිතුවක්කු සහ ඉන්දිකා රාමනායක)

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන්  තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

“මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කළකිරීමක. අපි එතුමන්ව පත්කළේ ජීවිතය කැප කරලා. එතුමන්ට දීලා තියෙනවා රාජපක්ෂලත් විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයකත් විනාශ කරලා එතුමන් 2020 විශාල බලයක් එයි කියලා එක ආයතනයක්. මම එතුමන්ට කතා කරලා කිවුවා මාසයකට කලින්. මේ කොමිසම දික් කරලා මොකක්ද කළේ. දික් කරගෙන දික් කරගෙන අපිට මඩ ගහනවා.

මිග් ගණුදෙනුවට කෝ ජනාධිපති කොමිසමක්. කෝ නැවු ගනුදෙනු වලට ජනාධිපති කොමිසම් කෝ අඞ්වර්ටයිසින් කොම්පැනිවලට කෝ  ජනාධිපති කොමිසම්.

ජනාධිපතිතුමාට මම කියනවා එතුමගේ දරුවො වයසේ තමයි අපිත්.  එතමා දරුවෝ ආරක්ෂා කරනවනම් එතුමට ඊ නිව්ස් එකෙන් ගහනවනම් අපිට ගහන එකත් හොද නැහැ යම් මාධ්‍යයක්.

පොදු අපේක්ෂකයා විදියට එතුමා විසි දෙනෙක් අරන් එනවා කියලා 04ක් අරන් එනකොට කට්ටිය කිව්වා දෙන්න එපා කියලා. එතනදි රෝසි සේනානායක මහත්මියත් මමත් කිව්වා එතුමා තීන්දුවක් අරන් ආවා කීයක් එක්ක ආවත් මේ සටන පටන් ගමු කියලා. වරදක් තියෙනවනම් නීතිය ක‍්‍රියාත්මක කරන්න.  එතුමා  ජනාධිපතිතුමා එතකොට අපිට ඇගිලි දික්කරන්න බැහැ  හොරු අල්ලන්නේ නැහැ කියලා. එතුමන්ට පුළුවන් නම් බැදුම්කර කොමිසම දාලා ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන්න ඇයි අනිත් ඒවට බැරි.

මම ජනාධිපතිතුමාට කියන්නේ. ජනාධිපතිතුමා හිතා මතාම 2008 ඉදන් හොයන්නේ නැතුව 2015 ඉදන් පටන් ගත්තා. ගහක පැළ වුණ තැන හොයන්න බැහැ මුල නැතුව.  ඉතා ලේසියෙන් කරන්න තිබුණා 2008 ඉදලා මේ බැදුම්කර කොහොමද ඇතිවුනේ කියලා හොයලා බලන්න කියලා.  ඇයි මේක කරන්න බැරි අපි මේ ගැන එතුමන්ගෙන් ඉල්ලූව. මෙතන තිබුණේ දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය එරෙහි කුමන්ත‍්‍රණයයි. මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකම් ඒ පක්ෂය ආරක්ෂා කරන්න මම බැඳිලා ඉන්නවා.

එමෙන්ම හදුන්නෙත්ති මහත්තයට සදාචාරාත්මකව ඉදගන්න අයිතියක් නැහැ ඔය කෝප් කමිටුවේ. මොකද  පළමුවෙන්ම  බැදුම්කරයට එරෙහිව කථා කරේ එතුමන්. .මන් යම් දෙයක් සම්බන්ධයෙන් අදහසක් දරනවනම් ඒකේ සභාපති වෙන්න එතුමන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. අපිට පුළුවන් මතයක් දරලා සාමාජිකයකු ලෙස ඉඳගන්න. අපි අර්ජුන් ඇලෝෂියස්වත් රත්වත්තේවත් කවුරුත් ආරක්ෂා කරන්නේ නැහැ“ යැයි ඒ මහතා පැවසීය.

 



අදහස් (87)

ජනපති ගැන සුජීව සේනසිංහ දැඩි කළකිරීමෙන්

Upali Tuesday, 21 November 2017 12:08 PM

පොදු ජනතාව නම් ඔය ඔක්කෝමල ගැන කළකිරීමෙන් ඉන්නෙ

:       42       1752

asantha chandralal Tuesday, 21 November 2017 12:19 PM

වැරදි මුලින් කරත් පස්සේ කලත් වැරදි.

:       5       734

Joy Tuesday, 21 November 2017 12:32 PM

මේ මුදල් සියල්ලම ආපසු ලබා ගැන ජනතාවට දිය යුතුයි. හොරු සියල්ල නීතියෙන් දඬුවම් දීම කල යුතුමයි.

:       23       762

RuwanWednesday, 22 November 2017 04:46 AM

මේවා විතරක් නොව පෙර රජය සොර කාපු ඒවත් ආපසු ගත යුතුයි. ඔය ඊයේ කියවෙච්ච පොදුරාජ්‍ය මණ්ඩලයේ උත්සවයට හොර කාපු බිලියන ගන්නත් සෙවීමට ඉක්මනින් ජනාධිපති කොමිසමක් පත් කලයුතුයි.

:       294       445

සුරවීර Tuesday, 21 November 2017 01:01 PM

ඇත්තටම කවුද මේ ?

:       3       541

Sanka Tuesday, 21 November 2017 01:14 PM

ඒ කියන්නේ ඔයා දැන් පිලිගන්නවා බැඳුම්කර වංචාවක් 2008 ඉඳලා වෙලා තියනවා. එහෙමනන් මොන එකටද පොත් ලිව්වෙ? නඩු දැමිමෙ?

:       1       1158

sampath Tuesday, 21 November 2017 01:56 PM

2015 න් පටන්ගත්තත් 1015 න් පටන්ගත්තත් තමන් වැරද්දක් කරලා නැත්නම් මොකටද බය වෙන්නේ?

:       3       801

ravin Tuesday, 21 November 2017 02:07 PM

කොමිසමේ වාර්තාව එනකන් ඉන්න. වෙච්චදේ දැනගැනීමට හැමෝටම අයිතියක් තියනවා.

:       1       359

අරැන Tuesday, 21 November 2017 03:19 PM

ඇමතිතුමෝ ඒ කාලේ වැරදි බව හැගුනු නිසා තමයි අපි මහින්ද මහතා අයින්කරලා සිරිසේන මහතා ඡනාධිපති කරේ, ඒ විශ්වාසය එතුමා රැකිය යුතුයි. ඒ නිසා විශ්වාසය නොරැකි අය පලමුව සෙවිය යුතුයි ඡනපතිතුමා හරි

:       23       1545

MuhanWednesday, 22 November 2017 07:32 AM

අරුනගේ අදහසට මමද එකඟවෙමි. නමුත් අවුරුදු 3 ගිහිල්ලත් තවම මහබැංකුවේ 2015 කලින් සිදුවූ බැඳුම්කර විකිණීම ගැන කිසිම කොමිසමක් දාලා නැහැ. බැදුම්කර කොමිසමේදී හෙළිවුණා කලින් හිටපු මහ බැංකු අධිපතිගේ සොහොයුරිය ඇලෝසියස්ගේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කලා කියලා.. ඒ වගේම එම කාලය තුළ මෙම සමාගම මේ අාකාරයෙන්ම මහබැංකුව සමග ගනුදෙනු කල බවට අදහස් පළවුණා. එමනිසා ජනාධිපතිතුමා පසුගිය රජය සමයේදීද කල මහබැංකු ගනුදෙනු සොයා නොබැලුවොත් පැරණි හොරු ආපහු බලයට ඇවිත් අපේ දෙවල් හොරාකයි. එමනිසා 2008 සිට 2015 දක්වා බැදුම්කර ගණුදෙනු සොයා බැලීමට හැකි ඉක්මණින් කොමිසමක් පත්කිරීමට අවශ්‍යයි.

:       115       338

gunarathna Tuesday, 21 November 2017 03:22 PM

සුජීවලගේ කේන්තිය සාධාරණයි තමා.

:       2739       3002

දාවිත් Tuesday, 21 November 2017 04:09 PM

අපි නම් සුජිව සේනසිංග ගැන හරිම පැහැදීමෙන් ඉන්නෙ.

:       1366       1323

රොහාන් දයාදර පැරිස් Tuesday, 21 November 2017 04:37 PM

සුජීව සේරසිංහ ඇමතිතුමාගේ තර්කයට මම එකගයි .

:       1510       1465

marusira Tuesday, 21 November 2017 05:20 PM

එතුමා කියන එක සම්පූර්ණ කතාව හරි. හොරුන් අල්ලනවා කියල අද වෙනකන් කිසිම කෙනෙක් ගියේ නැහැ. අධිකරණයට යනවා එනවා නිදහසේ එළියේ ඉන්නවා මදිවට ආණ්ඩුවට දොස් කියනවා

:       884       1297

Thilina Tuesday, 21 November 2017 05:38 PM

සේනසිංහ අපේ ගමේ කොල්ලට ජයවේවා! ජයවේවා !! ජයවේවා!!!.

:       1450       1658

obe Tuesday, 21 November 2017 06:41 PM

රටේ මිනිසුන් මේ හොරු රකින චීප් එවුන් ගැන හිතන්නේ මොකටද ?

:       0       53

chanda Tuesday, 21 November 2017 07:56 PM

ඇයි? මුන් තමයි හොද කියා බලේට පත් කරපු එවුන් මොකුන්ද ? ලංකාවේ තොපිම තමා මුන්ව බලේට පත් කරගත්තේ ! ඕයි....

:       1       735

RANJITH Tuesday, 21 November 2017 08:37 PM

එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්ද ගෙඩිය පිටින් දුන්නා ජනාධිපතිවරණයේදී අද මේ මොකද වෙන්න යන්නේ සුජීව සේරසිංහ ඇමති තුමනි...............

:       64       114

ROHAN Tuesday, 21 November 2017 08:56 PM

2005 ජනාධිපති වරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්ද ගෙඩිය පිටින් දුන්නා .. සුලුජාතින් ගෙඩිය පිටින් දුන්නා.... හෙළ උරුමය 90%ක් දුන්නා...ජනතා විමුක්ති පෙරමුණ ගෙඩිය පිටින් දුන්නා ...ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 01 % ක් වත් දුන්නේ නැත .... දුන්නා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලක්ෂ 58 ඡන්ද ගත්තේ කොහොමද .... අද මේ මොකද වෙන්න යන්නේ සුජීව සේරසිංහ ඇමති තුමනි .මේකටද කියන්නේ.....දේශපාලනේ .

:       153       184

sumana Tuesday, 21 November 2017 11:42 PM

කලකිරෙනවා හැබැයි යන්නේ නෑ, බැඳුම්කර කොමිසම වැරදි කියනවා හැබැයි ඉල්ලා අස්වෙන්නේ නෑ. අපිට ඕවකියන්නේ මොකටද.

:       0       44

ලසන්ත Wednesday, 22 November 2017 12:31 AM

ඇත්තනෙ ඇයිමේ හොරුන්ට විධි දෙකකට සලකන්නෙ ?

:       8       72

daham Wednesday, 22 November 2017 12:32 AM

අනේ අම්මප නානවා කියල මෙහෙම නැමක්නම් අම්ම මුත්තා කාලේවත් දැකල නැහැ.

:       34       164

Thushara Wednesday, 22 November 2017 12:40 AM

හොරැ අල්ලන්න කියලා ඇවිත් හොරකම් කරන එක හොදයි ඒවා හොයන්න ගත්තාම කළකිරෙනවලු. මතක තියාගන්න මෛත්‍රී මහත්තයා මහින්ද මහත්තයාටත් ගේම දුන් එකේ රනිල් මහත්තයාටත් දෙන එක සුළු⁣ දෙයක්.

:       2       152

vijitha Wednesday, 22 November 2017 01:14 AM

සුජීවගේ තර්කය හරියටම හරි. කව්රු කලත් වැරද්ද වැරැද්ද මයි. එත් මහින්ද ජනපති අවුරුදු 10 ක කාලයක මොන තරම් බැඳුම් කර විකුණලා පාඩු සිදුකරලා තියෙනවද. මොනතරම් මහජන මුදල් කොල්ල කාල කාබාසිනියා කරලා තියෙනවද ? ඒවා ගැන කතා කරන්න තරම් ආණ්ඩුවට පණක් නැත්තේ ඇයි කියන එක ප්‍රස්නයක්. මම හිතන්නේ මීට වැඩ 100 ගුණයකින් විතර මහින්ද අර අජිත් නිවාර් කියන හොර තක්කඩියා එක්ක එකතු වෙලා බන්දුක් කර විකුණා දැම්ම . මේකට කෑ ගහන එක අර කක්කුස්සි ගිලපු එවුන් කාට හරි වාතයක් ගිහාම ගඳයි කියනවා වගේ වැඩක්.

:       709       731

janahitha Wednesday, 22 November 2017 10:30 AM

මෙයින් එකදෙයක් ඔප්පු වෙනවා... මහින්ද මහතාට කරපු චෝදනා ව්‍යාජ අසත්‍ය ඒවා කියලා...

:       46       115

BamunuarachchiThursday, 23 November 2017 04:34 PM

දන්නා මගුලක් කතා කරන්න. කියන්න ඉස්සෙල්ල කියන්නේ මොනවාද කියා හිතන්න.

:       0       27

එස්. නන්දලාල් Wednesday, 22 November 2017 01:36 AM

එතුමාට ඇහැකිනේ ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත්ගේ වෙලා පොත පරිවේෂණීය සාක්ෂියක් විධියට බැදුම්කර කොමිසමට පිලිගන්වන්න.

:       0       54

sahan Wednesday, 22 November 2017 01:48 AM

ඔබතුමාගේ කතාව සියයට සියයක් හරි.

:       128       106

indika Wednesday, 22 November 2017 02:13 AM

සුජීව හරිම දක්ෂයි. මොකද කුඩා කාලේ මම දන්නවා ඔහු ගැන. අපි ජනතාවට උවමනා විදිහට හදා ගන්න පුළුවන්. පක්ෂ දේශපාලනය නැතිව රටට ජාත්‍යන්තර සම්බන්දතා ගෙනියන්න හැකි කෙනෙක්. මගේ දේශපාලන හිතීම් වෙනස්. නමුත් සුජීව දක්ෂය බව දන්නවා තව ගොඩක් කල් යන්න පුළුවන් කෙනෙක්.

:       302       205

saliya Wednesday, 22 November 2017 02:34 AM

කේන්තිය සාධාරණයි , හිස් වෙච්ච භාණ්ඩාගාරයක් , බිල් පත් වල ආයෝජකයින් වැඩි හරියක් කලින් ආණ්ඩුවේ හිතවත්තු . සල්ලි බ්ලොක් කරන්න සෙට් වෙලා හිටියේ. එතුමා ගේ දින සීයට සල්ලි වහාම හොයල දුන්නේ නැත් නම් එතුමයි ආණ්ඩුවයි දෙකම ඉවරයි .. එහෙම තත්වයක් තිබුනේ . ගොඩ දාල දුන්නට පස්සේ දෙනවා ඇට්ටි හැලෙන්න … කලින් උන්ගේ වංචාවන් ඔක්කොම වහල ඒ ගොල්ලන්ගේ ඡන්ද හිඟා කන්න ඕන හින්දා … ශ්‍රී ලංකා කාරයෝ එදා ඡන්දෙ දුන්නේ නැහැ එතුමාට ..

:       137       185

Missaka Wednesday, 22 November 2017 02:39 AM

විලිලැජ්ජයි !. මේ කතා කරන්නේ විකාරෙන් වගේ. වැරැද්ද කරලා අනුන්ගේ පිටේ එක දාන්ඩ හදනවා. නඩු කිව්වේ, පොත් ලිව්වේ, බැදුම්කර හොරකම වහන්ඩ, තව මොනවද රෙද්දක් ඇදගෙන කියන්ට තියෙන්නේ. ඇදගෙන නානවා.

:       157       689

yama Wednesday, 22 November 2017 02:41 AM

මේ කට්ටිය ඔක්කොම එකතුවෙලා කඩේ යවන්නේ මහජනතාව. ඔක්කොම චෝදනාවලින් එයාල නිදහස්. මහජනයාගේ බදු මුදල් ඉවරයි. එයාල බෙදාගෙන. මෙයාලට ඡන්දෙ දෙන අය බත් කන හරක්............

:       1       72

KANDEPOLA Wednesday, 22 November 2017 02:48 AM

සුජීව සේනසිංහ ඇමති තුමා ඊයේ මාධ්‍ය හමුවක් තියලා ඉතුරු වෙලා තිබ්බ ටිකත් නාගත්තා. එතුමාගේ කතාව සහා හැසිරීම නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකුට තේරෙනවා වසන් කරන්න හදන්නේ මොකක්ද කියලා. කොහොමත් පාර්ලිමේන්තුවේ ඉන්න හැම දෙනෙක්ම දුෂිතයි. අවංක පිරිසිදු කියලා කියන්න කෙනෙක් හොයා ගන්න නැහැ.

:       31       96

ධනුෂ්ක Wednesday, 22 November 2017 02:50 AM

මහත්තයෝ ඔයා මොන කයිවාරු ගැහුවත්. සිරිසේන මහත්තයා. අාවේ නැත්තන් ඔබතුමන්ලා තාමත් විපක්ෂයේ. රාජපක්ෂ අාණ්ඩුව එයාලගේ තෙවෙනි ඉනිම දියත් කරලා. ඔබලට හරිහමන් නායකයෙක් නැතිකම නිසානේ එතුමා. පොදු අපේක්ෂකයා කරේ. දැන් වැඩක් කරගන්න බැරි වුනත් අශාවට හරි ඔබලට අාණ්ඩුවක් තියෙන්නෙ එතුමට පින්සිද්ධ වෙන්න. දේශපාලනය කියන්නේ බල අරගලයක්. අරමුණ බලය ලබා ගැනීම. එ්ක එතුමා කරනවා. ඔබ තුමාලා පුට් නෝට් කල්ලියනේ. ඔබලා මොනවා කීවත් අපිට තේරුනා ඔබලා අැලෝසියස් රකින්න උත්සාහා කරනවා කියලා. ඔබලමනේ කියන්නේ අැලෝසියස් ඔබලගේ මිතුරෙක් කියලා. මහත්තයො ඔබලා දැන් හෝරු සමග හෙලුවෙන්. පරණ හොරුගැන අපට කියලා වැඩක් නෑ ඔබලගේ අාණ්ඩුවනේ බලයේ ඉන්නේ. අබ කාපු මිනිසුනගේ තමා ඔලු රත්වෙන්නේ.............

:       11       297

mangala welarathnaWednesday, 22 November 2017 08:12 AM

සුජීව මහත්තයට තරහ ගිහිල්ලද? හරි මොකද බයවෙලා ඉන්නේ... පටන් ගත්ත බැඳුම්කර කොමිසම ඉවරකරලා අනිකෙවත් බලමු. රහසක් තිබෙනවා නම් ජනාධිපතිතුමා මොනවා කරන්නද? මෛත්‍රී මහත්තයා නාවානම් මෙයාලා මහින්ද වන්දනාවේ.....

:       1       142

sensa Wednesday, 22 November 2017 02:57 AM

බැදුම්කර පරීක්ෂණ හා නීතිය ක්‍රියාත්මකවිම ප්‍රමාද කිරීමට බොරු කයි කතන්දර හින්දා උදව්වක් වෙනවා කියලා හිතෙනවා. මහජන මුදල් වැරදි පරිහරණයට ගත්ත අයට දඩුවම් දෙන්න තවත් බල බලා ඉන්න ඕනැ නෑ. මහජනයා අසරණ කිරීම හෝ ප්‍රකෝප කරන එක දේශපාලනය නොවේ. හරි දේ කරලා පිරිසිදු විය යුතු චරිත ගොඩක් ඉන්නේ. දේශපාලනයේ දිගටම රැදෙන්න ඕනෑනම් නිවැරදි බව ඔප්පු කල යුතුයි. තරුණ අය තව කාලයක් දේශපාලනය කරන්න ඉන්න අය මෙයිට වඩා බුද්ධිමත් විය යුතුය.

:       0       8

pitigala Wednesday, 22 November 2017 02:59 AM

මුළු රටම කලකිරීමෙන් ඉන්නේ හොරුන්ව ආරක්ෂා කිරීම ගැන.

:       0       34

daham Wednesday, 22 November 2017 03:01 AM

ලබන සැරේ මෙයා නේනසිංහ.............

:       2       113

Senarath Wednesday, 22 November 2017 03:29 AM

එතුමාට බලයට එන්න උදෞකලේ අව්‍යජවද ? නැත . බින් මහත්තයට බලයට එන්න වක්‍ර ක්‍රමයක් ලැබෙන නිසා එහෙම කලේ. බලය ඉල්ලුවේ තිබුණු රජය හොරකම් කලබවට ඔබත් ඇතුළු කථිකයෝ ෆෛල් ගොනු පිටි පෙන්වමින්. පාරවල් වලින් 80% ක් හොරකම්කල බවට කියා පාමින්. ඒවායෙන් වැඩිහරිය බොරු බව මේ රජය පාරවල් වලට කොන්ත්‍රාත් කරුවන් තේරීමේදී පෙන්වා ඇත. දැන් පාරවල් කරන්නේ එයටත් වඩා වැඩිමුදලට. එත් පාර හැදෙන්නෙත් නැහැ. ජනපතිතුමා හොරුන්ට විරුද්ධව වැඩකරනවා කියල බලයට ආවේ. දැන් එතුමාට වෙලා තියෙන්නේ මේ උදවිය කියන විදියට මහබැංකු හොරු රකින්න. රටේ කිසිම සංවර්දන වැඩක් කෙරෙන්නේත් නැහැ. එ්ත් ගන්න ණය මුදල නම් කලින් රජය ගත්තාටත් වැඩි. අඩුම තරමේ වැඩකරලා කොමිස් ගත්තනම් ජනතාවට හිත හදාගන්න තිබුන, එහෙනම් ආයෝජකයෝ අපේ රටට එනවා. මහබැංකු හොරකම නිසා ඒවිද ? කාටද විස්වාස කරන්න පුළුවන් මේ රජය ?

:       14       337

gamini Wednesday, 22 November 2017 03:35 AM

දඩුවම් කරන්න හදනකොට හොද නෑ.

:       0       44

prabath Wednesday, 22 November 2017 03:38 AM

පහුගිය රජයේ ප්‍රකෝටි ගනම් හොරාකාපු හොරුන් අල්ලනවා කියල අද වෙනකන් කිසිම නඩුවක් අහල දඩුවම් කලේ නැහැ.සුජීව ඇමති තුමාගේ තර්කයට මම එකඟයි. අපිට හොඳට පේනවා බැදුම්කර කොමිසම මෙහෙයවන්නේ ඒකාබද්ධ විපක්ෂේ මහා රජා කියල.මොකද ජනාධිපති තුමාගේ කනෙන් මේ අය රිංගල ඉන්නේ.මොකද 2008 ඉදන් බැදුම්කර ටෙන්ඩර් නැහැ,ටෙලිෆොනේ කෝල් එකෙන් බැදුම්කර දුන්නේ.දෙනවත් බැදුම්කර හොයනවනම්,2008 ඉදන් හොයන්න කොමිසමට වහාම කියන්න.මහජතාව මේ ගැන කුපිත වෙලා ඉන්නේ.

:       476       381

Sanath Wednesday, 22 November 2017 03:42 AM

බැඳුම්කර මගඩිය ඔප්පුකරන එක හරියට ගැහැණියක් ගැබ් ගත්ත කියල ඔප්පුකරනවා වගේ වැඩක්. මුලදී හැංගුවත් පස්සේ කොහොමටත් එළිවෙනවා. නමුත් පරණ ආණ්ඩුව කාලෙ ගැබ්ගත් ගැහැණු කාටහරි බැඳලා දුන්න.

:       0       67

kavinda Wednesday, 22 November 2017 03:42 AM

මමනම් හිතුවා ඔබ හොද කෙනක් කියලා බලපුවාම ඔක්කොම ඩිඑල් කාරයෝ. අහිංසක ජනතාවට දෙවියන්ගේම පිහිටයි . ඔබ ඊයේ මාධ්‍ය ඉදිරියේ හැසිරුණ විදිහට ඔබත් මේ ගනු දෙණුවේෙ කොටස් කරුවකු බව හොදටම පේනවා.................

:       23       204

Muha Wednesday, 22 November 2017 03:46 AM

රටේ පුරවැසියන් හැටියට අපට අවශ්‍ය මෙම බැදුම්කර ගණුදෙනුවේ වංචාව කෙරුණේ කොහොමද? එය සිදුකළ අය කවුද , කොපමන මුදලක් වංචා කර තිබෙනවාද? නමුත් කොමිසමේ කාලය තුළ අපට මේ කිසිවක් ගැන පැහැදිලි අවබෝධයක් මාධ්‍ය තුළින් ලබා ගන්න බැරිවුණා. කොමිසමේ කතා කල කරුණු මාධ්‍ය ආයතන වලට අවශ්‍ය විදිහට සංස්කරණය කරන ලද ප්‍රචාරක ව්‍යාපාරයක් පමණි අප දුටුවේ . මම හිතන්නේ කොමිසමේ ගරු විනිසුරුතුමන්ලා අපට අවශ්‍ය කරුණු එතුමනලාගේ වාරතාව මගින් අපට පැහැදිලි කර දෙයි.

:       0       138

himal Wednesday, 22 November 2017 04:14 AM

බැඳුම්කර සිද්ධිය ගැන කට මැත දොඩවන දේශපාලුවොවත් නිශ්චිත අදහසක නෑ. මෙතන අලාභය කියලා එක එක අය එක එක ගණන් කියන්නේ තමන්ගේ තියෙන නොදැනුවත්කම පෙන්වමින්. නීතිය ඉදිරියේ කවුරුවත් තාම වැරදිකරුවන් වෙලා නෑ. මේ කියන සු‍රැකුම්පත් ආයතනය ලියාපදිංචි වුනේ වසර ගණනාවකට කලින්. ඒ වගේම මීට කලිනුත් ප්‍රකාශිත මුදලට වඩා වැඩි ප්‍රමාණයකට බැඳුම්කර නිකුත් කරලා තියෙනවා. කලින් තිබුණු කේවල් කිරීමේ ක්‍රමයෙදි ‍තෝරාගත් ප්‍රාථමික ගැණුම්කරුවන් පිරිසක් එක්ක කේවල් කිරීමක් වුනේ. එතකොට වෙන්දේසි ක්‍රමයට නොගිය ඒ යුගයේ වෙච්ච දේ ගැනත් හොයන්න ඕන. ඒ වගේම අනික් ප්‍රාථමික අලෙවිකරුවන් ගැනත් මෙහෙමම හොයන්න ඕන. මෙතන වෙන්න පුළුවන් දේ, අභ්‍යන්තර වෙළෙඳාම කියන වැ‍රැද්ද. ඒකෙන් පාඩු වෙන්නේ තවත් ප්‍රාථමික ගැණුම්කරුවෙක්ටම තමයි.

:       0       119

Ruwan Wednesday, 22 November 2017 04:45 AM

පොදු ජන අපි නම් මේ රජය දකින්නේ හොඳ විතරමයි. රජයක් විදියට ජනාධිපතිවරු අගමැතිවරු සංචාර වලදී පොදු ගුවන් සේවා භාවිත කිරීම, සංචාර වලදී අවම ප්‍රමාණයක් සහභාගි කරවිවිම, විවෘත කිරීම වලට අදාළ ඇමතිවරයාට ප්‍රමුකත්වය දී ජනාධිපති සහභාගි නොවීම, පොලිතින් භාවිතය නැවතීම, නිදහසේ කතාවට අවසර දීම, උද්ඝෝෂණ කිරීමට ඇති නිදහස, සිනි ප්‍රමාණය අනුව සංකේත බිම සඳහා භාවිත කිරීම, රජයේ මැති ඇමතිවරුන්ට විරුද්ධව පියවර ගැනීම........... මේ අනුව මේ රජය තව වසර 8-10 ක් යනවිට නියම මාවතට එනු නියතයි. එවිට අපගේ දුවා දරුවන්ට ඉතා හොඳ රටක ජිවත් වීමට හැකියාව ලැබෙනු ඇති.

:       636       569

සමන් - ඕමානය Wednesday, 22 November 2017 04:47 AM

සුජීව දැන් නිකම් තොත්ත බබා පාට් එක දානවා. කෝල් තුන්සිය ගණනක් දෙන්න නම් ලොකු හේතුවක් තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් පෙම් යුවලක් වගේ මල් කැඩුවාද!! එයා කියන කතා විස්වාස කරයි කොන්ඩේ බැඳපු චීන්නු!!!

:       37       187

Sam Wednesday, 22 November 2017 04:55 AM

බැංකු පොලි අහස උස්සට.රට විනාශයි හොරකම් කරලම. මෙයා යනවා පක්ෂය බේරගන්න. ජනතාව විදවනවා.කෝ මෙයාලගේ දින 100 සංවර්ධනය? නික්කම්ජනතා මුදලින් කකා දොඩවන්නේ නැතුවහොරු ඔක්කොම අල්ලනවද? නැත්නම්රට විනාශ නොකර ගෙදර යනවද? මේ වගේ පිනට කන හොරුන්ට වැඩිය පාරේ වැඩකරන කම්කරුවා, විදේශ ගතව සිටින ගෘහ සේවිකාවන් රටට වැඩ සේවයක්කරනවා!!! නික්කමෝ රැල එම සල්ලි කකා පොත්ලියනවා,පපුවට ගහගන්නවා, දන්නේ නැහැ කියනවා,මතක නැහැ කියන්නව,අවරුදු 5 පෙන්ෂන්ගන්නවා ,

:       253       1243

BamunuarachchiThursday, 23 November 2017 01:28 PM

සෑම් මට තිබෙන පුදුමය නම් මේ ක්‍රමයත් හොඳයි කියන අය ටිකක් ඉන්න එකයි

:       0       15

ase Wednesday, 22 November 2017 05:11 AM

ඔබ පමණක් නොවේ, නිර්පාක්ෂික කියා එකධිපති පාලනයට විරුද්ධව අපේ ඡන්දය වංචා කර අරගෙන දැන් ඒ අන්දමටම පාලනය ගෙන යනව. බැදුම්කරය ඉස්සරහට ගෙන රාජපක්ෂලා රැක ගන්නවා, දැන් නම් පෙන්නේන්නේ " වදුරට දැලි පිහිය ලැබුන වගෙයි" කියා

:       175       198

sirinivas Wednesday, 22 November 2017 08:03 AM

ඔහේ මක්කැයි මේ කියන්නේ? දැලිපිහිය අහුවුනේ රවී මහත්තයාට... රැවුල මුලින්ම කපාගත්තා. මන් මක්කැයි කරන්නේ?

:       0       49

සෙනෙවි Wednesday, 22 November 2017 05:22 AM

සුජීව ජනාධිපතිගේ හැටි දන්නේ නැතිව තප්පු ලා ඉල්ලන් කන්නයි යන්නේ.................

:       42       403

Sarath Wednesday, 22 November 2017 05:37 AM

ඕකට තමා කියන්නෙය් නරි වදන රෙද්ද පල්ලෙන් පෙරනවා කියල. මෙයාටත් රවී කල්ලියට එකතු වී බායි කියල යන්න වෙනවා...............

:       15       64

darshana Wednesday, 22 November 2017 05:44 AM

තවටික දවසකින් මෛත්‍රී ජනාධිපති ඒකාබද්ද හොර නඩය සමග එකුතුවෙලා තමාව ජනාධිපති කරපු ඒජාප කට්ටියටම කොකා පෙන්නන කොට රටටම දැඩි කළකිරීමක් ඇතිවේවි...... අර අඩි හයේ කතාව දැන් එයාට මතක නෑ............

:       270       270

Kumari Wednesday, 22 November 2017 06:02 AM

අර කෝල් කරලා කරුණු හොයාගන පොතක් ලිව්වනේ, මේගැනත් පොතක් ලියමුද? ඔහොම තමා සාමාන්‍යෙයන් වැරදිකරන අය ඒක වහගන්න කාගේ හරි ඕපාදුපයක් රසට ගොතනවා.

:       0       42

Ratnamalala Wednesday, 22 November 2017 06:12 AM

බැඳුම්කර කොමිසම ගැන ජනදිපතිට දොස් කියන්නේ මෙයාල තම.බලාගෙන ගියහම කම්බහොරු කියන්නේ මෙන්න මෙයාලට.

:       8       148

darshanaWednesday, 22 November 2017 08:16 AM

බැඳුම්කර කොමිසම ගැන සොයා බලා මේ විදියට හොරුන් ඇල්ලීම ඉතා හොඳයි. නමුත් එය සෑම හොර ගනුදෙනුවකටම අදාල විය යුතුයි. මිග් ගනුදෙනුව, කලින් බැඳුම්කර, එයාර් බස් ගනුදෙනු, හෙජින් ගිවිසුම, වගේම තාජුදීන් ඝාතනය, මාධ්‍යවේදී ඝාතන ගැනත් ඔය උනන්දුව තිබුණා නම් හොඳයි...

:       208       271

Lal Wednesday, 22 November 2017 06:21 AM

අර්ජුන මහේන්ද්‍රන් බිලියන් 59 සොරකම් නොකලානම් ඔබට කලකිරීමට හේතුවක් නැත

:       10       84

saliya Wednesday, 22 November 2017 06:33 AM

බිලියන 1 ක නිකුතුවට ම තවත් බිලියන 9 ක් එකතු කිරීම සිදුව ඇත . විකල්පය වන ටෙන්ඩර 2 වෙන වෙනම නිකුත් කිරීම සම්මත පටිපාටියයි . එහෙත් පළමු ක්‍රමය අනුගමනය කිරීම නිසා ඇත්ත වශයෙන්ම පාඩුවක් සිදු වුනාද එය කොපමණද යන්න අපක්ෂපාත ආයතනයකින් නිවැරදිව තාක්ෂණිකව ගණනය කර පෙන්නා දිය යුතුය . දේශපාලකයින් හා නිලධාරීන් පාඩුව බිලියන 1000 යි ට්‍රිලියන 100 යි ආදී වශයෙන් දෙන ලණු ජනතාව ගිල ඇති බවක් පෙනේ .

:       117       209

CHARITH Wednesday, 22 November 2017 07:13 AM

අනේ දෙවියනේ ඔය කෝල් වල වොයිස් ටික අපට ලබා දෙන්න........ හෙහේ...

:       0       72

ranga Wednesday, 22 November 2017 07:37 AM

පළමුව මේ සිදුව ඇත්තේ 'මගඩියක්' බව සක්සුදක් සේ පැහැදිලියි. එසේ නොවේ නම් පීටීඑල් එක පෙර වසර වලට සාපේක්ෂව මේ සා විශාල අසාමාන්‍ය ලාභයක් ලබන්නේ කෙසේද? සීඊඕ කසුන්ට කෝටි දහයක ප්‍රසාද දීමනා ලැබෙන්නේ කෙසේද? දෙවනුව, මාස තුනක කාලයක් තුළ මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූ සැනින්, නිශ්චිත පිළිගත් ක්‍රියාමාර්ග අනුගමනය කලානම් මේ විනාශය වලක්වා ගත හැකිව තිබූබව පැහැදිලියි. මෙහිදී අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආර්. පාස්කරලිංගම්, ඔහු වෙත කරුණු වාර්තා වී තිබියදීත් 'බකන්නිලන්' සිටියේ ඇයි? ඔහුව ප්‍රශ්න කල යුතු නොවේද? අග්‍රාමාත්‍යවරයාම පත්කළ පක්ෂග්‍රාහී කමිටුවේ නිර්දේශ පවා නොතකා හැරියේ ඇයි? අප මෙය දකින්නේ, රට 'ෆෙඩරල්' වෙත ගෙනයාමේ කුමන්ත්‍රණයක් ලෙසයි. ආර්ථිකය දුර්වල කොට ජනතාව ජීවන බරින් මිරිකෙන විට, තමන් රිසි සේ ෆෙඩරල් යෝජනා සම්මත කර ගැනුමට එයින් මග පෑදෙයි. බොහෝ සෙයින්ම ගොවි ජනතාව විශාල ආර්ථික අර්බුදයකට මැදිව සිටින බව නොරහසකි. මේ අතර ආයෝජන සඳහා අවදානම් රටවල් අතර තවත් ස්ථාන කිහිපයක් ඉහලට යාමටද මේ තත්වය හේතුවී ඇත. මේ සියල්ලක් ඔස්සේ රට දුර්වල වී අස්ථාවර වීම නොවැලක්විය හැකිය. මේ සියල්ලක අවසානය, 'ෆෙඩරල්' 'අනාගමික'....

:       0       156

Kusum Dalpadadu Wednesday, 22 November 2017 07:38 AM

සුජීව දේශපාලනයට කළ එළි බැස්සෙත් බොරුවෙන් වංචාවෙන්. 2001 චන්ද්‍රිකාගේ රජයට එරෙහිව නඩු දැම්ම මධ්‍යස්ථ පුරවැසියෝ කියල සෙට් එකක්. සුජීවත් එ්කේ කෙනෙක්. 2002 ඡන්දෙට සුජීව නාමයෝජනා දෙනවා එජාපෙ එකෙන්. තඹ සිද්ධිය හැමෝම දන්නවනේ. මේ වගේ බොරුකාරයෙකුට බැඳුම්කරේ වගේ හොද්දක් ලැබුණොත් බොරු නොකරයිද?

:       0       160

kalum verona Wednesday, 22 November 2017 07:54 AM

පිස්සන් කොටුවේ ඉන්න ඕනේ අය පාර්ලිමේන්තු යවපුවාම ඔහොම තමයි.

:       0       55

janatha anura Wednesday, 22 November 2017 08:01 AM

රාජපක්ෂලා ඉදිරියට, බැඳුම්කර පස්සට... ඒක යල් පැන ගිය යකාගේ නීතියක්ම තමයි.

:       0       23

wedage Wednesday, 22 November 2017 08:07 AM

ඔයා කළකිරුණට වැඩක් නෑ. ඔයාලගේ ලොක්කා පිළිඅරගෙන තියෙනවා.. බරපතල වරදක් කරලා තියෙන බවට...

:       0       75

Nimal Wednesday, 22 November 2017 08:20 AM

මෙයාට හිතේ අමාරුව තියන්නේ එයාලගේ හොරකම් විතරක් අල්ලෙන්නේ ඇයි කියලනේ. පරණ හොරුන්න්වත් අල්ලා දඬුවම් ඉක්මන් කල යුතුවෙනවා. මේ ආණ්ඩුවට මෙතරම් කල් ගිහිල්ලත් තාම පරණ හොරකම්ව්ලට දඬුවම් දෙන්න බැරිඋනා. ජනතාව මේ හැමදෙයක්ම බලාගෙන ඉන්නේ.

:       0       26

දොඩන්ගොඩ අනා Wednesday, 22 November 2017 10:33 AM

මෙයා ඡන්දෙට කලින් කිව්වේ පොඩි කාලේ අශ්වයො පිට ගියා. ස්කෝලේ ගියේ මර්සිඩීස් බෙන්ස් කාර් එකෙන්... අපිට සල්ලි තියෙනවා කියලා. නමුත් බැලුවම, මෙයා දේශපාලනයට අැවිත් තියෙන්න එ්කෙන් මගඩි ගහලා සොරකම් කරලා අශ්වයෝ පිටේ යන්න සහ මර්සිඩීස් බෙන්ස් ගන්න.

:       0       25

DAYAA Wednesday, 22 November 2017 01:29 PM

2005 ජනාධිපති වරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්ද ගෙඩිය පිටින් දුන්නා. සුලුජාතින් ගෙඩිය පිටින් දුන්නා. හෙළ උරුමය 90%ක් දුන්නා. ජනතා විමුක්ති පෙරමුණ ගෙඩිය පිටින් දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 01 % ක් වත් දුන්නේ නැත. දුන්නා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලක්ෂ 58 ඡන්ද ගත්තේ කොහොමද. අද මේ මොකද වෙන්න යන්නේ සුජීව සේරසිංහ ඇමති තුමනි .මේකටද කියන්නේ දේශපාලනේ. හැබැයි මහජනතාව අවදියෙන් අපි ඡන්දෙදි බලමු .

:       0       0

PIRIS Wednesday, 22 November 2017 03:21 PM

දයා මහතාණෙනි, ඔබතුමා හරියටම හරි.. 2005 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්ද ගෙඩිය පිටින් දුන්නා. සුලුජාතින් ගෙඩිය පිටින් දුන්නා. හෙළ උරුමය 90%ක් දුන්නා. ජනතා විමුක්ති පෙරමුණ ගෙඩිය පිටින් දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 01 % ක් වත් දුන්නේ නැත. දුන්නා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලක්ෂ 58 ඡන්ද ගත්තේ කොහොමද?

:       0       0

RPNANDU Wednesday, 22 November 2017 03:22 PM

සුජීව සේරසිංහ ඇමතිතුමනි, මේකටද කියන්නේ දේශපාලනේ කියලා? හැබැයි මහජනතාව අවදියෙන් අපි ඡන්දෙදි බලමු. අැයි මේ මිනිස්සු කියද්දී කියද්දී නිකමට හරි 2005 සිට බැඳුම්කර පිළිබඳව විමර්ශනයක් කරන්න ජනාධිපතිතුමා කොමිසමක් පත් නොකරන්නේ ...?

:       0       0

BANDARA Wednesday, 22 November 2017 03:25 PM

සුජීව සේරසිංහ මැතිඳුනි,. අැයි මේ මිනිස්සු කියද්දී කියද්දී නිකමට හරි 2005 සිට බැඳුම්කර පිළිබඳව විමර්ශනයක් කරන්න ජනාධිපතිතුමා කොමිසමක් පත් නොකරන්නේ ...? ඒ දවස්වල මෙයාලත් කොනකද කියලා අපිට සැකයි.

:       0       10

SARATH Wednesday, 22 November 2017 03:27 PM

2005 සිට බැඳුම්කර විමර්ශනයක් කරන්න කොමිසමක් පත් නොකරන්න හේතුව කුමක්ද?

:       0       2

SARAWAN Wednesday, 22 November 2017 04:27 PM

2005 සිට බැඳුම්කර පිළිබඳව විමර්ශනයක් කරන්න ජනාධිපතිතුමා කොමිසමක් පත් නොකරන්නේ ඇයි? 2005 සිට බැදුම්කර ගනුදෙනු විමර්ශනයට ජනාධිපති කොමිසමක් පත්කරන්න!!!

:       0       6

WASANTH Wednesday, 22 November 2017 04:28 PM

2005 සිට බැදුම්කර ගනුදෙනු විමර්ශනයට ජනාධිපති කොමිසමක් පත්කරන්න !!!

:       0       4

KAANTHI Wednesday, 22 November 2017 04:33 PM

ඇත්ත තමයි 2005 සිට බැදුම්කර ගනුදෙනු විමර්ශනයට ජනාධිපති කොමිසමක් පත්කරන්න....!!!

:       1       4

RANGITH Wednesday, 22 November 2017 04:40 PM

අපි පාරට බහින්න කලින් ජනාධිපති කොමිසමක් පත්කරන්න ජනාධිපතිතුමනි .

:       0       7

WIL Wednesday, 22 November 2017 06:25 PM

2005 සිට බැදුම්කර ගනුදෙනු විමර්ශනයට ජනාධිපති කොමිසමක් පත්කරන්න.. නැත්නම් අපි පාරට බහිනවා 2005 සිට බැදුම්කර පිළිබද තොරතුරු සොයන්න කොමිසමක් පත්කරන්න ඒ තෙරතුරු දැනගැනීමේ අයිතිය අපිට ඇත .

:       0       14

shaanu Thursday, 23 November 2017 05:41 AM

මොනවා උනත් තම යු එන් පි එකට කඩේ යන මෝඩ හරක් ඉන්නව .ඒ වගේම ඔය හොරු නඩේම පාර්ලිමේන්තු යවන ගොන් වස්සෝත් තාම ලංකාවේ ඉන්නව .ගොන් යක්කු සුජිවල ඇලෝසියස්ල හොදට හම්බු කරන ඉන්නේ ගිය ආණ්ඩුවේ හිටපු උනුත් එහම්මයි උන් ඔක්කොම හොරු දැන් ඉන්න උනුත් හොරු .දැන්වත් මෙවුන්ට කඩේ යන්නේ නැතුව තමන්ට දෙයක් කරගනින් .

:       0       56

ALWIS Thursday, 23 November 2017 08:04 AM

ගරු ජනාධිපති තුමනි 2005 සිට මේ දක්වාම බදුම්කර ගණුදෙනු හා මහා බැංකුවේ ගණුදෙනු සහ රත්තරන් සංචිත වල සියලු තොරතුරු සොයන්න දැන් මේ කටයුතු කරන කොමිසමම පත්කරන්න . රටම අවදියෙන් ....!!!

:       0       0

BANDAARA Thursday, 23 November 2017 10:24 AM

ජනාධිපති කොමිසමක් පත්කරන්න ජනාධිපතිතුමනි. 2005 සිට මහා බැංකුවේ සියලු ගිණුම් පරික්ෂා කරන්න.

:       0       0

Bamunuarachchi. Thursday, 23 November 2017 01:51 PM

මේ නඩේ වක්‍රව කියන්නේ අපි මේ කොමිසමට අකමැතී කියානේ.

:       0       5

WASANTH Thursday, 23 November 2017 07:38 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ට හැමදාම මුළු මතක නෑ. මැතිවරණයකදී ජනතාව මතක්කරයි .

:       24       0

AMARASIRI Thursday, 23 November 2017 07:40 PM

ඕක තමයි කියන්නේ එකට කෑවත් බොක්ක වෙනස් කියලා.

:       0       0

jagath Thursday, 23 November 2017 07:42 PM

හිතං ඇති එකතුවෙලා දිනන්න හොරු බේරගන්න .

:       0       0

Sampath Friday, 24 November 2017 01:31 PM

ඒක සහතික ඇත්ත.. රිස්ක් එක ගන්නේ කීපදෙනෙක් වැඩේ ගොඩගත්තාම.. මුලින්ම ගහන්නේ උදව් කරලා ඒ අයට හැම දේශපාලන පක්ෂයක කණ්ඩායමකම වගේම ආයතනවලත්, පවුල්වලත් එහෙමයි. දෙවැනි කාරණේ මේ මුදල ඇත්තටම කව්ද? මොකටද? වියදම් කළේ... එක පුද්ගලයෙක් ගත්තා වෙන්න බැහැ.. ඒක පැහැදිලියි. මොකද නිලධාරියෙක් කරපු දෙයක් කවුරුවත් ආරක්ෂා කරන්නේ නැහැ. සාමාන්‍යෙයන් තුන්වන එකකට අවසාන බෙදුමකට පඩිවත්, කොමිසමේ වියදමවත් දරන්නේ ජනතාවමයි.

:       0       0

Sathyayaa Saturday, 25 November 2017 05:52 AM

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කල කිරෙන්න ඕනේ ජනාධිපති ගැන නෙමෙයි තමන් ඇතුළු පක්ෂයේ අනාගතයක් තිබුණු තරුණ නායකත්වපෙළ දේශපාලන වශයෙන් විනාශකර දැමූ තමන්ගේම පක්ෂයේ නායකයා ගැන. මේක කාලයක් තිස්සේ පක්ෂ අභ්‍යන්තරයේ පැසවමින් තිබුණු ප්‍රශ්නයක්. එය වරින් වර විධාරණය වෙමින් හා නැවතෙමින් තිබී දැන් අළු යට ගිනිසේ නිහඬව තබුණත් ගිනි කන්ද නැවත පුපුරා යන දවස වැඩි ඈතක නොවේ. අන්න එදාට කලකිරීම ගැන කතා කරන්න ඔබ ඔතන නැහැ ඇමතිතුමනි !

:       0       15

Rane Sunday, 26 November 2017 11:47 AM

හොරාට කලින්ම කෙහෙල් කැනනේ වැට පැනලා තියෙන්නේ !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 2749 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 745 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1102 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 996 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1154 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 1309 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site