IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ජනපති ගලගොඩ අත්තේ හිමියන් හමුවෙයි

(ජයන්ත සමරකෝන්)

වෙසක් පොහෝ දිනයට සමගාමීව සිරකරුවන් 762දෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ඊයේ (18) ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව, වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් සිර දඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හමුවී සාකච්ඡා කර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.

සිරකරුවන් නිදහස් කිරීමේ උත්සවය නිමවත්ම බන්ධනාගාර රෝහල වෙත ගොස් ඇති ජනාධිපතිවරයා එහිදී අංක 3 වාට්ටුවේ උපස්ථායක රාජකාරියේ යොදවා සිටින ඥාණසාර හිමියන් හමුවී විනාඩි 15ක් පමණ සුවදුක් විචාරා ඇතැයිද එහිදී මුස්ලිම් අන්තවාදීන්ගේ සුළමුළ හා වත්මන් තත්ත්වය පිළිබඳව උන්වහන්සේ ජනාධිපතිවරයාට පැහැදිලි කර ඇතැයිද වාර්තා වේ.

මෙහිදී ජනාධිපතිවරයා මරණ දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සහ මරණ දඬුවම් ලබා සිටින අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති නිව්ටන් යන අයද මුණගැසී ඇතැයි දැනගන්නට තිබේ. 

මේ පිළිබඳව බොදුබල සේනාවේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියන්ගෙන් කළ විමසීමේදී උන්වහන්සේ පැවසුවේ ගලගොඩඅත්තේ හිමියන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් රටපුරා ගෙන යන වැඩපිළිවෙළෙහි සාධනීය ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා උන්වහන්සේ හමුවීම ගැන දකින බවය. උන්වහන්සේ නිදහස් කිරීමක් ගැන මේ අවස්ථාවේදී වචනයක් හෝ කතා කර නැතත්, මෙම 25 වැනිදායින් පසු ඒ පිළිබඳව රටපුරා උද්ඝෝෂණ, විරෝධතා සංවිධානය කර ඇති බවද උන්වහන්සේ පැවසූහ.



අදහස් (32)

ජනපති ගලගොඩ අත්තේ හිමියන් හමුවෙයි

Athula Sunday, 19 May 2019 09:57 AM

ඊටපස්සේ දුමින්ද ?

:       262       462

ravi Sunday, 19 May 2019 10:05 AM

නීතිය වැරදිකරුවන් ලුහුබැඳ ... සිර ගත කළාවූ සියලු සිරකරුවන් ... තම සිර දඬුවම් සිරගෙය තුලම අවසන් කල යුතුයි ... එහෙම නොවුනොත් නීතිය සහ දඬුවම් , විහිළුවක් බවට පත්වෙන බව .. ස්ථීරයි .

:       9005       8963

ලසන්තSunday, 19 May 2019 04:46 PM

සසර සැරි සරන තෙක්, ඒ ඒ අය කල කම්, ඒ ඒ කලට ගෙවා දැමිය යුතුය. සංසාරය නොහොත් සංසරණය යනු කම්, පල, විපාක ගෙවා දමමින් කළ ගත කිරීමකි. විවිධ වූ මල්වෙඩි ඔතයි, පත්තු කරයි, පිපිරෙන වෙඩි දකියි. නැවත වෙනස් වෙඩි ඔතයි ....

:       0       0

ජයන්ත මිලානෝ Sunday, 19 May 2019 10:18 AM

මුන්වහන්සේව නිදහස් කලොත් රටේ මීට වැඩි කලහකාරී තත්ත්වයකට යොමු වියහැකිය. දැනට පවතින රටේ තත්ත්වය අනුව මිනිසුන්ට අවශ්‍ය සිත නිවන කතා මිස ,ආවේගශීලි වචන නොවෙයි.

:       3318       3434

කුමාර Sunday, 19 May 2019 10:19 AM

ඒ විදියට බලනවිට ජනපති අනිත් දෙන්නා හමුවීම ඒ අය නිදහස් වීම පිළිබදවත් සාධනීය ප්‍රතිඵලයක් වෙයිද කියලත් හිතෙනවා....

:       4       340

kapila Sunday, 19 May 2019 11:15 AM

අපේ හාමුදුරුවොත් ශේප් කරගෙන එන්න ඇති.

:       94       207

පිටිගල මිලානෝ Sunday, 19 May 2019 11:36 AM

එක්තරා ලේකම් කෙනෙක් දුමින්ද සිල්වාව බේරාගන්න මොන තරම් වැලි කෑවාද? මේ අයද රටේ පාලන බලය ඉල්ලන්නේ?

:       1       103

Sunil gikiyanage Sunday, 19 May 2019 11:37 AM

ඥානසාර හිමිගේ මතින් තව කිහිප දෙනෙකුත් ගොඩ යයි වගේ

:       1       20

NUWAN Sunday, 19 May 2019 11:59 AM

මේ අනතුර මුලින්ම දැක්ක අපේ හාමුදුරුවෝ නිදහස් වෙන්න ඕනි . අනික මේ සංඝයා වහන්සේ නමක් . සංඝයාට හිංසා කිරීම ආදීනව මේ අය දන්නවා නම් මෙහෙම වෙන්නේ නෑ. කල්ප ගණන් අපායේ දුක් විදින්න මේවට හව්ල් උන අයට සිද්ද වෙනවා. බුද්ද ධර්මය දන්නා කෙනෙක් කවදාවත් සංඝයා එක්ක ගැටෙන්නේ නෑ . අපේ හාමුදුරුවන් වහන්සෙට ඉක්මනින් නිදහස ලැබේවා !!

:       0       0

Raveendra Sunday, 19 May 2019 12:05 PM

දබුළු ගියේ තලගොයි විතරක් බලන්නද..// වැලිකඩ ගියේ හිමිදුක විතරක් බලන්නද..// දිව්‍යලෝකේ මෙන්ම අපායත්ම දැක්කද..// මාළු වුණත් කුම්බලාවෝ වලිකුකුල්ලු වුණාද..//

:       0       0

ඉලේපෙරුම Sunday, 19 May 2019 12:21 PM

දේශපාලන දෘෂ්ටිකෝණයෙන් බලනවිට මෙය නොකළ යුත්තක්... මෙම හමුවීම ජනාධිපතිගේ දේශපාලන ප්‍රතිරූපයට ඉතා හානිකරයි.

:       0       0

chathuri Sunday, 19 May 2019 12:26 PM

මේ. පාර අල්ලන්න යන්නේ මොන කස්තිරම්ද දන්නේ. නැහැ . දෙවෙනි මනමාලි ගෙනවා වගේ තව. අඩුව්වක් අල්ලයි ජනාධිපති වරණය ලග එනවනේ විපක්ෂය හමුවෙන්න රාත්‍රී ජාමේ ගියාද? එකපාරටම හිරගෙදරට ගියේ ඔය කියපු කරපුවා සේරම ඇත්ත...... කතාව ලගදීම හාමුදුරුවෝ එළිකරයි

:       0       0

anura Sunday, 19 May 2019 12:29 PM

නීතිය වැරදිකරුවන් ලුහුබැඳ නොගිය ... සිරගත නොකළාවූ සියලු දුෂකයන් දේශපාලකයන් නිවන් දක්වමුද?

:       0       0

nimal Sunday, 19 May 2019 01:32 PM

එහෙමනම් ඉතින් නීතියක් මොකටද මේ රටට? නීතිය තරාතිරම් සලකනවාද? මොකක්ද මේ රටේ ජනතාවට දෙන ආදර්ශය? වැටත්, නියරත් ගොයම් කෑවානම් කාට පවසම් මේ අමාරුව කියා නිහඬව ඉඳිමුද? අධිකරණ තීන්දුවලට විරුද්ධව උද්ඝෝෂණ පවත්වන්නටත් පුළුවනිද? එය ගරු අධිකරණයට කරන අපහාසයක් නොවේද?

:       0       0

PA - RA Sunday, 19 May 2019 01:57 PM

ජනාධිපතිතුමනි ඔබ කලයුත්තේ ගලබොඩ ඇත්තේ හිමියන් නිදහස් කර එතුමන් බුද්ධි අංශ සමග එක්කරන්න, වැඩ දන්නා අය ඇත්නම් ඔව්න්ගෙන් වැඩ ගන්න දැන ගන්න.

:       0       0

deva Sunday, 19 May 2019 02:30 PM

එ් කියන්නේ ඔක්කොම කණපිටද?

:       0       0

Jaya Sunday, 19 May 2019 03:03 PM

දැන් තියෙන්නේ මුස්ලිම් ඡන්ද ටිකත් විතරනේ. ඒ ටිකත් අඩුවේවි කියන බයට මේ ස්වාමින් වහන්සේ නිදහස් කරන එකක් නෑ.......

:       0       0

Jothi Sunday, 19 May 2019 03:10 PM

වැරදි කිසිවක් නොකළ අපි බලන්න කවුරුවත් එන්නේ නැහැ....

:       0       0

raspi Sunday, 19 May 2019 03:26 PM

කතාවෙන් වීරයන් වුණාට දාපු ගමන් දුවන්නේ බන්ධනාගාර රෝහලට. මම දන්න විදියට තමන් ලද දඬුවම හරියටම ගෙව්වේ සරත් ෆොන්සේකා විතරයි.

:       0       0

Bishan Sunday, 19 May 2019 03:42 PM

ඔහොම යමු දුමින්ද සිල්වා, වෙලේ සුදා, මාකඳුරේ මදුෂ් ඊළඟට..

:       0       0

Chanak los angeles Sunday, 19 May 2019 03:46 PM

නීතියට අත පොවන්න වගෙයි හදන්නේ..

:       0       0

Lusena Sunday, 19 May 2019 03:49 PM

සහරාන්ලා ගැන උන්වහන්සේ කිව්වේ 2017 වසරේදී, නම් ගම සහිතව... නමුත් පාලකයෝ බෞද්ධ අන්තවාදීන් කියා හංවඩුව ගසා එම කාරණා මුස්ලිම් ඡන්ද යටපත් කළා. උන්වහන්සේ පසුව තම හඬ උස් කළා..

:       0       0

උඩුවර සමන්ත හිමි Sunday, 19 May 2019 03:56 PM

ඉංග්‍රීසි කාලේ වගේ බලනහර කපලා නිදහස් කරන්න. එතකොට වැඩ කිඩ බැහැ. ඔහේ පැත්ත වැටිලා ඉඳීවි....

:       0       0

Prabha Sunday, 19 May 2019 04:12 PM

මේ වෙසක් සමයේ සිරිසේන මහත්තයා දෙපත් නයි කතා වස්තුව පෙන්නනවා වගේ...

:       0       0

Chanak los angeles Sunday, 19 May 2019 11:46 PM

කව්ද කියන්නේ ඉන්නේ හිරේ කියා? එහෙම හිරකරලා නම් ඒකට අඳින්න ඇඳුමක් තිබෙනවා... එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ.. භික්ෂුවකට ඇලීම් බැඳීම් නැතිනිසා කොතන හිටියත් එකයි.

:       93       29

siri Monday, 20 May 2019 08:36 AM

මේ වෙලාවේ ඇත්ත කතා කරනවට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න හොද නැහැ. මමත් මෙල්බන් වල ජීවත් වුණත්, ඔබ වගේ රටේ හැම ප්‍රශ්නයකදී මම මට පුළුවන් උපරිමය කරමි.

:       0       1

ramsi Monday, 20 May 2019 03:58 PM

මුන් වහන්සේ අවුරුදු ගණනකට පෙර පෙන්වාදුන් දෙය ගැන සැලකිලිමත් වුණානම් මෙවන් විනාශයක් වළක්වා ගන්න තිබුණු බව අමතක කරන්න තරම් ගුණමකු වෙන්න එපා.

:       1       2

ලසන්ත Monday, 20 May 2019 04:28 PM

සසර සැරි සරන තෙක්, ඒ ඒ අය කල කම්, ඒ ඒ කලට ගෙවා දැමිය යුතුය. සංසාරය නොහොත් සංසරණය යනු කම්, පල, විපාක ගෙවා දමමින් කළ ගත කිරීමකි. විවිධ වූ මල්වෙඩි ඔතයි, පත්තු කරයි, පිපිරෙන වෙඩි දකියි. නැවත වෙනස් වෙඩි ඔතයි ....

:       0       2

tommy Monday, 20 May 2019 05:54 PM

ඇයි එයාව විතරක් ? අනික් සිරකරුවෝ වැරදි කරලා නැද්ද ?

:       7       3

Bamunuarachchi Monday, 20 May 2019 06:14 PM

අපේ හාමුදුරුවනේ ඔහොම ඉවසන්න මේ අය දනගස්සන කාලය ඈත නෑ.

:       13       21

lalithm Tuesday, 21 May 2019 08:38 AM

සසර කෙටි කරගන්න මහන දම් පුරන්න සසුන්ගතවූ ඥානසාර හිමි හැසිරුන විදිය. නීතිය කාටත් සමාන වෙන්න ඕනේ. මමත් අදහන්නේ බුදු දහම.

:       0       0

karande Wednesday, 22 May 2019 12:23 PM

නීතිය කාටත් පොදු විය යුතුයි..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොලිසිය - හමුදාව දුම්රියටත් පනිති
2025 අප්‍රේල් මස 24 310 0

දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු


ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 586 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 1929 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 173 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1369 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 713 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 677 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 486 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site