IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ජනපති චීන සංචාරයේ තෙවැනි දිනය අරඹයි

(අංජුල මහික වීරරත්න)

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙවැනි දිනය ආරම්භ කරමින්  අද (16) පෙරවරුවේ  රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන සැසියකට සහභාගි වීමට නියමිතය.

රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කරන මෙම “ආයෝජන සැසිය” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම  විශේෂත්වයකි.

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  චීන ජනතාවගේ වීරයන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අද  පස්වරුවේ චීන අග්‍රාමාත්‍ය  ලී ච්‍යං  හා චීන ජාතික කොංග්‍රසයේ සභාපති චාඕ ලජී යන  මහත්වරු හමුවී සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්,  ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා  අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතය.



අදහස් (1)

ජනපති චීන සංචාරයේ තෙවැනි දිනය අරඹයි

Janitha Thursday, 16 January 2025 03:22 PM

කෝ මේ දායක සභාව?

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොළඹ පුර සබේට ස්වයංක්‍රීය ආදායම් උපයන පද්ධතියක්
2025 අප්‍රේල් මස 29 21 0

කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (KOICA) ආධාර යටතේ කොළඹ මහ නගර සභාව සඳහා පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් තන


ලංකා සිසුන්ට සිංගප්පූරු උපාධි ගන්න ගිවිසුමක්
2025 අප්‍රේල් මස 29 43 0

උසස් අධ්‍යාපන සහයෝගීතාවන් උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්


ජනපති වියට්නාමයට
2025 අප්‍රේල් මස 29 196 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පුනර්ජනනීය බල ශක්තියට තවත් දොරක් අරී
2025 අප්‍රේල් මස 29 253 0

භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.


රබර් පාලන පනත පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 29 115 0

රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බැංකු මූල්‍ය ප්‍රකාශ -මෙහෙයුම් වාර්තාව ජනපතිට
2025 අප්‍රේල් මස 29 111 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1042 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 445 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 590 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site