IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


ජනපති,ජනපති වරප්‍රසාද පනත වෙනස් කරයි

(සුජිත් හේවාජුලිගේ )

හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද සඳහා ප්‍රතිපාදන සැලසෙන හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත කඩිනමින් වෙනස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරුන් එන්නේ ස්වේච්ඡාවෙන් වැඩ කර ගෙදර යෑමට බවද ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වූ පසු ආණ්ඩුවේ ගෙදරක් නොගත් බවත් ඒ ගැන තමා ඔහුට ස්තූතිවන්ත වන බවත් ජනාධිපතිවරයා කීවේය.

ඔහු ඔහුගේ නිවසට ගිය බවද දිසානායක මහතා පැවසීය.

හේමා ප්‍රේමදාස මහත්මිය ආණ්ඩුවේ ගෙදරක සැලකිය යුතු කාලයක් සිටි බව පැවසූ ජනාධිපතිවරයා මේ ප්‍රශ්නය සමාජගත වීමෙන් පසු ඇය නිවස බාර දුන් බවද සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් චිත්‍ර සිරි කමිටුව පත්කළ පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ නිවස බාර දුන් බව ජනාධිපතිවරයා කීය.

නිවාස භාර නොදුන් ජනාධිපතිවරුන් තිදෙනෙකු ඉදිරිව සිටින බවත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, මහින්ද රාජපක්ෂ, සහ මෛත්‍රිපාල සිරිසේන එම තිදෙනා බවත් ඔහු කීවේය.

මහින්ද රාජපක්ෂ මහතා ජීවත් වන කොළඹ විජයරාම මාවත නිවසේ ඉඩම අක්කර යයි පර්චස් 13 ක් බවත් නිවසේ වර්ග අඩි ප්‍රමාණය තිස් දහස් පන්සීයක් බවත් ජනාධිපතිවරයා පැවසීය.

රජයේ තක්සේරුව අනුව එම නිවස කෝටි 350ක් වටිනා බව දිසානායක මහතා පැවසීය.

ඒ අනුව එහි මාසික කුලිය ලක්ෂ 46ක් බව තක්සේරු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ යැයිද ඔහු සඳහන් කළේය.

ජනාධිපති මන්දිරය තමා පාවිච්චි නොකළාට ජනාධිපති ධූර කාලයෙන් පසු එය රජයට ලැබෙන බව පැවසූ ජනාධිපතිවරයා මේ නිවාස කිසිවක් නැවත රජයට නොලැබෙන බවද ප්‍රකාශ කළේය.

ඒ වගේම ඔහුගේ ජීවිත කාලයට ඔහුගේ බිරිඳගේ කාලයටත් මේ නිවස අපි ලබාදෙන්න ඕනද යැයි දිසානායක මහතා ප්‍රශ්න කළේය.

 



අදහස් (30)

ජනපති,ජනපති වරප්‍රසාද පනත වෙනස් කරයි

Sediris Thursday, 23 January 2025 07:59 AM

ආයේ ජීවිතේට රටක යුද්ධයක් ඇති වුනොත්, ඒක ඉවරවෙනවට හීන දකින්න එපා. මොකද කිසිම නායකයෙක් ආපහු රටක යුද්ධ නතර කරන එකක් නෑ. මොකද යුද්ධෙ ඉවර කරාට පස්සේ තමන්ටත් තමන්ගේ පවුලටත් කිසිම ආරක්ශාවක් නැති බව දන්න නිසා. කොහොම හරි කොටි ත්‍රස්ථවාදීන්ගේ අරමුණු ඉ‍ටු වුනා. පාතාල මර්ධනයත් වෙන්නෙ නෑ.

:       2045       3791

LakmalThursday, 23 January 2025 02:17 PM

ආයේ යුද්ධයක් ආවොතින් නම් පචයයි, පච ආචාරියොයි තමයි ඉස්සෙල්ලම රට පනින්නේ. පාතාලේ ගැන නම් ඉතින් කතා කරල වැඩක් නෑ. හැමදාම එකා දෙන්නා වෙඩි තියලා මරනව. කිව්වෙ නම් පාතාල මර්ධනේ ගැන එයාලා පන්ති දාලා උගන්නන්නන් කියලා. ඇත්තමයි මහම විකාර ආණ්ඩුවක්. නෙදකින්.

:       1256       2961

saman Thursday, 23 January 2025 06:39 PM

අනුර දිසානායක හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමට තීරණය කළද මේ වනවිට අනුර කරමින් සිටිනා කටයුතු අනුව අසමත් ජනපති කෙනෙකු බව හොඳින්ම පැහැදිලියි. මේ ආණ්ඩුව මේ ආකාරයට කටයුතු කරන්නේ නම් තනතුරින් බැස්සවීමට රටේ පුරවැසියන් කටයුතු කරනු ඇත. ඔහුගේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් රටේ පුරවැසියන්ට දැඩිව බලපාන පොල් සහ සහල් ගැටලුව විසඳීමට අපොහොසත්ව සිටියි. ඇමැතිවරුන් ප්‍රසිද්ධියේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ පොල් කිරිවලින් කිරි හොදි සාදා පොල් කුඩුවලින් සම්බෝල සාදා ගන්නා ලෙසයි...

:       1       6

Indika Thursday, 23 January 2025 08:04 AM

මෙයා දන්නවා රාජපක්ශලා හොරකම් කරේ නැති බව. ඒක නිසා වෙන රටවල් වලින් ගෙනත් පෙන්නන්න සල්ලියක් නැති බව. ඒක මෙයාමයි ඡන්දෙ කාලෙ කිව්වෙ.

:       1668       2397

Sirisangaboo Thursday, 23 January 2025 08:07 AM

කතාව නම් වෙස්සන්තර වගේ

:       1607       2352

Mahanama Thursday, 23 January 2025 08:08 AM

මෙයා දන්නවා රාජපක්ශලා හොරකම් කරේ නැති බව. ඒක නිසා වෙන රටවල් වලින් ගෙනත් පෙන්නන්න සල්ලියක් නැති බව. ඒක මෙයාමයි ඡන්දෙ කාලෙ කිව්වෙ. ඒක නිසා දැන් ඊලඟ පළාත් පාලන මැතිවරණේදී මිනිස්සුන්ට හාල් පොල් ටික දීගන්නත් බැරි නිසා, ලයිට් බිල අඩු කරෙත් කොමිසම නිසා, වාහන මිලත් අහස උසට නිසා, සමූපකාර ඡන්දත් 2/3 අරන් මාස දෙකෙන් පරාද වෙච්ච නිසා දැන් මේ වගේ සිල්ලර වැඩ කරනවා. ලැජ්ජයි ඔයාලා දේශපාලනේ පහත්ම තැනකට වැටිලා ඉන්නෙ.

:       122       1845

thusharaThursday, 23 January 2025 10:08 AM

තවම ඔය ටීම් එකට කමෙන්ට් දානවට 5000 ගෙවනවද?

:       1087       2755

වෑල්ඩින් ආචාර්යThursday, 23 January 2025 02:21 PM

ජෙප්පො මේ, හැමදාම 5000 ගොන් කතා කියන්න ලෑස්ති වෙන්න එපා. ඇත්ත කියනකොට රිදෙන ජෙප්පොන්ට කොමෙන්ට්වලට කට උත්තර නෑ නේද. ලැජ්ජයි ඕයි.

:       1229       2950

Rata PerataThursday, 23 January 2025 05:45 PM

එයාට වැඩිය මෙයා දන්නවා වගේ. මේ වගේ මී හරක් එක්ක රට මේ තරමට වත් තියෙන එක පුදුමයි..

:       2       3

pj Thursday, 23 January 2025 08:33 AM

මෙම ක්‍රියාවලිය සදහා මහජන බදු මුදල් කොපමණ ප්‍රමාණයක් මෙතෙක් වියදම් වුවේ ද යන්නත් ඉදිරියට වියදම් වන ප්‍රමාණයත් ප්‍රසිද්ධ කළ යුතුය.....

:       157       1885

රම්බොඩ Thursday, 23 January 2025 09:36 AM

එවැනි දේ කළාට කමක් නෑ. කරන පිළිවෙළක් තියෙනවා. මහින්ද මහතා වශේෂ නායකයෙක්. ඒක කුහකව ඔහු දෙස බලන අනත්ගාමීන් වුවත් හොඳින් දන්නවා.තැන ගමේ ගෑණු වගේ තැන තැන දොඩවන්නෙ නැතිව ඒ ඒ ජ්‍යේෂ්ඨයින් සමඟ කතා කරලා එකඟතාවක් ඇති කරගන්න ඕන. ඔවුන්ගේ ගෞරවය ට හානි නොවන විදිහට කරන්න ඕන. තමන්ගේ තත්ත්වයයෙන් සියල්ල දෙස බැලීම සුදුසු නෑ.

:       1575       2364

පම්පෝරි ජනක Thursday, 23 January 2025 10:06 AM

මුළු ලෝකෙම දන්නවා රාජපක්ෂලා හොරු කියල. මුකුත් ඕනේ නැහැ. මිනිහාගේම ඇමති මණ්ඩලේ අර ටියුෂන් මාස්ටර් ඇමති විපක්ෂේ ඉන්න කාලේ කියල තිබ්බ හොරකම් කරල් තියන ප්‍රමාණය ගණන් කරන්න බැරි තරම් කියල. ඒවගේම අපේ සටලියිට් මැඩම් ලඟදි වැඩසටහනකදී කියුව හන්ගපු සල්ලි ඩුබායි වල තිබුන ඒත් ගේන්න නීති තිබ්බේ නැහැ කියල , එත් කවදාවත් සාටක බයියෝ ඒවා පිළිගන්නේ නැහැ හැමදාම එකම වර්ණනා ව කර කර ඉන්නවා

:       3558       1890

රවුම් පචේThursday, 23 January 2025 02:29 PM

ලෝකෙම දන්නෙ උඹල අවබෝධෙන් කියපු බොරුනේ. බොරු කියලා 2015 සිරිසේනට මුක්කු ගැහුවා, ඊට ජාතික ලැයිස්තුවේ හිටපු උන් බෝම්බ ගැහුවා. දැන් මිනිස්සුන්ට ඕව තේරෙනකොට උඹලට යන්න රටක් හොයලා තියා ගනිල්ලා.

:       2729       5457

Wijesinghe Thursday, 23 January 2025 10:12 AM

රටවැසියන්ගෙ වරප්‍රසාදත් ආර්ථිකයට ගැලපෙන ලෙස වෙනස් කිරීම කාලොච්තයි.

:       59       59

සිල්වා Thursday, 23 January 2025 10:29 AM

මහින්ද මහත්තයට අනවශ්‍ය ප්‍රසිද්දියක් ලබාදෙන වැඩක්.

:       46       125

මැක්ස් Thursday, 23 January 2025 10:30 AM

දුන් පොරොන්දු ඉටු කර ගත නොහැකිව හත් පොලේ ගා ගෙන කිච වී ඇති ආණ්ඩුවට අඩුම තරමේ චාමර සම්පත් මන්ත්‍රීට වත් මුහුණ දී ගත නොහැක. මහින්ද මහතා ඉලක්ක කර ගෙන කරන මේ තුට්ටු දෙකේ වැඩ වලින් කුහකකම සහ වයිරය පමණක් ඇති මාලිමා කොමෙන්ටුවන් සහ කචර්ලා සතුටට පත්වීම හැර වෙන සාධනීය දෙයක් සිදු වන්නේ නැත.

:       51       1787

බබුන් අප්පු Thursday, 23 January 2025 10:31 AM

කොයි රටේද ජනාධිපතිකම ස්වේඡ්චා සේවයක් උනේ ? ඒක තවත් ‍රැකියාවක් පමණයි, හැබැයි වගකීම් වැඩියි. මේගොල්ලො බොරුවට වැටුප පක්ශ අරමුදලට දීලා අපට කියනවා ඒගොල්ලො කරන්නෙ ස්වේඡ්චා සේවයක්ලු !

:       42       1788

de silva Thursday, 23 January 2025 10:46 AM

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට කොළඹ 7 නිවාස දෙන්න අවශ්‍ය නැහැ , නමුත් ජිවිත තර්ජන තිබෙන ජනාධිපතිවරුන්ට ආරක්ෂාව දෙන්න ඕනේ මෙම ප්‍රශ්නයට හොඳම විසදුම , අධිවේගී මාර්ගය ආසන්නයේ මාර්ග පහසුකම් සහිත පිටිසර පළාතකින් ජනාධිපතිවරු සදහා නිදන කාමර 2-3 සහිත හොඳ තත්වයේ නිවාස සංකීර්ණයක් ඉදිකර ඔවුන්ගේ ආරක්ෂාවට 60-100 ප්‍රමාණවත් භට කණ්ඩායමක් කණ්ඩායමක් රඳවා තැබීම , ඔක්කොම එක තැනක ඉන්න නිසා වෙන වෙනම ආරක්ෂාව දෙන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා වියදම් ඉතුරු වෙනවා. විශ්‍රාමික ජනාධිපතිවරු තවදුරටත් දේශපාලනයේ හෝ වෙන යම් ව්‍යාපාර යෙදෙනවා නම් මෙම පහසුකම් දෙන්න අවශ්‍ය නැහැ.

:       106       1555

fairoos Thursday, 23 January 2025 11:04 AM

මේ තියෙන්නේ රට බංකොලොත් වෙන වැඩ... ඉතුරු තුන්දෙනාත් ඔතනින් ගියොත් හොඳයි නේද?

:       3159       1229

යෝගා Thursday, 23 January 2025 11:50 AM

දැන් මේක තමයි අලුත්ම ඡන්ද ගුණ්ඩුව. කිසිම ඉදිරි දැක්මක් නැති අසාර්ථක හාල් කෑලි රජ වුණාම මේ වගේ නීච වැඩ කරනවා. ගණන් ගන්න එපා. තාවකාලිකයි. මහින්ද රජෙක් හැටියටත් හාල් කෑල්ල පචයෙක් හැටියටත් ඉතිහාසගත වෙලා ඉවරයි.

:       1543       3374

Jamal Thursday, 23 January 2025 12:27 PM

කයියනායකගේ තවත් ටොම් පචයක්

:       2043       3774

asa Thursday, 23 January 2025 01:04 PM

යුද්දේ ඉවර කළා කියලා රට කන්න දෙන්න බෑ. මිනිස්සු ජීවිතය පූජා කරලා රට බේරා ගත්තා. ජනතාව මහින්දට වඩා ශ්‍රේෂ්ඨයි. මේ හොරු ටික හිරේට දාන්න.

:       1776       39

MilaThursday, 23 January 2025 02:24 PM

කවුද යකෝ යුද්ධෙ ඉවර කරලා රට කෑවේ. උඹ කඩේ යන ගොනා රටේ නායකයා කරගන්න බැරි වුණා කියලා තප්පුලන්නේ නැතුව ඇත්තටම උනේ මොකද්ද කියල හොයලා බැලුව නම් නේද හොඳ. රටට අවශ්‍ය යටිතල පහසුකම් ටික හදන එක නේද මහින්ද ඒ කාලේ කරේ. ඒව නැතුව කොහෙන්ද රටට ආයෝජන එන්නේ. ඒ කාලෙත් හයිවේ මහින්දට ඇඹුල් තියල් ගේන්න ද, කුළුණු හදන්නේ පැනල මැරෙන්න්න ද, පොර්ට් සිටිය හදන්න ලංකාවෙම ගල් මදි කියලා කුණු කතා විතරනේ කිව්වේ. දැන් මොකද චීනෙ වන්දනාවේ යන්නෙ?

:       21       1785

ගුණරත්න Thursday, 23 January 2025 02:35 PM

ලංකාවේ තිබෙන ප්‍රධානම බැරෑරුම්ම ප්‍රශ්නය ජනාධිපති වරප්‍රසාද රස්නය ද?

:       180       56

Dananjaya Maldeniya Thursday, 23 January 2025 02:43 PM

තවත් පිනට දෙන්න ඕනේ නෑ උන් හම්බකරපුවා තියෙනවා ඕන තරම්.

:       229       22

Banda Thursday, 23 January 2025 03:18 PM

මූන බලද්දීම පේනවා කෙනාගේ තරම කොහොමද කියලා

:       0       1

Nilmini weerasingha Thursday, 23 January 2025 03:43 PM

පනත සංශෝධනය කළාට අතීතයට බලපාන්න පුළුවන් කමක් තිබේ යැයි හිතන්න බැහැනේ...!

:       2       151

විපරමා Thursday, 23 January 2025 05:43 PM

ජනතාවට ආසියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා බලයට ඇවිත්, ජනතාව රව්ට්ටපු, රීරි මාන්ස හූරාගෙන කාපු, ගුණමකු දේශපාලුවෝ ගැන ලෝකෙම දන්නවා. හොරාකාලා බඩවඩා ගත්තු අයට වහලුන්ට නම් කාගෙන ඉන්ඩ බැරි බව පේනවා. ජනතාව බලය දුන්නේ රටම හොරාකාලා, විනාශ කරපු දූෂිත දේශපාලුවන්ට දඬුවම් දෙන්න මිසක් ඔවුන්ව හුරතල් කරන්න නොවෙයි. යුද්දයක් ගැන කතා කරන අයට මතක නැහැ... යුද්ධයෙන් පස්සේ උන්දීපු සුද්දේ, පාස්කු ප්‍රාහරය එල්ලවෙන තැනට වැඩ සිද්ද කරලා බලයට ආපු දූෂිත පව්ල් පාලනේ අය කරපු පාපේ? වෙස්වලාගෙන ආපු ආසිර්වාදයක් වගේ අරගලය ඇවිත් බලලෝභී, බඩගෝස්තරවාදි කාලකන්නි දේසපාලුවන් එළවලා දැම්මා. ජනතාවගේ සාපයෙන්, ස්වභාව ධර්මයෙන් නම් ඔය කාටවත්ම ගැළවීමක් නැතිවෙයි. කරපු පාපකර්ම හෙවනැල්ල වගේ පස්සෙන්ම එනවා...

:       10       5

ඩිනිත් දීපාල් Thursday, 23 January 2025 06:52 PM

වැඩ බැරි වුණාම කරන මාධ්‍ය සංදර්ශන තමයි මේවා... පච රැල... ද්‍රෝහී පච රැල..

:       2       6

Chathuri Thursday, 23 January 2025 07:35 PM

අම්මෝ අපේ රටේ කුලියට අඬන මීහරක් කිසිම අඩුවක් නැහැ.. යුද්දෙ නතර කෙරුවේ හමුදාපති ඇතුළු වීරයෝ ගෝඨාභය කියන්නේ හිටියේ මයිනා කොහේද හිටියේ? යුද්ධය වේලාවේ මේ වගේ මෝඩ හැතිකරේ ඉන්නකම් දුප්පත් මිනිහට ඔලුව උස්සන්න අමාරුයි නාකි මයිනාගේ බේබි පැටවුන්ට ඉන්නවා.. ඔවුන් වගේම මෝඩ රෑනක් ඔවුන් තමයි මේ මෝඩ දේවල් ලියන්නේ... බල්ලෝ බිරුවාට ආණ්ඩුව දාලා දුවන්නේ නැහැ. ඔවුන් තව නිතී ගේනවා... කටවහගෙන පැත්තකට වෙන්න. අපි නැවත පටන් ගමු... ගෝ...මයිනා ...ගෝ හෝම් කියන්න අක්කරයක ඉන්න මහ නාකියා අද කොහොමද ජෝජ් බුෂ් වගේ හිටියා නම් මේයා ලන්කාවෙන් භාගයක්ම දෙන්න වෙයි... මුහුදු වෙරළත් එක්ක අක්කරයක් ඉන්නකොට හතුරට ලේසියි. මරන්න ඉඩ කඩ තියෙනවා.. හැන්ගෙන්න මෙයාට හොඳ මුඩුක්කු පේලියේ ගෙයක් කට්ටිය ඉන්නවා පැය 24ම බයවෙන්න දෙයක් නෑ...

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 775 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 165 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 325 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 360 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 435 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 767 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 423 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 919 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site