IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජනපති ජනහමුවට වාරණයක්

අද (5) හෙට සහ අනිද්දා ‘ජනපති ජන හමු‘ නමින් සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ඒක පාක්ෂිකව සහයෝගය දක්වන වැඩසටහන් ප්‍රචාරය කිරීම තහනම් කරමින් කඩුවෙල දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා අයිටීඑන්, ජාතික රූපවාහිනී ස්වර්ණවාහිනී හා දෙරණ ආයතනවලට වාරණයක් නිකුත් කළේය.

ජනපතිට සහයෝගය දක්වමින් ඇමැතිවරුන් ඇතුළු කථිකයන් සහභාගීවන වැඩසටහන් විකාශනය කිරීමෙන් හා එම වැඩසටහන්වල වීඩියෝ වෙනත් ආයතනවලට නිකුත් කිරීමෙන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට බලවත් අසාධාරණයක් සිදුවන බව දක්වමින් වෙන වෙනම පෙත්සම් හතරක් අධිකරණයට ඉදිරිපත් විය.

ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා මඟින් ගොනු කළ පෙත්සම් වලින් කියැවුණේ තමාට පිළිතුරු දීමට ඉඩක් නොලැබෙන පරිදි එම ආයතන ඒක පාක්ශිකව එම වැඩසටහන් විකාශනය කරන බවයි. එහෙයින් ඒවා නතරකරන ලෙසද නීතිවේදියා ඉල්ලා සිටියේය.

 

 

 

 

 

 

 



අදහස් (0)

ජනපති ජනහමුවට වාරණයක්

සංජීව Monday, 05 January 2015 02:40 PM

හොඳදේට අපි කවදත් අත් දෙකම උස්සනවා (නි)

:       0       0

ජනක Tuesday, 06 January 2015 09:51 AM

තීන්දුවට ගරු කරාවිද ? (බ)

:       0       0

රොෂාන් Monday, 05 January 2015 03:07 PM

කරුණාකර මෙය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට වගබලාගන්න. අන්න එයයි වඩාත්ම වැදගත්. මැතිවරණ කොමසාරිස් හටත් මෙය දන්වා ඔහුගේද නියෝගයක් මාධ්‍ය වෙත නිකුත් කරන්න. අධිකරණයට සහ නීතියට ජයවේවා! (නි)

:       0       0

සුරංග Monday, 05 January 2015 03:07 PM

ඝන අඳුරේ තාමත් දැල්වෙන ඉටි පන්දම් කීපයක් හරි ඉතුරු වී තිබෙනවා. ඉතාම සතුටුයි. 8 වෙනිදා අපේ ඡන්දදායකයෝ මොනවගේ තීරණයක් ගනීද? (නි)

:       0       0

පද්මිණි Monday, 05 January 2015 03:13 PM

මගේ දෑස අදහාගත නොහැක. ජය වේවා! (නි)

:       0       0

සුමේධ Monday, 05 January 2015 04:18 PM

නියමයි. ඔහොම යමු.....!. (නි)

:       0       0

ප්‍රියමාල් Monday, 05 January 2015 04:33 PM

සමහර අය නම් දැනටමත් බයවෙලා වගෙයි (නි)

:       0       0

ශාලිත Monday, 05 January 2015 04:34 PM

හැමෝම දන්නවා කවුද දිනන්නේ කියලා. ජය වේවා ! (නි)

:       0       0

මයුර Monday, 05 January 2015 04:37 PM

අඳුරට ශාප කරමින් නිකන් ඉන්නවාට වඩා එක පහනක් දැල්වීම වටිනවා.ඔබටත් මටත් 8 වෙනිදාට එය කළහැකියි. අධිකරණය නිදහස්, නීතිය සැමටම එක වගේ වෙන රටක් නියම නිදහස් රටක්. (නි)

:       0       0

චානක Monday, 05 January 2015 04:46 PM

කෝ අර කඩේ ගිය බන්දුල පෙරේරා? (නි)

:       0       0

තිළිණ Monday, 05 January 2015 06:25 PM

මෙන්න නියම යහපාලනය! (නි)

:       0       0

කමල් පෙරේරා Monday, 05 January 2015 06:26 PM

ජනහමුව තහනම් කළ නමුත් මේ වෙලාවේ සමහර නාලිකා ප්‍රචාරය කරන ඒවා සදාචාරසම්පන්නද? වෙනසක් ඇතිකළ යුතුමයි. (නි)

:       0       0

සමන්තිකා Monday, 05 January 2015 06:46 PM

සාධාරණ විනිසුරු මහතෙක්.එතුමා දුන් තීන්දුව අගය කරමි. (නි)

:       0       0

වජිර Monday, 05 January 2015 07:17 PM

ඔබගේ ස්වාධීනභාවයට අපේ උපහාරය! (නි)

:       0       0

මනෝජ් Monday, 05 January 2015 08:21 PM

ඔය වගේ කලිනුත් හිටියා නම් කිසි ප්‍රශ්නයක් නැහැ නේද? (නි)

:       0       0

රූපසිංහ Monday, 05 January 2015 08:39 PM

හරි ඉතින්. මෙච්චරකල් යටිගිරියෙන් මොරදුන්නේ අධිකරණයට ස්වාධීනව වැඩ කරන්න ඉඩක් නැහැ කියලනේ. දැන් මේ අනික් පැත්තට හෝ ගාලා කෑගහනවා? ඔය ලස්සනට අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වෙන්නේ. (නි)

:       0       0

විපුල කරලියද්ද Monday, 05 January 2015 09:01 PM

අනාගත නිදහස් රටක සුවඳ දැනෙනවා (නි)

:       0       0

නිශාන්ත Monday, 05 January 2015 09:17 PM

ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ලලිත් Tuesday, 06 January 2015 12:38 AM

යහපත් අනාගතයක පෙරමඟ සළකුණු. අපි හැමදෙනාටම දෙපයින් සිටගන්න හැකිවන ලකුණු. (නි)

:       0       0

මුතු Tuesday, 06 January 2015 12:54 AM

ඔන්න දැන් අධිකරණයේ කශේරුකාව ශක්තිමත් වෙලා. හැමෝටම යුත්තිය ඉටුවන නියෝග දෙන්න පසුගිය කාලේ මේ ආයතනයත් අසරණ වෙලා තිබුනා. ජනපති ජනහමුවට වාරණයක් දුන් ශක්තිමත් විනිසුරුට සාධාරණ ජන සාමාජයේ ජනතාවගේ උපහාරය. (නි)

:       0       0

තරංග Tuesday, 06 January 2015 02:52 AM

පහුගිය වකවානුවේ තීන්දු තීරණ දිහා බැලුවහම මේක ඉතිහාසගත තීන්දුවක්. ඔබ වැනි විනිසුරුවන් රටට ආශිර්වාදයක්. විනිසුරුතුමනි, අපේ උපහාරය ඔබට. (නි)

:       0       0

සදුනි Monday, 05 January 2015 11:15 AM

නියම වැඩේ (දිල්)

:       0       0

කටුගස්තොට Monday, 05 January 2015 11:23 AM

ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය (දිල්)

:       0       0

අශේන් Monday, 05 January 2015 11:30 AM

මහේස්ත්‍රාත්තුමනි, ඔබගේ ස්වාධීනභාවයට අපේ උපහාරය! (නි)

:       0       0

තිලකසිරි Monday, 05 January 2015 11:30 AM

මොනවද මේ සිද්ධ වෙන්නේ? (නි)

:       0       0

යසලාල් Monday, 05 January 2015 11:36 AM

අධිකරණයට ජයවේවා! (නි)

:       0       0

මුදිත Monday, 05 January 2015 11:44 AM

විනිසුරුතුමාට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

අමා Monday, 05 January 2015 11:46 AM

අධිකරණය ස්වාධීන වෙමින් පවතිනවා කියලා අපිට දැනෙනවා (නි)

:       0       0

ආනන්ද Monday, 05 January 2015 11:56 AM

ඉතාමත්ම හොඳ වැඩක්. නමුත් දැනටමත් ප්‍රමාදයි නේද? (නි)

:       0       0

සේනක Monday, 05 January 2015 11:57 AM

අධිකරණය නීතිය රැකගත්තාට ස්තුතියි. (නි)

:       0       0

ටි‍රෝන් Monday, 05 January 2015 11:57 AM

අධිකරණයට අපේ උත්තමාචාරය! වැඩ හරියට කළා නම් ඒවා මිනිසුන්ගේ සිත් වල නොමැකී තියේවි (නි)

:       0       0

මිහිර Tuesday, 06 January 2015 04:08 AM

එදාමෙදා තුර ලංකා දේශපාලනයේ සුවිශේෂී තීන්දුවක් මේක කියල හිතනවා එ්ත් කොතෙක් දුරට ප්‍රයෝගික වෙයිද කියලනම් සැකයි. තීන්දුවට සුබ පතනවා නීතියට තැනක් දීම පිළිබඳව (බ)

:       0       0

තිලක් -ඩුබායි Monday, 05 January 2015 12:13 PM

ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය(දිල්)

:       0       0

ප්‍රියන්ත Tuesday, 06 January 2015 04:24 AM

අධිකරණයට අපේ උත්තමාචාරය. (ර)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 05 January 2015 12:14 PM

රටක් වුනහම කාටවත් ඕන ඕන විදිහට නිතිය වෙනස් වෙන්න බැහැ.වෙනස් කරන්නත් බැහැ.එකයි අපි මෛත්‍රී පාලනයක් සදහා සහයෝගය දෙන්න තීරණය කරලා තියෙන්නෙත්.(දිල්)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 05 January 2015 12:14 PM

මේ රට හැමෝටම අයිතියි කාගේවත් බුදලයක් නෙවෙයි (දිල්)

:       0       0

විකුම් Monday, 05 January 2015 12:23 PM

පෙර මග සුබ ලකුණු...!(දිල්)

:       0       0

තිලක් Monday, 05 January 2015 12:28 PM

යහපාලනයක් ඕනෑ නේද (දිල්)

:       0       0

දුමින්ද Monday, 05 January 2015 12:46 PM

නීතිගරුක විනිසුරන්ට අපගේ ප්‍රණාමය.(දිල්)

:       0       0

රෝහණ Tuesday, 06 January 2015 05:18 AM

හොද වැඩක්. අපිට මේවා දැන් දැකලම එපා වෙලා තියෙන්නේ (දිල්)

:       0       0

ලාල් Monday, 05 January 2015 01:12 PM

විනිසුරු වසන්ත ජිනදාස මහතාට ස්තූතියි. (නි)

:       0       0

කොඩිකාර Tuesday, 06 January 2015 05:23 AM

රූපසිංහ මහත්තයෝ ඔය අධිකරණයට ගිය කාරණාව මොකක්ක්ද ඒ නීතිගරුක නිසා වෙන්න ඇති (බ)

:       0       0

සුජාන් Tuesday, 06 January 2015 05:26 AM

මහෙස්ත්‍රාත්තුමාට අපගේ ප්‍රණාමය (දිල්)

:       0       0

නුවන් ගජනායක Tuesday, 06 January 2015 05:44 AM

සාධාරණ විනිසුරු මහතෙක්.එතුමා දුන් තීන්දුව අගය කරමි. ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය! (බ)

:       0       0

අකිල Monday, 05 January 2015 01:24 PM

නව වැනිදා සාමකාමීව කිරිබත් කමු (දිල්)

:       0       0

පත්මසිරි මාපලගම Monday, 05 January 2015 01:36 PM

උසාවිය සහ නීතියත් යහමඟට ඇවිල්ලා. පක්ෂ, පාට, ජාති, ආගම් නැතුව ගරු අධිකරණය දුන් තීන්දුව ඉතාම අගය කරමි (නි)

:       0       0

ජයනාත් Tuesday, 06 January 2015 06:21 AM

මෛත්‍රී පාලනයේ ආරම්භය (දිල්)

:       0       0

කෝට්ටේගොඩ Monday, 05 January 2015 01:55 PM

විශිෂ්ට කාර්යයක්! (නි)

:       0       0

ප්‍රසාද් Monday, 05 January 2015 01:53 PM

හොඳ තීරණයක් ජිනදාස මහත්තයා. අපේ ප්‍රණාමය ඔබට. (නි)

:       0       0

නිහාල් Monday, 05 January 2015 01:54 PM

ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

කුමාර් Monday, 05 January 2015 02:03 PM

මෙන්න රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න පටන්ගෙන. හරි හොඳයි. (නි)

:       0       0

ස්වර්ණ Monday, 05 January 2015 02:25 PM

අධිකරණයට ස්වාධීනත්වයක් නැහැ කියලා කියන්නෙ බොරු බව ඒකෙන්ම පෙනෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 253 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 852 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1733 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6194 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1820 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 967 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site