IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘ජනපති ජන මතයට පයින් ගහලා‘

‘මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කළේ මේ රටේ දූෂණය වංචාව නවත්වා යහපාලනය ඇති කරන්නයි. දූෂිතයන්ට දඬුවම් දෙන්නයි. අල්ලස් කොමිසමට සහ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි ගලාගෙන ආවා. දෙතුන් දෙනකු පමණක් අත්අඩංගුවට උසාවි දැම්මා. ඉතිරි අයට කිසිවක් කළේ නැහැ.‘යි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.

ඔහු මේ බව පැවසුවේ පුරවැසි බලය සංවිධානය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වූ මාධ්‍ය හමුවක දී ය.

හිටපු ජනපතිට නාමයෝජනා දීම සම්බන්ධයෙන් ජනපති සිරිසේනගේ ස්ථාවරය රටට පැහැදිලි කළ යුතු යැයි ද ස්ටාලින් මහතා පැවසිය.

‘මහින්ද රාජපක්ෂට අපේක්ෂකත්වය දුන්නා කියන්නේ ජනතා අභිලාෂයට එරෙහි වීමක්.‘

මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝව පහතින්...

_DSC0389 _DSC0398



අදහස් (0)

‘ජනපති ජන මතයට පයින් ගහලා‘

දිනේෂ් Monday, 06 July 2015 12:54 PM

කට්ටිය බයවෙලා දැන්.මහින්ද මහත්තයා පරදිනවා නම් ඇයි ඔච්චර බය (නි)

:       0       0

මහානාම - කඳාන Monday, 06 July 2015 12:53 PM

මෙයාලා ඇත්තටම කවුද? අර තව කට්ටියක් ඉන්නවා නව පරපුරේ කලාකරුවෝ! මෙයාලා වචනයක් කතා කළාද අපේ රණවිරුවන් ගැන? ඇත්තටම මෙයාලට තිබෙන සිවිල් බලය මොකක්ද? මහින්ද එපා නම් ඒක තීරණය කරාවි මහ ජනතාව ඡන්දෙන්. නාමයෝජනා දෙන්න එපා කියන්නේ කොහොමද කවුරුවත්? (නි)

:       0       0

චතුර Monday, 06 July 2015 12:59 PM

මුලින්ම කතාකරන්න ගුරුවරුන්ව ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. මතකද අර ගුරුවරියට ගහපු කෙනා?එයත් අපේක්ෂත්වය ඉල්ලනවා නේද? අන්න ඒවා නතරකරන්න පළමුව (නි)

:       0       0

ජයන්ත Monday, 06 July 2015 01:02 PM

බයවෙන්න එපා. මහින්ද ගැන විශ්වාසය තියන්න. ඒ මනුස්සයා තමයි අපි හැමටෝම මේ නිදහස අරගෙන දුන්නේ. නැත්නම් ඔබතුමාලා අද ඔහොම වීරයෝ වගේ බය නැතුව කොළඹ ඉඳගෙන කතාකරයිද? අතීතය අමතක කරන්න එපා. ගුණමකු වෙන්න එපා. (නි)

:       0       0

ජයන්ත Monday, 06 July 2015 01:05 PM

නුවන්, එයාලට අනුකම්පා කරන්න නුවන්. (නි)

:       0       0

ජයන්ත Monday, 06 July 2015 01:08 PM

මෙතන ඉන්න එක් කෙනෙකුටවත් අනාගතය කොහොම වුණත් කමක් නැතුවාවද්ද? (නි)

:       0       0

විකි Monday, 06 July 2015 01:43 PM

අතීතය අමතක නැහැ ජයන්ත මහත්තයෝ, මහින්ද මහත්තය කරපු දේ මතක නිසා තමයි අපි තව පාරක් එතුමාට අවස්ථාව දුන්නේ. එත් එතුමා වට කරගත්තේ එතුමාව ගෙදර යවන පිරිසක්. කොහොම හරි කට්ටිය මේකෙන් වත් පාඩමක් ඉගෙනගෙන නැතුව ඇති. මහින්ද මහත්තයා ආපහු ආවොත් එත් ඉන්නේ මේ අයම නම් ඉතින් තේරුමක් නැහැ. වැඩක් කරන්න පුළුවන්, කෙනෙක් හරි දෙන්නෙක් හරි හොයා ගත්තනම් ඔබතුමාට තව සැහෙන කාලයක් රජය කරනන්න පුළුවන්. (ර)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 07 July 2015 02:39 AM

එතකොට ලක්ෂ 58ක් මහින්ද මහත්තයට ඡන්දෙ දුන්නේ නැද්ද? අර ලක්ෂ 62 විතරද ඡන්ද..? ඔයාලා ගහන පදේට ඒ 58 නටන්න ඕනෑ කියලද කියන්නේ? මෛත්‍රී මහත්තයා නාමයෝජනා දෙන්න ඕනෑ පක්ෂය දිනවන්න නම් පාක්ෂිකයින්ගේ කැමැත්ත ඉටු කරන්න ඕනෑ. (නි)

:       0       0

ජයන්ත Monday, 06 July 2015 01:54 PM

මට හරි ප්‍රස්නයක්. මෙතන ඉන්න අය කියන්නේ මොකක්ද, මෙයාල නියෝජනය කරන්නේ කව්ද කියලා. ඒ උනාට වීරයෝ වගේ. (ර)

:       0       0

පිවිතුරු යහපාල Monday, 06 July 2015 02:25 PM

හරියට කෑ ගහන්නේ මහින්ද මහත්තයට හංසයාගෙන් නාම යෝජනා දුන්නා වගේනේ. මේ නාම යෝජනා දීල තියෙන්නේ සන්ධානයෙන්. (ර)

:       0       0

කල්පනා Tuesday, 07 July 2015 03:05 AM

මට නම් මේ ගැන තියෙන්නේ ලොකු සැකයක් (නි)

:       0       0

අනිල් Monday, 06 July 2015 02:47 PM

දැන්වත් තේරෙනවද ඒ ඔක්කොම චෝදනා මාද්‍ය සංදර්ශන පමණයි කියලා? (ර)

:       0       0

තෝමස් Tuesday, 07 July 2015 03:32 AM

නැහැ. එතුමා ගත් තීරණය නිවැරදියි (නි)

:       0       0

ප්‍රසන්න Monday, 06 July 2015 03:20 PM

ජනමතයට පයින් ගහලා නෑ තාම.(හේ)

:       0       0

අබේරත්න-ටෝකියෝ Monday, 06 July 2015 04:30 PM

ජනතාව ප්‍රතික්ෂේපකළ කිසිම කෙනෙක් කියන කරන ඒවා ජනතාව පිළිගන්නේ නැහැ (නි)

:       0       0

ඉන්දු Monday, 06 July 2015 04:33 PM

දැන්වත් තේරෙනවද මහත්වරුනි? (නි)

:       0       0

අන්තෝනි Monday, 06 July 2015 04:36 PM

ඒවා ගැන පුරවැසියෝ බලාගනීවි (නි)

:       0       0

සෑම් Tuesday, 07 July 2015 05:06 AM

මහින්දට 58 ලක්ෂයක් ඡන්දය දුන්නා. ඒවා ජනතාවගේ ඡන්ද නෙමෙයිද? මොන වගේ තර්කයක්ද මෙයාලා ඔක්කොම ඉදිරිපත් කරන්නේ? (නි)

:       0       0

නිශාම් Monday, 06 July 2015 06:22 PM

බලය නිසයි මේ හැමදේම.... (නි)

:       0       0

කරුණාරත්න Monday, 06 July 2015 06:29 PM

අපිට ජනපති විශ්වාසයි (නි)

:       0       0

සේන Monday, 06 July 2015 09:51 AM

අපි බලමු නාම යෝජනා එනකල් (ම)

:       0       0

සමන්ත Monday, 06 July 2015 10:06 AM

හරිනම් මේ වන විට මර්වින් සිල්වා ඉන්න ඕනැ ..... ආණ්ඩුවට හිතැති නිසා මොහු නිදැල්ලේ.(ම)

:       0       0

දහම් Monday, 06 July 2015 10:08 AM

තව ටික දවසක් ඉවසලා බලමු.(හේ)

:       0       0

ජයන්ත Monday, 06 July 2015 10:28 AM

ඇත්ත ඇත්ත, අනේ අර මහා බැංකු කොල්ලය ගැනත් කියන්නකෝ. (නදී)

:       0       0

කණිෂ්ක Monday, 06 July 2015 10:27 AM

මහින්ද පරදිනවා කියල දන්නවා නම් අැයි මහත්තයෝ නාම යෝජනා දුන්නට ඔච්චර බය...(නදී)

:       0       0

සරත් සෞදි Monday, 06 July 2015 10:32 AM

කඩේ යන අයට නිදැල්ලේ එ්ක තමා වෙනස යහපාලනයේ (නදී)

:       0       0

සුනිල් Monday, 06 July 2015 09:26 PM

සමහරු මහින්ද කිවුවම වෙව්ලනවා. (නි)

:       0       0

ඉමල්ක Monday, 06 July 2015 10:33 AM

ඔව් මෙයාල කව්ද කියන්න මුළු රටම දන්නවා. එන්.ජී.ඕ කාක්කන්. (නදී)

:       0       0

රණසිංහ Monday, 06 July 2015 10:44 AM

අසාධාරණ වැඩ වර්ජන මෙහෙයවලා අසරණ ලෙඩ්ඩු, පාසැල් සිසුන් සරසවි සිසුන් අපහසුතාවයට පත් කරන එකත් ජනමතයට පටහැනියි. විශේෂයෙන් අසරණ රෝගීන් බිල්ලට අරගන තමන්ගේ වුවමනා එපාකම් පිරිමහ ගන්න බලන ගමන් රජයෙන් වැටුපක් ගන්න ගමන් කිසිම සේවයක් නොකර එක එක දේශපාලන පක්ෂවලට කඩේ යමින් දේශපාලනයේ නියුතු වීම හරිම නින්දිතයි. (නදී)

:       0       0

දුමින්ද Monday, 06 July 2015 10:55 AM

බහුතරේ බහුතර 58 ලක්ෂය ජන මතය අමතකද ? (ම)

:       0       0

ඉන්දික Monday, 06 July 2015 10:58 AM

කඩේ යන සල්ලිවලට රට විකුණන සිවිල් සංවිධාන (නදී)

:       0       0

නුවන් සමරවික්‍රම Monday, 06 July 2015 11:01 AM

යකෝ මේගොල්ලන්ට පුදුම විදියේ අමරුවක්නේ තියෙන්නේ. හමුදාවේ කොල්ලෝ මැරෙනකොට ඔය එක එක සංවිධාන මොනවද දන්නේ නැහැ කලේ. (නදී)

:       0       0

නිශාන් Tuesday, 07 July 2015 12:47 AM

අපිටත් ජනපති ගැන කිසිම අවිශ්වාසයක් නැහැ. එතුමා නිවැරදියි (නි)

:       0       0

කපිල Tuesday, 07 July 2015 01:09 AM

අපි බලමුකෝ මහජන මතය! (නි)

:       0       0

නිමාෂා Tuesday, 07 July 2015 01:14 AM

මම නම් කියන්නේ මේක ජනපතිතුමා මතුවෙමින් තිබූ දේශපාලන ප්‍රවණතාවය මැනවින් තේරුම්ගෙන ගත් තීරණයක්. (නි)

:       0       0

කමල් Monday, 06 July 2015 12:39 PM

ඉන්දික, ඔයා ජීවත්වෙන්නේ කාගේ පිහිටෙන්ද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 07 July 2015 01:45 AM

ජනමතය තමයි අනෙක් හැමදේටම වැඩිය වැදගත් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 968 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 64 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1104 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 186 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2015 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32249 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23824 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site