IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ජනපති තදින් සිටියි

(අංජුල මහික වීරරත්න)

ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි‍ ලෙස ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේ දී පැවසීය.

තමා වෙත ඉදිරිපත් කෙරුණු ජනතා ගැටලුවලින් 50%ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන්ට විසඳුම් ලබා දිය හැකි ඒවා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ගැටලු විසඳීමට ජනාධිපතිවරයා නොව ඇමතිවරයෙකුවත් කොළඹ සිට පැමිණීම අවශ්‍ය නොවන බව කීය .

රාජ්‍ය ආයතන මනා සම්බන්ධීකරණයකින් උපරිම ජනතා සේවයක් ඉටුකිරීමට කැපවිය යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (22) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීම පිළිබඳ සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව සකස් කරන ලද වාර්තාවක් පෙබරවාරි 04 වනිදාට පෙර තමා වෙත ලැබීමට සලස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එසේ වාර්තාවක් ඉදිරිපත් නොකළහොත් තමා වෙත පැවරී ඇති බලතල අනුව ක්‍රියාකරන බව ද පැවසීය.

 



අදහස් (17)

ජනපති තදින් සිටියි

ලසන්ත Thursday, 22 December 2022 04:04 PM

ජනතා සේවය කිරීමේදී කඹ ඇදීමකින් තොරව සේවය කරන්න කියා කියපු ඔබතුමාට ස්තුතියි .මැතිතුමා මට තියෙන ප්‍රශ්නය ඔබතුමා වෙත ලිඛිතව එවන්නම් එයට පෙර ප්‍රශ්නය මෙහෙම කියන්නෙ මගේ බිරිඳ හා ඇගේ යෙහෙළියක් එකම වර්ෂයේ එකම ශ්‍රේණියේ උසස් වීම ලබා එක සමාන වැටුප් ලබා එක මාසයේ විශ්‍රාම ගත්තෙ සමාන වැටුප් සහිතව තමයි නමුත් 2019 දී විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීමේදී යෙහෙලියට මගේ බිරිඳට වඩා රුපියල් හත්දහසක් පමණ වැඩියෙන් ගෙවනවා ඒ බව දැන්නුවත් අපිට දොස් කියනවා මිස ගැටලුව විසදන බවක් නැහැ මගේ බිරිදට නිවැරදි ලෙසට සකසා ඇතැයි එක් අයෙක් කිව්වා එහෙනම් අනෙක් කෙනාට රජයේ මුදල් අයුතු පරිහරණය කිරීමට නිළධාරින් උදව් කරනවා නේද මෙහෙම ජනතා ප්‍රශ්න විසදීමට ආයතනයක් ඔබතුමා යටතේ ස්ථාපිත කලොත් ඉතාමත් වටිනවා

:       4       26

ABThursday, 22 December 2022 05:12 PM

දේශපාලන මැදිහත්වීම් නොමැතිව සමෘද්ධි, වෙනත් රාජ්‍ය ආයතන වැඩසටහන් මෙන්ම ජනතාවට බලපාන බොහෝ ගැටළු රාජ්‍ය ආයතන මනා සම්බන්ධීකරණයකින් උපරිම ජනතා සේවයක් ඉටුකිරීමට හැකිබව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය අගය කරමු. ජනතා ගැටළුවලින් 50%ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන්ට විසඳුම් ලබාදිය හැකියි. දිගු කාලයක් රාජ්‍ය සේවයේ සිට සියල්ල දේශපාලන මැදිහත්වීම් මත සිදුවීම සහ සත්‍ය වශයෙන්ම සිදුවියයුතු වන්නේ කුමක්ද කියා සහ විශ්ලේෂණයකින් තොරව ප්‍රාදේශීය මට්ටමින් දේශපාලන මැදිහත්වීම් සිදුවීම වෙනස්ව රජය සේවකයින්ගෙන් වැඩි සේවයක් ලබාගන්න ආකාරයට රාජ්‍ය සේවය වෙනස්විය යුතුවේ. එවිට ප්‍රාදේශීය දේශපාලකයින්ගේ ප්‍රමාණය පහත දැමිය හැකිවේ. දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා සේවය කරන්නේ පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් බව ඔවුන් තේරුම්ගත යුතුවේ...

:       0       12

ganegoda Thursday, 22 December 2022 04:34 PM

ඔක්කොම ඔය තියන විඩිහට ත්යෙන්න ඇරල .. යන්න ! දෙයියන්ගෙ නාමෙන් තොලෙන්චිවෙලා යන්න !

:       43       40

saththyaa Thursday, 22 December 2022 04:36 PM

දැන්ද බකතපස් රකින්න සිහි උනේ ? බැංකු මන්කොල්ලයෙදි ඔක ඔලුවෙ තිබුනෙ නැැද්ද?

:       34       41

ravin Thursday, 22 December 2022 04:52 PM

එහෙම කොහොමද? දේශපාලකයන්ගේ හෙංචයියා ලොකුයි... උසස් නිලධාරියාට වැඩිය... බල්ලන්ගේ වැඩේ කරන්න පත්කරලා තියෙන්නේ කවුද? ඇහුම්කන් දෙන්න වෙලා තියෙන්නේ බල්ලා හා බූරුවා කියන දෙන්නම වැඩ නොකරන එක...

:       2       24

Meen Thursday, 22 December 2022 04:58 PM

සම්පූර්ණ පද්ධතියම ඔහු විනාශ කළා. දැන් වැදි බණ කියනවා....!

:       29       31

JagathS Thursday, 22 December 2022 05:26 PM

ගෙවල් ගිණිගත්තාට පස්සේ දේශපාලඥයින් තරමක් දුරට හැදිලා කොහොමත් රාජ්‍ය සේවකයින්ගේ වැරැදි යන්නෙත් දේශපාලුවන් පිටින් තමයි... මෙහෙම වුණු එක හොඳයි..

:       20       10

sunil Thursday, 22 December 2022 05:48 PM

මෙච්චරකල් ජනතා සේවය ගැන බුරුලෙන්ද හිටියේ...?

:       8       26

චන්දිම Thursday, 22 December 2022 06:05 PM

අනේ අපි හරි ආසයි ඔයා තදින් ඉන්නවා බලන්න... ඔය කියන උදවියට මොකද අරයත් ඔයිට වඩා දේවල් කිව්වා නොවැ... අන්තිමේදී මොන සුනඛයෙක්වත් තඹ දොයිතුවකට මායිම් කළේ නැහැ.

:       14       20

kap Thursday, 22 December 2022 06:17 PM

හිටපු බයිලා චක්‍රවර්තිලා ඔක්කොම දැන් මැරිලා නිසා.., දැනට ඉන්න හොඳම බයිලා කාරයින් තමයි. කතාව දෝලාවෙන්, ගමන් පයින්... මේ වගේ පතෝල ජනාධිපති කෙනෙක්ට මොනවත් කරන්න බෑ... පහළ ඉන්න හොරු සෙට් එක විරුද්ධ වෙනවා.. 2/3 හම්බ වෙච්චි එකත් පට්ටෙට අනාගත්තු රටේ මෙයා කොහොමද මේවා කරන්නේ...?

:       22       27

රනිල් රාජපක්ෂ Thursday, 22 December 2022 07:11 PM

මේ අහගන්නවා හලෝ, ලංකාවේ ඉන්න පට්ටම පට්ට හොරු 134 දෙනෙක්ගේ ඡන්දයෙන් මම පත්වුණේ. 2/3 ගත්ත මිනිහා අනාගත්තාට මම එහෙම පතෝලයෙක් නොවෙයි. මම කෙලින් මිනිහෙක්... කෝ ඔය කවුරුවත් මට විරුද්ධව මික් කියනවාද..?

:       3       23

Hafeel Thursday, 22 December 2022 07:37 PM

හිටපු ජනාධිපති ගෝඨාභයත් ආපු ගමන් මෙහෙම තමයි ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියේ මහබැංකු නිලධාරීන්ට දොස් කිව්වා. අවසානයේ අසාර්ථක නායකයෙක් ලෙස ඉතිහාසයට එක්වෙමින්, රටිනුත් පැනලා ගියා. රාජ්‍ය නිලධාරීන්ට දොස් කියන්නට කලින් තමාගේ ඇමැති මණ්ඩලයේ ඉන්න කප්පම්කාරයාට, කොමිස් කාක්කන්ට, දුෂිතයින්ට නීතිය ක්‍රයාත්මක කරන්න. රටේ නායකයා අවංක නම්, රටේ සියලු යාන්ත්‍රණය ඉබේම හරියනවා. ලීක් වාන්, මගදීර් මොහොමඩ්ලා රට හැදුවේ එහෙමයි.

:       4       22

Jagath Thursday, 22 December 2022 08:37 PM

අහගනිල්ලා, කපටි නරියෙක් හූ කියනවා.

:       1       4

CHANDIMA Friday, 23 December 2022 02:44 AM

මොන තරම් තදින් උන්නත් හරියට චන්දයකින් පත්වෙන්කල් කවුරුවත් පිළිගන්නේ නැහැනේ?

:       2       4

Demuni Uduwara Friday, 23 December 2022 05:48 AM

තවත් අපිව රවට්ටන්න එපා! ඔබ ජනතාව විසින් ඡන්දය දුන් ජනාධිපතිවරයෙක් නොවේ ඒ නිසා ගෙදර යන්න.

:       2       4

sharm warn Friday, 23 December 2022 10:09 AM

අවුරුදු 45 ක් කැපවීමෙන් එල්ලිලා උන්නේ මේ උස පුටුවට එන්න.අන්තිමේ දෙයියෝ බලලා මාව මේකට දැම්මා.හැබැයි වල පයයි ගොඩ පය කාලයි.ජනපතිවරණයක් තිබ්බොත් ආයෙමත් සිරිකොතේ භූතයා වෙලා ඉන්න වෙන්නේ.එතකල් ඉතින් බයිලාවක් වත් ගහන්න එපැයි .(මන් පොර ජාතක වස්තුව )

:       3       7

Rata Perata Friday, 23 December 2022 03:47 PM

අහිංසකයෙක්ට වුණත් කේන්ති යන අවස්ථාවක් එනවා. ඒත් මුකුත් කරගන්න බෑ. කයිවාරුව විතරයි. නැතිනම් තදින් ඉඳලා පෙන්වන්නකෝ... රාජපක්ෂලාගේ හොරවැඩවලට...

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 199 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


ගල් බෝර සවි කිරීමට ගිය අයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 113 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 1423 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 3267 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 2116 3

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 1161 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27465 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20000 13

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 392 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1881 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site