IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ජනපති දියවැඩියා විරෝධී පාගමනේ

ලෝක දියවැඩියා දින පාගමන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මුලිකත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් ආරම්භ විණි.

ශරීර සුවතා වල යෙදීමෙන් අනතුරුව ආරම්භ කළ පාගමන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව දක්වා ගමන් කෙරිණි.

“දියවැඩියාව පිළිබඳ අභියෝගය අපේ රටට පමණක් නෙවෙයි මුළු මහත් ලෝකයම මුහුණ දෙන බරපතල අභියෝගයක්.දියවැඩියාව වැලැක්වීම,නිවාරණය සහ මර්ධනය උදෙසා   සෞඛ්‍ය අමාත්‍යංශය සහ දියවැඩියා නිවාරණ සංගමය එක්ව සංවිධානය කළ වැඩසටහන් අගය කළ යුතුයි. අපේ රටේ  සාමාන්‍ය ජනගහනයෙන් 15%ක්  17% ක් පමණ පිරිසක් දියවැඩියාවෙන් පෙලෙනවා“යැයි ජනපතිවරයා එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

DSC_0012

01 DSC_1173 DSC_1192 DSC_1207 DSC_1217 DSC_1218 DSC_1226 DSC_1227 DSC_1248 DSC_1250 DSC_1264 DSC_1281 DSC_1364 DSC_1374 DSC_1384 DSC_1456


 



අදහස් (0)

ජනපති දියවැඩියා විරෝධී පාගමනේ

හේමන්ත Sunday, 13 November 2016 03:14 PM

මේ පින්තූර හරියට බලන්නේවත් නැතුව ලියන දේවල් දැක්කම සමබර නොවූ දේශපාලන විවේචන ගැන දුක හිතෙනවා. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම බැනර් එකක් තියනවා. මේ උත්සවයට වියදම් දීපු ආයතන ඒ බැනර් එකෙන්ම පේනවා. ජනතාව දැනුවත් කිරීමට රටේ නායකයා එන එක නරකයි කියන්නේ කොහොමද? මේ දරුවෝ ඉදිරිපත්කළ චිත්‍ර පෙනෙන්නෙත් නැද්ද? (නි)

:       0       0

සලීම් Sunday, 13 November 2016 03:48 PM

දවසකට පාගමනේ ගිහින් ජාතික සම්පත් විනාස කළාට දියවදියව නැති කරන්නට බැරි බව මේ අයට අවබෝද වනකොට රකුසා අපිව ගිලගෙන හමාර (අ)

:       0       0

රේණුක Sunday, 13 November 2016 05:03 PM

අපේ ජනාධිපතුමා ආයේ ජනාධිපතිවරණයකට ඉල්ලන්නේ නෑ කියනවනේ. මෙහෙම පා ගමන් යන එක හොඳයි. එතකොට අපා ගමන කෙටි වෙයි. (අ)

:       0       0

හසිත Monday, 14 November 2016 09:05 AM

ජනපති පාගමනේ ජනතාව බඩගින්නේ (බ)

:       0       0

හර්ෂ Sunday, 13 November 2016 05:47 PM

ගොඩක් වැඩ පටන්ගන්නවා. හැබැයි පුස්ස බින්ඳා වගේ. ඒ නිසා මිනිස්සු දන්නවා ගොඩක් නාගන්නවා කියලත්. කරපු දේවල් වල හැටියට දැන් ලංකාවේ කුණු නැතිවෙන්න ඕනෑ. එ්ත් රටම කුණු ගඳයි. සංහිඳියාවේ තරමට රටම සාමකාමී වෙන්න ඕනෑ. එ්ත් මුළු රටම අස්ථාවරයි. දුෂණය පිටුදක්ක තරමට රටම හොරකමින් නිදහස් වෙන්න ඕනෑ. එ්ත් කඹ හොරු. අනේ මන්දා...! අපිට දියවැඩියාව නොහැදි තියෙයි මේවා කල්පනා කරනකොට.... (නි)

:       0       0

සුරංගි ද මේල් Sunday, 13 November 2016 06:33 PM

හොඳ වැඩක්. නමුත් ඔතන ඉන්න අහවලාගෙන් දියවැඩියා රෝගය ගැන උපදෙස් ගන්න එපා. එයා දන්නා දියවැඩියාවක් නැහැ. (නි)

:       0       0

දහම් Sunday, 13 November 2016 07:45 PM

බැනර් එකේත් සිංහල දෙවෙනියට! (නි)

:       0       0

උදය රත්නායක Sunday, 13 November 2016 11:05 PM

ජේ ආර් ජයවර්දන පාලන කාලේදී වප් මගුලක් පටන් ගත්ත. එක ඇමති කෙනෙක් සපත්තු දාගෙන කුබුරට බැස්ස. ආර් ප්‍රේමදාස පාලන කාලේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් උපන් දින උත්සව පැවැත්තුවා.එකට කිව්වේ ගම උදව කියල. ගෙවල් ටිකක හදල ඒ වගේ සිය ගුණයක් වියදම් කරලා උත්සව තිබ්බ. දැන් මෙයාලත් එකම තම කරන්නේ. ඔක්කොටම කලින් බදු අඩු කරන්න (අ)

:       0       0

උදය රත්නායක Sunday, 13 November 2016 11:10 PM

එකක් මතක තිය ගන්න . ඔය වගේ සෝබන වැඩ වලට බොහොම ප්‍රසිද්ද කෙනෙක් තමය් ඔබාමා. කටින් බතල හිටව හිටව ඉඳල හිලරිට උදව කරන්න ගිහින් වෙච්ච දෙය දැක්කනේ. මිනිස්සුන්ට දැනෙන දෙයක කරන්න. මිනිස්සුන්ට බයිලා අහල ඇති වෙලා තියෙන්නේ.(අ)

:       0       0

තේජාන්විත Sunday, 13 November 2016 11:53 PM

ප්‍රශ්නයක් නෑ සිනි රුපියල් 2 කින් අඩු කරනේ.(අ)

:       0       0

රාහුල් Sunday, 13 November 2016 11:59 PM

ඔය ටී ෂර්ට් කැප් වලට වියදම් කරන සල්ලි වලින් අර පොලිස්යෙන් පහර කාල ඇස අන්ධ වෙච්ච රණවිරුවාට උදව්වුවක් කරානම් හොඳයි නේද. තවමත් පත්තරේ බලනවනම් දැනගන්න ලැබේවි. (අ)

:       0       0

සසි Monday, 14 November 2016 12:25 AM

ජනාධිපතිතුමා මොකක්ද අර අත් දෙක විදහලා පෙන්නන්නේ (අ)

:       0       0

සිසි Monday, 14 November 2016 12:27 AM

රට රවටන බොරු සෝබන; රටට වැඩ කරලා පෙන්නුවොත් හොඳයි ඔය ඇස් බැඳුම් පැත්තක දාලා.පරාජිතත් ඔය ළඟටම වෙලා ඉන්නේ.(අ)

:       0       0

සජී Tuesday, 15 November 2016 06:55 AM

මංජුල, ලංකාවේ මිනිස්සු 60%කටම සිංහල තේර‍ැනේ නැහැනේ (නි)

:       0       0

ලලිත් Monday, 14 November 2016 12:42 AM

පෙළපාලියට නම් දියවැඩියාව බයවෙන එකක් නැහැ. සමහරවිට සත්‍යග්‍රහයක්වත් කළොත්? (නි)

:       0       0

රණතුංග Sunday, 13 November 2016 06:32 AM

මෙහෙම වැඩ කර කර ඉඳලා රටට මොනවා වෙයිද? (නි)

:       0       0

චන්ද්‍රවිමල හිමි Sunday, 13 November 2016 06:35 AM

මෙහෙම වැඩ වලට කෝටි ගණන් නිකරුනේ සල්ලි වියදම් නොකර, අහිංසක මිනිසුන්ට සහන සළසන්න. ටීෂර්ට් වලටයි සපත්තු වලටයි වියදම් කළේ ගෙදරින් ගෙනල්ලද? නරේන්ද්‍ර මෝඩිලා නිල ඇඳුම් වලට වියදම් කළේ නැහැ කිසිම දවසක. අනික බදු ගහල රටක් ගෙනියනවා නම්, මොකට ද රටේ සම්පත් කාබාසිනියා කරන පුහු ඇමති මණ්ඩලයක් සමඟ හිස් මන්ත්‍රීවරු පිරිසක්? (නි)

:       0       0

කසුන් Sunday, 13 November 2016 06:42 AM

හිලරිගේ පරාජය මහින්ද මහතාගේ පරාජයක් ලෙස පෙන්වාදීම එතරම් සාධාරන නැහැ (නි)

:       0       0

රොමේෂ් Sunday, 13 November 2016 06:50 AM

ගිය වසරේ අයවැයෙන් සීනි මිල වැඩිකළා දියවැඩියාව මැඩපවත්වන්න කියලා. කට්ටියට මතකද දන්නේ නැහැ. මේ අයවැයෙන් සීනි මිල අඩුකළේ දියවැඩියාව වැඩිවෙන්නද? (නි)

:       0       0

රජින්ද Sunday, 13 November 2016 06:55 AM

ලංකාවේ ඉන්නා හැම නරකක්ම ඉවසන මිනිස්සු නිසා මේ රටේ මේ වැරදි ක්‍රමය හදන්න බැහැ. මිනිස්සු හැමදාම හිතන්නේ තමුන් දුක් විඳින්නේ තමුන්ගේ පව නිසා කියලයි. රටේ නායකයින් අපට අරක-මේක කරන්න කියන්න ඕනෑ නැහැ ඒ ක්‍රමය ඇතිකළා නම්. දැන් වැඩ ඔක්කොම වෙන්නේ අාත්මාර්ථකාමීව බලය රැකගන්න විතරයි. (නි)

:       0       0

දහම් Sunday, 13 November 2016 06:58 AM

දියවැඩියාව වැළඳීමට ප්‍රධානම හේතුව බඩෙහි වටප්‍රමාණය, ඉණෙහි වටප්‍රමාණයට වඩා වැඩිවීමය. මේ අනුව මේ බොහෝ දෙනාටම එය වැළඳීමේ සම්භාවිතාව ඉතා වැඩිය. (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 13 November 2016 07:00 AM

දැන් නැටුවා ඇති. ආණ්ඩුව අකුලාගෙන ගෙදර යන්න දැන්. හැමදේකටම බදු වැඩි කර කර තවත් නැටුම් වලට නිකරුනේ වියදම් කරනවා. ඔය හැටි කැක්කුමක් තියෙනවා නම් දියවැඩියා රෝගීන් ගැන, තව රෝහලක් හදන්න. පාර දිගේ ඇවිද්දාම ලෙඩ හොඳ වෙන්නේ නැහැ. (නි)

:       0       0

මොරවක Sunday, 13 November 2016 07:03 AM

දැන් දියවැඩියාව බයවෙලා පළායයි (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 13 November 2016 07:05 AM

මේ ඔක්කොම එකයි. මේවා දැකලා අපේ ඇ‍ඟේ සීනි වැඩිවෙනවා (නි)

:       0       0

උපේක Sunday, 13 November 2016 07:05 AM

ඔව් ඉතින් එයාලට අපිට ‍වගේ එදා වේල හොයාගන්න එක ගැන හිතන්න ඕනෑද? (නි)

:       0       0

දයාල් Sunday, 13 November 2016 07:16 AM

මිනිස්සු අද කාලේ හරිම බුද්ධිමත් (නි)

:       0       0

සත්‍යයා Monday, 14 November 2016 02:10 AM

බැලූ බැල්මට හොඳ වැඩක් වගේ පෙනුනත්, දේශපාලකයන්ගේ මෙවැනි ශෝභන වැඩ දැකලා මිනිසුන්ගේ මනසට නැඟෙන එකම පින්තූරය මාධ්‍යය සංදර්ශනයි. මම අභියෝග කරනවා හැකිනම් එකම මාධ්‍යය ආයතනයකටවත් එන්න නොකියා එසේත් නැත්නම් කිසිම ඡායාරූපයක් මේ සම්බන්ධයෙන් පළකරන්න එපා කියලා මේ කටයුත්ත කර පෙන්වන්න කියා. (නි)

:       0       0

සෝමසිරි Sunday, 13 November 2016 07:25 AM

මෙපමණ වැඩ තියෙන ජනාධිපතිතුමා මේ වගේ වැදගත් දෙයකට පැයක් හරි වෙන් කළ එක කොච්චර හොඳද. රණතුංගලට ඕවා තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සුරනිමල Sunday, 13 November 2016 07:35 AM

චන්ද්‍රවිමල හිමි හරියටම හරි. යහපත් කටයුත්තක් කරනවා නම් ටී ෂර්ට් ඇඳගෙන ටීවී ඉස්සරහා වැඩ දාන්න ඕනෑ නැහැ. පරිසරය ඇතුළුව මුළු රටේම වෙන හානිය පත්තරයකින්වත් දකින්නේ නැති අපේ බලධාරියෝ හැමදාම කළේ මේ වගේ වැඩ තමයි (නි)

:       0       0

නිශාන්ත Sunday, 13 November 2016 07:59 AM

මේ මොනවද අනේ මේ කරන්නේ? අපි මෙහේ බදු ගෙවාගන්න බැරුව හූල්ලනවා (නි)

:       0       0

ඉමාක් Sunday, 13 November 2016 08:01 AM

හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)

:       0       0

චාමර Sunday, 13 November 2016 08:04 AM

මේවා නිසා දියවැඩියාව හොඳ කරන්න පුළුවන් නම් ඉතින් බෙහෙත් අවශ්‍ය නැහැ. ටී ෂර්ට්, කැප්, සපත්තු, ප්‍රවාහන වියදම්, කාල නාස්තිය, ප්‍රචාරක වියදම්, හයිඩ්‍රජන් බැලුම් බෝල, සියල්ලම දුප්පත් ජනතාවගේ බදු මුදලින් ගෙවමු. අලුත් බජට් එකෙන් ජලයට අය කරන මුදලින් පසුව ඡන්දය දීපු කොළඹ ජනතාවට තේරුම් යාවි දියවැඩියාව කොහොමද කියලා. (නි)

:       0       0

ගුණසිරි Sunday, 13 November 2016 08:08 AM

පින්වත් ජනපතිතුමනි, මනුස්සයාට වැළ‍ඳෙන සියලු රෝගත් හරි, මේ රෝගේත් හරි. මෙයට නම් කඩිනම් විසඳුමක් ඕනෑ. බෙහෙත් වියදම් දරන්න බැහැ. අපේ දිරිය දූ පුතුන් සියලු පරීක්ෂණ ආයතනවල සිටින අය දිරිගන්වන්න. ලෝකයටම අවැසි දේ අපි සොයමු. (නි)

:       0       0

ටෙරන්ස් Sunday, 13 November 2016 08:37 AM

මෙතුමා කියන විදිහට දැන් මේ ලෙඩේ නැතිවෙයි එහෙනම් (නි)

:       0       0

දහම් Sunday, 13 November 2016 08:49 AM

බඩවල් අඩුකරගත්තේ නැත්නම් දියවැඩියාව හැදෙන්න ඉඩ තිබේ (නි)

:       0       0

ඉන්දික Sunday, 13 November 2016 08:50 AM

අනේ ජනපතිතුමනි, ඕක ඉවරවෙලා ගෙදර යන ගමන් ඉස්පිරිතාල වල ඇති අධි සීනි නෙස්කැපේ ටිකත් තහනම් කරගෙන යන්නකෝ (නි)

:       0       0

මංජුල Sunday, 13 November 2016 09:09 AM

ලංකාවේ සිංහල භාෂාවට තියන තැන දියවැඩියාවට වඩා අඩු තැනක කියලයි මේ බැනර් දකිද්දී මටනම් හිතෙන්නේ. මිනිසුන්ට තෙරුන්ගන්න තරම් ජාතික භාෂාවක් රටට නැහැ වගේ. ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් භාෂාවක් තියෙනවනම් මිනිසුන්ගේ දියවදියාවත් අඩුවෙයි.(හේ)

:       0       0

බණ්ඩාර Monday, 14 November 2016 03:38 AM

මීට වඩා අර ලස්සනට හදපු ඇවිදින මංතීරු ටික ( දියත් උයන , කිඹුලාවල,නාවල ,බෙල්ලන්විල ) නිසි පරිදි නඩත්තු කරොත් හොදයි,එවිට මහජනතාවට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් , මෙවැනි මාධ්‍යය සංදර්ශන වලින් තවදුරටත් යහපාලන ආණ්ඩුව අපකිර්තියට පත්වේවි.(හේ)

:       0       0

චාමික Sunday, 13 November 2016 09:19 AM

හොද වැඩක්.(හේ)

:       0       0

රොහාන් Monday, 14 November 2016 03:41 AM

අනේ මන්දා මේවා දකිනකොට අපිට හිනායන්නේ ඇයි කියලා (නි)

:       0       0

චන්න බුවනක Sunday, 13 November 2016 09:31 AM

සෑම නගරයකම වාගේ දියවැඩියා පරීක්ෂණ ආයතනයක් පිහිටුවනවා නම් එමගින් අනෙක් රෝග වලට ගොදුරු වීම අවම වෙනවා. වැඩි හරියක් ජනතාව තමුන්ගේ ඇඟේ ලේ වල තිබෙන සීනි ප්‍රමාණය දන්නේ නැහැ.(හේ)

:       0       0

රෝයි Sunday, 13 November 2016 10:40 AM

පසුගිය රජයට පින්සිද්ධ වෙන්න දැන් ඔක්කොටම එළියට එන්න පුළුවන් (නි)

:       0       0

චන්දා Sunday, 13 November 2016 10:45 AM

මේ යහපාලන ප්‍රෝඩාව අනුමත කරමින් ඡන්දය දුන් බහුතර ලක්වැසි නුඹ දැන් විඳවන්න! (නි)

:       0       0

දසුන් Sunday, 13 November 2016 10:55 AM

බොරු සෝබන දාන්නේ නැතුව රටේ මිනිසුන්ට තියෙන ජීවන බර අඩු කරන වැඩක් කරන්න. (නි)

:       0       0

යෙනුර Sunday, 13 November 2016 10:56 AM

මේවා කරලා පුළුවන්ද මහත්තයෝ දියවැඩියාව නවත්වන්න (නි)

:       0       0

රමණි Sunday, 13 November 2016 10:56 AM

සාධාරණ විරෝධතාවක් වෙන්න ඇති. (නි)

:       0       0

ජයන්ත Sunday, 13 November 2016 11:44 AM

අයවැයෙන් හැම පැත්තෙනම බදු ගහලා මේ වාගේ වැඩ කරලා හරියන්නේ නැහැ. මේ පා ගමනේ යන මහත්වරුන්ගේ බඩවල් දිහා බලලා හිතාගන්න පුලුවන් වැඩෙ සාර්ථකකම (නි)

:       0       0

සුනිල් Sunday, 13 November 2016 11:48 AM

චාමරගෙ කියමන ගොඩක් හොඳයි (නි)

:       0       0

යෝනක Sunday, 13 November 2016 11:53 AM

ජනපතිතුමනි, ඔබට ජය! (නි)

:       0       0

කේ.තිස්ස Sunday, 13 November 2016 12:33 PM

ජනාධිපතිතුමා තමන්ට කරන්න පුළුවන් උපරිම කැපවීම කළත් මිනිස්සු බනිනවා (නි)

:       0       0

කපිල Sunday, 13 November 2016 12:33 PM

තමන් සීනි කකා, ජනාධිපතිට බනින රටක් මේක. කට පරිස්සම් කරගන්න. ඕනෑම පා ගමනකට අදාළ ටී ෂර්ට් එකක් හදනවා. එ්ක නැවත දකින්න දකින්න මිනිසුන්ට මතක් වෙනවා සීනි වල පළවිපාක (නි)

:       0       0

රණවීර Sunday, 13 November 2016 12:39 PM

කරන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද? අහිංසක මිනිසුන්ගේ සල්ලි නිකරුනේ විනාශ කරනවා (නි)

:       0       0

සංජය Sunday, 13 November 2016 01:08 PM

අයවැයෙන් සීනි මිල අඩුකරපු බව ජනපතිතුමා දන්නේ නැතුවාවත්ද? (නි)

:       0       0

පද්මිණි Sunday, 13 November 2016 01:13 PM

ගම් මට්ටමින් දියවැඩියා රෝගය ගැන ජනතාව දැනුවත් කරන්න. හරියටම දියවැඩියාවට ලක්වුණාද බලන්න නම් පසුගිය මාස 3 කාලයේ රුධිරයේ සීනි මට්ටම පරික්ෂා කරන රසයනාගාරයකින් කරන පරීක්ෂණය කළයුතු වෙනවා. මේ ගැන බොහෝ දෙනා දන්නෙත් නැහැ. මුදල් ගෙවන්න නොහැකි දුප්පත් අය සඳහා මෙම පරීක්ෂණය නොමිලේ ලබාදෙන්න. ජනපතිතුමනි, ඔබට ලොකු පිනක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 518 1

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 534 1

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 251 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 335 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 828 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 259 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39917 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 169 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site