IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ජනපති දියවන්නා දින 10000 කැළණියේ සමරයි

මෛත්‍රිපාල සිරිසේන ජනපති පාර්ලිමේන්තුවට පැමිණ දින දසදහසක් ගතවීම සමරමින් ජනමාධ්‍ය අමාත්‍යංශය සංවිධානය කල පිංකමක්  ඵෛතිහාසික කැළණි රජමහා විහාරයේ දැන් පැවැත්වේ.

බෝධි වන්දනා බුද්ධ පූජා ඇතුලු පිංකම් රැසකට ජනාධිපතිවරයා සහභාගී වී සිටී.

කැළණි රජමහා විහාරාධිපති මහාචාර්‍ය මහින්ද සංඝරක්ඛිත හිමියෝ ආගමික වතාවත් සිදුකරති.

0-02-01-8fdd6ccc62303e930ce7b992c71cbcb49532ecda3cccdb73973ee594791457e1_full 0-02-01-54ae29f2fa597c21fe5ef46c8b0377ed7aa64910c9a169dda56b5b67da30c554_full 0-02-01-194308ad7c045fa0a96e3adc09bb1c0f5970ae58818f5eae0aa34e721c47c3ae_full

ඡායාරූප - ශාන්ත රත්නායක

7177 7251 7288  

ඡායාරූප - ලාල් එස් කුමාර

වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

ජනපති දියවන්නා දින 10000 කැළණියේ සමරයි

බාලසුරිය Wednesday, 03 August 2016 04:07 AM

පෙරේරා, මොකක්ද මේ අගනා පිංකම කියලා පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද? කාටද පින, අපිටද?(ම)

:       0       0

ජයසුමන Tuesday, 02 August 2016 10:26 PM

දින 10000යි. නමුත් වැඩ 10 ක්වත් නැහැනේ (නි)

:       0       0

කරු Tuesday, 02 August 2016 10:32 PM

සමහර අයගේ මුහුණු දකිනවිට මට දැනෙන්නේ හරිම කළකිරීමක් (නි)

:       0       0

හේරත් Tuesday, 02 August 2016 10:46 PM

දින 10000යි. වචන කෝටි ගණනින්, වැඩ දශම ගණනින්, මහින්දට බැනුම් ප්‍රකෝටි ගණනින්, රට සවාරි සිය ගණනින්... දින 10000 ට කළ දේ ලෙස අපි දකින්නේ එලෙසයි (නි)

:       0       0

සේනාධීර Tuesday, 02 August 2016 10:42 PM

දැන්නම් හැමෝම ඉතාමත් සිල්වත් (නි)

:       0       0

රඛිත Wednesday, 03 August 2016 04:45 AM

කට්ටියම ටිකක් සෙලවිලා තියෙනවා පා ගමනට පස්සේ (ම)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 02 August 2016 10:55 PM

නිදහසින් පසු ගහ මරාගත් පක්ෂ දෙකක්, පාට දෙකක් එක පෙළට වාඩිවෙලා බුදුන් වඳිනවා. මේක තමයි සංහිඳියාව. මේක තමයි යහපාලනය. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 03 August 2016 05:09 AM

වික්‍රම බඩ නිකන් පිරෙන්නේ නැහැ. රැකියාවක් කරන්න නිකන් පිනට දෙනකම් බලන්නේ නැතිව නිකන් කන්න් උපන් හපන්නු ඉන්නේ ලංකාවේ. (බ)

:       0       0

පෙරේරා Wednesday, 03 August 2016 12:53 AM

ඉතා අගනා පින්කමක්. (නි)

:       0       0

ආර්. වික්‍රම Wednesday, 03 August 2016 01:31 AM

පිටබැද්දර ජයා, එතකොට සාමාන්‍ය ජනතාව වූ අපේ බඩ පිරෙනවද? (නි)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 03 August 2016 01:55 AM

මේ වගේ දේවල් සැමරිය යුතුද? මම මේ දැනගන්නයි අහන්නේ (නි)

:       0       0

මහාදේව Wednesday, 03 August 2016 06:30 AM

දින 10,000 පුරා කරපු සියල්ල බල රහිත වෙයි, ජාත්‍යන්තර අධිකරණය ඇතුළු බටහිරට ආවඩන අයට ඕනේ දේවල් සියල්ල අනුමත කළොත් (බ)

:       0       0

සඳරුවන් Wednesday, 03 August 2016 02:10 AM

ඔහොමම දින 10000 ට කරපු වැඩ ටිකත් කට්ටිය මතක් කරගත්තොත් නරකද? (නි)

:       0       0

රණසිංහ Wednesday, 03 August 2016 02:11 AM

අපේ සරල ජනාධිපතිගේ තියෙන්නේ සරල වැඩ. (නි)

:       0       0

පත්ම බන්දු Wednesday, 03 August 2016 02:33 AM

අරයා නම් මේ වගේ දෙයකට කොච්චර වියදම් කරයිද? (නි)

:       0       0

චතුරි Wednesday, 03 August 2016 02:40 AM

මහින්ද අවුරුදු අටයි. රටේ දේපල බාගයක්ම එයාගේ පවුලේ නමට. රටේ මුදලින් හදපු හැම ගොඩනැගිල්ලක්ම එයාගේ නමට. රටේ පන්සල් බාගයක්ම වැඩ කරන්නේ. එයාගේ අණට. ජනපති මෛත්‍රී කරන්නේ සේවය පටන්ගත් කාලයට පින්කමක්. මහින්ද පන්සලට ගිහින් ඉඳගන්නෙත් පුටු උඩ. බලන්න වෙනස! (නි)

:       0       0

දහම් Wednesday, 03 August 2016 02:45 AM

දින දසදහසක් ගතවුවත් රටට කර ඇති වැඩක් මොනවාද? (නි)

:       0       0

ප්‍රියාන් Wednesday, 03 August 2016 02:53 AM

කරන්න දේවල් නැතුවට අනවශ්‍ය දේවල් හොය හොයා උත්සව තියනවා. අරයට වැඩිය සෙනඟ ගෙන්න ගන්න පුළුවන් විදියක් තමයි දැන් බලන්නේ. නැතුව ඇති දෙයක් නැහැ. ඕකෙන් ජනතාවට වෙන දෙයක් තියෙනවද? සේරම දේවල් කැමරාව ඉස්සරහ තමයි. ඡන්දයක් ආවහම බලාගන්න පුළුවන් දෙගොල්ලන්ගේ සංහිඳියාව. යහපාලනය. (නි)

:       0       0

ඇසළ Wednesday, 03 August 2016 03:00 AM

පත්ම බන්දු, ‘අරයා‘ කොච්චර වියදම් කළත් රටට වැඩක් කරලා ඒක කළේ. යුද්ධය ඉවරකළා, රට සංවර්ධනය කළා. මේවා මොකුත් නොකර අවුරුදු 1,1/2 තිස්සේ කරන්න බලාපොරොත්තු වෙනවා කියන, සියගානක් ඇමතිවරු ඉන්න, කිසිම වැඩක් නොකරන, උතුරට පෙඩරල් දෙන්න හදන, ජාතික ගීය කෑ, සංහිඳියාව කියලා බුදු දහමට තැනක් නැති, රටවැසියාට ඇතිවෙන්න බදු ගහන, සැමට කාර් දෙනවා කියපු, රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපට වැඩේ දුන්න, ගිය ආණ්ඩුව අවුරුදු 8ට ගත් ණය වගේ දෙගුණයක් මේ අවුරුදු 1,1/2 ට ගත් ආණ්ඩුවක වැඩ??? (නි)

:       0       0

ජයරත්න Wednesday, 03 August 2016 03:00 AM

උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත්ව් කැලණියේ. එය කවියක් පමනක් බව වටහා ගත්තොත් හොදයි. (ර)

:       0       0

යෙනුර Wednesday, 03 August 2016 03:10 AM

සමරන්න ඕනි උනාම මොකක් හරි එකක් හොයාගන්නවා. එකත් හරියට බොන මිනිහ හවස් වෙනකොට බොන්න බොන්න හේතුවක් හොයාගන්නවා වගේ. ඕකම පැය ගානට, තත්පර ගනනට පෙරලලා සමරයිද දන්නේ නැහැ. (ර)

:       0       0

ජයරත්න Wednesday, 03 August 2016 03:12 AM

මේ චතුරිලා වගේ අය හරියට ගිරව් වගේ. කවුරු හරි කියාදීපු දෙයක් හරි කොහෙන් හරි ඇහුනු දෙයක් හරි ඔහේ කියවනව. තේරුමක් දන්නෙ නැහැ. පදනමක් නැහැ. හැමදාම එකම කතාව. නිකම්ම නිකම් සම්ප්‍රප් ප්‍රලාප. (ර)

:       0       0

සංජීව Wednesday, 03 August 2016 03:19 AM

දින 10000 ට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නැහැ, රට ඉවරයි (බ)

:       0       0

ගයාන් Wednesday, 03 August 2016 03:23 AM

සිරි මෙයා වසර ගණනක් රජයේ ඇමතිවරයෙක් වශයෙන් කළේ මොනවද ?මහින්ද කොරන්න දුන්නේ නැතිලු .ඉතින් දැන් කරලා පෙන්නනවකෝ ,බලතල තිබෙද්දී .දැන් හදන්නේ ඇමරිකන් සල්ලි අරගෙන සිංහලයට විජ්ජා පෙන්නලා රට අස්ථාවර කරන්න .2020 වෙනකම් හිටියොත් බලන්න වනදේ. (බ)

:       0       0

ජයරත්න Wednesday, 03 August 2016 03:23 AM

ඇසල ඔබ හරියටම හරි. සත්‍යය ජයග්‍රහණය කරවීම උදෙසා අදහස් ප්‍රකාශ කිරීම අගයමි. (බ)

:       0       0

සත්‍යපාල Tuesday, 02 August 2016 04:18 PM

ජයවර්ධන මේක පිංකමක් (අ)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 03 August 2016 03:30 AM

අපි කවුරුත් මතක තියා ගන්න ඕනෑ, වැරදි කරපු නිසා අපිත් කරාට කමක් නැහැ කියා. නමුත් ජනතාව එවැනි දෙයකට කැමැති නැහැ.(ම)

:       0       0

අතුරා Wednesday, 03 August 2016 03:34 AM

සංවර්ධනය කියන්නේ ගොඩනැගිලි විතරමද? (ම)

:       0       0

එරන්ද Wednesday, 03 August 2016 03:53 AM

රටේ සල්ලි විනාස කරන, මිනිස්සු රැවට්ටන වැඩ, උන්ට වැඩකුත් නැහැ මේකෙන්, අපිට වැඩකුත් නැහැ මේකෙන්. බොරුවෙන් රට කරන , කටින් බතල කොළ හිටවන, රට පාවාදෙන, සිංහලය විනාශ කරන, ඉන්දියාවට ඕනේ ලෙස රටේ තීරණ ගන්න අමන මෝඩ රැලක් (ම)

:       0       0

විද්‍යා Tuesday, 02 August 2016 08:07 PM

මේ ඔක්කොටම පොලිසේ ආරක්ෂාව සපයන්න කොච්චර වියදම් වෙන්න ඇද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 204 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 395 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 760 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 883 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 675 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 633 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site