IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ජනපති දෙවැනි කණ්ඩායම නවත්වයි

මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රින් හතලිස්දෙනෙකු රුසියාවේ සංචාරයට යෑම ජනපති අනින් නතර කරන බව නිලූකා ඒකනායක ආණ්ඩුකාරවරිය කියන්නීය.

එහි මුල් කණ්ඩායමේ මන්ත්‍රින් තිස්දෙනෙක් රුසියා යෑමට දැනටමත් කටුනායක ගුවන් තොටට ගොස් සිටී. මෛත්‍රිපාල ජනපති නිව්යෝර්ක් නුවර සිට කොළඹට පැමිණි වහාම තමාට කතා කොට දොස් කිව් බව ආණ්ඩුකාරවරිය කියන්නීය. මෙම ගමන ගැන තමාට නොකීවේ මන්දැයි ජනපති ආණ්ඩුකාරවරියගෙන් විමසා ඇත.

ඇය පවසා ඇත්තේ ජනපතිගේ අවසරය වාචිකව ලැබුනු බවට මධ්‍යම පළාත් මහ ඇමති ලිඛිතව තමාට දැනුම් දුන් නිසා තම අනුමැතියද ඊට ලබාදුන් බවයි.

දැනට ගුවන්තොටට ගොස් සිටින මුල් කණ්ඩායමේ චාරිකාව නතර නොකරන ලෙසටත් දෙවැනි කණ්ඩායමේ ගමන නතතර කරන ලෙසටත් මින් පසුව චාරිකා සඳහා අවසර නොදෙන බවත් තමාට දැනුම් දුන් බව නිලුකා ඒකනායක ආණ්ඩුකාරවරිය පවසන්නීය.

මධ්‍යම පළාත් සභාව මුදල් අර්බුදයකටද මැදිව සිටී

web25-09-2016-_____-___-________-___-1 web25-09-2016-_____-___-________-___-2

Commonwealth Service At Westminster Abbey ccbb02be1d3607f85e850500e0702edc_L

 



අදහස් (0)

ජනපති දෙවැනි කණ්ඩායම නවත්වයි

ජනහිත Tuesday, 27 September 2016 02:05 AM

ඒ ගිය වියදම අයකර ගැනීමට විගණනයේදී නිර්දේශ කළයුතුයි. මොනදේකට වුණත් නීති රෙගුලාසි හා සම්ප්‍රදායන් තියනවා. ඒවා අනුගමණය නොකරන අයට දඬුවම් කළයුතුයි (නි)

:       0       0

උපේන්ද්‍ර Tuesday, 27 September 2016 02:16 AM

ඔය ඇමෙරිකාව එංගලන්තේ වගේ රට වලට ගියාට කමක් නැහැ. හැබැයි රුසියාවට චීනෙට එහෙම ගියොත් ඇමෙරිකාව තරහවෙයි (නි)

:       0       0

ප්‍රියතිලක Tuesday, 27 September 2016 02:31 AM

ප්‍රතිපත්තියක් නැති රටක් මේක. (නි)

:       0       0

සුමුදු Tuesday, 27 September 2016 02:34 AM

ඉතින් මේ අය ආයෙත් මජනතව පත්කර ගන්නවා. ඉතින් ජනතා කැමැත්ත ඇතුවයි මේ අය යන්නේ. මහජන මුදල් කියා දෙයක් තියෙනවද? මම නම් දන්නේ නැහැ. අපි හිතන්නේ ඒ සල්ලි රට කරන අයට අයිතියි කියලා (නි)

:       0       0

මුණසිංහ Tuesday, 27 September 2016 02:46 AM

මුලින් ගිය කට්ටිය ආණ්ඩුවේ අයද? (නි)

:       0       0

අසේල Tuesday, 27 September 2016 02:49 AM

කොහොම වුණත් මේ අයට මහජන මුදල් අවභාවිතය යටතේ නඩුවක් නම් දාන්නම ඕනෑ (නි)

:       0       0

සුනිමල් Tuesday, 27 September 2016 08:38 AM

අය-වැය පරතරය පියවන්න මුදල් නැතිවුණාට දේශපාලකයන් රට යාම / කාර් ගෙන්වීම /දීමනා වැඩි කරගැනීම් වලින් නම් අඩුවක් නැහැ. (නි)

:       0       0

කුමාරි Tuesday, 27 September 2016 08:55 AM

ඔතන ඉන්නවා ගියපාරත් ගිහින් පස්ස බිම ඇනගත්තු අය. (බ)

:       0       0

රාධා Tuesday, 27 September 2016 03:17 AM

මේගොල්ලෝ යන්නෙම එකම වගේ රටවලටමනේ? (නි)

:       0       0

සිසිර Tuesday, 27 September 2016 03:18 AM

අපේ ඡන්දෙන් ගිහින් දැන් දෙගොල්ලෝ දෙගොල්ලන්ගේම පිට කහගන්නවා වගේ නේද පේන්න තියෙන්නේ. (නි)

:       0       0

යමුනා Tuesday, 27 September 2016 03:21 AM

දුප්පත් මිනිසුන්ගේ බත්පතින් ගහන ටැක්ස් මුදල් මේ වගේ දේවලට යොදවන එක කණගාටුවට කරුණක් (නි)

:       0       0

සජී Tuesday, 27 September 2016 03:45 AM

පත්තරෙන් දැකලා නෙමෙයිනේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 27 September 2016 03:57 AM

මෙතන තියෙන්නේ රට මොකක්ද කියන ප්‍රශ්නයක් නොවෙයි. අපේ ජාතික ධනය පිළිබඳ ප්‍රශ්නයක් (නි)

:       0       0

හර්ෂ Tuesday, 27 September 2016 04:01 AM

ජනපති රටේ සිද්ධවෙන කිසිම දෙයක් දන්නේ නැහැ. දැන් නම් හරිම සනීපයි යහපාලනේ අපිට (නි)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 27 September 2016 09:50 AM

මහ ඇමති ජනාධිපතිව ගොනාට අන්දලාද ? ජනාධිපති රටේ ජනතාව ගොනාට අන්දනවද එක කණ්ඩායමකට යන්න දීල ? (බ)

:       0       0

තුෂාර ධනංජය Tuesday, 27 September 2016 04:36 AM

රටකට වෙන්න යන විපත ගැන ආයේ වෙන මොනා උදාහරණද .(බ)

:       0       0

ලහිරු Tuesday, 27 September 2016 04:42 AM

අර දෙවෙනි කණ්ඩායම පවු නේද ? ඕක තමා කියන්නේ අපායට ගියත් කලින් යන්න ඕන කියල. (බ)

:       0       0

සුරංග Tuesday, 27 September 2016 05:09 AM

රටේ ජනතාවගේ බදු මුදල් තමන්ට ඕනෑ විදියට භාවිතා කළ නොහැකි බව මේ අයට කියාදිය යුතුය. (නි)

:       0       0

කුමාර Tuesday, 27 September 2016 05:22 AM

අන්න යහපාලනය! (නි)

:       0       0

මහින්ද Tuesday, 27 September 2016 05:51 AM

අපායට ගියත් කලින් යන්න කියන්නේ ඒක තමයි (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 27 September 2016 06:00 AM

අපේ පාර්ලිමේන්තුවේ කවදාවත් ගුවනින් ගිහින් නැති මන්ත්‍රීලා හුඟක් ඇති. මේ අයව කණ්ඩායම් වශයෙන් අපේ ගුවන් යානාවකින් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව තුළ අපේම රට පෙන්වනවා නම් ඒ අයට කෙරෙන ඉතා හොඳ සැළකීමක් වෙනවා. (නි)

:       0       0

කමල් Tuesday, 27 September 2016 11:33 AM

ඔය කට්ටිය මේ අවුරුද්දේ ජනවාරි මාසේ සිංගපුරුවට ආව. කරපු වැඩක් නෑ. ෂොපින් ගියා. එක්කෙනෙක් සුමානයක් හිරෙත් හිටයා. වෙන කරපු දෙයක් වත් , අධ්‍යනය කරපු දෙයක් වත් නෑ. මේ අවුරුද්දෙ දෙවැනි ට්‍රිප් එක ඔය. (අ)

:       0       0

දහම් Tuesday, 27 September 2016 11:55 AM

ගුවන්තොටට ගිහිල්ල හිටපු එවුන් ආපහු ගෙනෙන්න බැරි මොකද. (බ)

:       0       0

අමිල Tuesday, 27 September 2016 07:04 AM

ඕකත් පත්තරෙන්නෙ දැක්කේ ඒකනේ ඵක කණ්ඩායමක් යනකල්ම දන්නැත්තේ (බ)

:       0       0

සමන් Tuesday, 27 September 2016 12:03 PM

රටේ භාණ්ඩාගාරේ හිදිලා මිනිස්සුන්ට බදු ගෙවල වැලේ වැල් නැතුව ඉන්න රටේ ජනාධිපති, අගමැති, ඇමතිලා අවුරුද්ද පුරා ලෝකේ වටේ සවාරි යන රටක ඊට පහලින් ඉන්න අයත් යන්නේ තමන්ගේ ලොක්කෝ යන අඩි පාරේම තමා (බ)

:       0       0

අසේල Tuesday, 27 September 2016 12:11 PM

විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් කතාකරනකොට මතක් වුනේ... එතකොට අර කවුද මේකට වාචික අනුමැතියක් දීල තියෙන්නේ....? ආනන්ද මන් මේ දන්නේ නැති නිසා ඔයාගෙන් ඇහුවේ...(බ)

:       0       0

ආනන්ද Monday, 26 September 2016 06:28 PM

ජනපතිතුමා ගැන ආඩම්බරයි (නි)

:       0       0

කේන්දරගම Monday, 26 September 2016 06:31 PM

නාස්තිය, මහජන මුදල්... (නි)

:       0       0

පොල්කොටුව Tuesday, 27 September 2016 07:20 AM

පළවෙනි කණ්ඩායම කොහොමහරි ගිහින්නේ!

:       0       0

බන්දුල Monday, 26 September 2016 06:34 PM

මධ්‍යම පළාත් සභාව දැඩි මූල්‍යය අර්බුදයක පවතින අවස්ථාවක මහජන නියෝජිතයින් මෙවැනි සංචාරයක නිරතවීම අනුමත කළ නොහැකියි (නි)

:       0       0

රන්ජන් Monday, 26 September 2016 07:24 PM

හොඳ වැඩක්. මේ ගමන් බිමන් තමන්ගේ මුදල් වලින් කරනවා නම් එක්කෙනක්වත් යන්නේ නැහැ. නිකම් දෙනවා නම් හිසරදෙත් ගන්න අපිට හොඳ පාඩමක්. මේ වගේ මැති ඇමතිවරුන්ගේ ගමන් බිමන් වගේම මිලියන්සිය ගණන් වියදම්කර ගන්න නානාප්‍රකාර වාහනත් නතරකර හැම කෙනෙකුටම එකම වහනයක් ලබා දුන්නම හරියටම හරි. මාධ්‍යම පන්තියේ වාහන වලිනුත් ගමන් බිමන් යන්න බැරි නැහැනේ. (නි)

:       0       0

කුමාර Monday, 26 September 2016 07:27 PM

කොහොමහරි අවශ්‍ය අය යන්න ඇති සැළසුම්කළ පරිදිම (නි)

:       0       0

අරවින්ද Monday, 26 September 2016 07:31 PM

මේ විදේශීය සංචාර වලට වැයවන්නේ මහජන බදු මුදල්. එමනිසා මේ විදේශීය සංචාර වලින් මහජනයාට ලැබෙන සෙත කුමක්ද කියා රජය විසින් පැවසීම රජයේ යුතුකමයි. අද රටේ එදිනෙදා කටයුතු කරගෙන යාමට පවා විදේශයෙන් ණය ගැනීමට සිදුව තිබෙනවා. මෙවන් තත්වයක් යටතේ මෙවැනි විදේශීය සංචාර වලට යන වියදම් සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතුයි (නි)

:       0       0

හැරිස් Tuesday, 27 September 2016 07:27 AM

මේ අය යවන්න තිබුනේ සයිබිරියාවට.

:       0       0

දේව් Monday, 26 September 2016 08:27 PM

ආපසු ආ පසු ගමනින් උගත් කාරණා වාර්තාවක් එක් එක් අය දියයුතුයි. අවිධිමත් මුදල් නාස්තිය ගැන මහ ඇමති සහ ආණ්ඩුකාරවරිය වගකිවයුතුය. ඔහොම ආණ්ඩු කළොත් නුවරත් ඉවරයි, රටත් ඉවරයි. (නි)

:       0       0

හිමාල් Monday, 26 September 2016 08:58 PM

ඒ කට්ටිය ආදර්ශයට ගත්තේ කවුරුන්වද කියලත් පොඩ්ඩක් හොයාබැලුවොත් නේද හොඳ? (නි)

:       0       0

බටගල Monday, 26 September 2016 09:39 PM

අපි බදු ගෙවන්නේ මේගොල්ලන්ට රට සවාරි යන්න නොවෙයි. රුසියාවට යන්නේ රුසියන් ක්‍රමයට පළාත් පාලනය කරන්න ඉගෙනගන්නද? අනික අවුරුදු 15 පමණ පාසල් ගිහිල්ලා ඉගෙනගන්න බැරිවුණ අය සුමාන දෙකෙන් ඉගෙනගන්න, මොන භාෂාවෙන්ද ඉගෙනගන්නේ? මේගොල්ලන්ට කියන්න වෙලාවට වරිපනම් නොගෙව්වොත් දේපල රාජසන්තක කරනවා කියලා. (නි)

:       0       0

අබය Monday, 26 September 2016 09:56 PM

ජනතා සේවකයෝ ඔක්කොම රට ගිහිල්ලා... (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 26 September 2016 10:12 PM

එතකොට මහ ඇමති කළ දේ හරිද? නමුත් ඔබතුමියට වගකීමක් තියනවා මෙවැනි ගැටළු මැද මෙවැනි ගමන් යාම ගැන දෙපාරක් හිතන්න. මේවා මහජන මුදල් කියන එක අමතකද? ඔබතුමිය ජනපතිතුමාට වගකියන්න බැඳී ඉන්නවා කියන බවත් අමතකවෙලා ගියාද (නි)

:       0       0

සමරසේකර Monday, 26 September 2016 11:18 PM

මේවා මේ කාට පෙන්නන්නද කරන්නෙ? හිතන්නෙ අපි මෝඩයෝ කියලද? අපේ පාර කැඩිලා, ඒක හදලා දෙන්න මධ්‍යම පළාතේ හැම කෙරුමෙකුටම කිව්වා. උවමනා ගණන ලක්ෂ 5ක් විතරයි. සල්ලි නැති නිසා කියල ඒක කෙරුනේ නැහැ. අපි මුදල් එකතු කරගෙන ශ්‍රමය වැය කරගෙන පාරේ කොටසක් හදාගත්තා. ලක්ෂ 5 ක් වැය කරන්න නැති සල්ලි කෝටි ගණනක රට සංචාර වලට තියෙනවා (නි)

:       0       0

අනුරාධ Monday, 26 September 2016 11:55 PM

මේ යන කට්ටියගේ විදේශ සංචාර තිබේද කියලා කේන්ද්‍ර බලලා අනුමැතිය දුන්නා නම් ඉවරයිනේ. (නි)

:       0       0

සමන්ති Tuesday, 27 September 2016 12:02 AM

විශ්වාසය කඩකිරීම මත මහ ඇමති සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගතයුතුයි නේද? (නි)

:       0       0

ලලිත් Tuesday, 27 September 2016 12:03 AM

ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා වගේ (නි)

:       0       0

ගමගේ Tuesday, 27 September 2016 12:39 AM

අනේ! නාස්තිකාරයන් නිසා නැතිවන ජාතික ධනය මොනතරම්ද? (නි)

:       0       0

ජයාත් Tuesday, 27 September 2016 01:05 AM

අපි හොඳට දන්නවා එකම බෝට්ටුවේ ඉන්න කට්ටිය ගැන (නි)

:       0       0

යෙහාන් Tuesday, 27 September 2016 01:09 AM

ඒක තමයි කියන්නේ අපේ රටේ මුදල් වැයවෙන්නේ අනවශ්‍ය දේවල් වලට කියලා (නි)

:       0       0

විජේ Tuesday, 27 September 2016 01:21 AM

මට මතක හැටියට ජනාධිපතිතුමා මේ පිළිබඳව ලිඛිත උපදෙස් දී තිබෙනවා. නීති කඩකළ අයට විනයානුකූලව කටයුතු කළයුතුය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 266 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1141 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 112 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1793 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4257 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 147 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39527 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1190 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site