IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජනපති නිවස අලුත්වැඩියාව ගැනයි

ජනාධිපති මන්දිරයේ ජලය, විදුලිය හා නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් මිලියන 15 ක වියදමක් දැරීමට රජයට සිදුවන බවත් එහෙයින් එහි පදිංචිය ජනාධිපතිවරයා  විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් ජනපති ලේකම් පී.බී. අබේකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියති.

ඒ අනුව පැරණි නිවාස දෙකක් එක්කර ජනපතිවරයෙකුගේ පරිහරණය සඳහා උචිත අයුරින් නවීකරණය කිරීමට සිදු වූ බව එම නිවේදනයේ දැක්වේ.

ජනපති නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 180 ක් වෙන් කර තිබෙන බවට වාර්තා වන තොරතුරු පිළිබඳව මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එම නිවේදනයේ   මෙසේ දැක්වේ.

“ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තු තුළ ජනාධිපති කාර්යාලයට අදාළ වියදම් මෙන් ම අග‍්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු, වැවිලි කර්මාන්ත, ස්වදේශ කටයුතු, ධීවර, මහාමාර්ග, ආයෝජන ප‍්‍රවර්ධන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන රැසකට අදාළ වියදම් ඇතුළත් විය.

ඒ තුළින් ජනාධිපති නිල නිවස ප‍්‍රතිසංස්කරණයට හා වෙනත් කටයුතු සඳහා ඉල්ලා ඇති රුපියල් මිලියන 180 පිළිබඳ ව ජාතික පුවත්පත් කිහිපයක පළ වී ඇති මාධ්‍ය වාර්තා ජනාධිපති කාර්යාලයේ අවධානයට යොමු වී තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම්වරයා කියනුයේ ඉතා පැරණි නිවාස 02ක් එක්කර ජනාධිපතිවරයෙකුගේ පරිහරණයට උචිත ලෙස අලුත්වැඩියා කිරීමට සිදු වූ බවයි. ඊට අමතරව නිවසේ ආරක්ෂාව, ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා වන නිලධාරීන් සඳහා නේවාසික පහසුකම් මෙන් ම ගරාජයද පිළිසකර කිරීමට සිදු වූ බව පෙන්වා දෙන ජනාධිපති ලේකම්වරයා මෙම සම්පූර්ණ අලුත්වැඩියා කටයුතු සිදුකර ඇත්තේ රාජ්‍ය ආයතනයක් වන මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය විසින් බවද සඳහන් කරයි.

ජනාධිපතිවරයා සඳහා වෙන්ව ඇති කොටුව ජනාධිපති මන්දිරය භාවිත කරන්නේ නම් ජලය, විදුලිය සහ නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් ලක්ෂ 150 කට අධික වියදමක් දැරීමට රජයට සිදුවන බවත් එම අධික වියදම නිසා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එහි පදිංචිය ප‍්‍රතික්ෂේප කර ඇති බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කරයි.

ඊට අමතරව අදාළ පුවත්පත් වාර්තා මත සඳහන් බී.එම්.ඩබ්ලිව් රිය සහ ආරක්ෂක අංශ සඳහා වන බී.එම්.ඩබ්ලිව්. යතුරු පැදි 2014 ඔක්තෝබර් මාසයේ දී ඇනවුම් කර ඇත්තේ පසුගිය රජය විසින් බවත් ජනාධිපති ලේකම් කියයි.

ඒ අනුව පිළිවෙලින් කාර් රථය 2015 ජනවාරි 08දාත්, යතුරුපැදි 2015 පෙබරවාරි 21දාත් කොළඹ වරායට ගෙන්වා තිබේ. මාස 03ක් තිස්සේ වරායේ රඳවාගෙන තිබු මෙම රථවාහන නැවත ප‍්‍රතිඅපනයනය කළ නොහැකි නිසාත්, රඳවා ගැනීමේ ගුදම් ගාස්තු දිනෙන් දින ඉහළ යන නිසාත් ඒවා රජය වෙත පවරා ගැනීමට තීරණය කළ බවත් ජනාධිපති ලේකම්වරයා   දන්වා සිටී.“



අදහස් (0)

ජනපති නිවස අලුත්වැඩියාව ගැනයි

ටෙරාන් Saturday, 10 October 2015 02:35 AM

අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)

:       0       0

ජයරත්න Saturday, 10 October 2015 03:23 AM

මිලියන 180ක් කියන්නෙ කජු ඇටද? කොස් ඇටද? (නි)

:       0       0

කවින්ද Saturday, 10 October 2015 03:26 AM

හොඳයි හොඳයි ඔහොම යමු (නි)

:       0       0

අජිත් අත්තනායක Saturday, 10 October 2015 03:53 AM

ජයරත්න, සිල්වි දෙපලගේ අදහස මටද ඇත. (ර)

:       0       0

හැරල්ඩ් Saturday, 10 October 2015 04:37 AM

මේ කතා පිළිගන්න අයත් ඉන්නවනේ. (ර)

:       0       0

දුමින්ද Friday, 09 October 2015 06:26 AM

හැමෝම එක වගේද (ම)

:       0       0

රුපවති Saturday, 10 October 2015 06:10 AM

ලංකාවේ දුප්පත් දෙමාපියෝ තම දරු පැටවුන්ට කුසට අහරකට දෙන්න පාන් කෑල්ලක් වත් ගන්න සල්ලි නැතිව දුක් විදිද්දී ඇයි මේ... (ර)

:       0       0

දිමේෂ් Friday, 09 October 2015 06:44 AM

ඒකත් රුපියල් 6000යි ගියේ කියලා කිව්වනං හරිනේ. (ර)

:       0       0

පුදූ Friday, 09 October 2015 06:47 AM

අනේ මන්දා මේවා ? (ර)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 09 October 2015 06:54 AM

ජනතාව පැත්තෙන් සිතන ජනාධිපතිතුමා ගැන ආඩම්බරයි. (ර)

:       0       0

ඉමේෂ් Friday, 09 October 2015 06:55 AM

අයියෝ ඕව නම් මොනාද අනේ. අපිට ඕවා ගානක් නැහැ. (ර)

:       0       0

සිල්වි Friday, 09 October 2015 01:16 PM

ජනාධිපති හිටිය යුත්තේ ජනාදිපති මන්දිරයේ ජනාදිපති මන්දිරයේ වියදම් වැඩිනම් වියදම් කපා හැර කළමනාකරණය කරන්න. දැන් ඔකේ එතුමා පදිංචි උනේ නැහැ කියලා වහලා දානවද ? (ර)

:       0       0

ස්මිත් Friday, 09 October 2015 07:14 AM

අලුත් වැඩියාව ඉවර වෙනකම් කොහෙද ඉන්නේ? මෙතරම් මුදලක් නාස්ති කරන්නේ මොකටද.? (ර)

:       0       0

පද්මප්‍රිය Friday, 09 October 2015 03:56 PM

මෙම බර දුප්පත් ජනතාවට ගෙවන්න වෙනවද? ජනපතිතුමනි, මේ ගැනත් ටිකක් හිතලා බලන්න (නි)

:       0       0

සමන්ත Saturday, 10 October 2015 08:39 AM

ලක්ෂ 1800 ක්? (ර)

:       0       0

අමල් Friday, 09 October 2015 07:37 AM

වියදම වැඩි නැද්ද.? (ර)

:       0       0

සෙනරත් Friday, 09 October 2015 07:37 AM

ජනතාව පැත්තෙන් හිතන බව පෙනෙනවා. තිබෙන මන්දිරයේ සිටීමෙන් විදුලි බිල් වැඩියෙන් ගෙවන්න වෙනවා නම්, අනවශ්‍ය උපකරණ ඉවත් කර විදුලි බිල අඩුකිරීම විශාල වියදමක් යන දෙයක් නොවෙයි. එසේ නොකොට වියදම් කිරීම අනුමත කල නොහැක. (ර)

:       0       0

සයුරි Friday, 09 October 2015 07:40 AM

පසුගිය රජයට ආර්ථික සැලසුම් තිබුණා ඉතින් ගෞරවනීය විදිහට හිටියා. (ර)

:       0       0

නුවන් සමරවික්‍රම Friday, 09 October 2015 07:40 AM

අපි ඉගුරු දීල මිරිස් ගත්තවත්ද ? (බ)

:       0       0

සයුරි Friday, 09 October 2015 07:43 AM

පොළොන්නරුවේ වගේ පැල්පත් ටිකක් අගනුවරටත් හැදුවනන් හරි. පසුගිය රජය යුද වියදමුත් දරලා, රටත් සංවර්ධනය කළා. මේ ආණ්ඩුවට නඩත්තු වියදමවත් හොයා ගන්න හැකියාවක් නෑ (බ)

:       0       0

කවින්ද Friday, 09 October 2015 04:43 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ජී‍වා Friday, 09 October 2015 05:57 PM

‍මෙ‍වැ‍නි ‍නා‍ය‍ක‍යො ‍ඉස්‍‍ස‍රත්‍ ‍හි‍ටි‍ය‍ා නම්‍... (නි)

:       0       0

කවි Friday, 09 October 2015 08:57 AM

ජලය සහ විදුලිය කියන්නෙ පාවිච්චිය අඩු කර, බිල අඩු කරගන්න පුලුවන් දෙයක්. ඒ නිසා මෙය නිදහස ට කාරණයක් නෙවේ. (බ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 09 October 2015 09:00 AM

රටකට අවශ්‍ය මෙවන් ආදර්ශමත් නායකයෝ.(ම)

:       0       0

නුවන් Friday, 09 October 2015 09:01 AM

මට මතකයි මෙතුමා පොළොන්නරුවේ ඉදන් රට පාලනය කරනව කියල වේදිකාවෙ කිව්වා. ඒ නිසා මෙය අලුත් ගෙවල් ඕන නෑ නේද?(ම)

:       0       0

ප්‍රියාන් Friday, 09 October 2015 09:08 AM

එයාල කියනවා අපි අහනවා..(ම)

:       0       0

කරුණාරත්න Friday, 09 October 2015 06:47 PM

ජනපතිතුමා කවදත් හිතන්නේ අපි ගැන (නි)

:       0       0

ජයරත්න Friday, 09 October 2015 10:30 AM

අලුත් මන්දිරය ඉදිකල පසු කොටුව ජනාධිපති මන්දිරය නඩත්තු නොකර තබාගත හෑකිද. තවද ඉන් පසු අලුත් මන්දිරය සදහාද ජලය, විදුලිය සහ නඩත්තු වියදම් කලයුතුයි නේද.? ඉතින් මන්දිරය ඉදිකිරීම සදහා වන මූලික වියදමත් මන්දිර දෙකක් නඩත්තු කිරීම සදසා වැය වන දෛනික වියදමත් ගත් කල මෙය අසාර්ථක වෑඩ පිලිවලක් බවයි මගේ නම් හෑගීම. (ර)

:       0       0

වික්‍රම Saturday, 10 October 2015 01:39 AM

මේ අදහස් ටික දිහා බැලුවහම ගිය ආණ්ඩුවේ අය මොනවා කළත් හොඳයි කියපු අය වගේ කට්ටියක් මේ ආණ්ඩුවත් මොන වැරැද්ද කළත් හොඳයි කියන්න බලාගෙන ඉන්නො කියලා නම් පේනවා! (නි)

:       0       0

නෞෂි Saturday, 10 October 2015 01:54 AM

අපි බලමුකෝ මොකද වෙන්නේක කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 82 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 55 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 101 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 844 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1086 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 73 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14606 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site