(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති අපේක්ෂක ධූර සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ රැසක බරපතළ ගැටුම්කාරී තත්වයක් නිර්මාණයවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
බොහෝ පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ජනාධිපති අපේක්ෂක ධූර සඳහා ඉදිරිපත්වීමට කැමැත්ත පළ කිරීම සහ ඒ ඒ පක්ෂ තුළම අපේක්ෂක ධූර සම්බන්ධයෙන් පිල් බෙදීම් ඇතිවීම මෙම ගැටුම්කාරී තත්වයට හේතු වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට තරග වැදීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද පක්ෂය සහයෝගය ලබා දෙන්නේ නම් ජනාධිපති අපේක්ෂක ධුරයට තරග වැදීමට සූදානම් බව පසුගියදා ප්‍රකාශ කළේය.
දෙමළ ජනතාවගේ පක්ෂ එකඟත්වයකට පැමිණෙන්නේ නම් දෙමළ ජනතා සන්ධානයේ නායක උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාද ජනාධිපති ධූරයට තරඟ වැදීමට සූදානම් බව ප්‍රකාශ කළේය. එහෙත් ඔහුට අපේක්ෂක ධූරය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක්ම කැමැත්ත නොදක්වන බව වාර්තාවේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ධූරය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති බව එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. යෝජනා කර ඇති එම නම් කිහිපය අතර ප්‍රසිද්ධ කෝටිපති ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකුවන ධම්මික පෙරේරා මහතාගේ නමද වෙතියි ඔහු සඳහන් කළේය. ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකි.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපති පුටුවට ලොකු පොරයක්
Sanath Kandy Sunday, 07 January 2024 11:27 AM
පරණ හොරුන්ට ආයේ අවස්ථාවක් නෑ. අනිවාර්‍යයෙන් ඊළඟ ජනාධිපතිවරණය දිනන්නේ අනුර කුමාර දිසානායක...
Hafeel Sunday, 07 January 2024 11:48 AM
පොහොට්ටුවේ අපේක්ෂකයා තේරීපත් වුණොත් මේ රට කුණු කන්ටේනර්වලින් පෝසත් වේවි. බ්‍රිතාන්‍යයේ රෝහල්වලින් කුණු සේරම මෙහාට ඒවි...!
kakshita Sunday, 07 January 2024 01:10 PM
ජනාධිපති අපේක්ෂකත්වය සඳහා වෙනම ඡන්ද ක්‍රමයක් ඇති කරන්න ඇමෙරිකාවේ වගේ. මේ රටේ ඒක රජයට අයත් වගකීමක්. මැතිවරණ බලධාරීන් ක්‍රියාත්මක කරන්නේ. පක්ෂ 2කින් දෙන්නෙක් දාල එක්කෙනෙක් තෝරාගන්න කියන එක ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් පියවර තියන්න ඕන පක්ෂය ඇතුලේ. එහෙම වුණා නම්, රනිල්, සජිත්, ගෝඨාභය, මෛත්‍රී, බැසිල්, විශ්‍රාම ගිහින් ගොඩක් කල්. එහෙම වුණා නම් මේ වෙනකොට 5 - 6 වගේ පරම්පරා (Generation) ගණනාවක් නායකත්වය ඉදිරියට යන්න තිබුණා.
Kumara Sunday, 07 January 2024 05:38 PM
තොපේ දේශපාලනය ඉවරයි .ආයේ රට හදන්න වේදිකාවට නැග්ගොත්
Lal Sunday, 07 January 2024 05:42 PM
ත්‍රස්තවාදීන්ට සහ මෝඩයින්ට අවස්ථාව නොදී .. මෙවර එජාප ජයග්‍රහණය කල යුතුමයි .... රනිල් ජනාධිපති තුමාට අපේ සහය
Arjuna Sunday, 07 January 2024 06:00 PM
මාලිමාවට ජය වේවා !!!
විජිත් Sunday, 07 January 2024 06:05 PM
මෙතෙක් රට පාලනයකොට ,රට හොරාකා ,මිනිමරා ,බන්කොලොත්කල සියලුම දේශකාපාලුවන්ගෙන් තොර වාසනාවන්ත ශ්‍රී ලංකාවක් උදෙසා ,මුළු රටේම අති බහුතරයක් ජනතාව දැනටමත් " අනුර කුමාර දිසානායකව " තෝරාගෙන අවසන්, මාලිමාවට ජයවේවා.
අරවින්ද මොනරවිල Sunday, 07 January 2024 08:26 PM
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් දහයකට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් වෙන්නට ඉඩ තියෙනවා. ඒ ජාතික ජනබල වේගයේ අපේක්ෂක අනුර කුමාරගේ ජය්‍රහණය වැලැක්වීමේ අරමුණ ඇතුව. ඒකයි මේ හැම තැනම දැන් ජනාධිපති අපේක්ෂකයෝ කරළියට එන්න පටන් අරන් තියෙන්නේ. ඒ මොන කුමණ්ත්‍රනය කෙරුවත් ජාතික ජනබල වේගයේ අපේක්ෂකයා සීයයට පණහට වැඩි ඡන්ද ප්‍රමාණයක් ගන්නා බව දැන් තහවුරු වෙලා ඉවරයි.
Chathuri - gampaha Sunday, 07 January 2024 09:06 PM
රතුපස්වල මිනීමරුවන්... බන්දුලට ඡන්දෙ දෙන බයියෝ තවත් ඉන්නවද?අපේ ගමෙත් නැහැ. අපි ඔක්කෝම මාලිමාවට...!!!
සල්ලි Monday, 08 January 2024 08:08 AM
කුණු ගොඩවල් හතරක්. මැස්සන් එනකල් බලන් ඉන්නවා. ධම්මික ඔයා ගොන් පාට් එකක් වෙන්න ආසන්නයි.
කමල් Monday, 08 January 2024 01:02 PM
කවුරු කාව දැම්මත් මීළඟ ජනපති අනුර කුමාර මහතා .jvp