IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ජනපති පෞද්ගලික මුදලින් ගෘහ භාණ්ඩ පාර්ලිමේන්තුවට පරිත්‍යාග කළා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ තිබූ ගෘහ භාණ්ඩ දිරාපත් වී තිබූ හෙයින් වත්මන් ජනාධිපතිවරයා  පෞද්ගලික මුදලින් එම ගෘහ භාණ්ඩ ලබාගෙන පාර්ලිමේන්තුවට එය පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට මෙට්ට  සහ ගෘහ භාණ්ඩ ගෙනැවිත් ඇතැයි සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් දොලවත්ත මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිට අගමැතිට මෙන්ම විපක්ෂ නායකවරයාට පාර්ලිමේන්තුවේ විවේක ගැනීමට ඔවුන්ගේ කාර්යාලය  කාමර වල ඇඳක් හාන්සි පුටුවක් ආදිය තිබෙන බව කී දොලවත්ත මහතා ජනාධිපති කාර්යාලයේ තිබූ ගෘහ භාණ්ඩ කාලයක් තිස්සේ පාවිච්චි කිරීම නිසා දිරාපත් වී ඇතැයි දැනගන්නට ලැබී රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික මුදලින් ඒවා ලබා ගන්නට කටයුතු කර තිබෙන බවද සඳහන් කළේය.



අදහස් (13)

ජනපති පෞද්ගලික මුදලින් ගෘහ භාණ්ඩ පාර්ලිමේන්තුවට පරිත්‍යාග කළා

විපරමා Friday, 09 December 2022 04:28 PM

දේසපාලුවෝ කවද්ද පව්ද්ගලික මුදලින් වැඩක් කෙරුවේ. පාර්ලිමේන්තුවේ කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       31       21

ravinFriday, 09 December 2022 06:08 PM

ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුය. වර්තාමන ජනාධිපති පරම්පරානුගත පෞද්ගලික ධනයකට හිමිකම් කියන්නෙක් බව අමතක කොළ යුතුය. උදාහරණයක් ලෙස ලේක් හවුස් ආයතනය ගත හැක. ජනාධිපති කෙරෙහි කිසිම බැඳීමක් නොමැත. පාර්ලිමේන්තුවට ලිය කියවිලි ඉදිරිපත් කර ඇති හෙයින් භාණ්ඩ සැපයූ ආයතයෙන් එම බිල් පතත් මුදල් ලැබුණ ආකාරයත් ගැන ආදායම් බදු හෝ අල්ලස් විමර්ෂයන්ට ලබාගත හැක.

:       0       1

sharm warn Friday, 09 December 2022 04:29 PM

පුද්ගලික මුදලින් ගෙනවෙ දුප්පත් මිනිස්සුන්ට පාවිච්චි කරන්න දෙන්න ද නැතිනම් එයාටම සැප විදින්නද?

:       25       18

kamal Friday, 09 December 2022 04:33 PM

අපි අවුරුදු 50ක් මෙයාව නඩත්තු කළබවත් මතක් කරන්න.

:       26       22

විමල් Friday, 09 December 2022 05:22 PM

තමුන්නැහැ කියනදේ වැරදියි කියලා දැනගැනීමට අවශ්‍ය නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ වත්මන් ජනාධිපතිවරයා 1977 සිට වැටුප් ලැබුවාද ලැබූ දීමනා මොනවාද විමසුවොත් හොදා අපිනම් අහල තියෙන්නෙ එතුමා වැටුපවත් නොගත් බවක් තමයි.

:       0       2

sharm warn Friday, 09 December 2022 04:57 PM

අපේ ගෙවල්වල ලී බඩු නම් පරම්පරා දෙකක් තුනක් පාවිච්චි කරනවා ඔයා කියනව තාලෙට දිරාපත් වෙන්නෙ නෑනෙ. මෙයාගේ කාර්යාලේ එව්වා කොහොමද ඔච්චර ඉක්මනට දිරාපත් වුණේ. අනිත් එක මෙට්ටෙ 175000 ක්. ඇඳට ලක්ෂ දෙකකටත් වැඩියි. පෞද්ගලික මුදලින් කියලා මෙච්චර වියදම් කරන්න පුම දානපතියෙක්නේ. ඉතිං කවුද ඒකෙ යහන්ගත වෙන්නේ?

:       1       1

මංගල Friday, 09 December 2022 05:58 PM

පාර්ලිමේන්තුවේ ඇඳක්? අනේ අම්මපා මෙහෙමත් දේශපාලුවෝ. යකෝ මුන් පාර්ලිමේන්තු එන්නේ බුදියන්නද?

:       2       0

චන්දන Friday, 09 December 2022 06:21 PM

එයාගෙ ආදායම් මාර්ග මොනවද කියනවද. ඔය තරමක් වියදම් කරන්න .

:       2       1

Lakmal Friday, 09 December 2022 09:24 PM

අනේ මෙහෙමත් කඩේ යාමක්

:       1       0

siri Friday, 09 December 2022 09:36 PM

එයා ඒතරම් "පෞද්ගලික" මුදල් සම්භාරයක් හරි හම්බ කලේ කොහොමද කියලත් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද අපේ මහත්තයෝ ? ඔය සුදු හුණු ගෑවිල්ලනම් ඉවරක් වෙන එකක් නෙවේ ඔන්න.

:       2       1

Perera Saturday, 10 December 2022 03:25 AM

සිරිපාල ලොක්කගේ කාමරේට නම් ඉතින් ඇඳක් ඕනමනේ

:       0       1

ලකිත් ශ්‍යාමන් Saturday, 10 December 2022 04:10 AM

කමල් මහත්තයා, රනිල් වික්‍රමසිංහ කියන්නේ 1977 පාර්ලිමේන්තුවට පත්වූ දා සිට අද මේ වන තුරුත් කිසිම දවසක පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප, ඇමති වැටුප, අගමැති විපක්ෂ නායක වැටුප හෝ ජනපති වැටුප නොගත් පුද්ගලයෙක්. ඒ වගේම කිසිම දවසක රජයේ තීරුබදු රහිත වාහන බලපත්‍රයක් නොගත් පුද්ගලයෙක්. ඔය ඒවට විරුද්ධයි කියලා මහා ලොකුවට කෑ ගහන රතු මල්ලිලා හැම කෙනාම වගේ ඔය හැම දීමනාවක්ම ලබා ගෙන තියෙනවා. ඒ වගේම 2004 පාර්ලිමේන්තු ආව මන්ත්‍රීවරු 39 දෙනාගේම විශ්‍රාම වැටුපත් තවමත් අරගෙන පක්ෂයේ අරමුදලට බැර කරගන්නවා. නිකන් නොදන්න දේවල් නොකියා ඉන්න දෙයියෝ.

:       0       2

Praba Saturday, 10 December 2022 05:42 AM

ඔබතුමන් කඩේ යන්න ගත්තද

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 240 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 179 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 521 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 240 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 1528 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 282 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1907 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site