IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘ජනපති ප්‍රකාශය නිවැරදි කළ යුතුයි‘

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කර ඇති ප‍්‍රකාශය නිසා එම ආයතන අකර්මන්‍යතාවකට සැකයකට හා විචිකිච්ඡාවකට ලක්ව ඇති බවත්, එයින් එම ආයතනවලට ඇති වූ අයහපත් බලපෑම ඉවත්කිරීම සඳහා ජනාධිපතිවරයා වහාම තම ප‍්‍රකාශය නිවැරදි කළ යුතු බවත් පුරවැසි සංවිධාන එකමුතුවේ කැදවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා පැවසීය.

මෙම ප‍්‍රකාශය හේතුවෙන් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද රටට බලපෑමක් එල්ල වූ බව කී රත්නප‍්‍රිය මහතා එම තත්ත්වය වෙනස් කිරීමට නම් තමන් තවමත් පෙනී සිටින්නේ ජනවාරි 8 වැනිදා තමන් බලයට ගෙන ආ දේශපාලන අභිලාශයන් ඉටුකිරීම වෙනුවෙන් බව ජනාධිපතිවරයා ඉදිරියේදී ක‍්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතු යැයි ද සදහන් කළේය.

සමන් රත්නප‍්‍රිය මහතා මේ බව පැවසුවේ මරදාන, ඞීන්ස් පාරේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේදී  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රටේ පවතින දේශපාලන සංහිදියාව නැතිකිරීමට උත්සාහ කරන කණ්ඩායම් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටින බවද කී රත්නප‍්‍රිය මහතා ජනාධිපතිවරයා ඒ අය සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බව ද මෙහිදී කීවේය.



අදහස් (0)

‘ජනපති ප්‍රකාශය නිවැරදි කළ යුතුයි‘

බන්දුල Wednesday, 19 October 2016 02:05 AM

දැන් මේකද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය? (නි)

:       0       0

මොරවක Wednesday, 19 October 2016 02:43 AM

ඒකෙ ආයේ නිවැරදි කරන්න දෙයක් නැහැ (නි)

:       0       0

සෙනරත් Wednesday, 19 October 2016 03:02 AM

මොකක්ද වරද? ඕනෑම කෙනෙකුට වැටහෙනවා දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරනවා කියලා. එහෙම නොවේ නම් කෝ ආණ්ඩුව පැත්තේ ඉන්න ලොකුම චෝදනා තිබුණු උදවිය ඔය කොමිසම් වලට යනවා පෙනෙන්න එපාද? (නි)

:       0       0

රාහුල් Wednesday, 19 October 2016 03:33 AM

සුභ සහ යස.(හේ)

:       0       0

නුවන් Wednesday, 19 October 2016 03:37 AM

මෙතන ජනපති වැරදි දෙයක් කියලා නෑ ත්‍රිවිධ හමුදා නායකයා ලෙස හමුදා නායකයන් අත්අඩංගුවට ගන්න කොට එතුමා දැනුවත් නොකළ බවයි කිව්වේ එහෙම නැතිව එපා කියලා කිව්වේ නෑ අ(හේ)

:       0       0

විරාජ් පෙරේරා Wednesday, 19 October 2016 03:39 AM

යහපාලනය කියල දැන් මොනාද ලැබුනේ? තව ටිකදවසකින් කන්නත් නැතිවෙයි.(අ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 19 October 2016 06:51 AM

අති ගරු ජනාධිපති තුමනි : ඔබතුමා අපකිර්තිමත්විම අවුල්වීම වැරදි තෙරතුරු සපයන්නන් පිරිසකගේ සුක්ෂම වැඩපිළිවෙලක් බව දැන් රටටම පැහැදිලියි. හැකි ඉක්මනින් එය නිවැරදි කර ජනතාවගේ බලාපොරොත්තු සපත කරනු අතයි සිතමු .යහපාලනයක් අපි සිතමු . (අ)

:       0       0

ධම්ම Tuesday, 18 October 2016 02:42 PM

කටින් වචනයක් පිට වුණාම එක ආපහු ගන්න බෑ, හරියට තුවක්කු කටෙන් උණ්ඩයක් පිට වුණා වගේ. (අ)

:       0       0

දුමින්ද Tuesday, 18 October 2016 02:52 PM

ජනපති උපදේශක කෙනෙක්ද (අ)

:       0       0

ජනහිත Tuesday, 18 October 2016 03:05 PM

ඔය එක එකාට ඕන විදිහට රජ කම් කරන්න ගියොත් රජාට රජකම් කරන්න බැරි වේවි. (අ)

:       0       0

සනත් Wednesday, 19 October 2016 07:17 AM

නිවැරදි කරනවා නම් මහ බැංකු,විනිමය, එක්ටා ගිවිසුම් ගැනත් එකතු වෙන්න ඕන (අ)

:       0       0

සමරේ Tuesday, 18 October 2016 03:31 PM

නිවැරදි කරන්න මෙතන වැරදි දෙයක් කියල නෑ. රත්නප්‍රිය මහත්තය මෙතෙක් කල් කියපු දේවල් නිවැරදි කරන්න ගියොත් දිගටම අවුරුදු දෙකක් තුනක් කතාකරන්න වෙනවා.(අ)

:       0       0

කෙවින් Tuesday, 18 October 2016 03:44 PM

ජනාධිපතිතුමා දැන් තමන් කියන දේවලුත් කියන්න ඕනෑ මෙයාලගෙන් අහලද? (නි)

:       0       0

සුරේකා Tuesday, 18 October 2016 03:53 PM

කී කතාව ඇත්තනේ. නිවැරදි කරන්න දෙයක් නැහැ අපිට නම් (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 19 October 2016 07:54 AM

ප්‍රකාශය නිවැරදියි, ආයතන ප්‍රති ව්‍යුහ කල යුතුයි. (ර)

:       0       0

ජනහිත Tuesday, 18 October 2016 03:57 PM

උපදෙස් දෙන්න මේ සමන් කියන්නේ කවුද? එන්න එපා උපදෙස් දෙන්න. උපදෙස් දෙන්න තිබුනේ අරගොල්ලන්ටනේ තනියම තරඟ කරලා දිනවා ගන්න ඒ වෙලාවේ. දැන් ඒ වෙලාව අවසන් වෙලා. දැන් ජනාධිපතිට ඕනෑ දේ කරන්න දීලා පැත්තකට වෙන්න (නි)

:       0       0

රොහාන් Tuesday, 18 October 2016 04:04 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

මෂූඩ් Tuesday, 18 October 2016 04:04 PM

අනේ අපේ ජනාධිපතිතුමා! මට නම් දැන් යහපාලනය ගැන කතා කරන්නත් ලැජ්ජාවේ බැහැ (නි)

:       0       0

තරිඳු Tuesday, 18 October 2016 04:29 PM

කව්ද මේ සමන් රත්නප්‍රිය? මොනවද අපි වෙනුවෙන් අපේ රටට කරලා තියෙන්නේ? (නි)

:       0       0

ලංකා Tuesday, 18 October 2016 04:47 PM

අනේ මන්දා. අපි දන්නෙ නැහැ ඕවා (නි)

:       0       0

ලුවිස් Tuesday, 18 October 2016 04:58 PM

ජනාධිපතිතුමා කරන්නේ නිවැරදි දේ... (නි)

:       0       0

රත්නසිරි Tuesday, 18 October 2016 04:59 PM

ලෙඩුන්ව ප්‍රාණ ඇපයට තබා ඉල්ලීම් ගන්න අය මෙවර මොනවා කරන්න හදනවද? කිව්වේ ඇත්ත. (නි)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 18 October 2016 05:26 PM

සමරේ, රටක නායකයෙක් කරන කතාවක් නෙමෙයි නේද සිරිසේන ජනාධිපතිතුමා කළේ. නායකයෝ මේ වගේ වගකීමකින් තොර කතා කියන්නේ නැහැ. ඒ කතාව නිවැරදි කළොත් වෙච්ච් හානිය කෙසේවෙතත් වෙන්න තියෙන හානිය අවම කරගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

කමල් Thursday, 20 October 2016 05:32 AM

සියලුම චූදිතයන් බෙර ගසා පාවඩ දමා උසාවියට ගෙනා විය යුතුයි (ම)

:       0       0

සමන් Tuesday, 18 October 2016 05:33 PM

දැන් මෙයාලගේ උපදෙස් වලටද වලටද රටේ නායකයන්ට වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඔබතුමාලා මේ රජය පත්කරන්න යම් දෙයක් කළා කියලා නායකයන්ට ඔයාලගේ වහල්ලු වෙන්න බැහැ. ඔබතුමාලා සුව සේවකයෝ හැටියට රෝහල්වල තමන්ගේ රාජකාරිය පළමුව කරන්න. රටේ නායකයෝ රට පාලනය කරයි. එයාලට උපදෙස් ඕනෑ නම් ඒවාට උපදේශකයෝ පත්කර ගනී (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 18 October 2016 06:29 PM

මම නම් කියන්නේ දැන් ප්‍රමාද වැඩියි (නි)

:       0       0

ජයවර්ධන Tuesday, 18 October 2016 07:13 PM

තෝරු මෝරු අල්ලන එක අමාරු වැඩක් බව මේ කතාවෙන් පෙනෙනවා (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Tuesday, 18 October 2016 07:13 PM

ස්වාධීන කොමිසමට කාගේවත් බලපෑම් නැතුව වැඩ කරගෙන යන්න ඉඩදෙන්න ඕනෑ (නි)

:       0       0

දේව් Tuesday, 18 October 2016 07:42 PM

දුරදිග නොබලා කියන දේවල් නිසා ප්‍රශ්න ඇතිවෙනවා (නි)

:       0       0

මොහාන් Tuesday, 18 October 2016 07:47 PM

මම නම් කියන්නේ එතුමා කියපු දේ හරි (නි)

:       0       0

අජිත් Tuesday, 18 October 2016 08:54 PM

රටේ පවතින දේශපාලන සංහිඳියාව නැතිකිරීමට උත්සාහ කරන කණ්ඩායම් අප අතරම සිටිම බොහොම භයානක දෙයක් (නි)

:       0       0

සුමුදු Tuesday, 18 October 2016 10:00 PM

ජනහිතට තවමත් අවශ්‍ය රජවරුද? දැන්වත් ඔය වහල් මානසිකත්වයෙන් මිදෙන්න. මට හිතාගන්න බැරි ඇත්තටම මිනිසුන් මෙතරම් වහලුන් වීමට කැමති අැයි කියා (නි)

:       0       0

රමණි Tuesday, 18 October 2016 11:15 PM

ඔබතුමා අපිට රජෙක් කියලා අර සමහරු ඉස්සර කියපුවා නිවැරදි කළා වගේද මේකත් නිවැරදි කරන්නේ. (නි)

:       0       0

ලලිත් Tuesday, 18 October 2016 11:16 PM

හොඳට නරකට දෙකට කටමය කියලා කිව්වෙ කට කහනවටද? (නි)

:       0       0

පහන් Wednesday, 19 October 2016 12:33 AM

ජනාධිපතිතුමා කිව්වේ ඇත්ත බව දකින ඕනෑ කෙනෙකුට තේරුම්ගන්න පුළුවන්. හිටපු ආරක්ෂක ඇමතිතුමා රටට කළ සේවය කව්රුත් දන්නා දෙයක්. (නි)

:       0       0

සුනිල් Wednesday, 19 October 2016 12:41 AM

වරදක් සිදුව ඇත්නම් එය නිවැරදි කළයුතුයි (නි)

:       0       0

ශාන්ත Wednesday, 19 October 2016 12:46 AM

සමරේ, මොකද නැත්තේ? වැරදි දෙයක් කිව්වා. මෙතන අදහස් දාන සමහර අය මොනවා කිවුවත් ප්‍රජාතන්ත්‍රවාදය වෙතට රට ගමන් කළයුතුමයි. (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 19 October 2016 01:01 AM

කියපු දෙයක් ආපහු ගන්න බැහැ (නි)

:       0       0

අතුල Wednesday, 19 October 2016 01:37 PM

ඔය කවුරු මාරු කළත් වැඩක් නැහැ ක්‍රමයම අයින් නොකර (අ)

:       0       0

බමුණුසිංහ Wednesday, 19 October 2016 01:04 AM

මේ කතාව නිවැරදි කරනවා කියන්නේ වැරදි කතාවක් කරන්න වෙනවා කියන එක. (නි)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 19 October 2016 01:20 AM

කවුරුත් එකයි අප්පා. අපි තමයි මෝඩයෝ, දේශපාලනය කරන අයගේ කතා අහන (නි)

:       0       0

ශාන් Wednesday, 19 October 2016 01:22 AM

මේ ඔක්කොම වුණේ ජනාධිපතිතුමාත් පක්ෂයක් බදාගන්න ගිය නිසා. එතුමා දැන් ටික ටික අමතක කරනවා තමන් විශාල ජනමතයක නියෝජිතයෙක් කියලා. මෙතන වැරදි කිහිපයක් තියෙනවා. වැරදිකරුවන්ට එරෙහිව නිවැරදි තීන්දු ගන්න බවක් පෙනෙන්නෙ නැහැ. සමහර රාජ්‍ය නිලධාරින් කූඨයි. ආණ්ඩුවේ අැමතිවරු බඩගොස්තරවාදීයි. එ් ඔක්කොම අස්සේ ජනතාවගෙන් ප්‍රතික්ෂේපිත මිනිස්සු පාර්ලිමේන්තුවේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 0 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 46 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 84 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1848 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 498 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39702 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site