IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජනපති පොහොට්ටුවට ආවොත් ජනපති අපේක්ෂකත්ව ලබාදීම ගැන බලනවා

(සුජිත් හේවාජුලිගේ)


ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී  පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගතහොත් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්  මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදු  ජනපෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

කාරියවසම් මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදු  ජනපෙරමුණ තාක්ෂණ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා නිසි වෙලාවට ඉදිරිපත් කරන බවද  හෙතෙම  සඳහන් කළේය
 

 

 



අදහස් (22)

ජනපති පොහොට්ටුවට ආවොත් ජනපති අපේක්ෂකත්ව ලබාදීම ගැන බලනවා

End Game Wednesday, 03 July 2024 01:20 PM

ඔබලාගේ දූෂණ, වංචාවල් ආරක්ෂා කරගන්න නේද?

:       7       45

Arch Wednesday, 03 July 2024 01:29 PM

විශිෂ්ට අදහසක්. තමන් ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයකු වන බවත්, තමන් පත් වුවහොත් අනෙක් පාක්‍ෂිකයින් වෙනුවට එජාපයේ සියලු දෙනාම පත්කරන බවත් රනිල් කියයි.

:       4       12

Sharafaz Wednesday, 03 July 2024 01:30 PM

UNP හෝ SLPP කවුරු කොහොම හිටියත් දිනන්නේ නැහැ... ඒක ස්ථිරයි

:       14       37

අරවින්ද මොනරවිල Wednesday, 03 July 2024 01:31 PM

අන්න නියම සුදුස්සා, තකට ගැලපෙනවා ජාඩියට මූඩිය වගෙයි. කොහෝම හරි කතාකරලා ගෙන්න ගන්න ඔයාලාට බැරි වුනේ මහ බැංකුව කඩන්න විතරනේ මිනිහට ඒකත් පුළුවන්...

:       8       28

Dharshini Wednesday, 03 July 2024 01:32 PM

මේ රටෙන් හොරා කාපු සල්ලි අපිට ආපහු ගන්න පුළුවන් නම් අපිට කාගේවත් උදව් ඕනෑ නෑ. අපරාධකරුවන් ආරක්ෂා කිරීමට මේ සියල්ලෝම එකතු වනු ඇත..

:       7       24

Khalid Wednesday, 03 July 2024 01:33 PM

මේ රට මෙතරම් අවුල් ජාලයක් බවට පත් කිරීම ගැන ඔබ සැවොම තුරන් කළ යුතුයි.

:       5       25

Siri Wednesday, 03 July 2024 02:03 PM

ඒ විතරක්ද? බස්නාහිරෙන් ඉර පෑව්වොත් පොහොට්ටුවෙන් තරඟ කරලා දිනන්නත් පුළුවන් වේවි... සත්තයි....!

:       3       34

පිටිගල මිලානෝ Wednesday, 03 July 2024 02:06 PM

බොහෝම හොඳයි. සෙට් එකටම එකට තියලා අරින්න පුළුවන් ගෙදර දුවන්න...!

:       5       23

සාගත Wednesday, 03 July 2024 02:11 PM

රනිල් පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන ආවොත් 2020 මහමැතිවරණය වෙලාවේ එජාපය ගත්තු ලක්ෂ දෙකක් වූ එජාප ඡන්ද ප්‍රමාණයත් නැත්තටම නැතිවෙනවා. සාමාජිකත්වය නොගත්තා වුණත් පොහොට්ටුවේ හොරුත් එක්ක එනවා නම් රනිල් කොහොමත් පරාදයි..!

:       3       23

fairoos Wednesday, 03 July 2024 03:05 PM

පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ආවොත් ඉතිහාසයේ නැති පරාජයක්... දැන් ලංකාවේ බයියන් නැහැ.

:       1       6

Rohana Wednesday, 03 July 2024 03:26 PM

කොහොමටත් පොහොට්ටුව මේ සැරේ ඡන්දෙන් අවසන් ගමන යනවා. ඒ නිසා ඔය උප්පරවැට්ටි ගැන කල්පනා කරලා තේරුමක් නෑ...

:       1       8

de silva Wednesday, 03 July 2024 03:30 PM

අර ඔබලාගේ ගෙදර ඉන්න වැලේ වැල් නැති වැඩ බැරි ටාසන් හොඳ නැද්ද වැඩේට .මිනිහා ගිය පාර මොනවා වුනත් 69 ලක්ෂයක් චන්දෙ ගත්ත , මෙදාපාර ඉදිරිපත්වුනොත් ලක්ෂ 30 වත් ගන්න බැරි නැහැ , පොඩි වඳ කොත්තු ටිකක් ෆෝම් කරලා , නයෙක් ගඟේ දමල , මුස්ලිම් බිල්ලෙක් මවලා ," සීයා සමග වලට යමු කියල " අර වයෝවෘධ මනුස්සයත් රෝද පුටුවක හරි තියල උස්සන් ඇවිත් වේදිකාවේ ප්‍රදර්ශනය කරලා කැම්පේන් පාරක් දමමු , බයියෝ ටික ටක් ගලා ෆෝම් වෙලා එනවා , අඩු පාඩුවට කුමන්ත්‍රණකාරී රනිල් ගෙන් රට බේරා ගනිමු කියල සටන්පාඨයක් දැම්මා නම් වැඩේ පන්කාදුය

:       1       8

Prabha Wednesday, 03 July 2024 03:31 PM

අන්තිමේට සජිත් ,රනිල් ,මහින්ද ඔක්කොම එක බෝට්ටුවට නගිනවා

:       1       7

නන්දන පනා-මිලානෝ Wednesday, 03 July 2024 03:38 PM

පිටිගල අයියේ ඔක්කෝටම මැහුම් දාගන්න වෙයිද…?

:       3       6

චන්දිම Wednesday, 03 July 2024 03:49 PM

පසුගිය කාලය පුරාවට මේ රටට කරන්න පුළුවන් උපරිම හානිය සිදුකළ රටේ ජාතික ධනය අයථා ලෙස සොරා ගත් දුෂිතයින් සියලුම දෙනා මේ වන විට රනිල් මහතාගේ ජය ලබන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටින බව දැන් ප්‍රසිද්ධ කරුණකි. ඇස් පනාපිටම පැහැදිලිව පේන්න තියෙන සත්‍යයකි. ඔවුන් ඒ සඳහා කළහැකි සියලු උත්සාහයන් ගනිමින් සිටිති. වේදිකාවලට ගොඩ වී තමන් ඒ දවස්වල රනිල් මහතා දැඩි ලෙස විවේචනය කළ බවත් දැන් ඒ සියල්ල අතහැර ඔහු තමන්ගේ නායකයා ලෙස පිළිගන්න බවත් දැන් දැන් කියති. ඒ සියලු දෙනා එසේ කරන්නේ ඉදිරියේදී නීතියේ රැහැනින් ගැලවී එක්කෝ පලායාමට හෝ නැතිනම් තව දුරටත් තමන් මෙතෙක් කරගෙන ආ සියලු දුර්දාන්ත ක්‍රියා කිසිඳු අවහිරයකින් තොරව කරගෙන යාමටයි. එසේ වුවහොත් මේ රට කිසිදිනක ගැලවීමක් නොලැබෙනු ඇත. මේ රට කිසිදිනක ගොඩ නොයනු ඇත. කිසි දිනක ශ්‍රී ලංකාව දියුණු රටක් වන්නෙම නැත. ශ්‍රී ලංකාව හොරුන්ටම ගිය රටක් වනු ඇත. මිනිසුන් එය තේරුම් ගත යුතුයි.

:       1       8

SUBRA Wednesday, 03 July 2024 03:56 PM

මේ මිනිහගේ මොලේ කොලොප්පන් වෙලා. ඒ වගේම ජෙප්පෝ හිතන් ඉන්නේ දැනටම එයාලා දිනුම් කියලා... නමුත් ඇත්ත තත්වය නම් එයාලාට ඡන්ද ලක්ෂ 10කට ආසන්න ගණනකට වඩා ලැබෙන්නේ නැහැ. එයාලාගේ රැස්වීම්වල ඉන්න සෙනාගෙන් 30 ක් එන්නේ නිකන් බලලා යන්න මිසක් ඡන්ද දෙන්න නෙවෙයි. අනික ඡන්දයක් තියා උප්පැන්නයක් වත් නැති අයත් මේ රැස්වීම්වල ඉන්නවා...

:       11       5

de silva Wednesday, 03 July 2024 06:47 PM

SUBRA සැගවුන බයියෝ අවතක්සේරු කරන්න එපා , බයියෝ ෆෝම් කරන මන්තරේ බැසිල් දන්නවා , මෙදාපාර එක 100% වැඩකරන්නේ නැතිවුනත් 2029 චන්දෙට අඩිතාලම දමාගෙන යන බවනම් පෙනෙනවා

:       0       0

de silva Wednesday, 03 July 2024 07:06 PM

ඔහොම කතා කියන්න එපා බෛය්යෝ කෝප වේවි , බෛයෝන්ගේ මුදුන්මල්කඩ වැනි පොහොට්ටු පක්ෂෙට රනිල් ගැලපෙන්නේ නැත , ඕකට ගැලපෙන්නේ වඩේ ඇමැති වැනි බෛයයන්ට හොඳට භාෂාවෙන් ඔවුන්ගේ සිත පිනා යන පරිදි කතාකර එංගලන්තේ මුදල් ඒකකය වන ඇමරිකන් ඩොලර් ගැන , එංගලන්තේ අගමැතිවන මොරිස් ජොන්සන් ගැන විස්තර කර දෙන්න පුළුවන් 5 සමත් කෙනක් , ටෛකොට් අදින කලිසම හැලෙන රනිල් හමු මේ වැඩේට ගැලපෙන්නේ නැහැ, එයාගේ කෙදිරිය අහන්න බෛයෝ රැස්විමකටවත් එන්නේ නැහැ

:       0       0

චූටි බබා Wednesday, 03 July 2024 07:14 PM

සාගර උන්නැහේ ඔබතුමා නීතිය හදාරන්න ඉස්සර වෙන්න ඇති රනිල් නීතිය හදාරා තියෙන්නෙ ඊළඟට 1977 සිට පාර්ලිමේන්තුවේ අත්දැකීම් තියෙනවා ඉතින් එයා බබෙක් නොවෙයි එහෙම තියද්දි රනිල් එජාපය අතහැර ආවොත් අපේක්ෂකත්වය ගැන සළකා බලනවා කියන්නෙ එජාපය අතහැර ආවොත් අල්ලපු අත්තත් පයගහපු අත්තත් නැතිකරනවා කියලා නේද හිතාගෙන ඉන්නේ අරගලය වෙලාවේ පොහොට්ටුව නැමති සතාගේ බෙල්ලට තොණ්ඩුවත් වැටිලා තියෙද්දි ඒක ගලවා ජීවිතය බේරාගැනීමට කටයුතු කලාට කළගුණ සැලකීම නම් බොහොම අගෙයි මහත්තයෝ

:       0       0

chandima Wednesday, 03 July 2024 07:58 PM

අන්න හරි මහ රජ්ජුරුවනේ... ඔය දොරටුපාලයාට ඡන්දෙ දිනන්න දුන්නොත් පුත් කුමරුවන්ට ඉස්සරහට යනඑන මන් නැතිවෙනවා.

:       0       2

chandima Wednesday, 03 July 2024 08:00 PM

අන්න එහෙම සේනාව ඒ පැත්තට යවලා හැලෙන අය බාගන්න වෙනමම ඡන්දෙ ඉල්ලන්න. අපි ඒක බලලා හරක් වගේ ගිහින් කතිරේ ගහලා එන්නම්...

:       0       0

de silva Thursday, 04 July 2024 01:02 PM

ඔය ගොල්ලා අරගලේ නිසා විකෙට් ගිහිල්ලා තිබෙන අවස්ථාවේ පිටියට එවපු night watchmen හොඳ නැද්ද ? එයා මේ දවස්වල හොඳට බැට් කරනවා නේද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1288 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 789 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1871 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 480 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2764 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37157 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24473 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site