IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ජනපති බේරුවල : අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බව කියයි

මහින්ද රාජපක්ෂ ජනපති අද බේරුවල ගියේය. අලුත්ගම, ධර්ගා ටවුන්හි ඇතිවූ ගැටුම් ගැන සොයා බැලීමට ජනපති මුලින්ම බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියේය.

කිසි පුද්ගලයකුට හෝ දේපොළකට හානි කිරීමට කිසිවකුට ඉඩ දිය නොහැකි බව ජනපති එහිදී ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බව ද ජනපති පැවසීය.

ජනපතිවරයා බේරුවල දී බෞද්ධ හා මුස්ලිම් පිරිස් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.

 



අදහස් (0)

ජනපති බේරුවල : අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බව කියයි

සරත් Wednesday, 18 June 2014 06:36 PM

අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

නානායක්කාර Wednesday, 18 June 2014 06:56 PM

පරීක්ෂණ පැවැත්වු පසු ඒවායේ වාර්තාත් අපිට දකින්න ලබාදෙන්න (නි)

:       0       0

සිරි Thursday, 19 June 2014 07:47 AM

රැස්වීම් වල තීරණ ක්‍රියාත්මක වෙනහැටි පෙන්වන එක ජනමාධ්‍යයට ඇති වගකීමක්. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 19 June 2014 09:14 PM

අද සියලු චෝදනා එල්ල වෙන්නේ එක පැත්තකට පමණයි..එතන විශාල කුමන්තරණයක් තියෙනවා.හාමදුරුවන්ට පහර දීම,බොදුබල සේනාවේ පෙරහැරට පහර දීම වගේ මේ සිදුවීමට හේතු පාදක වුනු ප්‍රධාන සිදුවීම් සියල්ල යට ගිහිල්ල.ගිහිල්ල නෙමෙයි හිතා මතා යවල.ධර්ග ටවුන් වලින් පැට්රුල් බෝම්බ ආයුධ ගබඩා බෝක්කු යටින් හම්බ වෙන්නේ අපි ගෙනිහින් තියල නෙමෙයිනේ..ඔවුන් සුදානම් වුනේ ගැටුමකට.(අ)

:       0       0

කීර්ති Wednesday, 18 June 2014 07:04 PM

ඉතා වැදගත් තීරණයක් (නි)

:       0       0

සුමේධ Thursday, 19 June 2014 12:32 PM

සමහර අදහස් දකිනවිට සිතේ පහළ වන්නේ සංවේගයකි. (නි)

:       0       0

සලිත් Thursday, 19 June 2014 08:03 AM

ඇත්තටම ජනාදිපති තුමෝ එදා අර රැස්වීම නවත්තලා තිබ්බා නම් මේ අපරාදය වෙන්නේ නෑ. මගේ දිස්ත්‍රික්කයේ ඇමතිවරු තුන් දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් කතාකරාද?  නැවත මෙවැනි දෙයක් නොවෙන්න වැරදි කරපු අය අත්අඩංගුවට ගන්න.(නදී)

:       0       0

අසෝක Thursday, 19 June 2014 08:03 AM

ජනාදිපතිතුමා වැඩේ ගානට ශේප් කරලා දමයි. (නදී)

:       0       0

රිස්වාන් Wednesday, 18 June 2014 07:21 PM

මම නම් කියන්නේ සිංහල මිනිස්සු ඉතාමත්ම හොද මිනිසුන් මුළු ලෝකයෙන්ම මම හොදටම දන්නවා මේ වෙන්නේ මොනවද කියල මට නම් තේරුමක් නැහැ (අ)

:       0       0

ලංකා තිලක් Thursday, 19 June 2014 08:20 AM

මේ සිදුවීමත් සමග පළවුණු ප්‍රතිචාර සදහා විකල්ප අදහස් වලටත් ඉඩක් දෙමු. අපි කවුරුත් ගැටුම් වලට කැමති නැහැ. හැබැයි එ්කට අපි විතරක් කැමැති වෙලා වැඩක් නැහැ. අද සියලු චෝදනා එල්ල වෙන්නේ එක පැත්තකට පමණයි. එතන විශාල කුමන්ත්‍රණයක් තියෙනවා. හාමදුරුවන්ට පහර දීම සහ දෙපැත්ත කල කී දේ හොඳින් සොයා බලා දෙපැත්තේම වැරදි කලවුන්ට දඩුවම් දෙමු (නදී)

:       0       0

නාලි Thursday, 19 June 2014 08:26 AM

මමත් බලන් ඉන්නේ මොකද වෙන්නේ කියලා අපක්ෂපාති පරික්ෂණයක් තිබ්බොත් ඔක්කොම අමාරුවේ (නදී)

:       0       0

කුසුම් Wednesday, 18 June 2014 07:36 PM

අලුත්ගමදී හිමි නම කල ඒ ආන්දෝලනාත්මක කතාවේදී ජනාධිපති තුමා පත්කළ අධිකරණ ඇමති ගැනත් විවේචනය කලානේ. එතකොට සමහර ඇමැතිතුමන්ලා ගැන විවේචන? ඒවා කිවේ විහිළුවටද? නැත්නම් ඒ විවේචන කලේ ඇත්තටමද? "කඩ ටිකට අබ සරණයි" කියල කිව්වා වගේ. (නදී)

:       0       0

නිරෝෂ් Thursday, 19 June 2014 10:14 PM

ඔබ නිවැරදි තීරණ ගන්න නායකයෙක් (නි)

:       0       0

කොළඹගේ Wednesday, 18 June 2014 07:41 PM

දැන් ඔක්කොම ඉවරවෙයි.. පරීක්ෂණ නම් කියක් තිබ්බද. කෝ මොනවද උනේ. තාවකාලික පැලැස්තර. නීතිය ඉස්සෙල්ලා ක්‍රියාත්මත කෙරුවා නම් අද මෙහෙම වෙන්නේ නෑනේ (නදී)

:       0       0

ජයන්ත වික්‍රමසිංහ Wednesday, 18 June 2014 07:47 PM

අන්තවාදී සංවිධාන තහනම් කරන්න බැරිනම් පරීක්ෂණ තියල අැති වැඩක් නැහැ. (නදී)

:       0       0

කිත්සිරි Thursday, 19 June 2014 10:20 PM

ජනාධිපතිතුමනි, අපේ බලාපොරොත්තු නැතිකරන්න නම් එපා (නි)

:       0       0

රකිත් Thursday, 19 June 2014 09:00 AM

තරාතිරම නොබලා රටේ නිතිය හරියට ක්‍රියාත්මක කරන බවට විටින් විට ප්‍රකාශ නිකුත් විය. නමුත්, එය තවමත් එලෙසින් ක්‍රියාත්මක වී නැත. රටේ නිතිය සැමට පොදුවේ ක්‍රියාත්මක වන්නේ නම් මෙම ප්‍රශ්න මතුවන්නේ නැත. (නදී)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 18 June 2014 08:07 PM

අපක්ෂපාතී පරීක්ෂණ , කොමිෂන් වාර්තා , කමිටු වාර්තා වගේ දෙවල් ගැන පැහැදීමක් අපිට නැති එක තමයි තියන ගැටලුව. (නදී)

:       0       0

ලංකා තිලක් Wednesday, 18 June 2014 08:14 PM

අන්තවාදී සංවිධාන තහනම් කරනවා නම් ඔය සුළු ජාතික දේශපාලන පක්ෂ ඔක්කොම තහනම් කරන්න වේවි.ඔවුන් පෙනී සිටින්නේ ඔවුන්ගේ වර්ගයා වෙනුවෙන් පමණයි. ඔවුන් ක්‍රියා කරන්නේ කතා කරන්නේ ඔවුන්ගේ වර්ගයා වෙනුවෙන් පමණයි. බොදු බල සේනාව විතරක් මොකද මේ කට්ටියට අන්තවාදීව පෙන්නේ. සිංහලය ගැන බෞද්දය ගැන කතා කරන්නේ ඔවුන් පමණක් නිසාද.?ජනාධිපති තුමනි රැවටෙන්න එපා.හැමෝම හදන්නේ ඔබතුමාගේ සිංහල බෞද්ධ ඡන්ද පදනම බිද දමන්න. ඒක බිද ගත්ත දවසට විතරයි ඔබතුමාව ගෙදර යවන්න පුළුවන් කියල කට්ටිය දන්නවා. (අ)

:       0       0

මිනිසා Thursday, 19 June 2014 01:02 PM

ජනාධිපතිතුමා ඔබ නිවැරදියි (දී)

:       0       0

ප්‍රබා Wednesday, 18 June 2014 04:11 PM

අපි හැමදාම ස්ථාලේ වහන්නේ අශ්වයා පැන ගියාට පස්සේ (නදී)

:       0       0

සම්පත් Thursday, 19 June 2014 05:11 PM

ඉතාම හොඳයි (නි)

:       0       0

සරා Thursday, 19 June 2014 01:16 PM

රතුපස්වල කීයක් මැරුණද? තාම තුවාල ලබපු මිනිස්සු අසරණ වෙලා. තාම ජනාධිපති එහෙනම් ගියේ නැහැ නේද? ඒ මොකද? (නදී)

:       0       0

සුනිල් Wednesday, 18 June 2014 04:22 PM

දැන් ඉතින් මොනවා කරන්නද? නැති උන වටිනා ජීවිත වලට පන දෙන්නද? විනාස උන දේපල නැවත දෙන්නද? අළු වෙලා තියෙන නිවාස අයෙත් හදා දෙන්නද? කරන්න තිබුන දේ තමා මෙවැනි දේ සිදු නොවෙන හැටියට වග බල ගැනීම. (අ)

:       0       0

ප්‍රියංකා Wednesday, 18 June 2014 04:26 PM

හොද තීරණයක්. මේවගේ දේවල් අනාගතේදී ඇති නොවෙන්න නියම තීරණ ගන්න කියල ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. (අ)

:       0       0

මනෝජ් විලේගොඩ Wednesday, 18 June 2014 09:10 PM

ලංකා තිලක්, ඔබ ඉතාමත් හොඳ කාරණාවක් පෙන්වා දුන්නා. මේ අපි හැමෝගෙම රටට වින කරන කාලකන්නි මිනිසුන් කොටසක් ඉන්නවා. මේ අය දන්නවා ජනාදිපති තුමාව වට්ටන්න තියන හොඳම විදිය. එතුමාට සිංහල බෞද්ධයන් තුල තියන හෘදයාංගම ලෙන්ගතුකම නැතිකරන එක කියලා. සිංහල මිනිස්සු වගේ මේ අනිකුත් ආගම්වල පුරවැසියනුත් එතුමාට ගොඩක් කැමතීයි. නමුත් මේ මොනදේ කලත් වර්තමාන ලංකාවේ සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් මේ හැම ආගමකම බහුතරයක් මිනිස්සු ඉතාමත් බුද්දිමත්. (නදී)

:       0       0

අශාන් Thursday, 19 June 2014 05:19 PM

මේ වෙලාවේ අපක්ෂපාති පරීක්ෂණයක් කරනවා කියන්නේ වෙනදට පක්ෂපාති පරීක්ෂණද කරන්නේ? (නදී)

:       0       0

ඉන්ද්‍රලාල් Wednesday, 18 June 2014 04:33 PM

ඒක නම් ඉතාම හොඳයි (නි)

:       0       0

පියසේන Wednesday, 18 June 2014 04:33 PM

ජනාධිපතිතුමා කවදත් ගත්තේ සාධාරණ නිවැරදි පැත්ත (නි)

:       0       0

සුසිර Wednesday, 18 June 2014 09:16 PM

ලංකා තිලක් මහත්තයාගේ බළලා ඔය පැන්නේ මල්ලෙන් එලියට. මේ රටේ බහුතරය සිංහල බෞද්ධ. නිදහසින් පසු අන්‍ය ආගමිකයෙක් අන්‍ය ජාතිකයෙක් මේ රටේ ප්‍රධාන පුරවැසිය වෙලා නැහැනේ. පොදුවේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් රටේ සාමය හා නිතිය සැමට එකලෙස ක්‍රියාත්මක වන පරිදි ස්ථාපිත කරලා ජනතාව මේ ඉන්න ආර්ථික අපහසුතාවයෙන් මිදෙව්වා නම් එතුමාට කිසිම බේදයකින් තොරව චන්දෙ දෙයි. තිලක් මහත්තය කියන ඔය අන්තවාදී දේශපාලන පක්ෂත් දැන් ඉන්නේත් ආණ්ඩුවේම නේද? අර අන්තවාදී කණ්ඩායම ගැන අපට තිබෙන ප්‍රශ්නය තමයි බුද්ධාගමට මේ අය නිසා අපහාසයක් වෙන එක හා සමහර බෞද්ධයන්ව නොමග යැවීම.(නදී)

:       0       0

සීලා Wednesday, 18 June 2014 09:22 PM

කොමිසන් ගැන අහල තිත්ත වෙලා තියෙන්නේ. අවසාන ප්‍රතිපලේ පුස්සක්!.(නදී)

:       0       0

ජේමිස් Wednesday, 18 June 2014 04:39 PM

කොතරම් නිවැරදි නායකත්වයක්ද? (නි)

:       0       0

ටිරෝන් Wednesday, 18 June 2014 09:33 PM

මනෝජ් විලේගොඩ, කවුද ඒ මිනිස්සු. ජනාධිපති තුමාට තියන ලෙන්ගතු කම නැතිකරන්න ඒ අය මොනවද කලේ? මිනිස්සු මරල කඩ ගිනි තියපු එකද? නැත්නම් විපක්ෂයේ අය ජාත්‍යන්තරයට කේලම් කියන පරණ තැටියමද? (දී)

:       0       0

Machang Wednesday, 18 June 2014 09:41 PM

අලුත්ගමට යන්නේ නැතේ මොකද? (අ)

:       0       0

සනත් Friday, 20 June 2014 02:31 AM

වරද කවුරු කළත් වරද්දක්ම තමයි (නි)

:       0       0

කේශාන් Wednesday, 18 June 2014 04:41 PM

ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

මූර්ති Wednesday, 18 June 2014 04:43 PM

ඔබතුමාට ජය වේවා! (නි)

:       0       0

සේනාධීර Friday, 20 June 2014 02:34 AM

අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වාර්තාවත් ඉක්මණින් අපිට දැනගන්න සළස්වන්න (නි)

:       0       0

නලීන් Wednesday, 18 June 2014 04:43 PM

අපේ රටට විනකරන බලවේග විනාශ කරන එක හිතන තරම් පහසු වෙන්නේ නැහැ. (නි)

:       0       0

නිසාර් Wednesday, 18 June 2014 10:04 PM

කොහොමද ඡන්ද ගබඩාව බේරගත්ත හැටි. (අ) .

:       0       0

ශ්‍යාමිලා Wednesday, 18 June 2014 04:47 PM

සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳීම තමයි හොඳ (නි)

:       0       0

ප්‍රියා Wednesday, 18 June 2014 10:23 PM

මුලින්ම හරිහැටි නීතිය ක්‍රියාත්මක වුණා නම්, මෙපමණ විනාශයක් වෙන්නේ නැතිවෙයි (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 18 June 2014 04:49 PM

නැති වූ ජීවිත සහ දේපල වලටත් යම් සහනයක් දෙන්න (නි)

:       0       0

කාංචන Wednesday, 18 June 2014 10:34 PM

ජනාධිපතිතුමනි, අපි බලා සිටින්නේ ඔබ දෙසයි. (නි)

:       0       0

රන්ජිත් Wednesday, 18 June 2014 10:41 PM

ලංකා තිලක්,ඔබ වැනි අය අපේ රටේ සිටීම අපේම අවාසනාවයි. (නි)

:       0       0

බිමල් Wednesday, 18 June 2014 05:01 PM

අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනවා නම් බොහොම හොඳයි (නි)

:       0       0

ෆර්හාඩ් Wednesday, 18 June 2014 05:01 PM

අපිත් බලා සිටින්නේ සාධාරණය ඉටුවෙනතුරුයි (නි)

:       0       0

එමිල් Wednesday, 18 June 2014 05:02 PM

ඔබතුමායි සැමදා අපේ ජනපති! (නි)

:       0       0

නන්දසිරි Wednesday, 18 June 2014 05:03 PM

ජනපතිතුමාට ජයවේවා! (නි)

:       0       0

හේරත් Thursday, 19 June 2014 10:48 AM

කුසුම් ගැන වෙනසක් හිතෙනවා. ලංකා තිලක් මහත්තයාගේ අදහස්වලට මමත් එකගවෙනවා (නදී)

:       0       0

හසන්ත Wednesday, 18 June 2014 05:11 PM

ඉතාමත්ම අගෙයි (නි)

:       0       0

රොෂාන් Wednesday, 18 June 2014 11:21 PM

එතුමාගේ කැපවීම අපි අගය කරමු (නි)

:       0       0

කවිරාජ් Wednesday, 18 June 2014 11:36 PM

අපි ඒ දිනය පැමිණෙනතුරු ඇඟිලි ගනිමින් බලාසිටිනවා (නි)

:       0       0

හරේන්ද්‍ර Wednesday, 18 June 2014 11:38 PM

මේ ර‍ට ඇතුළේ අපි සියලු දෙනාටම එකට එක්ව වාසය කරන්න බැරිතරමට මොකක්ද මිනිසුනේ තිබෙන ප්‍රශ්නය? (නි)

:       0       0

හේරත් Wednesday, 18 June 2014 11:39 PM

ඔබතුමාට ජය වේවා! තෙරුවන් සරණයි! දෙවි රැකවරණයි! (නි)

:       0       0

ප්‍රියා Thursday, 19 June 2014 11:04 AM

ලංකාතිලකගේ අදහස් වලට ගරු කරමි (නදී)

:       0       0

හෂාන් Wednesday, 18 June 2014 05:26 PM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

අරෝෂ් Wednesday, 18 June 2014 05:34 PM

ජනාධිපතිතුමා කවදාවත් වැරදි පැත්ත ගන්නේ නැහැ. අපි ඒක හොඳටම දන්නවා (නි)

:       0       0

සෝමරත්න Thursday, 19 June 2014 12:37 AM

කළුතරට පොලීසි එපා. අපිට හමුදාවම දෙන්න (නි)

:       0       0

රොෂාන් Thursday, 19 June 2014 12:51 AM

ජනපතිතුමා ගන්නේ හරි තීරණ තමයි (නි)

:       0       0

කොස්වත්ත Wednesday, 18 June 2014 05:45 PM

ඔබයි සැබවින්ම අපගේ බලාපොරොත්තුව (නි)

:       0       0

හුසේන් Thursday, 19 June 2014 01:07 AM

මිනීමැරීම වගේම එයට පෙළඹවීමටත් දඬුවම සමානයි නේද? තරාතිරම නොබලා දඩුවම් දෙන්න. රටම දන්නවා මොනවද වුණේ කියලා. එනිසා, අපිත් බලා ඉන්නේ ඔබතුමා කියූ දේ ඉටුකර රටේ හැම ජන වර්ගයකටම එක හා සමානව සළකන මානව හිතවාදියෙක් යන්න ක්‍රියාවෙන්ම දැකීමටයි (නි)

:       0       0

කුමාර Wednesday, 18 June 2014 05:46 PM

මෙම ප්‍රශ්නය මෙතරම් දුර ගෙනයාමට ආවේගශීලීව ජනතාව කුපිත කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 18 June 2014 05:51 PM

හැමදෙයක් පසුපසම ඇත්තේ අපට නොතේරෙන අපට නොදැනෙන බලවේගයකි (නි)

:       0       0

සමන්තිකා Thursday, 19 June 2014 01:42 AM

අපරාදේ! ජීවිත කීයක් නම් මේ නිසා රටට නැතිවුණාද? (නි)

:       0       0

සඳරුවන් Wednesday, 18 June 2014 06:01 PM

අපේ මිනිසුන්ට ඔක්කොම ටික කාලයයි මතක තියෙන්නේ. (නි)

:       0       0

සුජීවා ප්‍රියදර්ශනී Thursday, 19 June 2014 02:43 AM

ජනාධිපතිතුමනි, වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න පරීක්ෂණයක් පවත්වන්න. (නි)

:       0       0

එරංග Thursday, 19 June 2014 07:38 PM

ජනතාව බලා සිටින්නේත් එයයි (නි)

:       0       0

නිර්මාල් Thursday, 19 June 2014 04:33 AM

දැන්වත් ඉතින් වැරදි නිවැරදි කර සාමයේ හඩ දසත පතුරුවමු (නි)

:       0       0

භානු Thursday, 19 June 2014 04:48 AM

මේ කලබගෑනිය ඇති කර ජන ජීවිත අවුල් කිරීමට මුල් වූ කෙනා තමා පළමුව සොයාගන්න ඕනෑ. (නි)

:       0       0

චන්න Thursday, 19 June 2014 04:57 AM

ජීවිත නැතිවෙලා,දේපල හානිවෙලා,රටේ නම කැත වෙලා.... සමාවෙන්න මේ වචන පාවිච්චි කරනවට.මේ ලැජ්ජාවෙන් අපි පළමුව ගැලවිලා ඕනෑ අනිත් දේවල් කරන්න. මෙතන අගතියට පත් මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ට කරමු පළමුවෙන්ම. මේ සිද්ධිය නිසා මානව හිමිකම් ප්‍රශ්න වලදී අපේ පැත්තට කතා කළ මිත්‍ර රටවල් පවා දැන් විමතියට පත්වෙලා. (නි)

:       0       0

රෝයි Thursday, 19 June 2014 07:48 PM

මෙයයි අපිත් බලාපොරොත්තු වෙන්නේ (නි)

:       0       0

නිවන්ත Wednesday, 18 June 2014 06:12 PM

ඔබතුමාට ජය ශ්‍රී! (නි)

:       0       0

සමන්ත Thursday, 19 June 2014 05:04 AM

මනෝජ් ඔලුවෙන් හිටගෙන මොළය බිම තියාගෙනද කොහෙද? හරි. එහෙනම් මේ කලබලය ඇති කළේ කවුද කියලා කියන්නකෝ. (නි)

:       0       0

හෂාන් Wednesday, 18 June 2014 06:13 PM

සියලු දෙනා සමගියෙන් ඉන්න (නි)

:       0       0

ඉන්ද්‍රලාල් Thursday, 19 June 2014 05:06 AM

විපතට පත්වූවන්ට ඉක්මන් විසඳුමක් ලැබේවි. (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 19 June 2014 03:33 PM

ලංකා තිලක්, මනෝජ් අපි කාටවත් කඩේ ගිහින් වැඩක් නැහැ. ඔයාලා ලියන ඒවට රැවටෙන පිරිසකුත් ඇති.(නදී)

:       0       0

ලසන්ත Thursday, 19 June 2014 05:27 AM

අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන එක ඉතාම හොඳයි (නි)

:       0       0

හිරාන් Thursday, 19 June 2014 05:28 AM

මනෝජ්, ඔය කතාව කාටවත් කියන්න එපා (නි)

:       0       0

සම්පත් Thursday, 19 June 2014 05:36 AM

අපිට ඔබ ගැන විශ්වාසයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2517 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1667 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2416 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 572 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3321 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site