IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


"ජනපති බලතල පික් පොකට් ගහලා"

ශ්‍රී   ලංකාවේ  නිති  පද්ධතියට  එකතු වු  අවාසනාවන්තම නිතිය බවට   පත්වුයේ   17 වන  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. එහි  උපත  2001 වසරේදිය. උපතේදිම  එය  ආබාධිත  දරුවෙක්  විය. 2006 වසරේදි  මේ  ආබාධිත  දරුවා   සිහිසුන්  තත්වයට  පත්  වි   2010 දි  සදහටම  නෙත්   පියා  ගත්තේය.

මෙසේ  මිය ගිය  17 වන  සංශෝධන  නැමැති  දරුවා   19 වන ආණ්ඩුක්‍රම   ව්‍යවස්ථා   සංශෝධනය නමින්  පුනරුප්පත්තිය  ලැබීම  සඳහා   මේ  දිනවල  විලිරුදාවෙන් පෙලේ. මේ  දරුවා නිරෝගි   දරුවෙකු  ලෙස  බිහිකරගන්නට  දේශපාලකයන්  නැමැති  වෛද්‍යවරු  දැඩි  වෙහෙසක්  ගනිති. දරුවාග්  උපතට   දින ලබා   දි   ඇත්තේ   ලබන  සතියේය. දරුවා   නිරෝගි   ලෙස  බිහිවෙයිද? නැතහොත්   උපන්   ගෙයිම මියයයිද? මේවන විට  ශ්‍රී ලාංකික  දේශපාලනයේ   මතුවී   ඇත්තේ   එවැනි  අවිනිශ්චිත තත්වයකි.

කලින්  සම්මත වු   17 වන  සංශෝධනයට   මෙවන්   ඉරණමක්   අත්වුයේ   ඇයි? එය උපතෙන්  පසු   අබාධිත  තත්වයට  පත් වුයේ   මැතිවරණ  කොමිසම  නිසාය. මැතිවරණ කොමිසමට   ව්‍යවස්ථාදායක  මණ්ඩලය විසින්  නම් කල  හිටපු   ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු  වු  රංජිත්  ධීරරත්න  මහතාගේ    පත්වීම  එවකට   සිටි   ජනාධිපතිනිය විසින්   අනුමත නොකිරිම නිසාය. යම්   පත්විමක්   ජනාධිපතිවරයා  හෝ   ජනාධිපතිනිය විසින්   අනුමත  නොකළහොත්   එම  පත්වීම  බලාත්මක  කරන  නීතිමය   ප්‍රතිපාදන   17 වන ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ  අඩංගු  නොවිය.  එම  හිඩැස  ප්‍රයෝජනයට  ගත්   ජනාධිපතිනිය කොමිසමට   නම් කරන ලද රංජිත්   ධිරරත්න  මහතා   එක්සත්   ජාතික  පක්ෂට   හිතවත්  පුදගලයෙක්   යයි පවසමින්   එම  පත්විම   අනුමත   නොකිරිම  නිසා   ස්වාධින  මැතිවරණ   කොමිසම  අක්‍රීයව  පැවතුනි.

2005 පැවැති   ජනාධිපතිවරණයෙන්  පසුව  මගින්ද  රාජපක්ෂ මහතා   ජනාධිපති   වුවද  ඔහුත්   එම  මැතිවරණ  කොමිසම  සක්‍රිය  නොකළේය.

එපමණක්  නොව  ජනාධිපතිනියගේ අනුමැතියෙන්   සක්‍රිය  ව තිබු  පොලිස්   කොමිසම  වැනි  ස්වාධින  ආයතන සහ අධිකරණ සේවා  කොමිසම  වැනි  ස්වාධින  ආයතන  වලට   සාමාජිකයින්ගේ   නිල ධුර   කාලය  2006 වසරේදි    අවසන්  වුවද  මහින්ද  රාජපක්ෂ  ජනාධිපතිවරයා   එම කොමිෂන්   වලට   සාමාජිකයින්   යලි   පත්   නොකිරිම  නිසා   17 වන  සංශෝධනය නැමැති   මෙම   දරුවා   සිහිසුන්  තත්වයට   පත්විය.

2006 වසරේ   සිට  රජය  එල්.ටී.ටී.ඊ. සමග  යුද්ධයේ   තිරණාත්මක කඩයිමට   පැමිණි   නිසා   කිසිවෙකුටත්   මෙම  17 වන  සංශෝධනය  යලි   බලාත්මක  කරන  ලෙස   හඩක්   නැගිමට   අවස්ථාවක්   නොමැති   විය.

2009 යුද්ධය  ජයගැනිමත් සමගම 2010 දි   පැවැත්වු   ජනාධිපතිවරණයෙන්   සහ  පාර්ලිමේන්තු   මැතිවරණයෙන්   මහින්ද  රාජපක්ෂ  මහතාට   යලි   බලය   හිමිවිය.

පාර්ලිමේන්තු මැතිවරණයේදි   2/3 කට   කිට්ටු  ආසන  සංඛ්‍යාවක්   හිමිවිම පසුව  විපක්ෂයේ  සිටි   මුස්ලිම්  කොංග්‍රසය  රජයට   සහාය   දිමත්    සමඟ ම පාර්ලිමේන්තුවේ   2/3 බලය  සකස්  කර  ගැනිමට   රාජපක්ෂ  ජනාධිපති වරයාට හැකිවිය.

මේ  2/3 බලය  උපයෝගි  කරගෙන  18 වන  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා   සංශෝධනය  පාර්ලිමේන්තුවෙන්   සම්මත  කර ගත්තේය.

එම  සංශෝධනය  අනුව 17 වන  සංශෝධනය  මුළුමනින්ම අහෝසි කොට  එම  කොමිසන්   සභා   වලට  සාමාජිකයින්   පත්කිරිමේ   බලය  ජනාධිපතිවරයා   වෙත  ලබා  ගැනිමත්  සමග  එතෙක්   සිහිසුන්  ව සිටි  17 වන  සංශෝධන  නැමැති  දරුවා  සදහටම  නෙත්  පියා  ගත්තේය.

18 වන සංශෝධනයේ   තවත්   පරමාර්ථයක්  වුයේ   78 ව්‍යවස්ථාවෙන්   ජනාධිපතිවරයාගේ   ධුරකාලය  දෙවරකට  පමණක්   සීමාවන  ලෙස  පනවා  තිබු   නිතිමය  ප්‍රතිපාදන  අහෝසි කිරිමයි.

17 වන  සංශෝධන  අහෝසි   කිරිමත්  ජනාධිපතිවරයාට   නැමැති   වාර   ගණනක්   ජනාධිපති  ධුරය දැරිමට   හැකිවන  ලෙසත්   සම්මත   කල  18 වන  සංශෝධනය  සමාජයේ  දැඩි ලෙස  කථාබහට  ලක්විය.

මේ  කතිකාවට  මුල පිරෙන්නේ නාග විහාරධිපති   පුජ්‍ය මාදුළුවාවේ   සෝභිත  හිමියන්   විසින්  පිහිටුවන ලැබු සාධාරණ  සමාජයක්   සදහා    වු   ව්‍යාපාරය   මගින්   මුලින්   එය  කුඩා   ජාලයක්   ලෙස  දිස් වුවද  2013 අවසාන  කාලය  වන විට  එය  දැවැන්ත  වෘක්ෂයක්   වන  ලකුණු   පහලවිම දක්නට   ලැබුණේ   විවිධ   සිවිල්   සංවිධාන   සමාජ   ක්‍රියා ධරයන්   ඒ  වටා   රොක්  විම  නිසාය.

මේ  වාක්ෂයේ   දැවැන්ත පිබිදිමට   හේතුවු   තවත්  කරුණු   කාරණා   රජයේ   පාර්ශවයෙන්ද  මේ  ව්‍යාපාරය  සදහා  අනියමින්   ලැබුණි.

ඒ  හිටපු   අගවිනිසුරු   ශිරාණි   බණ්ඩාරනායක  මහත්මිය  අගවිනිසුරු   ධුරයෙන්   ඉවත්  කිරිම  සදහා   ගෙන  ආ   දෝෂාභියෝජනාවක්  එය  රැ දවල්   නොබලා   කඩිමුඩියේ   පාර්ලිමේන්තුව  මගින්  සම්මත  කිරිමෙන්ය.

එයට   අමතරව රජයට  නොයෙක්  ආකාරයේ   උපදෙස්   ලබා  දෙමින්  රජයට   හිතවත්    සහ   සමිපව   සබදතා  පවත්වමින්  සිටි   මොහාන්  පිරිස්   මහතා    අගවිනිසුරු  ලෙස   පත්   කිරිම  තවත්   කරුණක්  විය.

මේ  සිදුවිමත්   සමග ම  එතෙක්    හුදකලා   සටන්   පාට  කියමින්  සිටි   විරුද්ධ  පක්ෂයට    අයත්   දේශපාලකයින්ද  සෝභිත  හිමියන්ගේ   ව්‍යාපාරය   වටා   කඩිනමින්   රොක්  විය.

මේ  එක්විමත්   සමග සාධාරණ  සමාජයක්   සදහා වු   ව්‍යාපාරය   ජනාධිපතිවරයාට   අපේක්ෂකයෙකු   ලෙස  ඉදිරිපත්   විය යුතුය යන   මතය  දක්වා   අති  දැවැන්ත   වර්ධනයක්  අත්සන්  කරගත්තේය.

2014 වසර   මැද භාගයේ  දි  ජනාධිපතිවරයෙක්   කැදවන   බවට   ලැබුණු  තොරතුරු   අනුව  මෙම  ව්‍යාපාරය   වඩාත්ම  ශක්තිමත්   විය.

මේ  ව්‍යාපාරයේ  ප්‍රධාන සේවාව  වුයේ  විධායක   ජනපති ක්‍රමය   අහෝසි   කර  දැමිය යුතුය යන්නයි. විධායක  ජනාධිපති ක්‍රමය   අහෝසි   කිරිමේ   කාර්යය  වෙනුවෙන්   විපක්ෂයේ   පොදු  අපේක්ෂකයා   ලෙස  මාදුළුවාවේ   සෝභිත  හිමියන්  ඉදිරිපත්   කළ යුතු  බවටද  ප්‍රබල  මතවාදයක්  ගොඩනැගි   තිබුණි.

මේ  වෙනුවෙන්   විවිධ   දේශපාලන   සාකච්ඡා ආරම්භ   කර  තිබුණු   අතර   පසුව  විධායක  ජනාධිපති   ක්‍රමය   අහෝසි   කිරිම   යන   ප්‍රධාන   තේමාව ඇතුලත් නඩුව අතට ගන්නේ  හිටපු   ජනාධිපතිනි  චන්ද්‍රිකා   බණ්ඩාරනායක  කුමාරතුංග   මහත්මියයි.

ඇය  එක්සත්   ජාතික  පක්ෂයේ   සමගත්  රජයේ   ඇයට  හිතවත්   ප්‍රබල  ඇමැතිවරුන්   සමගත්  අතිශය රහසිගත ලෙස  සන්නිවේදනය අරඹා   විධායක  ජනාධිපති   ක්‍රමයේ   නිර්මාතෘවරුන් වන  එක්සත්   ජාතික  පක්ෂත්  නව සටනට   පොළඹවා  ගත්තාය.

එක්සත්   ජාතික  පක්ෂයත් විධායක  ජනාධිපති  ක්‍රමය   අහෝසි   කිරිමේ   සටනට   කැමැත්ත  පලකල  අතර   සාධාරණ   සමාජයක්   සහා වු   ව්‍යාපාරයේ   මුලික   පරමාර්ථය  වුයේ   මෙම  කාරණය  ඉටු   කරගැනිම  සදහා   කාටත්   පිළිගත   හැකි    සැම  දෙනාම  එකඟවන  පොදු   අපේක්ෂකයෙකු   ඉදිරිපත්  කළ යුතුය යන්නය.

මේ   අතර   රජයේ   ප්‍රධාන  පාර්ශවකරුවෙකු   වු  ජාතික   හෙළ උරුමයේ   පාර්ලිමේන්තු මන්ත්‍රි   පුජ්‍ය  අතුරලියේ රතන හිමියන්ද  විධායක  ජනාධිපති  ධුරය සංශෝධනය කිරිම  ප්‍රධාන  කොටගත්   “පිවිතුරු හෙටක්” ව්‍යාපාරය නිර්මාණය කලේය.

පිවිතුරු   හෙටක්   ව්‍යාපාරය   මුලින්ම   විධායක  ජනාධිපති   ක්‍රමය  සංශෝධනය  කිරිම   පිළිබඳ යෝජනාව ඉදිරිපත්   කලේ    ජනාධිපති    මහින්ද   රාජපක්ෂ මහතාටය.

එයට   අනුකුලතාවයක්   නොදැක්වීම නිසා   ජාතික  හෙළ   උරුමය   රජයෙන්  ඉවත්  විය.

මේ  අතර    ජනතා    විමුක්ති    පෙරමුණත්   ඉතා   දැඩිව   සමාජය   වෙන  මුදා හල මතය   වුයේ   ඒකාධිපති   බලතල සහිත   මහින්ද   රාජපක්ෂ   සහ  ඔහුගේ   පවුල්   පාලනය  පලවා   හැරිය  යුතු   බවය.

ශ්‍රිලනිප මහලේකම්   සහ  මහින්ද රාජපක්ෂ   රජයේ    සෞඛ්‍ය    ඇමැති    මෛත්‍රිපාල  සිරිසේන  මහතා   තම  තනතුරු   වලින්  ඉවත්   වී   මහින්ද රාජපක්ෂ  ජනාධිපතිරයා  සමග  තරග කිරිම  සඳහා   පක්ෂයේ   පොදු   අපේක්ෂකයා  ලෙස  කල  එලි   බැස්සේය.

මෛත්‍රිපාල  සිරිසේන   මහතාගේ ආගමනය  පක්ෂයේ   ප්‍රධාන   දේශපාලන  පක්ෂය වු  එක්සත්   ජාතික පක්ෂය    විසින්   හෘදයාංගම   ලෙස   භාරගනු  ලැබු  අතර   ජනාධිපති    අපේක්ෂකයා    ලෙස  ඔහුට   සහාය   දිමට    එක්සත්   ජාතික  පක්ෂයද   ඒකමතිකව   තිරණය  කළේය.  

එතනින්   ආරම්භ  වු  රනිල්   මෛත්‍රි   සුසංයෝගය   හා  ජාතික  හෙළ  උරුමය   මුස්ලිම්   කොංග්‍රසය   සමස්ත ලංකා   මුස්ලිම්   කොංග්‍රසය   දෙමළ   ජාතික   සන්ධානය තවත්    විපක්ෂයේ    දේශපාලන   පක්ෂ   සිවිල්  සංවිධාන   සමාජ    ක්‍රියාධරයන්   වෘත්තිකයන්   විද්වතුන්   කලාකරුවන්   රොද   බැද  ගැනිමත් සමඟ   දැවැන්ත  බලවේගයක්   බවට  පත්විය.  එහි   ආයු ළුලය  වුයේ   වසර   10ත්   තිස්සේ   මෙරට  පාලනය  කල  සුවිශේෂි චරිතයක් වු  මහින්ද  රාජපක්ෂ  මහතා   බලයෙන්  පහවීමය.

තිස්  වසරක්   තිස්සේ   පැවැති   කුරිරු   යුද්ධය   යුද්ධයකින්   අවසන්    කිරිමට   නොහැකි    බවට   සමාජගත  වී තිබු  ප්‍රබල   මතයක්  මහින්ද  රාජපක්ෂ   මහතා    විසින්   සුණු  විසුණු   කර   දමා   යුද්ධය සාර්ථකව  නිම  කළේය.

යුද්ධය   හමාර   කිරිමෙන්   පසුව   මහින්ද  රාජපක්ෂ   පාලනය   ලෙහෙසියෙන්  පෙරලා    දමන්නට    නොහැකි    බවට   සමාජගගත   ව  තිබු   ප්‍රබල  මතය  රටේ    ජනතාව  විසින්   2015  ජනවාරි   8  දින   සුණු  විසුණු  කළේය.

මහජනයාගේ    මුලික   අභිප්‍රාය   ගොනු  වි  තිබුනේ    විධායක   ජනාධිපති   ක්‍රමය   අහෝසි    කර   පාර්ලිමේන්තුවට   රටේ    යහපාලනය   ඇති කොට  දුෂණයෙන්    තොර    රටක්   නිර්මාණය   කිරිමටය.

මෛත්‍රිපාල   ජනාධිපතිවරයා   මේ   කාරණය   ඉටුකර    ගැනිම  සඳහා   විවිධ  ක්‍රම උපායන්   අනුගමනය   කර  තිබේ.  ඉන්   පළමුවැන්න   වුයේ   ඔහුට   ශ්‍රි    ලංකා   නිදහස්    පක්ෂයෙත්  , එක්සත්   ජනතා   නිදහස්   සන්ධානයෙත්   බලය   හිමිකර  ගැනිමය.

මේ   බලය  හිමිවිමෙන්   පසු   පාර්ලිමේන්තුවේ   2/3 බලය  ඔහුට   හිමිවිය.   මේ   නිසා  දැන්   විධායක   ජනාධිපතිධුරය   සතු  අසිමිත  බලතල  ඉවත්   කිරිම   සහ   ස්වාධින   කොමිසන්   සභා   ස්ථාපිත  කිරිම  සඳහා  වු   19 වන   ආණ්ඩුක්‍රම   ව්‍යවස්ථා  සංශෝධනය   පාර්ලිමේන්තුව  වෙත  ඉදිරිපත්   කර   තිබේ.

මේ   ව්‍යවස්ථා    සංශෝධනය   පිළිබඳව  ශ්‍රී  ලංකා   නිදහස්   පක්ෂය   එකඟත්වය පල  කරන්නේ   කොන්දේසි   සහිතවය.

ව්‍යවස්ථා   සංශෝධනය සමඟ  සමානුපාතික මැතිවරණ  ක්‍රමය  වෙනුවට    කේවල   සමානුපාතික මිශ්‍ර  මැතිවරණ  ක්‍රමය  කරන්නේ   නම්  පමණක්   ව්‍යවස්ථා   සංශෝධනයට  2/3 බලය  ලබා   දෙන   බව  ප්‍රකාශ  කර   තිබේ.

මැතිවරණ  ක්‍රමය  සංශෝධනය කිරිමේ   යෝජනාව    සංකිර්ණ   ප්‍රශ්ණයකි. එය එකි    රැයකින්   නිමකල  නොහැකිය. අතින්  අතට   රජය   ජනාධීපතිවරණයේදි   ජනතාවට කියා   සිටියේ දින 100 වැඩපිළිවෙළ  අවසන්   වු    වහාම   අප්‍රේල්   මාසයේ   පාර්ලිමේන්තුව   විසුරුවා   හරින  බවය.

දැනටමත්    දින   80ක්  ගත වී    හමාරය. 19  වන   ව්‍යවස්ථා    සංශෝධනය ගැසට්   කර   පාර්ලිමේන්තුවට ඉදිරිපත්    කර   හමාරය. එය  8,9,10 දිනවල   විවාදය   සඳහා    දින   නියම කර  තිබේ. තත්වය එසේ   තිබියදි    මැතිවරණ   ක්‍රමය   වෙනස්   කිරිම   පිළිබඳ යෝජනාව   තවමත්  තිබෙන්නේ   සාකච්ඡා  මට්ටමේය.

මේ  තත්වය යටතේ   19  වන  සං‍ශෝධනයට   කුමක්   සිදුවේද? මේ  දිනවල   රටතුළ  නැගි   ඇති    බරපතල   අර්බුදකාරි    ප්‍රශ්ණය එය වේ.

මේ  අර්බුදයට  අමතරව තවත්   අර්බුදයක්    නිර්මාණය  වී  තිබේ.

ශ්‍රි   ලංකා   නිදහස්   පක්ෂයේ  කොටසක්   මෛත්‍රිපාල   රනිල්  ආණ්ඩුවේ    අමාත්‍ය    ධුර    ලබා    ගැනිමය.  එම   අමාත්‍ය  ධුර  ලබා    ගැනිම   නිසා   ශ්‍රිලනිපයේම  මන්ත්‍රිවරුන් පිරිසකගේ   සහාය   ඇතිව   එක්සත්   ජනතා    නිදහස්  සන්ධානයට    අයත්    ජාතික   නිදහස්    පෙරමුණ   ප්‍රජාතන්ත්‍රවාදි    වාමාංශික  පෙරමුණ   පාර්ලිමේන්තුවේ    විපක්ෂ  නායක  ධුරය   මහජන   එක්සත්   පෙරමුණේ   නායක   දිනේෂ්    ගුණවර්ධන   මහතාට  ලබාදිය   යුතුය. යෝජනාව   ඉදිරිපත්   කිරිම  නිසා   මේ   අර්බුදය නිර්මාණය   වි  ඇත.

මේ  සඳහා   ශ්‍රි ලංකා   නිදහස්   පක්ෂයේ   මන්ත්‍රිවරුන්   දෙදෙනෙක්  අත්සන්  තබා    ඇති   බව  කියැවේ.

මේ   කණ්ඩායමට   අයත්   සමහර  මන්ත්‍රීවරුන්   19 සංශෝධනයට    සහාය   නොදෙන   බවත්   ප්‍රකාශ   කර  තිබේ.

මේ   පසුබිම   යටතේ    ශ්‍රි  ලංකා    නිදහස්   පක්ෂය   19 වන ව්‍යවස්ථා    සංශෝධනයට  තවත්   සංශෝධනයක්   ඉදිරපත්   කර  තිබේ.  19 වන  ව්‍යවස්ථා    සංශෝධනය  පාර්ලිමේන්තුවවේ    සම්මත  කිරිමෙන්   පසුව   ස්වාධින තොමිසන්  සභා පත්  කිරිම  හැර   මැතිවරණ   ක්‍රමය   වෙනස්    කිරිම   පිළිබඳව   වු  යෝජනාව  පාර්ලිමේන්තුවේ   සම්මත  විමෙන්   පසුව   බවය.

මෙම  යෝජනාව   19 වන  ව්‍යවස්ථා   සංශෝධනයට   එකතු    කිරිමට   රජය   සුදානම්   බව   කැබිනට්  ප්‍රකාශන   ඇමැති රාජිත   සේනාරත්න   මහතා   පවසයි.

එසේ නම්  19 වන ව්‍යවස්ථා   සංශෝධනය  පාර්ලිමේන්තුවේදි    සම්මත   කිරිමට    මෙතෙක්    තිබු   බාධාව ඉවත්  විය.

ඊළගට  එළඹෙන්නේ   මැතිවරණ    ක්‍රමය   වෙනස්   කිරිම  පිළබඳව   වු  ව්‍යවස්ථා   සංශෝධනයයි. එය  20 වන  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා    සංශෝධනය   ලෙස   පාර්ලිමේන්තුව  ඉදිරිපත්    කරන බව   රජය   දැනටමත්  ප්‍රකාශ කර  තිබේ.

මැතිවරණ  ක්‍රමය  26 වන  සංශෝධනය යටතේ   සම්මත  කළත්   එළඹෙන  පාර්ලිමේන්තු  මැතිවරණය  පැවැත්වෙන්නේ   කලින්  පැවැති    සමානුපාතික ඡන්ද ක්‍රමය   යටතේම  බව  එක්සත්    ජාතික  පක්ෂය පවසයි.

මේ  සම්බන්ධව ශ්‍රිලපනි කුමක්වේද? දැන්   බෝලය ඇත්තේ  ශ්‍රිලපනිය අතේය.

බෝලය  ශ්‍රිලන්ප පාර්ශවයට   ඇද  යද්දි   රජයේ   හවුල්කාර    පක්ෂයක්  වු   ජාතික  හෙල  උරුමය   දැඩි   ලෙස  අවධානය කරන්නේ   19 වන ව්‍යවස්ථා   සංශෝධනය  පාර්ලිමේන්තුවේ   දි  පරාජයට   පත්  කරන  බවයි.

ආණ්ඩුවේ   ප්‍රධානියා   සහ  රජයේ   ප්‍රධානියා   ජනාධිපතිවරයා විය යුතු   බවත්   19 වන  සංශෝධනයෙන්    ජනාධිපතවරයාගේ  බලතල  එක්සත්   ජාතික  පක්ෂය   විසින්    පික්  පොකට්   ගසා    ඇති    බවත්   කියන  ජාතික   හෙල උරුමය   මෙය  ව්‍යවස්ථා   කුමන්ත්‍රණයක්   හෙවත්    පස්ස දොරෙන් ජනාධිපති    බලතල   හොරකම්    කිරිමත්    බවත්    ජාතික  හෙල  උරුමය   කියයි. ජනාධිපති   පඹයෙකු    බවට    පත්කිරිමට   ඉඩ  නොදෙන   බවත්  පාර්ලිමේන්තුවට  ඉදිරිපත්   කර   ඇත්තේ  කැබිනට්   මණ්ඩලය   විසින් අනුමත කරනු  ලැබු   සංශෝධනය නොවන බවත්  එම පක්ෂය වැඩිදුරටත්  කියයි.

රජයට සෘජු   ලෙස  සම්බන්ධ   නොවුවත්   ජනතා   විධායක   සභාවේ   නියෝජනයක්    ඇති   ජනතා  විමුක්ති   පෙරමුණ ජාතික හෙල   උරුමයේ   චෝදනාව  නිශේෂනය  කරමින්   කියා   සිටින්නේ  ව්‍යවස්ථා   කුමන්ත්‍රණයකින්  ජනාධිපති   බලතල  අගමැතිවරයාට   පැහැර   ගැනිමේ   චෝදනාව   අමුලික  අසත්‍යයක්   බවය.

කෙසේ   හෝ   මේ  අර්බුදය   දුර  දිග යන  ලකුණු දැනටමත්   පහල වි   තිබේ. එකිනෙකට   නොගැලපෙන  පරස්පර   විරෝධී මත දරණ  විසින්   මේ  ප්‍රහාරයන්  දියත්   කිරිම නිසා අසරණ වි   ඇත්තේ  19 වන  ව්‍යවස්ථා  සංශෝධනයයි.

යම්  හෙයකින්  මේ  ව්‍යවස්ථා   සංශෝධනය පාර්ලමේන්තුවේ   2/3 ඡන්දයෙන්   සම්මත කර   ගැනිමට   නොහැකි වුවහොක්   එම  සංශෝධනයේම අඩංගු   ස්වාධින  කොමිසන්   සභා   පිහිටුවිම  පිළිබඳ ප්‍රශ්ණයක්  අනිවාර්‍යන්ම මතු වේ.

මෙව  මෙලෙස  සිදු  වි  19 වන සංශෝධනයට කණකොකා ගැසුවොත්   මේ  අඩපාලිය මහජනායාට  කියමින් යලිත්  වරක්   මහජනයාගෙන්   බලය  ඉල්ලා   සිටිමට   දේශපාලන  පක්ෂවලට  සදාචාරාත්මක  අයිතියක්  නොමැත. එසේම  යලි   බලය  ලබාදිමට   මහජනයා  සුදානම්  ද නැත . ඉතිහාසය   එය  මැනවින්   ඔප්පුකර   තිබේ.

2005 දි   මහින්ද  රාජපක්ෂ  මහතා   යුද්ධය  අවසන්  කරන බවට   සනාථ කොට   එය ඉටුකල  නිසා   2010 දි   යලිත්  වරක්   ඔහුට බලය දුන්නේය. 2005 දි   විධායක  ජනාධිපති   ක්‍රමය  වෙනස්  කරන බවට   ප්‍රතිඥා  දුන්නද  යුද්ධය ජය ගැනිම  නිසා   විධායක ක්‍රමය  වෙනස් කිරිම පිළබඳ ප්‍රතිඥාව  දෙවැනි  තැනට   දැමීමට   මහජනයා   කටයුතු  කළහ.

2010 දි යලිත්  වරක්  බලය  ගැනිමට   පෙර  විධායක ජනාධිපති  ක්‍රමය වෙනස්   කරන බවට   මගින්ද  චින්තනයේ   දෙවැනි  දිගුවෙන් යලි   ජනතාවට  පොරොන්දු  විය.

එහෙත්   විධායක   ජනාධිපති ක්‍රමය  වෙනස්   නොකර    17 වන   සංශෝධනයද   අහෝසි   කොට    ජනාධිපතිවරයාගේ     ධුර කාලය   දැරිමේ    සිමා වු    දෙවරක කාලය කැමැති  වාර   ගණනක්   දක්වා   18 වන  සංශෝධනයෙන්   වැඩිකර   ගත්තේය.

විධායක ජනාධිපති   ක්‍රමය  අහෝසි   නොකිරිම  නිසා    මහජනයා    මගින්ද   රාජපක්ෂ   මහතා   ගෙදර    යවා    විධායක   ජනාධිපති    ක්‍රමය   අහෝසි    කරන   බවට    පොරොන්දු වු  මෛත්‍රිපාල  - රනිල්  ප්‍රමුඛ යහපාලන සමාජයට  බලය ලබා දුන්නේය.

මේ ඉතිහාසයයි.මේ පිළබඳව මහජනයා මනා අවබෝධයකින්  සිටියි. මහජනයාගේ  වුවමනා   එපාකම්  දෙවැනි  තැනට දමන  දේශපාලකයන්ට   දඩුවම්   දිමට   මෙරට ජනතාව කිසිදු  මැලි  නොවන බව මේ  ඉතිහාසය අපට  කියාදෙන  මහඟු  පාඩමයි.

    



අදහස් (0)

"ජනපති බලතල පික් පොකට් ගහලා"

තේහම් Wednesday, 08 April 2015 07:16 AM

රනිල් හදන්නේ මේ සෙල්ලමෙන් විධායක බලය එයාට ගන්නද? එ්කට බහුතරය ඉඩ නොදෙන බවයි පේන්නේ (නදී)

:       0       0

මහානාම - කඳාන Wednesday, 08 April 2015 07:16 AM

ඉතා හොද කාලෝචිත පසු විපරමකි. පළකිරීම ගැන කතු තුමාට තුති (නදී)

:       0       0

නන්ද Wednesday, 08 April 2015 07:19 AM

කාලෙකින් දක්නට ලැබුණු සුපිරි විග්‍රහයක්. (නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 08 April 2015 07:44 AM

තේහම් මේකේ හැටියට බලය රනිල්ට යන්නේ මීලග මැතිවරණයෙන් යු.එන්.පි එක දිනලා රනිල් අගමැති උනොත්. මොකද මේ සංශෝදනයේ තියනවා මේක බලාත්මක වෙන්නේ මීලගට පත්වෙන ආණ්ඩුවේ ඉඳලා කියල. (නදී)

:       0       0

ජයන්ත Wednesday, 08 April 2015 08:08 AM

චන්දේ දුන්නේ රනිල්ට නෙවෙයි මෛත්‍රිට. විධායක බලතල මෛත්‍රිගෙන් ගලවල අගමැතිට දෙන එකේ තේරුමක් නැහැ. ජනධිපතිගේ විධායක බලතල සංශෝධනය වෙන්න ඔනේ. රනිල් කපටිකම් කරලා ඡන්දේ ඉල්ලන්න එන්නේ අපෙන්නේ. අපි බලා ගන්නම් එතකොට. (ස)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 08 April 2015 08:08 AM

අපිට නම් උපන්ගෙයිම අබාධිත කියල පෙන්නේ ඔය එකක්වත් නෙමෙයි. මේ යහපාලන ආණ්ඩුව..එකිනෙකට නොපැහෙන විවිධ මත දරන්නන් එකතුවී බිහිකළ පියෙක් නොදන්නා මේ අවජාතක දරුවාට තියෙන්නේ බොහොම කෙටි ආයුෂක් කියන එක දේශපාලනේ හය හතර තේරෙන ඕනෑම කෙනෙකුට පැහැදිලිවන සත්‍යයක්.19 අවශ්‍ය අද යු අන් පි එකට පමණයි..දින සීයෙන් සියල්ල අත ඇරලා වෙස්සන්තර වෙන්න ආපු අයට දැන් දුන් පොරොන්දු මතක උනත් ඒවා ඉටු කරන්න අමතකයි..මුකුත් නෙමෙයි ..පුටුවේ රහ වැටිලා..ඒකයි..රනිල් මහත්තයට ඔය පුටුවේ වාඩි වෙන්න ලැබෙන්නේ නැති බව දන්නා හින්ද එතුමා මේ 19 ට දත කෑවත් එතුමාට ලබන මැතිවරනෙන් පස්සේ අගමැතිකම නෙමෙයි විපක්ෂ නායක කමත් නැතිව නන්නත්තාර වෙන්න තමයි වෙන්නේ. (ස)

:       0       0

කරුණාදාස Wednesday, 08 April 2015 08:47 AM

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට වඩා විධායක ජනාධිපතිගේ අත්තනෝමතික බලතල කැපීමයි කල යුත්තේ. මේක අහෝසි කළොත් රට මහා අවුලකට යනවා. කාගේ හරි අතේ 'කොන්ට්‍රෝල් එක' තියෙන්න ඕනෑ (නදී)

:       0       0

ජෙහාන් Wednesday, 08 April 2015 08:48 AM

විධායක ජනාධිපති අයින් කරලා විධායක අගමැති කෙනෙක් අපිට එපා. මිනිසුස්න්ව රවට්ටන්න හදන්න එපා. (නදී)

:       0       0

සෙනරත් Wednesday, 08 April 2015 08:50 AM

මහත්මා දේශපාලනය කරන අයට තැන ලැබෙයි. කපටිකම් කරලා ජනවරම කොල්ල කන්න යන අයට දොර වැහෙයි. අපිට හොරු එපා. තග්ලා එපා. නූගත්තු එපා. කුඩුකාරයො/එතනෝල්කාරයො එපා. (ස)

:       0       0

ලසිත Wednesday, 08 April 2015 08:53 AM

අන්තෝජටා.....බහිජටා......(ස)

:       0       0

නඩරාජා Wednesday, 08 April 2015 08:54 AM

මේ හදන්නේ ඔක්කොම පිනට ගහගන්න (නදී)

:       0       0

රසිකා Wednesday, 08 April 2015 08:55 AM

"ජනතා විමුක්ති පෙරමුණ ජාතික හෙල උරුමයේ චෝදනාව නිශේෂනය කරමින් කියා සිටින්නේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් ජනාධිපති බලතල අගමැතිවරයා පැහැර ගැනිමේ චෝදනාව අමුලික අසත්‍යයක් බවයි." ඇත්තම ඇත්ත මොකක්ද? (නදී)

:       0       0

කෙවින් Wednesday, 08 April 2015 08:57 AM

ජවිපෙයි හෙල උරුමයයි සාකච්ඡා කරලා පොදු එකඟතාවයකට එන්නකෝ. රටට වැදගත් වෙන්නේ ඒ වගේ දේවල්නේ. (ස)

:       0       0

කපිල Wednesday, 08 April 2015 08:57 AM

මිනිස්සු ඡන්දේ දුන්නේ රනිල්ට නෙවෙයි මෛත්‍රිට. (ස)

:       0       0

කරු Wednesday, 08 April 2015 09:00 AM

හෙල උරුමය කියන විධියට මේක හදිසි කරලා යටින් ගහන ගේම් එකක්. ඒක එහෙමයි කියන්න ඕනතරම් සාක්ෂිත් පෙන්නුවා එයාලා. එහෙමනම් ඇයි ජවිපෙට එුක නොපෙනෙන්නේ? ජවිපෙ කැමතිද විධායක බලතල අගමැති කෙනෙකුට යනවට? ඒක ඉතිං ඉඟුරු දිලා මිරිස් ගත්තා වගේ නෙමෙයිද? (ස)

:       0       0

සමිපත් Wednesday, 08 April 2015 09:01 AM

මේක ඉක්මන් කරන අයගේ යටි අරමුනු දන්නෙත් ඒගොල්ලෝ. මේක පසුසට ගන්න යන එකේ යටි අරමුණු දන්නෙත් ඒගොල්ලෝ. (ස)

:       0       0

චන්දිම Thursday, 09 April 2015 02:41 AM

අපි සහය දුන්නේ යූ.එන්.පී.ය සහය දැක්වූ අපේක්ෂකයාටයි (නි)

:       0       0

දුමින්ද Wednesday, 08 April 2015 09:16 AM

තැටිය ගිනියම් වෙලා -ව්‍යවස්ථා රොටිය පිලුණුවෙලා ..(ම)

:       0       0

දිල්රුවන් Wednesday, 08 April 2015 10:13 AM

විධායක අගමැති විධායක ජනාදිපති නම විතරද වෙනස් වෙන්නේ? (ස)

:       0       0

වීකී Wednesday, 08 April 2015 11:03 AM

එක්සත් ජාතික පක්ෂය රඳා පවතින්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය හරි ආකාරව කිරීමට උත්සහා කිරීම මත පමණයි. නැත්තන් ඉතින් ඔතනින් පස්සේ එක දියවෙලා යනවා.. (දිල්)

:       0       0

රෂිකා Wednesday, 08 April 2015 11:25 AM

චන්දෙට කලින් මේ ගැන අපි කීවා. (අ)

:       0       0

රෂිකා Wednesday, 08 April 2015 11:39 AM

අපි කීවේ මේ ජේවීපී එකයි,රනිල්ලයි හොර මිනීමරු කල්ලියක් කියලා.(බ)

:       0       0

රෂිකා Wednesday, 08 April 2015 11:41 AM

ජේ විපී එක එදත් අමු අමුවේ මිනි මරුවා.කුමන්ත්‍රණ කළා. (ස)

:       0       0

රෂිකා Wednesday, 08 April 2015 11:44 AM

රනිල්ලා අමු අමුවේ මිනි මැරුවා කුමන්ත්‍රණ කළා.බලයට කෑදරයි පික්පොකට් වැඩේට දක්ෂයි. (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 08 April 2015 12:34 PM

කාටවත් කියන්න බෑ ඡන්දෙ දුන්නේ මෛත්‍රිට විතරයි කියල දින 100 වැඩපිළිවෙලේ තියනවා රනිල් අගමැති කරනවා කියල... (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 13 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 135 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 138 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 376 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 65 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 415 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site