IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ජනපති මෛත්‍රී අනුකම්පාව බැහැර කරයි

(මොහොමඩ් ආසික්)
 
මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ඉදිරියේදී අත්සන් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ සමාජයක් ලෙස විවිධ මත පැවතිය ද, ලෝකයේ කිසිදු රටක නොමැති අන්දමින් බණ කියන සහ බණ අසන සමාජයක් මෙතරම් වැරදි මග යනවා නම් එය පාලනය කිරීම සඳහා  ගත යුතු තීන්දු තීරණ නිසි කලට ගතයුතු බව ද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
අද (11) මහනුවර ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේ දී පැවැති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ  මහනුවර දිස්ත්‍රික්  සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ කීවේය. 
 
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
 
පසුගිය අවුරුදු කිහිපයක් තුළ ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට විශේෂයෙන් මත්කුඩු මත් පෙති ජාවාරමට හසු වෙලා නීතියෙන් වැරදිකරුවන් වෙලා මරණීය දණ්ඩය ලබා සිරගතව ඉන්න පිරිසක් ඉන්නවා. 
 
කොකේන් හෂීස් මර්ජුවානා නිසා මරණීය  දණ්ඩණ නියම වූ අය ඉන්නවා. ඒ මරණ දණ්ඩණය නියමවූ පුද්ගලයන්  සිරගෙදර ඉඳල රටතුළ මත්ද්‍රව්‍ය  බෙදමින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම කරනවා.  
 
මරණ දණ්ඩණය නියම වූ අයට මරණ දණ්ඩණය දීම සඳහා අත්සන් කළ යුත්තේ ජනාධිපතිවරයායි. බෞද්ධයෙක්  විදිහට ලොකු වාද විවාද තියෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය නිසා මරණීය දණ්ඩණයට නියම වී සිරගත ව සිටිමින්  එසේ මරණ දඬුවමට නියම වීමෙන් පසුවත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මරණ දණ්ඩනය නියම වූවන්ට  මරණ දණ්ඩනය  ක්‍රියාත්මක කිරීම සඳහා මා මාගේ අත්සන තබනවා. මම පවක්  කර ගන්නේ නෑ හෙට උපදින දරුවන් වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන්  තමා එය කරන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී කීය.



අදහස් (39)

ජනපති මෛත්‍රී අනුකම්පාව බැහැර කරයි

sam Wednesday, 11 July 2018 10:27 AM

මේවා කරන්න තිබුණේ "යහපාලනය" කියන එක පටන් ගත් කාලයේදීයි. ඒත් දැන් ප්‍රමාදයි කියලා හිතමු .

:       207       188

nissanka dissanayake Wednesday, 11 July 2018 10:31 AM

ඔබ තුමා එහෙමෙ කලොත් නැවතත් ඔබතුමටම ඡන්දය දෙනවා

:       2       1056

sena Wednesday, 11 July 2018 10:33 AM

ඔට්ටුයි බැරුවට...........

:       89       132

ethara helaya Wednesday, 11 July 2018 10:33 AM

එන්ජීඕ සහ අපේ රටට හිටවත් තානාපති වරු කුලප්පු කරන ප්‍රකාශ නිකුත් කරන්නේ ඇයි අතිගරු.

:       79       102

pj Wednesday, 11 July 2018 10:40 AM

මෙන්න ආසික් වැඩක් පළමු වරට... ඔය තෙල් මිල, අලි අල්ලන ඒවා අදාළ අයට බාර දීලා මේවගේ වැදගත් දේවලට යොමුවන නායකයෙක් තමයි රටට අවශ්‍ය...

:       0       457

YAHA Wednesday, 11 July 2018 10:41 AM

රට වෙනුවෙන් මේ දේවත් කළොත් ගොඩක් පින් ඔබතුමාට... මොකද මත්ද්‍රව්‍ය භාවිතය නිසා සෑහෙන පවුල් සංඛ්‍යාවක් අනාථ වෙලා ඉන්නේ... ඒවා ගැන කවුරුත්ම අනාවරණය කරන්නේ නැහැ... ඒ ගැන කිසිම මාධ්‍ය ගවේෂණාත්මක තොරතුරු ඉදිරිපත් කරන්නේ නැහැ... මත් ද්‍රව්‍ය ව්‍යාපාරය මෙන්ම මේ ව්‍යවසනය නවත්වන්න තියෙන එකම විසදුම මෙයයි... එය ඔබට ආත්ම ගණනාවකට පින් රැස්වෙයි.

:       0       440

ධනුෂ්කWednesday, 11 July 2018 02:26 PM

එක් ත්‍රස්වාදියකු දල වශයෙන් ලංකාවේ මිනිස් ජීවිත 100ට වඩා විනාශ නොකරන්න අැති එහෙත් ඔවුන් විනාශ කර දැමුවා. නමුත් කුඩු මුදලාලි කෙනෙකු අප අතරම සිට ජීවිත දහස් ගානක් පවුල් පිටින් නොමරා මරනවා. එමෙන්ම ඔවුන් හරහා පාතාලය, මිනී මැරුම්, මංකොල්ල කෑම්, දූෂණ වැනි බරපතල අපරාධ වර්ධනය වෙනවා. එසේනම් වඩා භයානක මොවුන්ය. එල්ලා මැරීම පාලකයින්ගේ වගකීමක්. මේ එක් අපරාධකරුවකුගේ අයිතිවාසිකම් රැකීම යනු තවත් දහස් ගනනකගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්.

:       0       1

Sanath Kandy Wednesday, 11 July 2018 10:41 AM

ඉතාමත් නිර්භීත තීරණයක්. එ්ත් ක්‍රියාත්මක වෙයිද කියලා සැකයි. කලින් කියපු කිසිදෙයක් ඉෂ්ඨ කලේ නැහැනේ... පුළුවන්නම් පහුගිය රජයෙයි, මේ රජයෙයි ඉන්න ජාතික ධනය කොල්ලකාපු අයවත් එල්ලන්න.

:       0       525

ධනුෂ්කWednesday, 11 July 2018 02:35 PM

එ්ක අැත්ත සනත් පොරොන්දු වු ගොඩක් දේවල් කරන්න යහපාලනයට බැරිවුනා. කැපී පෙනෙන භෞතික සංවර්ධනයක් කරන්නත් බැරි වුනා. හැබැයි මේ දේ කරලා අපරාධකාරයින් සමාජයෙන් තුරන් කරන්න හැකි වුනොත් එය ඉතිහාස ගත වෙනවා. භෞතික සංවර්ධනයකට වඩා අද වුවමනා වන්නේ සමාජය සුද්ධ කිරීමක්. නැතහොත් ලබන භෞතික සංවර්ධනයෙන් ඵලක් නැතිව යනවා.රට හදන්නනම් රට හදන මිනිස්සු හදලා ඉන්න ඕනෙ

:       0       1

abaran Wednesday, 11 July 2018 10:45 AM

ජාතික ධනය සූරා කන, ජාතියට වංචා කරන හොරුන්, මැරයන්, වංචාකරුවන් සඳහාද ඔය අත්සනම ගහන්න කියා ඉල්ලා සිටිනවා.. හැබැයි තවත් ප්‍රශ්නයක් මතුවෙනවා.. පාර්ලිමේන්තුවේ කවුරු ඉතිරිවෙයිද?

:       0       188

rohan Wednesday, 11 July 2018 10:46 AM

ඔබතුමාට පිනක් මිසක කිසිම පාපයක් නැහැ.. අපේ දරුපරපුර වනසන කුඩු කාරයෝ එල්ලලාම දාන්න ඕනේ...

:       0       58

ලුම්බිණි Wednesday, 11 July 2018 10:59 AM

මරණ දඬුවම දීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම නවතනවා කියන්නේ බොරු වැඩක්...

:       810       114

gunarathnaWednesday, 11 July 2018 11:30 AM

මරණ දඬුවම දුන්නොත් අපරාද 90% අඩු කරන්ට පුළුවන් අනිවාර්යෙන්ම. නමුත් ප්‍රස්නේ මේක කරන්ට ගියාම එන ප්‍රශ්න. හිරේ ඉන්න අපරාද කාරයන්ගෙන් වැඩිපුරම ඉන්නේ දේශපාලකයන්ගේ ගෝලයෝ. මේ මිනිස්සුන්ව මරන්ට කොහොමත් ඉඩදෙන්නේ නැහැ.

:       0       26

Chanak Los angelesWednesday, 11 July 2018 07:05 PM

මිනිසා මොන සෙල්ලම් දැම්මත් තම ජීවිතයට ආදරෙයි. එහෙනම් ලොකු වෙනසක් සිදුවේවි .

:       0       1

manoj Wednesday, 11 July 2018 11:00 AM

ළමා සහ ස්ත්‍රී දූෂකයින්ට, මිනීමරුවන්ට, ත්‍රස්තවාදීන්ට, මත්ද්‍රව්‍ය නිෂ්පාදකයින්ට, සැපයුම්කරුවන්ට සහ බෙදාහරින්නන්ට සහ මේවාට උඩ ගෙඩි දෙන දේශපාලනයට සම්බන්ධ අයට ජීවිතාන්තය දක්වා මරණ දඬුවම වෙනුවට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරලා තිබ්බා නම් රට අද හොඳතැනක තියනවා.

:       0       205

nisar Wednesday, 11 July 2018 11:09 AM

කාලෙකට පස්සේ හොඳ ප්‍රවෘත්තියක් දැක්කා...

:       0       118

Sapumal. Wednesday, 11 July 2018 11:13 AM

ඔබ නිවැරැදියි ජනපතිතුමනි. සමස්ත රටේත්, ජනතාවගේත්, අනාගත පරපුරේත් යහපත උදෙසා ගන්නා වූ මේ නිවැරදි තීරණයට අපගේ උත්තමාචාරය...

:       0       306

ThusharaWednesday, 11 July 2018 11:43 AM

තව ටික දවසකින් අපෙන්ම අහයි මම කවද්ද එහෙම කිවේ කියලා.?

:       1       232

ජගත් ලියනගේ Wednesday, 11 July 2018 11:26 AM

මම නං හිතන්නේ නැහැ කවදාවත් ඕක කරයි කියලා. හැබැයි අත්සන් කරල, එක්කෙනෙක්ට හරි මරණ දුන්නොත් ඔබතුමා ඊළඟ පාරටත් ජනාධිපති වෙනවා. අපිත් ඡන්දෙ දෙනවා. බලමු කෝ........

:       0       144

sirimal Wednesday, 11 July 2018 11:32 AM

ඡන්ද කාලේදී පොරොන්දු උන "දුෂිතයන්ට අවීචි මහ නරකාදියට හරි ගිහිල්ලා දඬුවම් දෙනවා දෙනවා මයි" කියපු කතා දැන් අදාළ නැද්ද එතකොට? මේක නිකන් අර අතිසාරේට අමුඩ කොටයක් ගහගන්නවා වගේ වැඩක්.

:       3       16

kamal Wednesday, 11 July 2018 11:44 AM

ඕක අනිවාර්යෙන්ම අකුලගන්න වෙනවා. හිතුමතේ කිව්වට ඕක කරන්න ගියාම ලේසි නෑ. මම දන්නා විදියට යුරෝපා සංගමය රටවල් එක්ක ගනු දෙනු කරනවා නම් ඒගොල්ලෝ කියනවා මෙන්න මේ කොන්දේසි සපුරාල තියෙන්න ඕනේ කියලා විශේෂයෙන්ම ගිවිසුම් යටතේ කරන වෙලදාම් වලදී හරියට GSP වගේ . ඒගොල්ලෝ තදින්ම විරුද්දයි මරණීය දණ්ඩනයට. අර එකපාරක් අවරුදු ගානක් තිස්සේ ඇස්බැස්ටෝස් වලට බැනල තහනම ක්‍රියාත්මක කරන්න මාසයක් තියෙද්දී වැඩේ අනිත් පැත්තම ගැහුවා අන්තිමට දැන් එක මතකත් නෑ. ඔය රුසියාව වගේ නෙමෙයි වැඩේ අවුල් ගියොත් යුරෝපා සංගමය එක තීරණයකට අවොත් ආවම තමා (පොඩි රටවල් වලට විතරයි ) එකේ බලපෑම රුසියාව වගේ පොඩි වෙන එකක් නැහැ කවුරු මොනවා කිව්වත් අපි පුංචිම පුංචි අතදරුවෙක් වගේ රටක් අපිට තනියෙන් ඇනයක් වත් හදන්න බැහැ අනික බන්ධනාගාරයේ ඇතුලේ අවුල් ගැන ඒ මිනිස්සු කිව්වොත් (කොහොමද මරණ දඩුවම් ලැබිච්ච මිනිහ එළියත් එක්ක කතා කරන්නේ එකට මොකුත් කරන්න බැරිද වගේ) අපිට කට උත්තර නැහැ.

:       0       25

Uditha Wednesday, 11 July 2018 11:48 AM

මෙවැනි දෙකදී සමස්ත මහජන මතය වනුයේ අඑල්ලුම් ගහ නැවත කරලියට ගෙන ඒම හොද දෙයක් බැවින් ඉක්මනින් අත්සන් කරලා ඕක පටන් ගන්න...

:       0       17

kamal Koyrala Wednesday, 11 July 2018 11:54 AM

අපේ උත්තමාචාරය, ඔබතුමා කිව්ව එල්ලුම්ගහ නැවත ක්‍රියාත්මක කරනවා. මිනීමරුවන්ටත් සහ අධිකරණ මගින් දෙන තීන්දු ක්‍රියාත්මක කළයුතුයි. එසේම ස්ත්‍රී දූෂණයට ඔබතුමා කිව්වා මෙය අනුමත කරන්න මහජන මතය විමසනවා කියා... එය විමසන්න.

:       0       12

wasantha Wednesday, 11 July 2018 11:58 AM

ඔබතුමාට බුදුබව අත්වේවා!!! දැන්වත් වැඩට බහිමු.

:       0       12

kalpa Wednesday, 11 July 2018 12:10 PM

ඕක කරන්න ලැබෙන්නේ නැහැ වැරැදිකරුවන් (හිරකරුවන්) සුරැකීමේ සංවිධානය මහමග මාරාන්තික උපවාස කරාවි !!!

:       0       4

kap Wednesday, 11 July 2018 12:11 PM

සමහර ඇමැතියෝ බයේ වෙව්ලනවා ඇති.

:       0       79

lalithsjm Wednesday, 11 July 2018 12:23 PM

මේක බොහොම හොද තීරණයක් අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අනේ හෙට උදේට අමතකයි කියන්න එපා.

:       0       27

Chandima Wednesday, 11 July 2018 12:28 PM

අර ඒ දවස්වල කඩුවක් වනනවයි කියල අන්තිමේදී වෙච්ච දෙයක් නැති නිසා මිනිසුන් කියන්න ගත්ත ජනාධිපති ඔය කියන තරම් දේවල් කරන කෙනෙක් නෙමෙයි කියලා. දැන් මෙතනදීත් වෙන්නේ ඉදිරියේදී හිරේ ඉඳන් මත් ජාවාරම කරන අය හෙලි උනහම ප්‍රසිද්ධ නොකර ඉඳීවිද කියන ප්‍රශ්නේ. එතකොට අත්සන් නොකර ඉන්න පුලුවන්නේද?

:       0       25

lal Wednesday, 11 July 2018 12:39 PM

කලින් හොයලා බලන්න මරණ දණ්ඩනයට නියමවූවන්ට කොහෙන්ද නිදහස ලැබුනේ කුඩු බිස්නස් කරන්න කියලා. බලය පාවිච්චි කරලා එ්ක නතර කරන්න...

:       0       18

upali Wednesday, 11 July 2018 12:44 PM

සතුටු වෙන්න එක දෙයක්වත් කරලා පෙන්වන්න..

:       0       45

mahees Wednesday, 11 July 2018 12:51 PM

බොහොම හොඳ තීරණයක්, සමහර වෙලාවට අමතකයි කියයි...

:       0       1

සතයපාල Wednesday, 11 July 2018 12:56 PM

කිය කිය ඉන්නවාට වඩා ක්‍රියාත්මක කරලා පෙන්නුවා නම් තමයි වටින්නේ. බටහිර යුරෝපය හා ඇමරිකාව ඇතුළු ලෝකයේ බෝහෝ රටවල මරණ දඬුවම ක්‍රියාත්මක කරන නිසා එවැනි රට වලින් බලපෑම් ඒවි යයි සිතීම අර්ථ විරහිත ක්‍රියාවකි. සමහර විට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වැනි සංවිධානවලින් විරෝධයක් මතු වුණත් එය නොසලකා සිටිය හැකි අතර රට තුල නීතිය ක්‍රියාත්මක වීමේ මන්දගාමී ස්වභාවය හා දඩුවම් පැමිණවීමේ දුබලතාවය නිසා බෝහෝ අපරාධ කල්ලි වල නායකයින් සියලුම ආරක්ෂාවන් සහ පහසුකම් සහිතව සිරභාරයේ සිටිමින් තම ගෝලයන් සිතුණු සිතුණු ආකාරයට මෙහෙයවමින් අපරාධ කීරීමට පෙළඹ වීම නිසා රටේ අපරාධ රැල්ලක් නිර්මාණය වී ඇති අතර ඒ අපරාධ කරුවන් මුලිනුපටා දැමීමෙන් රටේ අපරාධ සිදු කිරිමේ ප්‍රවණනතාවය සැළකිය යුතු මට්ටමකින් පහළ දැමීමට අවස්ථාව උදා වෙනවා ඇත.

:       0       1

Sakwithi Wednesday, 11 July 2018 01:04 PM

පවක් වෙන්නේ නැහැ. අනාගත ජීවිත ගොඩක් බේරාගත් පිනක් වේවි... දැනට ඇතුළේ ඉඳන් කුඩු ජාවාරම් කරන අයටත් මේ නීතිය බලාත්මක කරන්න.

:       0       1

amila peiris Wednesday, 11 July 2018 01:27 PM

ඕක කරන්න ලැබෙන්නේ නැහැ පක්ෂ විපක්ෂ දේශපාලකයන් බොහෝ පිරිසක් ඔය මරණ දණ්ඩණය නියමවූ පුද්ගලයන්ට රැකවරණය සලසපු අය.

:       0       1

Asanka Wednesday, 11 July 2018 01:42 PM

ඇත්තටම කුඩු කන්ටේනර් ගණන් ගෙන්වන කෙනා කවදාවත් හිරේ යන්නේ නැහැ. ඒ වෙනුවට වෙනත් අයෙක් මුදල් වලට හිරේ යවනවා. ඕකෙන් වෙන්නේ ඒ අහිංසකයව එල්ලන එක. හැබැයි එල්ලන්නත් නිවැරදි ප්‍රමිතියට කඹයක් නැහැ කියල ලොකු විවාදයක් ගියා ඒ දවස් වල.

:       2       0

Hafeel Wednesday, 11 July 2018 01:46 PM

පහුගිය ඡන්ද කාලේ කිව්ව කැඩූ පොරොන්දු වගේ නොවේවා මේ පොරොන්දුත්.

:       0       1

Chanak Los angeles Wednesday, 11 July 2018 07:10 PM

ඒවගේම බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන සිටින සියලුම වර්ගයේ අවි රජයට භාරදෙන්න කාලයක් ලබාදී එසේ නොකර ළඟ තබා අසුවන පුද්ගලයන්ටත් මේ දඬුවම ක්‍රියාත්මක කරවන්න. රටේ ලොකු වෙනසක් දකීවි ..

:       0       1

kalani Thursday, 12 July 2018 05:18 AM

බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් සහ මිහිඳු මහා රහතන් වහන්සේගේ දහම් සිසිලසින් සැනසුන මගේ මව්බිම මෙම පාපතර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගෙන් බේරා ගැනීමට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න.

:       0       1

sudesh Monday, 16 July 2018 04:24 AM

ඔබතුමත් එක්ක අපි ඉන්නවා මේකවත් ක්‍රියාත්මක කරන්න ජනතාව ගැන හිතලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 584 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 1188 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 790 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 913 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 1681 2

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
2024 නොවැම්බර් මස 25 1507 1

රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site