IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජනපති මාධ්‍ය අංශයෙන් කැමරාකරු ඉවතට

දකුණු අප්‍රිකා හා කෙන්යාවේ නිල චාරිකාවකින් පසු ශ්‍රී ලංකාවට එමින් සිටිය දී ඩුබායි ගුවන් තොටේ බදු රහිත සාප්පු සංකීර්ණයේ දී ඇමෙරිකා ඩොලර් 2325ක් (රුපියල් ලක්ෂ තුනක් පමණ) වටිනා ආරක්ෂක වීඩියෝ කැමරාවක් සොරකම් කළැයි ජනාධිපති මාධ්‍ය අංශයේ වීඩියෝ කැමරා ශිල්පියෙක් අත්අඩංගුවට ගෙන මුදා හරිනු ලැබීය.

තම කැමරා බෑගයේ මෙම කැමරාව සඟවාගෙන යද්දී ඔහු හසු වී ඇත.

ඔහු කැමරාව සොරකම් කරනු සාප්පු සේවකයන් දුටු බවත්, එහි ආරක්ෂක කැමරාවල ද ඒ බව සටහන් වී ඇති බවත් දැනගන්නට තිබේ.

වීඩියෝ කැමරා ශිල්පියා  මහින්ද රාජපක්ෂ ජනපති  සමග කෙන්නියාවට ගිය මාධ්‍ය කණ්ඩායමේ කෙනතු බව දැන ගැනීමෙන් පසු ජනපතිට ඇති ගෞරවය හා සැලකිල්ල නිසා ඔහු මුදා හළ බව ඩුබායි සාප්පු සංකීර්ණ ආරංචි කියයි.

එසේ නොවූයේ නම් ඔහු හිරේ යවනු ඇතැයි ගුවන් තොටුපොළ ආරක්ෂක සේවය කියයි.

කොළඹ පැමිණි පසු එම වීඩියෝ කැමරා ශිල්පියා සේවයෙන් ඉවත් කර ඇත.

 

 



අදහස් (0)

ජනපති මාධ්‍ය අංශයෙන් කැමරාකරු ඉවතට

සිසිර Sunday, 22 December 2013 03:26 PM

එතකොට දේශපාලනඥයො මිලියන ගණන් සොරකම් කරන ඒවා? (ත)

:       0       0

ප්‍රදීප් බාලසූරිය Sunday, 22 December 2013 03:32 PM

ලෝක හොරෙක්ද? (ත)

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 02:25 PM

මිනිහ කැමරාව උස්සන්න හැදුවේ මාධ්‍ය වැඩ කටයුතු සඳහා පහසුවක් කරදීමටද නැතිනම් පෞද්ගලික කටයුත්තකටද? (නදී)

:       0       0

බන්දුල පෙරේරා. Sunday, 22 December 2013 03:34 PM

මම මොහුට දොස් කියන්නේ නැහැ. (ත)

:       0       0

සේරම් Monday, 23 December 2013 08:13 AM

මට දුක ඩුබායි රටේ සිදුවෙලා තියෙන වෙනසට . දැන් එහෙත් හොරුන්ට නිදහස දෙනවා. සමහරවිට ජනාධිපති තුමා හිටපු නිසා වෙන්න ඇති.(නදී)

:       0       0

කෝසල Sunday, 22 December 2013 03:49 PM

හෝටලයක ඇඳරෙදි අරගෙන ඇවිත් නැත්ද කවුරුවත්? (ත)

:       0       0

සේරම් Monday, 23 December 2013 08:15 AM

කැමරාව වගේද කැස්බෑව ත් ඉස්සුවේ.(නදී)

:       0       0

පෙරේරා Sunday, 22 December 2013 03:59 PM

ශක්තිගේ කතාව හරි. (ත)

:       0       0

කුමාර් Sunday, 22 December 2013 04:11 PM

අරාබියේ තියෙන කසපහර නීතිය මෙහෙටත් ගේන්න ඕනෑ. (ත)

:       0       0

දයා අලහකෝන් Sunday, 22 December 2013 04:13 PM

කැමරාකරු නිසා අහුවුණා. (ත)

:       0       0

ලීල් ගුණවර්ධන Sunday, 22 December 2013 04:20 PM

සමහර දේශපාලනඥයන් කරන සොරකම් වල හැටියට මේක මොකක්ද? ඒ අයට කලින් දඩුවම් දෙන්න ඕනෑ. (ත)

:       0       0

සනත් Sunday, 22 December 2013 04:20 PM

දැන් ලජ්ජා ,බය නැත්තටම නැති වෙලා වගේ. (ත)

:       0       0

මරික්කාර් Sunday, 22 December 2013 04:22 PM

ඒවාගේ තැන්වල ඉන්න අයටත් සොරකම් කරන්න වෙනවා නම් දුප්පත් පිරිස් ගැන කවර කතාද. (ත)

:       0       0

නිරංජලා. Sunday, 22 December 2013 04:31 PM

ඉතිහාසයේ කෙදිනකවත් මේ වගේ දේවල් නම් සිදු වුනේ නැහැ. (ත)

:       0       0

කුමාර් Sunday, 22 December 2013 04:33 PM

පොඩි කාලේ කතාවක් මතක් වෙනවා. (ත)

:       0       0

නිසංසල. Sunday, 22 December 2013 04:39 PM

ලංකාවේ මේක සිදු වුනා නම් සාප්පු අයිතිකරුට තමා දඩුවම් ලැබෙන්නේ. (ත)

:       0       0

පාලිත Sunday, 22 December 2013 04:42 PM

අලුත් චිත්‍රපටයක් හදන්නද දන්නේ නෑ. (ත)

:       0       0

සම්මික් උඩුනුවර Sunday, 22 December 2013 04:44 PM

ඔහු සොරකම් කර ඇත්තේ කැමරාවක් නොව චොකලට් එකකි. (ත)

:       0       0

චානුක Sunday, 22 December 2013 04:45 PM

පව්‍ අහිංසකයා. කාගෙවත් කීමට කළ වැඩක්ද දන්නේ නෑ. (ත)

:       0       0

විමුක්ති. Sunday, 22 December 2013 04:45 PM

හොඳ කියමනක් මතක් වුණා. (ත)

:       0       0

නිරූපා Sunday, 22 December 2013 04:52 PM

වැඩේ කැතයි. (ත)

:       0       0

ප්‍රමුඛ. Sunday, 22 December 2013 04:56 PM

සමහරු ඇඳ ඇතිරිලි සොරකම් කරනවා, සමහරු කැමරා හොරකම් කරනවා. මෙහෙම ගියොත් විදේශිකයන් අපිව සම්පුර්ණයෙන්ම පිළිකුල් කරාවි. (ත)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 22 December 2013 05:00 PM

රටටම කැළලක්...(ත)

:       0       0

ජගත් Sunday, 22 December 2013 05:24 PM

මේවගේ දේවල්වලට දඩුවම් දෙන්න ඕනෑ. (ත)

:       0       0

කපිල Sunday, 22 December 2013 05:42 PM

ලොක් තැන්වල සිටින පිරිස් මෙහෙම නම් අනිත් අය කොහොමද? (ත)

:       0       0

නැනි Wednesday, 25 December 2013 12:59 PM

කැමරා ගැන නොදන්නා කැමරා කාරයෙක්ද නැත්නම් පන්දම්කාරයෙක්ද බොල ඔය ටීම් එකට තෝරාගෙන තියෙන්නේ? (නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 22 December 2013 06:27 PM

එතුමා සමග එන අය පරීක්ෂා නොකිරීම නිසා ගුවන්තොටුපොළේදී ඒ වාසිය අරගෙන තව මොන මොනවා කරනවා ඇද්ද.(නදී)

:       0       0

ගංජ Sunday, 22 December 2013 06:28 PM

අනේ අපොයි කියලා හිතෙනවා.(නදී)

:       0       0

තිලක් ඩුබායි Sunday, 22 December 2013 06:50 PM

ලංකාවේ මේක සිදු වුණා නම් සාප්පු අයිතිකරුට තමා දඩුවම් ලැබෙන්නේ.ඔබ හරියටම හරි.(දිල්)

:       0       0

ලහිරු Sunday, 22 December 2013 07:05 PM

වස ලැජ්ජාව (ත)

:       0       0

චන්ද්‍රා Sunday, 22 December 2013 07:28 PM

මෙයා කව්ද?. කන්තෝරුවෙ ඉන්වෙන්ට්‍රි එකත් චෙක්කරන එක තමයි හොද.(නදී)'

:       0       0

ෆාතිමා Sunday, 22 December 2013 08:04 PM

පේනවා නේද වැඩ? (ත)

:       0       0

නිලන් Sunday, 22 December 2013 08:10 PM

රටේ අගමැතිගේ ලේකම් කෙනෙක් කුඩු කිලෝ 262 ක් බේරාගන්න ලිවුම් දීලා ගැටලුවක් නැතුව ඉන්නේ එකේ මේක මොකක්ද? (ත)

:       0       0

නිමල් Sunday, 22 December 2013 08:40 PM

ලොකු අය කරන වැඩ තමා පොඩි අයත් කරන්න හදන්නේ (දිල්)

:       0       0

සෝමදාස Sunday, 22 December 2013 08:50 PM

මේක පොඩි අමතකවීමක් වෙන්ඩ ඇති. (ත)

:       0       0

සුමංගල ඇල්පිටිය Sunday, 22 December 2013 08:56 PM

"ගිලීමලෙත් ඇත දත සුද්දෝ " (ත)

:       0       0

කරුණාරත්න දිසානායක Sunday, 22 December 2013 09:11 PM

හොරකම් වෙන විදියට කැමරාව මොකක්ද සුළු දෙයක්නේ. (ත)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 24 December 2013 10:14 AM

මොකක්ද මේකේ තිබෙන වරද? මොකක්ද තියෙන ලැජ්ජාව. ඔය වගේ හොරකම් ඉස්සරත් වුනා. බොරුවට මඩ ගහන්න හදන්න එපා.(නදී)

:       0       0

ආනන්ද Sunday, 22 December 2013 09:27 PM

එහෙදි දඬුවම් නුදුන්නේ මෙහෙ ආවහම දඬුවම් ලැබෙයි කියල හිතල වෙන්න ඇති. (ත)

:       0       0

මෙවන් Sunday, 22 December 2013 09:42 PM

මේ වගේ තැනකට ගනිද්දි ටිකක් හොයා බලන්නේ නැද්ද? (ත)

:       0       0

අශෝක Sunday, 22 December 2013 10:06 PM

ඒ කියන්නේ මෙයා සී.සී.ටී.වී කැමරා එකටත් විදලා වගේ. අනේ අපොයි.(නදී)

:       0       0

ද සිල්වා Monday, 23 December 2013 03:15 PM

විදේශ රට වලදී ලංකාව හැල්ලුවට ලක් කරන්න එපා. (ස)

:       0       0

බංඩාර Tuesday, 24 December 2013 09:50 PM

ලංකාවේ කරපු හොරකම් වල පලපුරුද්දටද ඩුබායි ඇවිතුත් හොරකම් කළේ.(නදී)

:       0       0

විමුක්ති. Sunday, 22 December 2013 12:43 PM

මේ පුද්ගලයන්ගෙන් සොරකම පිළිබදව තිබෙන බිය සහ ලැජ්ජාව පහවී ඇත. සාමාන්‍ය පුද්ගලයන්ට වරදකට පවත්නා දඩුවම් මොවුන්ට අත් විදින්නට ලැබෙන්නේ නැත.මේ නිසා තම රටේ මෙන්ම විදේශීය රට වලද මෙවැනි හැසිරී‍ම් පෙන්වයි. (ත)

:       0       0

නිරංජලා Sunday, 22 December 2013 12:48 PM

අපේ බදු මුදල් වලින් විදේශ සංචාර වලට සහභාගී වී රටට කීර්ත්ය උදා කර දුන් අවස්ථාවක්.(ත)

:       0       0

අසංක Sunday, 22 December 2013 12:59 PM

ඔන්න ඕකට තම කියන්නේ ආශ්චර්ය කියල . (ත)

:       0       0

නිසංසල Sunday, 22 December 2013 01:04 PM

මේකත් විදේශ කුමන්ත්‍රණයක්ද ? (ත)

:       0       0

රිස්වාන් ඩුබායි Sunday, 22 December 2013 01:22 PM

ඩුබායි නිසා හොදයි සෞදියේ මේ වගේ සිද්ද වුනානම් අත් දෙකම නැතුව තමයි එන්න වෙන්නේ. (නදී)

:       0       0

එඩී දයාරත්න - ඕස්ට්‍රේලියාව Sunday, 22 December 2013 01:24 PM

රටටම කැළලක්.(නදී)

:       0       0

කොස්වත්ත Sunday, 22 December 2013 01:33 PM

යවන්න තිබුනේ හිරේ. රටේ නමත් කාලා ජනපති තුමාගේ නම්බුවත් කාලා. දැන්වත් හිරේ දාන්න තියෙන්නේ.(නදී)

:       0       0

ගාමිණී - අප්‍රිකාව Sunday, 22 December 2013 01:37 PM

ආරේ ගති නෑරේ කියන්නේ මේවට තමා.(නදී)

:       0       0

ජෝන් Sunday, 22 December 2013 01:44 PM

අපිටත් එක්ක ලැජ්ජයි.(නදී)

:       0       0

තක්ෂිලා මධුභාෂිනී Sunday, 22 December 2013 01:51 PM

ලැජ්ජාවක් නැති මිනිස්සු.(නදී)

:       0       0

සේන Sunday, 22 December 2013 01:51 PM

දඩුවමක් නැද්ද මේ නොහොබිනා වැඩේ කළාට.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 22 December 2013 01:52 PM

හොරට හොරකම් කරන්න දෙයක් නැති වුනාම ලුණු පොල් කට්ටට ඇඟිල්ල දාලා හරි ලෙව කාලා බලනවාලු. රටේ කීර්ති නාමයට,ජනපති තුමාට කල අපකීර්තියට ඔය දුන් දඬුවම මදි. වාසනාවට පයින් ගහපු කාලකන්නි මිනිහා. (නදී)

:       0       0

භවනී Sunday, 22 December 2013 01:53 PM

ලැජ්ජාවේ බැහැ. අපේ ලංකාවටත් එක්ක අවනම්බුව. අනික රටේ ජනාධිපති එක්ක ගිහින් ඔය වගේ වැඩ කරනවද? (නදී)

:       0       0

පෙරේරා Monday, 23 December 2013 01:33 AM

සිම්පල් නේ ලංකාවේ වගේ නඩුව යටගහන එකනේ ඇත්තේ.(නදී)

:       0       0

පාලිත Sunday, 22 December 2013 02:01 PM

විලි ලැජ්ජයි, රටේ ජනාධිපති එක්ක යන අය මෙහෙම කරනකොට අනිත් අය ගැන කවර කතා ද කියල ඒ රට වල මිනිස්සු කියනවා ඇති නේ. ගොඩක් අරාබි රටවල පොලිසි වල ලංකාවේ නම ලියවිලා තියෙන්නේ එක්කෝ බීලා ගහගෙන, නැත්තන් හොරකමකට සම්බන්ද වෙලා. අනේ අපේ රටේ නමට ගිය කල. (නදී)

:       0       0

පුබුදු Sunday, 22 December 2013 02:03 PM

ඉවත් ක‍රලා වැඩක් නැහැ. ඔහුට රාජ්‍ය සේවය අපකීර්තියට පත් කළාට දඩුවම් දිය යුතුයි.(නදී)

:       0       0

රුවන් ගමරාලගේ Sunday, 22 December 2013 02:20 PM

ඔය අහුවෙන දේවල් ටිකක් විතරයි . තව කොච්චර දේවල් වෙනවා ඇද්ද ? (නදී)

:       0       0

සෙන්තිල්නාතන් Monday, 23 December 2013 03:38 AM

සිරිමල්, මෝඩ කතා කියන්න එපා. මේක පොඩි හොරකමක්ද? රුපියල් ලක්ෂ තුනක් කියන එක ඔයාට පොඩි ගානක්ද? (නදී)

:       0       0

තුසිත අබේකෝන් Monday, 23 December 2013 04:23 AM

කඩ හිමියාට දඩුවම් කල යුතුයි. කැමරාව අපේ විරුවාගේ බෑග් එකට දැම්මට. ඩුබායි වල මෙහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැ. අපේ මැතිද හොර කරන්නේ නෑ.(නදී)

:       0       0

සරත් Sunday, 22 December 2013 02:25 PM

වෙලාවට දඩුවම් දුන්නනම් මේවා වෙන්නේ නෑ. (ත)

:       0       0

බණ්ඩාර - කුවේට් Sunday, 22 December 2013 02:28 PM

ලොකුම දඩුවමක් දෙන්නේ නැතිවේවි. (ත)

:       0       0

සෑම් Monday, 23 December 2013 05:07 AM

ඡන්දෙ ඉල්ලන්න හොද සුදුසුකමක්.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 22 December 2013 02:34 PM

සමහරු ඇඳට දාන බෙඩ්ශීට් එකත් අරගෙන ගියාලු. අපිට හරිම ලැජ්ජයි. (ත)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 22 December 2013 02:35 PM

මේ අය මෙහෙම කරනකොට අනිත් අය ගැන කවර කතා ද? (ත)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 22 December 2013 02:36 PM

අපිට ලොකු ලැජ්ජාවක් වෙලා තිබෙන්නේ.(ත)

:       0       0

ශිරානි Monday, 23 December 2013 05:43 AM

ජනාධිපති තුමා ලග ඉදගෙන ඔහොම බයක් හැකක් නැතිව හොරකම් කරනවා නම් නම් අනිත් අය ගැන කුමන කතාද. තමන්ට සමීපවම ඉන්න අය ගැන සොයා බැලිය යුතුයි.(නදී)

:       0       0

ඇන්ටන් Sunday, 22 December 2013 02:36 PM

ජාත්‍යන්තර සොරකමක්. (ත)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 23 December 2013 06:16 AM

ලොක්කෝ හොරකම් කරන මේ රටේ සොක්කෝ ගැන කවර කතාද? මෙය සෞදියෙදී නොසිදුවුණ එක ගැන මම දුක් වෙනවා.(නදී)

:       0       0

සිරිමල් Sunday, 22 December 2013 02:42 PM

පොඩි හොරු අහුවෙනවා. මහා පරිමානයේ හොරකම් කරන අය බේරෙනවා. (ත)

:       0       0

සහේහාර් දාවුඩ් Sunday, 22 December 2013 02:46 PM

මේකත් විජාතික බලවේග වලින් කරපු දෙයක් කියයිද දන්නේ නෑ. (ත)

:       0       0

සිරිවර්ධන Monday, 23 December 2013 06:41 AM

මෙවන්, හොයල බලලා මේ වගේ අයව තමා ගන්නේ.(නදී)

:       0       0

කෙවින් Sunday, 22 December 2013 02:54 PM

එතකොට අනිත් සොරුන්? (ත)

:       0       0

දයාරත්න - ඕස්ට්‍රේලියා Sunday, 22 December 2013 02:57 PM

ලංකාවෙන් දඬුවමක් දුන්නනම් රටට කැළලක් නැතිවේවි (ත)

:       0       0

ශක්ති Sunday, 22 December 2013 02:59 PM

වගකිවයුතු තැන්වල පිරිස් සොරකම් කරයි නම් අනිත් තැන්වල කවර කතාද (ත)

:       0       0

නුවන් Sunday, 22 December 2013 03:12 PM

පුදුම වෙන්න දෙයක් නෑ. (ත)

:       0       0

ජසීම් Sunday, 22 December 2013 03:25 PM

කොහේ ගියත් වැරදි වැඩ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 842 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 751 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 158 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1021 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 203 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1211 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site