IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ජනපති මොරගහකන්ද වේල්ලේ නිදන් වස්තු තැන්පත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාරි ව්‍යාපෘතියක් වන මොරගහකන්ද  වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අද (06) පෙරවරුවේ යෙදී තිබූ සුබ මොහොතින් අතින් සිදු කරනු ලැබීය. මොරගහකන්ද කළුගඟ බහුකාර්ය යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සහ  කළුගග ව්‍යාපෘති ඉංජිනේරු කාර්යාලය විවෘත කිරීම ද  ජනාධිපතිවරයා එහිදි   සිදු විය. 

402

404 403 401  400



අදහස් (0)

ජනපති මොරගහකන්ද වේල්ලේ නිදන් වස්තු තැන්පත් කරයි

සම්පත් Friday, 06 November 2015 09:28 PM

දැන් ලෝකය දියුණුයි. මමත් පිටිගලට එකඟයි (නි)

:       0       0

චාමර Saturday, 07 November 2015 10:12 PM

හොඳ කටයුතු වලට අපිත් කැමතියි (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 07 November 2015 12:49 AM

රටේ ප්‍රශ්න තව කොපමණ තිබේද? මහවැලිය රටේ කොපමණ ප්‍රශ්න විසඳුවාද? මහවැලිය නැත්නම් අපි තවමත් පිටරටින් හාල් එනතුරු බලාගෙන ඉන්න ඕනෑ (නි)

:       0       0

වසුන්දරා Saturday, 07 November 2015 10:54 PM

ඇතැම් අදහස් ගැන කණගාටුයි (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 07 November 2015 12:58 AM

පැරණි ශිෂ්ටාචාරයක් තිබෙන සෑම ජාතියකටම මෙවැනි සිරිත් විරිත් තිබෙනවා. මෙවැනි සිරිත් ඊයේ පෙරේදා ඇතිවුණ ඇමරිකන් සමාජවල නැත. එමනිසා පිටිගල නොදන්නා දේ කතානොකර සිටීම හොඳය (නි)

:       0       0

දේවමිත්‍ර‍ Saturday, 07 November 2015 01:54 AM

අපේ රට කිරියෙන් පැණියෙන් ඉතිරේවා! (නි)

:       0       0

කමල් - ස්විස් Sunday, 08 November 2015 12:20 AM

පිටිගල මහතා කියන කතාවට මමත් එකඟයි. නිදන් වස්තු තියලා තමයි ලංකාවේ බොහොමයක් ගොඩනැගිලි හදන්නේ. නිදන් තියලා,නැකැත් බලලා, කේන්දර බලලා කර තිබෙන හැටියට ලංකාවට දැන් කිසි අඩුවක් තියෙන්න බැහැ. රන්ජිත් කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. ඒ වගේම ඔය සංස්කෘතිය අගයන බව මහා ලොකුවට පවසන පිරිසෙන් කීදෙනෙක් මත්පැන් වලින් ඈත්වෙලා වාසය කරනවද? (නි)

:       0       0

මහසෙන් Saturday, 07 November 2015 02:23 AM

නිධන් වස්තු තැන්පත් කිරීම වැරදි අදහසක් නොවේ. මෑත අතීතය දක්වාම පැවත ආ අපේ සිරිත් අපගේ දියුණුව තකා සිදුවුවත් පරගැතිවීමත් සමඟ එම සිරිත් නැතිවීගොස් අප සෑම අතකින්ම පිරිහී ඇත. පිට දේශයකට ගොස් හෝ මෙහි සිටිමින් වෙනත් අයගේ සංස්කෘතියක් තමන්ගේ කරගෙන වහලුන් ලෙස ජීවත්වෙනවාට වඩා තම ප්‍රෞඪ සංස්කෘතිය අනුව ජීවත්වී සිංහල ජාතියක් විදියට නැඟීසිටීමෙන් අපගේ සංකෘතිය මුළු ලෝකය පුරා ව්‍යාප්ත කළහැකිය. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 06 November 2015 11:49 AM

වේල්ලේ නිදන් වස්තු තැන්පත් කරන්නේ එයට අමතර ශක්තියක් ලබා දෙන්නද? අපි මේ ගෝත්‍රික මිසදිටු අඳුරෙන් ගොඩ යන්නේ කවදාද? (ම)

:       0       0

තෙන්නකෝන් Sunday, 08 November 2015 01:53 AM

ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

තාරක Sunday, 08 November 2015 01:57 AM

රටටම වාසනාවන්! (නි)

:       0       0

නිහාල් Friday, 06 November 2015 12:02 PM

පිටිගලට පුදුම අදහස්නේ තියෙන්නේ (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 07 November 2015 03:27 AM

අනේ වාසනාවන් ! මොන, මොනවා හරි තැන්පත් කරලා වැඩේ හරියට සිද්ධ වෙනවනම්, එයින් හොඳ ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවනම් එච්චරයි. (ර)

:       0       0

රෝහන Saturday, 07 November 2015 03:33 AM

ඕවා තැන්පත් කරන්නේ ඉදිරියේදී හිටපු බේබිලා වගේ අයට පොලිස් ආරක්ෂාව ඇතුව ආපහු ගන්න....(රේ)

:       0       0

ඉසුරු Saturday, 07 November 2015 03:50 AM

පුලුවන්නම් මත්තලත්, හම්බන්තොට වරායත් ලාභ ලබන තත්වයට පත් කරන්න. (ර)

:       0       0

සමන්ත Saturday, 07 November 2015 04:05 AM

පිටිගල, අපේ රටේ වසර 2500 කට වැඩි ඉතිහාසය තුල පෝෂණය වුනු සංස්කෘතියක් තියනවා. ගොඩක් බටහිර රටවලට නැත්තේ මෙයයි. තමුන්ට නැති දේ ගැන ඔවුන්ට ඇති හීනමානය තුරන් කර ගන්න ඔවුන් උත්සාහ කරන්නේ මෙවැනි සංස්කෘතිකාංග වලට ඔයාකර ලේබල් ඇලවීම තුලින්. හොදයි පිටිගල ලංකාවේ තමුන්ට ගෙයක් හදාවිද නැකත් නොබලා. (ර)

:       0       0

ශාන සෞදි Saturday, 07 November 2015 04:28 AM

නිධන් වස්තු තැන්පත් කිරීම වැරදි අදහසක් නොවේ. මෑත අතීතය දක්වාම පැවත ආ අපේ සිරිත් අපගේ දියුණුව තකා සිදුවුවත් පරගැතිවීමත් සමඟ එම සිරිත් නැතිවීගොස් අප සෑම අතකින්ම පිරිහී ඇත. පැරණි ශිෂ්ටාචාරයක් තිබෙන සෑම ජාතියකටම මෙවැනි සිරිත් විරිත් තිබෙනවා. මෙවැනි සිරිත් ඊයේ පෙරේදා ඇතිවුණ ඇමරිකන් සමාජවල නැත. මහවැලිය රටේ කොපමණ ප්‍රශ්න විසඳුවාද? මහවැලිය නැත්නම් අපි තවමත් පිටරටින් හාල් එනතුරු බලාගෙන ඉන්න ඕනෑ හරි දේ හරි විදිහට දකින්න පුරුදු වන්න එම නිසා පිටිගල නොදන්නා දේ කතානොකර සිටීම හොඳය. (ර)

:       0       0

චමල් Saturday, 07 November 2015 05:07 AM

මහසෙන් හරි. සිරිත් විරිත් කියන දේවල් තියෙන්න ඕනේ. පිට රටවල ඉඳන් ඒවගේ තියෙන සංස්කෘතියට හැඩගැහුණු ලංකාවේ කළු සුද්දන්ටනම් මේවා විහිලු. (ර)

:       0       0

උදය Saturday, 07 November 2015 05:18 AM

පිටිගල, ඔබට මම අභියෝගකරනවා ඔප්පු කරන්න කියලා මේවායේ ප්‍රතිපලයක් නැතයි කියලා. මම කියන්නේ නැහැ ප්‍රතිපල තියනවා කියලා. මේවා අපේ සංස්කෘතිය. අපි දන්නා දෙයට වඩා නොදන්නා දේවල් විශාලයි. ඔප්පු නොකර යමක් ප්‍රතික්ෂප කරන්න එපා. (ර)

:       0       0

වසන්ත Friday, 06 November 2015 01:14 PM

පිටිගල මහතාගේ අදහස මමද අනුමත කරමි (නි)

:       0       0

මංජු Saturday, 07 November 2015 05:38 AM

පැරන්නෝ නිධන් තැන්පත් කෙරුවේ වැව් විනාස වුනාම ඒ නිධානය අරන් විකුණා නැවත එම වැව් ප්‍රතිසංස්කරණය කරන්න කියා මා අසා තිබෙනවා. (ර)

:       0       0

ලක්ෂ්මන් Friday, 06 November 2015 01:22 PM

ඉදිරිය සුබ වේවා! (නි)

:       0       0

ශාන් Saturday, 07 November 2015 06:26 AM

පිටිගල ඔබහරි, තාමත් අපි සමහර අය ගෝත්‍රික යුගයේ ඉන්නේ. (ර)

:       0       0

ක්‍රිෂාන් Saturday, 07 November 2015 06:55 AM

යහපත් සංස්කෘතික වටිනාකම් ඉදිරියටත් රැකගැනීමට කටයුතු කිරීම අගය කල යුතු දෙයක්. (ර)

:       0       0

රෝහණ කුමරවඩු Saturday, 07 November 2015 06:54 AM

ඔය වගේ දේවල් වලට බනින්නේ බටහිර විද්‍යාව දොහොත් මුදුනින් පිලි ගන්න අය. (ර)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 07 November 2015 08:06 AM

නිර්මල බුදු දහම තවමත් විනාශ නොවී තිබෙන මේ රටේ අප සිත් තුල නිදන් වස්තුවක් ලෙස තැන්පත් කර ගත යුත්තේ එම නිර්මල වූ උතුම් ධර්මයයි. එය එසේ වන තාක් කල් අපට හෝ අප කරන හොඳ කටයුතු වලට ආරක්ෂාවක් ලැබෙන නමුත් ද්‍රව්‍යමය වටිනාකමක් ඇති දේවල් ඇලවේලි අස්සේ නිදන්ගත කර කුමන ආරක්ෂාවක් ලබන්නද? ඉස්සර හංගපු ගොඩක් නිදන් වස්තු දැන් කොහෙද තියෙන්නේ කියලා කවුරුත් දන්නවා යයි මම සිතනවා. (ස)

:       0       0

නිරාන් Friday, 06 November 2015 02:33 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

විද්‍යා Friday, 06 November 2015 03:11 PM

මේවා කියා කියා තැන්පත් කරන්න හොඳ නැහැ . අර නිදන් හොයන හොරු ඕක තියන තැන දැන් දන්නවනේ. මේවා බොරු වැඩ නේද (බ)

:       0       0

වසිෆ් Saturday, 07 November 2015 09:05 AM

මේවාට බලයක් තියෙනවද නැද්ද කියන්න මම දන්නේ නැහැ එනමුත් අපේ සංස්කෘතික අංගයක් ලෙස කරන එක හොඳක් කියලා මම දකිනවා. (ර)

:       0       0

ප්‍රසන්න Friday, 06 November 2015 04:06 PM

දැන් මේවා කරලද රටේ ප්‍රශ්න විසදන්නේ. (බ)

:       0       0

රංජිත් Saturday, 07 November 2015 11:10 AM

"සමහර අය ගෝත්‍රික යුගයේ ඉන්නේ " කියන අයගෙන් ගොඩදෙනෙක් ‍අෂ්ඨක සහිතව මංගල පෝරුවේ චාරිත්‍ර කරපු අයයි. (අ)

:       0       0

ප්‍රනාන්දු Friday, 06 November 2015 04:49 PM

ජිවත් වන්නේ තවම වැදි යුගයේ (බ)

:       0       0

සේන Saturday, 07 November 2015 12:12 PM

අපේ ආදී මුතුන් මිත්තන් යහපත් වැඩක් කරන්න මුල පුරන අවස්ථාවකදී එය සාර්ථක වේවා යන අරමුණින් තුන් සිත පහදවා ගෙන සද් භාවයෙන් එකී කාර්යයේ නියැලෙන්නට යම් ප්‍රවේශයක් ලබා ගැනීමේ අරමුණක් ලෙස මෙවැනි දේ කර ඇති බව පෙනේ. පසු කාලීනව මේ ක්‍රියා දාමයන් රාශියක් එකතුවීමෙන් අපේ සංස්කෘතිකාංගයන් බිහිවී ඇති බව පෙනේ. (ම)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 06 November 2015 06:08 PM

පිටිගල මහත්තයා ඉන්නේ පිට දේශයක නිසා මෙවැනි කටයුතු ගැන වැඩි අවබෝධදයක් නැහැ වගෙයි ....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5100 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 555 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1104 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1592 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3367 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 230 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16102 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site